ශ්‍රේෂ්ඨතම මිනිසා – මුහම්මද් නබිතුමා

Malayguy

Banned
Sep 17, 2012
420
30
0
ශ්‍රේෂ්ඨතම මිනිසා – මුහම්මද් නබිතුමා

“සැබවින්ම, (මුහම්මද් නබිවරයාණෙනි) ඔබ ශ්‍රේෂ්ඨ වූ යහ චර්යාවන්ගෙන් යුක්තව සිටින්නේය” (අල් කුර්ආන් 68 : 04)



“නබිවරයාණෙනි, මෙයට පෙර කිසිම ග්‍රන්ථයක් ඔබ කියවා නැත, ඔබේ දකුණතින් කිසිවක් ලියාත් නැත. එසේ වූයේනම් අසත්‍යවන්තයින්ට (ඔබ මගින් පහළ කරන ලද අල් කුර්ආනය පිළිබඳව) සැක කරන්නට ඉඩ තිබිණ” (අල් කුර්ආන් 29:48)



ඵල ඇති ගසට ගල් ගැසීම සමාජ සම්මතයේ ඇති ක්‍රියාවක් බවට පත්ව ඇත. මෙම සමාජ සම්මත පිළිවෙත ශ්‍රේෂ්ඨ මෙන්ම උසස් මිනිසුන් සම්බන්ධව ක්‍රියාත්මක කිරීම තමන්ගේ නිහීන කම මෙන්ම තමන් වහල් වී ඇති වෛර චින්තනය හෙළිදරව් කරගැනීමක් බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. මේ හේතුව නිසා විශේෂයෙන්ම, මුස්ලිම් නොවන ලොව, පිළිගත් විද්වතුන් හා ශ්‍රේෂ්ඨ ජනයා මුහම්මද් නබිතුමා (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ආශීර්වාදය හා සාමය ඇතිවේවා) පිළිබඳව ප්‍රකාශ කර ඇති කරුණු පහතින් උපුටා දක්වන්නට කැමැත්තෙමු. පටු ක්ෂේත්‍රයක් තුල කොටුවී ශ්‍රේෂ්ඨ මිනිසුන්ට අසභ්‍ය ලෙස අපහාස කරන කුඩා මනසක් ඇති පිරිසගේ දෑස් මෙම තොරතුරු මෙන්ම ඉදිරියටත් ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරණ කරුණු වලින් විවෘත වේවායි ප්‍රාර්ථනා කරන්නෙමු.



මුහම්මද් නබිතුමාගේ චරිතාපදානය සකස් කල කිතුනු කන්‍යා සොයුරියක්ව සිටි කැරන් ආම්ස්ට්‍රෝන්ග් මෙනවියගේ (Muhammed – A Prophet for our Time) “මුහම්මද් – අපගේ යුගයට වූ නබි වරයෙක්” යන ග්‍රන්ථයේ ප්‍රස්තාවනාවට සපයා ඇති තොරතුරු වලින් බිඳක් ඔබගේ අවධානයට ඉදිරි පත් කරන්නට කැමැත්තෙමු.



“මුහම්මද් නබි තුමාගේ ජීවිතය පිළිබඳව ලියු පළමු මුස්ලිම් ඉතිහාසඥයින් වන්නේ මුහම්මද් ඉබ්න් ඉෂාක් (ක්‍රි. ව. 767) මුහම්මද් ඉබ්න් උමර් අල් වකීදී (ක්‍රි. ව. 820) මුහම්මද් ඉබ්න් සාද් (ක්‍රි. ව. 845) සහ අබු ජරීර් අල් තබාරී (ක්‍රි. ව. 923) යන අයය. මෙම ඉතිහාසඥයින් තමන්ගේ මතකයන් හා හැඟීම් මත පමණක් විශ්වාසය නොතබා සැබෑ ඵෙතිහාසික පුනර්නිර්මානයක නියැලුණහ. ආරම්භක වකවානුව ට අයත් ලේඛන හා වාචික සාක්ෂි එහි මුලාශ්‍රයන් දක්වා විමසා නිවැරදි ලෙස සොයා බලා කරුණු අන්තර් ගත කළහ. මුහම්මද් තුමා කෙරෙහි දෙවිඳුන්ගේ නබිවරයා වශයෙන් ඔවුන්ගේ සිත්තුල අති විශාල ගෞරවයක් තිබුනද, තමන්ගේ ලේඛන සහමුලින්ම විවේචනයෙන් තොරවුවක් නොවුවේය. ඔවුන්ගේ මෙම අවංක උත්සාහය නිසා ලොව අනිකුත් ප්‍රධාන ආගම් කර්තෘ වරුන් සම්බන්ධව ඇති තොරතුරු වලට වඩා නිවැරදි තොරතුරු මුහම්මද්තුමා සම්බන්ධයෙන් අපි දන්නෙමු. මෙම ආරම්භක මුලාශ්‍රයන් ඕනෑම අයෙකුට මුහම්මද්තුමා පිළිබඳව චරිතාපදානයක් ලිවීමේදී කොහෙත්ම නොසලා හැරිය නොහැක” (14 වන පිටුව)



කැරන් ආම්ස්ට්‍රෝන්ග් මෙනවිය මෙයින් දන්වා සිටින්නේ නුතනයේ මුහම්මද් තුමා සම්බන්ධව ඇති තොරතුරු ආරම්භක කාලයේ සිටම නිවැරදිව ලේඛන ගත කොට සුරක්ෂිතව පවතින බවය. කිසිවෙකුගේ මනඃකල්පිතයන්ට මෙහි කොහෙත්ම ඉඩක් නොමැති බව ඇය සාක්ෂි දරන්නීය. මෙවන් තත්වයක් අනෙකුත් ආගමික නායකයින් සමබන්ධව නොමැති බවද ඇය අදහස් ඉදිරිපත් කරන්නීය.



එතුමා පිලිබඳ ඉතා වැදගත් සිදුවීම් කිහිපයක සංක්ෂිප්ත විස්තරයක් පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.



ඉපදීමට මාස දෙකකට පෙර පියාවූ අබ්දුල්ලා මියගියේය.

සීයාවූ අබ්දුල් මුත්තලිබ් විසින් එතුමාට මුහම්මද් යන නම තබන ලදී.

වයස අවුරුදු හයේදී මව වූ ආමීනා තුමිය මියගියාය.

වයස අවුරුදු අටේදී රැකබලාගත් සීයාවූ අබ්දුල් මුත්තලිබ් මියගියේය.

එතුමාගේ බාප්පා කෙනෙකුවූ අබුතාලිබ් විසින් එතැන් සිට රැක බලාගන්නා ලදී.

අවුරුදු 25 දී වන්දඹුවක්වූ කදීජා තුමිය සමග විවාහ වුයේය.

විවාහ වන විට කදීජා තුමියගේ වයස අවුරුදු 40 කි.

කදීජා තුමිය වයස අවුරුදු 65 දී මියයනතුරු එනම් නබිතුමාගේ වයස අවුරුදු 50 වනතුරු අන් විවාහයක් කර නොගත්තේය.



අරාබි සමාජයේ පැවති සමාජ දුරාචාරයන්, මිනිසාගේ ජීවිතයේ හරය, ආදී කරුණු පිළිබඳව තම චින්තනය නිරන්තරයෙන් යොමුකරමින් සිටි මුහම්මද් තුමා හිරා ගුහාවේ තනිව වාඩිවී මෙනෙහි කරමින් ධ්‍යානගතව කල්ගෙවන්නට පුරුදුවී සිටියේය. කුඩා කාලයේ එඬේර ජීවිතයක් ගතකල එතුමා පසු කාලීනව ව්‍යාපාර කටයුතු වලද නියැලුනේය. සම්මත අධ්‍යාපනයක් නොලැබූ එතුමා කියවන්නට ලියන්නට නොහැක්කෙකු (අනක්ෂරයෙකු) විය. මේ පිළිබඳව ප්‍රංශ විද්‍යාඥ යින්ගේ සංගමයේ සාමාජිකයෙකුවූ මහාචාර්ය මොරිස් බුකෙයිල් අල් කුර්ආනය පිළිබඳව අදහස් දැක්වීමේදී මුහම්මද් තුමාගේ අනක්ෂර භාවය පිළිබඳව කරන සඳහනද පහතින් උපුටා දක්වන්නට කැමැත්තෙමු.



ප්‍රංශ විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයෙකු වුද ජාත්‍යන්තර කීර්තියට පත් විද්‍යාඥයෙකු වුද මහාචාර්ය මොරිස් බුකෙයිල් විසින් නුතන තාක්ෂණික ශිල්ප ක්‍රම උපයෝගි කර ගනිමින් ඊජිප්තුවේදී හමුවූ මෝසස් නබි තුමාගේ කාල වකවානුවේ ජීවත්වූ ෆිරව්න් ගේ (Pharaoh) මිනිය පිළිබඳව වැඩිදුර පරික්ෂණ පවත්වනු ලැබිණි. මෙම මිනිය පිළිබඳව අල් කුර්ආනයේ නිශ්චිත සඳහනක් තිබෙන බව මුස්ලිම් විද්‍යාඥයින් එතුමාට දන්වා සිටින ලදී. සියළු පර්යේෂණ අවසානයේදි විශ්මයට පත් ඔහු විසින් පහත සඳහන් ප්‍රකාශයනය නිකුත් කරන ලදී.



“නුතන දත්ත අතර ශුද්ධ වු ග්‍රන්ථ පිළිබඳව සාධක සොයන පිරිස ෆිර්අව්න්ගේ සිරුර පිළිබඳව කුර්ආන් වැකි පවසන අතිශයින් විශ්මය ජනක සාධක දැකගන්නට නම් කයිරෝ නුවර ජාතික කෞතුකාගාරයේ රාජකිය මෘතදේහ තබා ඇති කාමරයට යා යුතුයි”.



තම රට බලා ගිය මොරිස් බුකෙයිල් විසින් කුර්ආන් හා බයිබලය නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන් සමග සැසඳීමකට යොමුකොට The Bible Quran and Modern Science නැමැති ග්‍රන්ථය 1978 දි ප්‍රකාශයට පත් කළේය. මධ්‍යස්ථ විග්‍රහයක යෙදෙන ජාත්‍යන්තර කිර්තියට පත් ප්‍රවීන විද්‍යාඥයෙකු වු මහාචාර්ය මොරිස් බුකෙයිල් තම ග්‍රන්ථයේ පහත සදහන් අයුරින් කරුණු පැහැදිළි කිරීමක යෙදින.



“අල්-කුර්ආනය මුහම්මද් තුමන්ගේ කෘතියක් යැයි පවසන්නන්ගේ කල්පිතය සාවද්‍ය එකක් බව ඉහත සදහන් කරුණු (ඔහු විසින් අල්-කුර්ආනය නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන් සමග සැසඳීමෙන් සොයා ගත් කරුණු) වලින් පෙනේ. අකුරු නොදන්නෙකු විසින් මුළු මහත් අරාබි සාහිත්‍යයේ විශිෂ්ඨතම සාහිත්‍යධාරියා විය හැක්කේ කෙසේද? නුතන යුගයේ අන් කිසිදු මිනිසෙකු නොදැන සිටි විද්‍යාත්මක සත්‍යයන් අල්ප මාත්‍ර වරදකින් තොරව ශත වර්ෂ 14 කට පෙර හෙළිදරව් කළ හැක්කේ කෙසේද?” (125 පිටුව)



නබිතුමා ඉපදුනු අරාබි සමාජය පිළිබඳව අදහසක් ඇති කරගැනීම් වඩාත් සුදුදු යැයි සිතන්නෙමු. සුරාව, ලිංගික අපචාරය, ගෝත්‍රික ගැටුම්, අසීමිත ස්ත්‍රීන් සංඛ්‍යාවක් විවාහ කර ගැනීම, පියාගේ බිරිඳව ඔහු මියගියවිට හෝ දිකසාද කලවිට පුතා විවාහ කරගැනීම වැනි සමාජ දුරාචාරයන්ගෙන් පිරුණු සමාජයකයි එතුමා ඉපදෙන්නේ.



අල්කුර්ආනය පහළ කරන්නට පෙර තිබු සමාජ තත්ත්වය හා අල්කුර්ආනය පහළ කලායින් පසු ඇති වු සමාජ වෙනස් විම් පිළිබදව මුස්ලිම් නොවන සුප්‍රකට ඉතිහාසඥයින් ඉදිරිපත්කරන අදහස් කිහිපයක් ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.

ප්‍රසිද්ධ ඉතිහාසඥයෙකු වු එඩ්වඩ් ගිබන් (Edward Gibbon) විසින් වෙළුම් අටකින් ලියන ලද Decline and Fall of the Roman Empire (රෝම අධිරාජ්‍යයේ වැටිම හා විනාශය) යන ග්‍රන්ථය කුර්ආනය පහළ විමට පෙර තිබු අරාබි සමාජය පිලිබදව පවසන කොටස පහතින් උපුටා දක්වන්නට කැමැත්තෙමු.



“කිසිදු මිනිස් ලක්ෂණයන්ගෙන් නොයුක්තවු මෙම මිනිස් තිරිසනුන් හා අනිකුත් සත්ව ලෝකයේ සාමාජිකයින් අතරේ පැවතියේ ඉතාමත් අල්ප වෙනස් කමකි. එම යුගයේ ජිවත් වු මිනිසා හා තිරිසනා අතරේ කිසිදු වෙනස් කමක් දැකිය නොහැකි ආකාරයෙන් ජිවත් වු මෙම මිනිස් පරපුර සැබැවින්ම මිනිස් වෙස්ගත් තිරිසන් පිරිසක් පමණකි”.

ඉහතින් උපුටා දැක්වු කොටස පිලිබදව අමතර විග්‍රහයක් අවශ්‍ය යැයි නොසිතන්නෙමු. මෙය අල්කුර්ආනය පහළ විමට පෙර තිබු අරාබි සමාජයේ සැබෑ ස්වභාවයයි.



තවත් ප්‍රසිද්ධ ඉතිහාසඥයෙකු වු ස්කොට්ලන්ත ජාතික තෝමස් කාලයිල් (Thomas Carlyle) විසින් Hero Worship And The Heroic In History නමින් පොතක් පළකල අතර අල්කුර්ආනය පහළ විමෙන් පසු ඒ අනුව ජිවත් වු ජනයාගේ ස්වභාවය විග්‍රහ කරන කොටස එම පොතෙන් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.



“ඉතා පහත් ම්ලේච්ඡ තත්ත්වයේ සිට මුළු මහත් මිනිස් වර්ගයාටම අන්ධකාරයේ සිට ආලෝකයට එන මග එලි පෙහෙලි කළ සහ උසස් දැනුමේ භාරකාරයින් බවට මුහම්මද් විසින් මේ ජනයාව පත් කරවන ලදි. ලොව බිහිවුදා සිට කිසිවෙකුගේ අවධානයට ලක් නොවි කාන්තාරයේ තැන් තැන්වල තාවකාලිකව ජිවත් වෙමින් සිටි දුගි එඬේර ජන සමාජය ඉතා කෙටි කාලයක් තුළ ලොව සැම‍ගේ අවධානය දිනාගන්නට සමත් වු අතර ලොව ශ්‍රේෂ්ඨ ජන සමාජයක් ලෙසත් ගෞරවය ලබන්නටද සුදුසුකම් උරුම කර ගත්තේය”.



අල්කුර්ආනය අනුව ජිවිතයේ සකස්කර ගැනිමෙන් මුළු මහත් ජන සමාජයමක්ම වෙනස් වු ආකාරය ඉහත විස්තරයන්ගෙන් පැහැදිලි වන්නේ යැයි සිතන්නෙමු. අප සැවොම යහ මිනිසුන් බවට පත්විමට මාර්ගය විවෘත ව ඇත. එමගින් මෙලොව හා මතු ලොව ජය අත්කර ගැනිමට මෙම පැහැදිළි හා නිවැරදි මග අනුගමනය කරමින් කටයුතු කරන්නට අදිටන් කරගනිමු.



තම ජීවිත කාලය තුල පරමාදර්ශි යෙකු අනුගමනය කිරීමේ දැඩි අවශ්‍යතාවයක් මෙන්ම ආශාවක් සහජයෙන්ම මිනිසා සතුව පවතී. මෝසෙස්, යේසුස්, බුදුන්, කොන්ෆියුෂියස්, මෙන්ම මහාත්මා ගාන්ධි, තෙරේසා මෑණියන්, මාටින් ලුතර් කිං වැනි අය ගැන අප සැවොම අසා ඇත්තෙමු. ඔවුන් කුමන ආකාරයෙන් හෝ සමාජ විප්ලවයකට හා සමාජ ප්‍රතිසංස්කරණයකට උරදුන් උදාරතර චරිතයන්ය. ජීවිතයේ සැබෑ අරුතත් එහි ස්වභාවය පිළිබඳවත් සෙවීමට මිනිසා සතුව සුදානමක් හා කුතුහලයක් තිබෙන අතර ඇතැම් අය ඒ ගැන ව්‍යාජ හා නිර්ව්‍යාජ මත දරමින් සමාජයේ ඉදිරියට පැමිණෙති. සෑම යුගයකම සෑම සමාජයකම මෙවන් පුද්ගලයින් බිහිවීම මනුෂ්‍ය වර්ගයා ලද අති ශ්‍රේෂ්ඨතම භාග්‍යයි. එමෙන්ම මෙලෙස අනුගාමිකයින් විසින් උසස් කොට සලකනු ලැබූ පුද්ගලයින් ගැන මිත්‍යා කථා මෙන්ම ඉතිහාසයේද සඳහන් වෙයි. මෙම ශ්‍රේෂ්ඨ චරිත පිලිබඳව නිවැරදි ඓතිහාසික තොරතුර විශ්වාසනීය මුලාශ්‍ර තුලින් ලබා ගැනීමට නොහැකි වනවිට තම අනුගාමිකයින් විසින් අතිශයෝක්තිය හා අන්ධ භක්තිය පදනම් කරගෙන ප්‍රබන්ධ ගොඩ නැගීම වැළක්විය කරුණක් නොවේ. ඉහතින් කැරන් ආම්ස්ට්‍රෝන්ග් මෙනවිය විසින් නිවැරදිව සඳහන් කර ඇති පරිදි මුහම්මද් නබිතුමා (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ සාමය හා ආශීර්වාදය අත්වේවා) පිළිබඳව මෙවන් ගැටළු ඇතිවීමේ ඉඩකඩක් කොහෙත්ම නොමැත. අප ඔබට ආරාධනා කරන්නේ මෙවන් ශ්‍රේෂ්ඨ මිනිසෙකු පිළිබඳව විමසුමකට අප හා මොහොතකට එක්වන ලෙසයි.



අති විශිෂ්ඨ වූ ජීවිතයකට හිමිකම් කියන එතුමාණන් පිළිබඳව ලොව සමහර පිරිස් සතුව ඇත්තේ ඉතා අල්ප දැනුමකි. කුරුස යුද්ධ කාලයේ පටන් පවතින අනුවනකාරී ක්‍රියා කලාපය, පාරම්පරිකව ලැබුණු අදහස් හා විශ්වාසයන්ගෙන් මිදෙන්නට ඇති බිය හා මාධ්‍ය විසින් මවාපාන ලද වැරදි හා අසුභවාදී ප්‍රතිරූප හේතුවෙන් ඉස්ලාම් හා මුස්ලිම් යන වදන් පවා ඔවුන්ගේ විචාර විචාර බුද්ධියට එකතු කරන්නේ ව්‍යාකුලත්වයකි. ලොව ජනගහනයෙන් ¼ කට වඩා වැඩි පිරිසකගේ ආදරය හා ගෞරවය ලබන ඒ උතුම්වූ නායකයාණන්ගේ ජීවිතය පිළිබඳව මදක් විමසා බලන්නට මොහොතක් අප හා එක්වන්නට ගෞරවයෙන් හා කාරුණිකව ඇරයුම් කරන්නෙමු.



ලොවම මවිත කරවමින් මුහම්මද් නබිතුමා (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ සාමය හා ආශීර්වාදය අත්වේවා) පැවසු දෑ එලෙසින්ම සිදුවුවත්, එතුමා හුදෙක් අනාවැකි පලකරන්නෙක් ලෙස මුස්ලිම්වරු පිලි නොගනිති. එතුමා දෙවිඳුන් විසින් මනුෂ්‍ය වර්ගයාට යහමග පෙන්වීම සඳහා මිනිසුන් අතුරින් පත්කරනු ලැබූ ධර්ම දුතයෙකු වන අතර, මෙලොව නිවැරදි විශ්වාසයෙන් යුක්තවූ සම්මා ජීවිතයක් ගත කොට මිනිසාට මරණින් මතු ජය ලබාගත හැකි මග පැහැදිලි කරමින් පරමාදර්ෂී ජීවිතයක් ගතකල ශ්‍රේෂ්ඨ නායකයෙකි. ධර්ම දුතයන් (රසුල් වරුන්) දේවත්වයට අයත් නොවන අතර නැමදුමට සුදුස්සන්ද නොවේ. එහෙත් සියළු පාපයන්ගෙන් ආරක්ෂා කරනු ලදුව, අති උසස් අධ්‍යාත්මික ජීවිතයකට හිමිකම් කියන්නාවුද,දෙවිඳුන් විසින් මනුෂ්‍ය වර්ගයාට යහ මග පෙන්වීම පිණිස දේව පණිවිඩය පහළ කරනු ලැබූ, මිනිසුන් අතුරින් ශ්‍රේෂ්ඨ මිනිසෙකි.



අල්ලාහ් ට සමාන කිසිවෙක් හෝ කිසිවක් නොමැති බව ඉස්ලාමය උගන්වයි. මෙම සංකීර්ණ විශ්වයේ නිර්මාතෘ මෙන්ම එහි සංකීර්ණත්වය අබිභවා යන සැලසුම් සහගත පාලනයේ අධිපතියාවන වන උන් වහන්සේගේ ගුණාංග හා සමාන කිසිවෙක් නොමැත. මුහම්මද් නබිතුමා (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ සාමය හා ආශීර්වාදය අත්වේවා) වූ කලී උන්වහන්සේගේ ගෞරවනීය සේවකයා හා දුතයා වන අතර මනුෂ්‍යයින් අතර උසස්තම පුද්ගලයාය. විවිධ ජන කොටස් වෙත එවනු ලැබූ නුහ්, ඉබ්‍රාහීම් මුසා ඊසා (ඔවුන් සැමට දෙවිඳුන්ගේ ආශීර්වාදය අත්වේවා) වැනි ධර්ම දුතයන් ඔවුන් ජීවත්වූ සමාජ යන්හි ප්‍රබල බලපෑමක් සිදුකළ පුද්ගලයින් වූ අතර මුහම්මද් නබිතුමා (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ සාමය හා ආශීර්වාදය අත්වේවා) මුළු මහත් මිනිස් වර්ගයාටම, ලොව අවසන් වනතෙක් අනුගමනය කිරීම සඳහා දෙවිඳුන් විසින් පත්කරනු ලැබූ අවසන් ධර්ම දුතයානන්ය.



ක්‍රි. ව. 570 දී මක්කා නගරයේදී ඉබ්‍රාහිම් ධර්ම දුතයානන්ගේ පරම්පරාවෙන් පැවත ආ පවුලක මුහම්මද් තුමා උපත ලැබුවේය. තමා මෙලොව එලිය දකින්නට පෙර සිදුවූ තමාගේ පියාගේ අභාවය හේතුවෙන් උපතින්ම අනාතයෙකුවූ එතුමා ගේ වයස අවුරුදු හයේදී මවගේ අභාවයද සිදුවිය. මෙතෙක් එතුමාව රැක බලාගත් සීයාගේ අභාවයද වයස අවුරුදු අටේදී සිදුවූ හෙයින් තම පියාගේ සහෝදරයෙකුවූ අබු තාලිබ් ගේ රැකවරණය යටතේ බැටළුවන් රැක බලා ගනිමින් හා වෙළඳාමේ නියුතු වෙමින් වැඩුනේය. තරුණ වියට පා තැබූ එතුමාණන් එවකට එම සමාජයේ පැවතුනු පිළිම වන්දනාව හා දුරාචාරය ප්‍රතික්ෂේප කළේය. එතුමාණන් අසරණයින්ට පිහිට වීමට උත්සුක වූ තරුණ පිරිස් හා බැඳුනු අතර තරුණ අවධියේ පටන් එතුමා විදහා දැක්වූ ශ්‍රේෂ්ඨ ගුණාංග හේතුවෙන් එම සමාජය විසින් “විශ්වාස වන්තයා” හා “සත්‍ය වන්තයා” යන ගෞරවනීය නාමයන්ගෙන් එතුමාණන්ව ඇමතීමට ඉදිරිපත් වුහ. එතුමා විසිපස් වන වියේදී කදීජා නම් ධනවත් වැන්දඹු කාන්තාවකගේ වෙළෙඳ කටයුතු වල නිරත වුනු අතර එතුමාගේ අවංකත්වය හා ශ්‍රේෂ්ඨ ගති ගුණ කෙරෙහි පැහැදුණු ඇය එතුමා හා විවාහ වීමට යෝජනා කළාය. ඔවුන් අතර වැඩි වයස් පරතරයක් තිබුණද වඩාත් සතුටින් වසර විසිපහක පවුල් ජීවිතයක් ගෙවූ ඔවුනට දරුවන් හය දෙනෙක් සිටියහ. එතුමාණන් වගකීම් සහිතව ක්‍රියාකළ කරුනාභරිත ස්වාමියෙක් හා පියෙකු වූ අතර එතුමාණන්ගේ පවුලේ අයද එතුමා වෙනුවෙන් බොහෝ කැපවී සිටියහ. ස්වේච්චාවෙන්ම දිළිඳුකම ප්‍රිය කළද, තම වගකීම් නිසි ලෙස ඉටුකරමින් සිය පවුල හොඳින් රැක බලා ගත්තේය. එතුමාණන් මෙසේ පැවසුවේය: “තම පවුලට ශ්‍රේෂ්ඨ වූ පුද්ගලයා නුඹලා අතුරින් ශ්‍රේෂ්ඨ යාය”.
 
  • Love
Reactions: Al Baik

Malayguy

Banned
Sep 17, 2012
420
30
0
මුහම්මද් නබිතුමා (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ සාමය හා ආශීර්වාදය අත්වේවා) තම වයස අවුරුදු හතලිහේදී ප්‍රථම වරට ජිබ්රීල් නම් දේවදුතයාගේ (මලක් වරයාගේ) මාර්ගයෙන් දෙවිඳුන්ගේ පළමු දේව පණිවිඩය පහළ කරන ලදී. වසර විසිතුනක් මුළුල්ලේ පහළ වුනු එම දේව පාඨයන් තුල අල්ලාහ් ගේ ඒකීය භාවය, පෙර සිටි ධර්ම දුතයින් හා එම ජන සමුහයන් පිලිබඳ විස්තර, ආචාර ධර්ම, මෙලොව හා මතුලොව ජය ගැනීම සඳහාවූ මඟ පෙන්වීම්, ජීවිතයේ හා මරණයේ අර්ථයන්, යනාදී කරුණු අඩංගුය. මෙම දේව පාඨයන් අල්-කුර්ආනය නමින් හැඳින්වේ. මෙහි අන්තර්ගතය දෙවිඳුන්ගේ ශුද්ධවූ වදන් බවට මුස්ලිම් වරුන් විශ්වාස කරන අතර, මුස්ලිම් මෙන්ම මුස්ලිම් නොවන විද්වතුන්ගේ මතය වන්නේ අතර මදි කාලයේදී වෙනස් කිරීම්, අඩු වැඩි කිරීම් යනාදියට භාජනය නොවී ශත වර්ෂ දාහතරක් එලෙසම සුරක්ෂිතව ඇති එකම ග්‍රන්ථය අල්-කුර්ආනය බවයි. මෙයට ඇති ප්‍රධානතම සාක්ෂිය වන්නේ මුහම්මද් නබිතුමා (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ සාමය හා ආශීර්වාදය අත්වේවා) ගේ ජීවිත කාලය තුල සකස් කල පිටපත් අදටත් සුරක්ෂිතව තිබීමයි. මුහම්මද් නබිතුමා (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ සාමය හා ආශීර්වාදය අත්වේවා) ගේ අනුමැතිය ලද මෙන්ම කළ ක්‍රියාවන් හා වදන් ඇතුලත් සුන්නා නමින් හැඳින් වෙන දෙවන මුලාශ්‍රය අල්-කුර්ආනයට අමතරව වෙනමම එක්රැස් කොට විද්වතුන්ගේ අනුමැතිය සහිතව සුරක්ෂිත කොට ඇත.



ඒක දේව වාදය හා සමාජ ප්‍රතිසංස්කරණය උදෙසා එතුමා කළ ඇරයුම මක්කා වැසියන්ගේ දැඩි විරෝධයට ලක්වූ අතර වසර දහතුනක් වැනි දීර්ඝ කාලයක් ඔවුන්ගේ පීඩනයන්ට ලක්වීමෙන් අනතුරුව එතුමාට හා මුස්ලිම් වරුන්ට මදීනා නගරයට දෙශාන්තරණය කිරීමට දෙවිඳුන්ගේ අනුමැතිය ලැබිණ. මදීනා නගරය කි.මී. 450 ක් පමණ දුරකින් පිහිටි අතර පරම්පරා ගණනාවක් ගෝත්‍ර අතර පවතී ගැටුම් හේතුවෙන් විසිරී හා භේද වී ගිය ජන කොටස් ජීවත්වූ ප්‍රදේශයකි. මුහම්මද් නබිතුමා (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ සාමය හා ආශීර්වාදය අත්වේවා) ඔවුනතර සමගියට මග පාදා දුන් අතර ඒ තුලින් සමාජ සහෝදරත්වය ගොඩ නැඟුවේය. මිනිස් ඉතිහාසයේ ලේඛන ගත පළමු මිනිස් අයිතිවාසිකම් පිලිබඳ ව වූ ලේඛනය, එනම් “මදීනා ප්‍රඥාප්තිය” සකස් කොට එමගින් එම නගරයේ ජීවත්වූ යුදෙව්, කිතුනු, ඉස්ලාමීය, හා අනෙකුත් ජනකොටස් වල ආගමික, සංස්කෘතික, ආර්ථික, දේශපාලන, හා සමාජ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්නට වගකීම් භාර ගත්තේය. එම මුල්කාලීන ඉස්ලාමිකයින් එතුමාගේ සෘජු මැදිහත්වීම හා නායකත්වය යටතේ එම වටිනා නීති රීති ක්‍රියාවට නැංවුහ.



“කිසිවෙක් තමන් ප්‍රිය කරන දෙය තම සොයුරාටද ප්‍රිය කරන තුරු ඔහු සැබෑ විශ්වාස වන්තයෙකු නොවේ” යැයි එතුමාණන් පැවසුහ. ධර්මය තම පෞද්ගලික විශ්වාසය පමණක් නොව ජීවන මාර්ගයද කරගත් එතුමාගේ නායකත්වය යටතේ මදෙනා නගරය වැජඹෙන්නට විය. සාධාරණත්වය, යුක්තිය, මිනිසත්කම දේව භක්තිය ඇතුළු සියළුම අංශවලින් පරිපුර්ණවූ පරිපාලන ක්‍රමය සැමටම ආදර්ශයක් විය. එතුමා අසල්වැසි රටවල් හා ගෝත්‍ර විවිධ ගිවිසුම් ඇතිකර ගත්තේය. එතුමා පර්සියානු, ඊජිප්තු, අබිසීනියානු හා රෝම පාලකයින්ට තම පණිවිඩය වූ ඒක දේවත්වය සඳහා කැඳවමින් ඉස්ලාමය වෙත ඇරයුම් කරමින් ලිපි යැව්වේය. ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තාවන්, ළමුන්, අනාතයින්, වහලුන් හා විදේශිකයින්ට නිසි අයිතිවාසිකම් හා ආරක්ෂාව ලැබිණ. ජාතිවාදයට විරුද්ධත්වය පෙන්වූ එතුමාණන් ධර්මිෂ්ඨ බව හැර අරාබි ජාතිකයින්, අරාබි ජාතිකයින් නොවන අයට වඩා උසස් වන්නේ නැති බවත් පැවසුවේය.



පරිසරය සංරක්ෂණය කිරීමේ නීති රීති සැකසු එතුමාණන් එය දෙවිඳුන්ගේ දායාදයක් ලෙස සලකා මතු පරපුරටද ප්‍රයෝජනය ගත හැකි අයුරින් ආරක්ෂා කරන්නට කටයුතු කළේය. නිදහස් වෙළඳාම හා ආයෝජනය දිරිමත් කළ අතර සේවක අයිතිවාසිකම් රකිමින් පොළිය තහනම් කළේය. එතුමාණන් සාමයෙන් ක්‍රියා කළ අතර අවශ්‍ය තැන සීමාව නොඉක්මවා බලය යොදා ගැනීම ගැනත් කියා දුන්නේය. මත්පැන්, මත්ද්‍රව්‍ය, සුදුව, ගණිකා සේවනය, හා අපරාධ වලින් මිදී යහපත් ජීවිතයක් කරා ජනයාව යොමු කළේය. ප්‍රචණ්ඩත්වය හෙළා දුටු එතුමාණන් සිය භාර්යාවන්ට තම අදහස් පළ කරන්නට දිරි ගැන්වූයේය. බටහිර රටවල් පසුකාලීනව තම නීති පොත්වලට ඇතුලත් කළ දේපළ, විවාහය හා දික්කසාදය සම්බන්ධ අයිතිවාසිකම් එකලම කාන්තාවන්ට හිමිවිය.



එක් පරම්පරාවක් තුල සිය ජීවිත කාලයේදීම එතුමාණන් සාර්ථක ලෙස එම විශ්වාසය ගොඩනගමින් අරාබිකරයේ ජනාතාවට යහපත් සංස්කෘතියකට මග පෙන්වූයේය. වඩාත් නිහතමානී ජීවිතයක් ගෙවූ එතමා, මා දෙවිඳුන්ගේ සේවකයෙකි, මා එක් ගුරුවරයෙක් පමණි, යැයි පැවසීය. ශ්‍රමණ, තාපස, බ්‍රහ්මචාරී හා අනගාරික ජීවිතයක් අනුගමනය කිරීමෙන් තම අනුගාමිකයින්ව වැළක්වීය. දේව සවිඤානකත්වයෙන් යුත් යහකමින් පිරුණු ගිහි ජීවිතයකට ඔවුන්ව දිරිගැන්වීය. මෙම මිනිසත්කමේ ශ්‍රේෂ්ඨයා පිළිබඳව මුස්ලිම් නොවන විද්වතුන්ගේ අදහස් විමසා බලමු.



මහාචාර්ය මෛකල් එච්. හාට් නමැති විද්වතා ලොව ඉපදුනු සියලු නායකයින් පිළිබඳව ඉතා ගැඹුරු පර්යේෂණයක නියලී 1978 දී “The 100 : A Ranking of the Most Influential Persons in History” නමැති ග්‍රන්ථය ප්‍රකාශයට පත් කළේය. එහිදී ඔහු විසින් අංක එකට තෝරා ගනු ලැබුවේ මුහම්මද් තුමාවය. එයට හේතු පහත සඳහන් අයුරින් ඔහු ඉදිරිපත් කර ඇත්තේය.

“මා විසින් මුහම්මද්තුමාව ලොව ජීවත්වූ, ජනසමාජයේ යහපතට බලපෑම් කල නායකයින්ගේ ලැයිස්තුවේ අංක එකට තෝරා ගැනීම ඇතැමුන්ගේ ආශ්චර්යට හා ප්‍රශ්න කිරීම් වලට ලක්විය හැක. නමුත් ආගමික මෙන්ම ලෞකික ක්‍ෂේත්‍රයේ ශ්‍රේෂ්ඨවූ සාර්ථකත්වයක් ලබාගත් තවත් නායකයෙක් මිනිස් ඉතිහාසයේ නොමැත.”



මෙවන් මිනිස් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨයාටද වෛර වෙබ් අඩවි කරුවන් අවලාද නගන්නේ?



මහාත්මා ගාන්ධිතුමා මුහම්මද් තුමාගේ චරිතය පිළිබඳව “Young India” සඟරාවට අදහස් දක්වමින්:

“අද ලොව සිටිනා දස ලක්ෂ සංඛ්‍යාත හදවත්වල රැඳී සිටිනා ශ්‍රේෂ්ඨතම පුද්ගලයා පිළිබඳව දැන ගැනීමට මට අවශ්‍ය විය. එය කියවනවිට ඉස්ලාම් ධර්මය බහුතරයක් මනුෂ්‍ය හදවත්වල විශේෂ තැනක් ගැනීමට හේතු වුයේ අසිපත නොවන බව වැටහුණි. එයට හේතුවුයේ නබිවරයාගේ චාම් ජීවිත රටාවයි. තමන් ගැන කිසිවිටෙක නොතකන පරාර්ථකාමී ගුණාංගයයි. එතුමාගේ පොරොන්දු වලට එතුමා දැක්වූ වැදගත් කමයි. එතුමාගේ සගයින්ට හා අනුගාමිකයින්ට එතුමා දැක්වූ කැපවීමයි. එතුමාගේ නොබියවන සුළු ස්ථිර බව, දෙවිඳුන් කෙරෙහි එතුමා තැබූ අචල විශ්වාසය, එතුමාගේ අරමුණු කෙරෙහි එතුමාට තිබුණු අධිෂ්ඨානය යනාදිය එතුමන් ඉදිරියේ තිබු සියලු බාධක සුනුවිසුණු කළා මිස එය කලේ අසිපත නොවේ. නබිතුමාගේ ජීවිත කතාවේ අවසාන කොටස මා කියවා නිම කල විට, එතුමා ගැන මට කියවන්නට යමක් නැති බව දැක මා ඉමහත් ශෝකයට පත්වීමි.”



ප්‍රංශ ජාතික ශ්‍රේෂ්ඨ ඉතිහාසඥයෙකුවූ ලාමාර්ටිනි 1854 දී ලියු “History of Turkey” නම් ග්‍රන්ථයේ (2 කාණ්ඩය 276 – 277 පිටුව) පහත සඳහන් අයුරින් කරුණු දක්වා ඇත.



“මිනිස් හැකියාවන්වල ශ්‍රේෂ්ඨ බව මිනිය හැකි මිනුම් දණ්ඩ ලෙස :

1. අරමුණෙ විශාලත්වය

2. ඒ සඳහා ඇති පහසුකම්වල අල්ප බව හා

3. ලද ජයග්‍රහණයන්හි විශිෂ්ඨත්වය

යනාදිය නම් මුහම්මද් හා ඉතිහාසයේ අන් කිසිවෙකු සසඳන්නට පොහොසත් විය හැක්කේ කව්රුන්ටද? ලොව සුප්‍රකට මිනිසුන් තැනුවේ අවි ආයුධ, නීතීන් හා අධිරාජ්‍යයන් පමණි. මුහම්මද් සලිත කලේ හමුදාවන්, නීතීන්, අධිරාජ්‍යයන්, ජනයින් හා කුල පතියන් පමණක් නොවේ. එවකට ලොව තුනෙන් කොටසක්වූ මිලියන සංඛ්‍යාත ජනයින්ද, අල්තාරයන්ද, දෙවිවරුන්ද, ආගම්ද, අදහස්ද, විශ්වාසයන් හා ආත්මයන්ද මුහම්මද් විසින් සොලවා දමන ලදී. තවද ජයග්‍රහණයේදී එතුමා පෙන්වූ චාම් බව, එකම පිවිතුරු අධිෂ්ඨානයක් සඳහා මිස රාජ්‍යයන් අත්පත් කර ගැනීම මුල්කර නොගත් එතුමාගේ කැපවීම, එතුමාගේ නිමක් නැති වන්දනය, දෙවිඳුන් සමග එතුමා කල අධ්‍යාත්මික කථනයන්, මරණය හා මරණයෙන්ද එතුමා ලද ජය, මේ සියල්ල අපට දක්වන්නේ මුලාවක් නොව සකල මනුෂ්‍ය වර්ගයාටම යෝග්‍යවූ නීති පද්ධතියක් ගොඩනැගීමට එතුමාට සහායවූ ශක්තියයි. එක් අතකින් දෙවිඳුන් කව්රුන්දැයි කියන අතර, කව්රුන් දෙවිඳුන් නොවන්නේද යන්නත් අපට එතුමා පවසයි. දාර්ශනිකයා, කථිකයා, දෙවිඳුන්ගේ නියෝජිතයා, නීති සම්පාදකයා, සටන්කාමියා, ප්‍රතිපත්තීන් ගොඩනැඟූ පුද්ගලයා, තර්කානුකුල සංකල්පයන් ස්ථාපිත කල මිනිසා, පිළිම නැති දහමක් ඇති කල නායකයා, අධිරාජ්‍යයන් විස්සක් හා එක් අධ්‍යාත්මික අධිරාජ්‍යයක් ගොඩ නැඟූ සෙන්පතියා, එතුමා නම් මුහම්මද් වේ. මිනිස් හැකියාවන් මිනිය හැකි සියලුම මිනුම් උපයෝගී කිරීමෙන් පසු මුහම්මද් ට වඩා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් තවත් විසුවේ දැයි අපට නොබියව ඇසිය හැක. මුහම්මද් ආගමික ගුරුවරයෙක් විය, සමාජ ප්‍රතිසංස්කරණය කරන්නෙක් විය, යහපත් මගපෙන්වන්නෙක් විය, දක්ෂ පාලකයෙකු විය. එතුමා කුළුපහ මිතුරෙකු, අගනා සගයෙකුද, හොඳ පියෙකු, ආදරවන්ත සැමියෙකු, යනාදී මෙම සියලු චරිතවල අති උත්තරීතර සම්මිශ්‍රණයක් විය. එතුමාගේ මෙම ගුණාංග වලින් එකක් හෝ මෙතරම් රමණීය ලෙස පිහිටි එකම පුද්ගලයෙකුවත් මුළු මිනිස් ඉතිහාසයේම නොමැති තරම්ය. මෙතරම් සුවිශාල ජයක් එතුමාට හිමි කර දුන්නේ එතුමා සතුව තිබු අසීමිත පරාර්ථකාමී බවයි.”



මහාචාර්ය කේ. එස්. රාමක්‍රිෂ්න රාඕ සිය “Muhammed, The Prophet of Islam”යන කෘතියේ මෙසේ පවසයි:

“මුහම්මද්ගේ චරිතය නම් පරිමාණයට ඇතුල් වී එය සම්පුර්ණයෙන් වටහා ගැනීම ඉතා දුෂ්කර බව පෙනේ. ඇත්තෙන්ම මට ග්‍රහණය කරන්නට ලැබුනේ ඉන් බිඳක් පමණි. එය කෙතරම් මනස්කාන්ත සිද්ධි මාලාවක එකතුවක්ද! වරෙක දෙවිඳුන්ගේ යටහත් දුතයෙක් එතුමා තුලින් පිළිබිඹු වෙයි. මොහොතින් එතුමා වීර සෙන්පතියෙකි. විටෙක ඔහු වෙළෙන්දෙකි. සැනින් එතුමා රාජතාන්ත්‍රිකයෙකි, කථිකයෙකි, සමාජ ප්‍රතිසංස්කරණය කරන්නෙකි. තවත් එතුමා අනාථයින්ගේ රැකවලෙකි. වහලුන් නිදහස් කරන්නට වෙර දරන්නෙකි. ස්ත්‍රීන්ගේ ගැලවුම් කරුවෙකි. විනිසුරුවෙකි. සැදැහැවත් පුද්ගලයෙකි. එපමණක් නොව මෙම චරිත සියල්ලේම එතුමා එක හා සමාන කතානායකයෙකි.”



දාර්ශනිකයෙකුවූ ජෝර්ජ් බර්නාඩ් ෂෝ ඔහුගේ “The Genuine Islam” නම් 1936 දී ලියු පොතේ අදහස් දක්වමින්:

“එතුමා මිනිස් වර්ගයාගේ ගැලවුම්කරුවා යැයි අමතනු ලැබිය යුතුය. එතුමා වැනි පුද්ගලයෙකු මෙම ලෝකයේ අධිරාජයා බවට පත්වුවහොත් වර්තමාන ලොව මුහුණ පා සිටිනා සියලුම ගැටළු වලින් එතුමා ලොව මුදවා ලොවට අද අත්‍යාවශ්‍ය වී ඇති සාමය හා සතුට ගෙනෙනු ඇත යැයි මා තරයේම විශ්වාස කරමි. ලොව මෙතෙක් පා තබා ඇති විශිෂ්ඨතම පුද්ගලයා එතුමාය. එතුමා දහමක් දෙසුවේය. රාජ්‍යයන් ස්ථාපිත කළේය. ජාතියක් ගොඩ නැගුවේය. ගුණයහපත් බවට නව මුහුණු වරක් ඉදිරිපත් කළේය. අලුත් දේශපාලනමය හා සමාජයීය ප්‍රතිසංස්කරණයන් ආරම්භ කළේය. ප්‍රබල හා ක්‍රියාශීලී සමාජයක් ගොඩනැගුවේය. එම සමාජය මුහම්මද්ගේ දෙසුම් සියල්ල ක්‍රියාවට නංවමින් ඒ සියල්ල ප්‍රායෝගික බව ලොවට සනාථ කරමින් සිටිනා අතර, සදාකල් පවතින සේ මනුෂ්‍යවර්ගයාගේ සිතුම් පතුම්හි හා හැසිරීම් රටාවන් අතින් මහත් ඵලදායී පෙරලියක් ඇතිකර ඇත්තේය. තිරිසන් කල්ක්‍රියාවලින්ද අඥාණයේ අඳුරෙන්ද එකිනෙකා කුළල් කා ගැනීමෙන් හා වහල් බවෙන් පෙලී ආර්ථික අහේනියේ හිනිපෙත්තේ සිටි අරාබීන්ව එයින් නිදහස් කර සමෘධිමත් දියුණුවක් කරා උසස් කරමින් මානුෂික සානුකම්පාව හා ශ්‍රේෂ්ඨ ගුණදම් වලින් හෙබි සමාජයක් පෙර දැරි කොට ගත් උතුම් ධර්මයක ධජය යටතේ එතුමා ජනයාව එක්සත් කළේය. සිවුපාවුන් මෙන් ජීවත් වෙමින් සිටි මිනිස් රංචුවක් මේසා විශාල අනගිභවනීය තලයකට පත් කිරීම සඳහා එතුමන්ට ගතවුයේ දශක දෙකක කාලයක් පමණක් වීම මෙම විපර්යාසය වෙත නැණවත් ලෝකයාට ඇතිවන විමතිය සිය දහස් වාරයකින් වැඩි කරනු නියතය.”



මෙම කරුණු දැනගැනීමෙන් පසුව වත් සත්‍යය අවබෝධ කරගෙන වෛරය හා ක්‍රෝධය පැතිරවීම සඳහා වෙබ් අඩවි මගින් කරගෙන යන්නාවූ ඉතාම පහත්, මිනිසත් කමට නොහොබිනා මෝඩ ක්‍රියා වහාම නවතා අලුත් චින්තනයකට පිවිසෙන ලෙස කාරුණිකව ආරාධනා කරන්නෙමු.
 

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    අලි ශිනාගේ අභියෝගය


    ඩොලර් $ 50,000 ක මුදලක්
    මා මුහම්මද්ට විරුද්ධව දුසිම් ගනනින් නගන චෝදනාවන් ‍ගෙන් කිසිවක් හෝ වැරදි යයි ඔප්පු කරන්නෙකුට ගෙවමි.

    මා මුහම්මද්ට විරුද්ධව කරන චෝදනා නම්:



    පුද්ගලවාදියෙකි ගැහැණු ‍‍‍‍වෛරී පුද්ගල‍යෙකි
    ස්ත්‍රී
    දූෂක‍යෙකි ළමා අපචාරියෙකි
    කාමුක‍යෙකි හිංසාකාර‍‍යෙකි

    ත්‍රස්තවාදි‍යෙකි
    ජන සමූල ඝාතක‍යෙකි
    මිනීමරු‍වෙකි කල්ලි නායක‍යෙකි

    මං පහරන්නෙකි උන්මන්තක‍යෙකි


    කුරාන‍යෙන් උගන්වන දේ.

    ඉස්ලාමය අතහැර යෑම.

    කුරානය: 2.27. අල්ලා ‍දෙවියන් ගේ ගිවිසුම, එය පිළිගැනී‍මෙන් පසු ප්‍රතික්ෂේප කළ අයද, අල්ලා ‍දෙවියන් විසින් එකතු කළ යුතුයැයි නියම කළ දේ ‍වෙන් කළ අයද මහ පොලො‍වෙහි අධම ක්‍රියාවන් කරන්නෝ ‍වෙති. ඔවුන් ඔවුන්හටම වින කරන්නෝ ‍වෙත්.

    කුරානය: 2.39. අපගේ සුභාරංචිය අසත්‍යයැයි කියමින් විශ්වාසය බැහැර කළ අය ගින්නෙහි උරුමක්කාරයන් වන්නාහුය. ඔවුන් සදා ගින්නෙහි දැ‍වෙනු ඇත.

    (සාහිහ් බුහාරි 4.260) ඉක්රිමා විසින් දන්වන ලදි: අලි විසින් ඉස්ලාමය අතහැර ගිය කිහිප ‍දෙ‍නෙකු ගින්නෙන් දවා මරණ ලදි. මේ සිද්ධිය ඉබන් අබ්බාස්ට ආරංචි විය. ඔහු ‍මෙ‍ලෙස කීය, “ අලිගේ ස්ථානයේ මම සිටියා නම්, මම ඔවුන් ගින්නට දමා මරන්නේ නැත. මුහම්මද් කියා ඇත්තේ කිසිවකුටවත් අල්ලා ‍දෙවියන්ගේ දඩුවම් නො‍දෙනුයි කියායි. සැකයකින් තොරව මමද ඔවුන් මරා දමමි. හේතුව “යම් අ‍යෙක් ඉස්ලාමය අතහැර යයි නම්, ඔහුව මරා දමනු” යැයි මුහම්මද් කියා ඇත.

    (සාහිහ් බුහාරි 9.84.57) ඉක්රිමා විසින් දන්වන ලදි: සනාඩිකාවරුන් (‍දෙවියන් නැතැයි කියන්නවුන්) කිහිප ‍දෙ‍‍‍නෙකු අලි ‍වෙත කැටුව එන ලදුව ඔහු, ඔවුන් ගිනි තියා මැරුවේය. මේ සිද්ධියේ ආරංචිය ඉබන් අබ්බාස්ට ලැබුනි. “මම ඔහුගේ ස්ථානයේ සිටියා නම්, මම ඔවුන් ගිනි තියා මරන්නේ නැත. “අල්ලා ‍දෙවියන් ගේ දඩුවම වූ ගින්නෙන් කිසිවකු දඩුවම් නොකරනු” යනු‍වෙන් මුහම්මද් එය තහනම් කර ඇත. මුහම්මද් කී පරිදි, එනම්, “ යම්කිසි‍වෙකු ඉස්ලාම් ආගම ‍වෙනස් කළ හොත්, ඔහුව මරා දමනු.” යන්නට අනුව මම ඔවුන් මරා දමමි.

    කුරානය: 3.90 හා 91. සත්‍යවශ‍යෙන්ම, පලමුව විස්වාශ කොට එය අතහැර අවිශ්වාසය වර්ධය කරමින් ගිය අය- ඔවුන්ගේ ක්ෂමාව ඇයදීම කිසිදා බාරගනු නොලැ‍බෙනු ඇත.(හේතුව, ඔවුන් හදවතින් නොව දිවෙන් පමණක් සමාව අයදිති.) ඔවුන් වැරදි මාර්ගයට වැටුනෝ ‍වෙති. සත්‍යවශ‍යෙන්ම, අවිශ්වාසවන්තයින්, ඔවුන් අවිශ්වාසවන්තයින් ‍‍ලෙසම මරණයට පත්ව, (මුලු) පෘතුවිය තරම් වූ රත්තරන්, වන්දි වශ‍‍යෙන් දුන්නේ වුවද එය කිසිවකු‍ගෙන් භාර නො ගැ‍නේ. ඔවුන් වේදනාකාරී දඩුවමට ලක්වන අතර ඔවුන්ට උදව් කරුවන් ද නොමැතිය.

    කුරානය: 4.89. ඔවුන් අවිශ්වාස කරන්නාසේම ඔබද අවිශ්වාස කළ යුතුයැයි, ඔවුන් පතන්නේ ඔබ ඔවුන් හා සම තත්වයේ සිටිනු දැකීමටයි. එනිසා, ඔවුන් ගේ දොර අතහැර අල්ලා ‍දෙවියන්ගේ මාර්ගයට පැමිණෙන තුරු ඔවුන්අතුරින් මිතුරන් තෝරා නොගන්න. ඔවුන් ආපසු (සතුරන් ‍ලෙස) හැරුන හොත්, ඔබ ඔවුන් සොයා ගන්නා සෑම අවස්ථාවකදීම අල්වා මරා දමන්න. ඔවුන් හා මිතුරු වීම හෝ උදව්කරුවන් හෝ කර නොගන්න.

    කුරානය: 9.66. ඔබ සාමාවට හේතු නොකියන්න. ඔබ පලමුව විශ්වාස කොට පසුව ප්‍රතික්ෂේප කළාහුය. අප ඔබ අතරින් සමහ‍රෙකුට සමාව දුන්නත්, ඉතිරි අයට දඩුවම් ‍දෙන්නෙ, ඔවුන් පාපකරුවන් නිසා‍වෙනි.

    (සාහිහ් බුහාරි 9.83.17) අබ්දුල්ලා විසින් දන්වන ලදී: මුහම්මද් විසින් ‍මෙසේ පවසන ලදි. “ අල්ලා ‍දෙවියන් හැර නැමදුමට සුදුසු ‍වෙන කිසිවක් නොමැත. මුහම්මද් ඔහුගේ දුතයා වන්නේය, යනු‍වෙන් පවසන මුස්ලිම් වරයකු ගේ ලේ නොසැලවිය යුතුය, පහත අවස්ථාවන් හැර: තවත් මුස්ලිම් වරයකු මැරීම, විවාහක පුද්ගලයකු අපචාර‍යේ යෙදීම හා ඉස්ලාමය අතහැර මුස්ලිම් වරුන් ගෙන් ‍වෙන්ව යාම.”

    (සාහිහ් බුහාරි 4.54. 445) අබු දාර් විසින් පවසන ලදි: මුහම්මද් ‍මෙසේ පැවසීය, “ගේබ්රියල් මට ‍මෙසේ කීය, ‘ඔබගේ අනුගාමිකයින් අතරින්, ය‍‍මෙකු අල්ලා ‍දෙවියන් හැර ‍වෙන කිසිවක් නොයැද ම‍ළේ නම්, ඔහු ස්වර්ගයට ඇතුලු වන්නේය ( නැතහොත් (අපායේ) ගින්නට ඇතුලු වන්නේ නැත).’ එයට මුහම්මද් ‘ ඔහු සොරකමේ හා අපචාරයේ ‍යෙදුනු අයෙකු නම්?’ යැයි ඇසීය.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මු ඔච්චර ශ්‍රේෂ්ඨ නම් මොකද උබල අර ෆිල්ම් එකට ඔච්චර බය
     
    අලි ශිනාගේ අභියෝගය


    ඩොලර් $ 50,000 ක මුදලක්
    මා මුහම්මද්ට විරුද්ධව දුසිම් ගනනින් නගන චෝදනාවන් ‍ගෙන් කිසිවක් හෝ වැරදි යයි ඔප්පු කරන්නෙකුට ගෙවමි.

    මා මුහම්මද්ට විරුද්ධව කරන චෝදනා නම්:



    පුද්ගලවාදියෙකි ගැහැණු ‍‍‍‍වෛරී පුද්ගල‍යෙකි
    ස්ත්‍රී
    දූෂක‍යෙකි ළමා අපචාරියෙකි
    කාමුක‍යෙකි හිංසාකාර‍‍යෙකි

    ත්‍රස්තවාදි‍යෙකි
    ජන සමූල ඝාතක‍යෙකි
    මිනීමරු‍වෙකි කල්ලි නායක‍යෙකි

    මං පහරන්නෙකි උන්මන්තක‍යෙකි


    කුරාන‍යෙන් උගන්වන දේ.

    ඉස්ලාමය අතහැර යෑම.

    කුරානය: 2.27. අල්ලා ‍දෙවියන් ගේ ගිවිසුම, එය පිළිගැනී‍මෙන් පසු ප්‍රතික්ෂේප කළ අයද, අල්ලා ‍දෙවියන් විසින් එකතු කළ යුතුයැයි නියම කළ දේ ‍වෙන් කළ අයද මහ පොලො‍වෙහි අධම ක්‍රියාවන් කරන්නෝ ‍වෙති. ඔවුන් ඔවුන්හටම වින කරන්නෝ ‍වෙත්.

    කුරානය: 2.39. අපගේ සුභාරංචිය අසත්‍යයැයි කියමින් විශ්වාසය බැහැර කළ අය ගින්නෙහි උරුමක්කාරයන් වන්නාහුය. ඔවුන් සදා ගින්නෙහි දැ‍වෙනු ඇත.

    (සාහිහ් බුහාරි 4.260) ඉක්රිමා විසින් දන්වන ලදි: අලි විසින් ඉස්ලාමය අතහැර ගිය කිහිප ‍දෙ‍නෙකු ගින්නෙන් දවා මරණ ලදි. මේ සිද්ධිය ඉබන් අබ්බාස්ට ආරංචි විය. ඔහු ‍මෙ‍ලෙස කීය, “ අලිගේ ස්ථානයේ මම සිටියා නම්, මම ඔවුන් ගින්නට දමා මරන්නේ නැත. මුහම්මද් කියා ඇත්තේ කිසිවකුටවත් අල්ලා ‍දෙවියන්ගේ දඩුවම් නො‍දෙනුයි කියායි. සැකයකින් තොරව මමද ඔවුන් මරා දමමි. හේතුව “යම් අ‍යෙක් ඉස්ලාමය අතහැර යයි නම්, ඔහුව මරා දමනු” යැයි මුහම්මද් කියා ඇත.

    (සාහිහ් බුහාරි 9.84.57) ඉක්රිමා විසින් දන්වන ලදි: සනාඩිකාවරුන් (‍දෙවියන් නැතැයි කියන්නවුන්) කිහිප ‍දෙ‍‍‍නෙකු අලි ‍වෙත කැටුව එන ලදුව ඔහු, ඔවුන් ගිනි තියා මැරුවේය. මේ සිද්ධියේ ආරංචිය ඉබන් අබ්බාස්ට ලැබුනි. “මම ඔහුගේ ස්ථානයේ සිටියා නම්, මම ඔවුන් ගිනි තියා මරන්නේ නැත. “අල්ලා ‍දෙවියන් ගේ දඩුවම වූ ගින්නෙන් කිසිවකු දඩුවම් නොකරනු” යනු‍වෙන් මුහම්මද් එය තහනම් කර ඇත. මුහම්මද් කී පරිදි, එනම්, “ යම්කිසි‍වෙකු ඉස්ලාම් ආගම ‍වෙනස් කළ හොත්, ඔහුව මරා දමනු.” යන්නට අනුව මම ඔවුන් මරා දමමි.

    කුරානය: 3.90 හා 91. සත්‍යවශ‍යෙන්ම, පලමුව විස්වාශ කොට එය අතහැර අවිශ්වාසය වර්ධය කරමින් ගිය අය- ඔවුන්ගේ ක්ෂමාව ඇයදීම කිසිදා බාරගනු නොලැ‍බෙනු ඇත.(හේතුව, ඔවුන් හදවතින් නොව දිවෙන් පමණක් සමාව අයදිති.) ඔවුන් වැරදි මාර්ගයට වැටුනෝ ‍වෙති. සත්‍යවශ‍යෙන්ම, අවිශ්වාසවන්තයින්, ඔවුන් අවිශ්වාසවන්තයින් ‍‍ලෙසම මරණයට පත්ව, (මුලු) පෘතුවිය තරම් වූ රත්තරන්, වන්දි වශ‍‍යෙන් දුන්නේ වුවද එය කිසිවකු‍ගෙන් භාර නො ගැ‍නේ. ඔවුන් වේදනාකාරී දඩුවමට ලක්වන අතර ඔවුන්ට උදව් කරුවන් ද නොමැතිය.

    කුරානය: 4.89. ඔවුන් අවිශ්වාස කරන්නාසේම ඔබද අවිශ්වාස කළ යුතුයැයි, ඔවුන් පතන්නේ ඔබ ඔවුන් හා සම තත්වයේ සිටිනු දැකීමටයි. එනිසා, ඔවුන් ගේ දොර අතහැර අල්ලා ‍දෙවියන්ගේ මාර්ගයට පැමිණෙන තුරු ඔවුන්අතුරින් මිතුරන් තෝරා නොගන්න. ඔවුන් ආපසු (සතුරන් ‍ලෙස) හැරුන හොත්, ඔබ ඔවුන් සොයා ගන්නා සෑම අවස්ථාවකදීම අල්වා මරා දමන්න. ඔවුන් හා මිතුරු වීම හෝ උදව්කරුවන් හෝ කර නොගන්න.

    කුරානය: 9.66. ඔබ සාමාවට හේතු නොකියන්න. ඔබ පලමුව විශ්වාස කොට පසුව ප්‍රතික්ෂේප කළාහුය. අප ඔබ අතරින් සමහ‍රෙකුට සමාව දුන්නත්, ඉතිරි අයට දඩුවම් ‍දෙන්නෙ, ඔවුන් පාපකරුවන් නිසා‍වෙනි.

    (සාහිහ් බුහාරි 9.83.17) අබ්දුල්ලා විසින් දන්වන ලදී: මුහම්මද් විසින් ‍මෙසේ පවසන ලදි. “ අල්ලා ‍දෙවියන් හැර නැමදුමට සුදුසු ‍වෙන කිසිවක් නොමැත. මුහම්මද් ඔහුගේ දුතයා වන්නේය, යනු‍වෙන් පවසන මුස්ලිම් වරයකු ගේ ලේ නොසැලවිය යුතුය, පහත අවස්ථාවන් හැර: තවත් මුස්ලිම් වරයකු මැරීම, විවාහක පුද්ගලයකු අපචාර‍යේ යෙදීම හා ඉස්ලාමය අතහැර මුස්ලිම් වරුන් ගෙන් ‍වෙන්ව යාම.”

    (සාහිහ් බුහාරි 4.54. 445) අබු දාර් විසින් පවසන ලදි: මුහම්මද් ‍මෙසේ පැවසීය, “ගේබ්රියල් මට ‍මෙසේ කීය, ‘ඔබගේ අනුගාමිකයින් අතරින්, ය‍‍මෙකු අල්ලා ‍දෙවියන් හැර ‍වෙන කිසිවක් නොයැද ම‍ළේ නම්, ඔහු ස්වර්ගයට ඇතුලු වන්නේය ( නැතහොත් (අපායේ) ගින්නට ඇතුලු වන්නේ නැත).’ එයට මුහම්මද් ‘ ඔහු සොරකමේ හා අපචාරයේ ‍යෙදුනු අයෙකු නම්?’ යැයි ඇසීය.

    පව් බං උබ උව එක පොස්ට් එකෙන්ම කපල දැම්මා.

    අයියෝ නබී
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඵල ඇති ගසට ගල් ගැසීම සමාජ සම්මතයේ ඇති ක්‍රියාවක් බවට පත්ව ඇත. මෙම සමාජ සම්මත පිළිවෙත ශ්‍රේෂ්ඨ මෙන්ම උසස් මිනිසුන් සම්බන්ධව ක්‍රියාත්මක කිරීම තමන්ගේ නිහීන කම මෙන්ම තමන් වහල් වී ඇති වෛර චින්තනය හෙළිදරව් කරගැනීමක් බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ

    budu dahamata tharam ninda karana wenath aagamak na.
    samahara bawuddhayo pawa ninda karanawa.
    condom,bikini,shoes,candles,bars,resturants wala pawa budu ruwa daala karana hati lokema dannawa.
    ehema welath budu maga yana saba minissu maarayo wage usaawi,wahana,kada kudu kale na.
    onama uththamayek ge dahama kenek maru wikal wela dagalanne na.
    uthuman ge uthum kama kelesanne boruwata aagam adahana horu thamayi.
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    පකිස්තානයේ දුම්රිය ඇමති කිව්වා අර ෆිල්ම් එක ගහපු එකාව මරන ඕනම කෙනෙකුට ඩොලර් ලක්ෂයක් දෙනව කියලා (අල් ජසීරා).....
    ශේෂ්ඨ උත්තමයෙක් හැටියට නබි නායක තුමා මේ බිලි පූජාව අනුමත කරයිද?
    මම මේ නිව්ස් එක බලපු පකිස්තානු ජාතිකයෙකුගෙන් මේක ඇහුවා...පකිස්තාන් ජාතික රූපවාහිනියෙත් පෙන්නුවලු....මුක් මාෆි (මොලේ නෑ)මිනිස්ටර් කියලා මිනිහා බනිනවා...
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    "ඵල ඇති ගසට ගල් ගැසීම" මේක ජනප්‍රිය යෙදුමක් නේද මචන් , එකෙන් අදහස් කරන්නේ ඉරිසියාවට කියනවා කියන එක නේද ? ඔයාට හිත සනස ගන්ඩ පුළුවන් ඔය යෙදුම පාවිච්චි කරලා , මිනිස්සු ආණ්ඩුවේ වැරදි කරන අමතිලට බනිනකොට "අනිත් උන් කරේ මෙහෙමයි අපි ඒ අතින් කොච්චර හොදද , ඵල ඇති ගසට නේ ගල් ගහන්නේ " කියල ඇමතිලා කියනවා , මිනිස්සු උන්ට බනින්නේ ඉරිසියාවට නෙවෙයි රටට ආදරේ නිසා ,මගේ අතින් නොදැනුවත්ම වැරද්දක් වෙනකොට මිනිස්සු මට බනියි , එතකොටත් මට පුළුවන් , ඵල ඇති ගසට නේ ගල් ගහන්නේ කියල, වැරැද්ද කියන උන්ට බනින්න ,

    එක නිසා බොස් " ගින්නක් නැතුව දුමක් නගින්නේ නැ " මේ යෙදුම දාල ට්‍රයි එකක් දීල බලන්ඩ
    :D
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඉපදීමට මාස දෙකකට පෙර පියාවූ අබ්දුල්ලා මියගියේය.

    සීයාවූ අබ්දුල් මුත්තලිබ් විසින් එතුමාට මුහම්මද් යන නම තබන ලදී.

    වයස අවුරුදු හයේදී මව වූ ආමීනා තුමිය මියගියාය.

    වයස අවුරුදු අටේදී රැකබලාගත් සීයාවූ අබ්දුල් මුත්තලිබ් මියගියේය.

    එතුමාගේ බාප්පා කෙනෙකුවූ අබුතාලිබ් විසින් එතැන් සිට රැක බලාගන්නා ලදී.

    අවුරුදු 25 දී වන්දඹුවක්වූ කදීජා තුමිය සමග විවාහ වුයේය.

    විවාහ වන විට කදීජා තුමියගේ වයස අවුරුදු 40 කි.

    මෙහෙමත් පව් කාරයෙක්... ලග ඉන්න උන් ටික ඔක්කොම මැරිලා නේ..
    ඒ මදිවට නාකි ගැනියෙක් නේ බැදලා තියෙන්නේ :P

     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මෙම කරුණු දැනගැනීමෙන් පසුව වත් සත්‍යය අවබෝධ කරගෙන වෛරය හා ක්‍රෝධය පැතිරවීම සඳහා වෙබ් අඩවි මගින් කරගෙන යන්නාවූ ඉතාම පහත්, මිනිසත් කමට නොහොබිනා මෝඩ ක්‍රියා වහාම නවතා අලුත් චින්තනයකට පිවිසෙන ලෙස කාරුණිකව ආරාධනා කරන්නෙමු.

    පකිස් චින්තනය.. මේක අලුත් එකද පරණ එකද?



    සාමය පතුරවන හැටි..
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,925
    26,459
    113
    image.png