ශාක_මිනිසා මිය යයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    ශාක_මිනිසා මිය යයි

    FB_IMG_1456816711290.jpg




    ශාක මිනිසා මිය යයි.
    --------------------------------

    අප අවට ලෝකය දිනෙන් දිනම කර්කශ වෙමින් පවතී. මෙතෙක්‌ නොඇසූ විරූ රෝග තත්ත්වයන්, ආබාධ පිළිබඳව නිරන්තරයෙන් වාර්තා වන්නට පටන් ගෙන තිබේ. කෙතරම් තාක්‌ෂණය හා වෛද්‍ය විද්‍යාව දියුණු වූවද ඇතැම් ආබාධවලට තවමත් නිශ්චිත ප්‍රතිකාර සොයාගෙන නොමැත. ඔවුන්ගේ කර්මය පිට වරද පටවා නිහඬ වන්නට තරම් අප කෲ ර නොවිය යුතුය.

    සහෘදය · දැන් අප ආශ්වාස කරන්නේ දහස්‌ සංඛ්‍යාත විෂ රසායනයන්ගෙන් ආකූල වූ වාතයයි . නිරන්තරයෙන්ම රසායනික සංයෝග එක්‌කොට සැකසූ ආහාර පානවලට අපි ගිජු වී ඇත්තෙමු. ඉරේ හඳේ ආලෝකය පිළිකෙව් කොට කෘතිම ආලෝකයේ දිවි ගෙවන්නෙමු. ඉදින් එහි ප්‍රතිඵල දැන් අත්විඳින්නට අපට සිදු වී තිබේ. ඩාවින්ගේ පරිනාමවාදය අප පිළිගන්නේ නම් අද සිදුවන්නේ කුමක්‌ද. ස්‌වාභාවික වරණය (SELECTION OF NATURE) ඉක්‌මවා පරිසරය වෙනස්‌ වෙමින් පැවතීමයි. එහි ප්‍රතිඵලය ලෙස අසීමාන්තිකව සත්වයන් විකෘතිවලට ගොදුරු වන්නට පටන්ගෙන ඇත. ඊට උදාහරණ මෙම අතිරේකය මගින්ම බොහෝ විට හෙළිකර තිබේ.

    මේ කතාවද එවැන්නකි. කවුරු කුමන ආකාරයෙන් විග්‍රහ කළද තුවාලයේ වේදනාව දන්නේ තුවාල කරුවාය. සුව කළ නොහැකි අසාමාන්‍ය ආබාධයන් හේතුවෙන් සමාජ අපවාද විඳිමින් සකල සේසතම ප්‍රතිකාර සඳහා වැය කරමින් ඔවුන් විඳින මානසික හා ශාරීරික පීඩාව ගැන පවසන්නට මේ කුඩා පෑන ප්‍රමාණවත් නැත. අසන්න, කුමන රටක, කුමන ජාතියක වේවා යම් දිනෙක එය අපගේ කතාව වීමට ඉඩ තිබේ. ශාක මිනිසා ලෙස ප්‍රචලිතව සිටි ඉන්දුනීසියාවේ ඩෙඩ් කොස්‌වාරා (DEDE KOSWARA) පසුගිය 30 වනදා සිය ජීවිතයෙන් සමුගත්තේය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 42 කි. ඔහු මිය ගියේ බාඩුන්ග් හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය. නමුත් ඔහු මිය ගොස්‌ ඇත්තේ (මෙම රෝගය හේතුවෙන් නොවේ.) ශාක මිනිසා ලෙස ඔහුව හැඳින්වූයේ ඇයි. ඔහුගේ සිරුර පුරාම විශේෂයෙන් අත් හා පාදවල විශාල ලෙස ඉන්නන් පැතිරී තිබුණි. එමගින් ඔහුට ගෙනදුන්නේ මිනිසකුට වඩා ගසක පෙනුමකි. ඔහුගේ සිහිනය වූයේ හැකි ඉක්‌මනින් එය සුව කරගෙන වඩු කාර්මිකයකු ලෙස ජීවිතය ගෙන යැමයි. මෙම ආබාධය නිසා ඔහුගේ පවුල් ජීවිතය, රැකියාව පමණක්‌ නොව පුද්ගලික කටයුතු පවා අවහිරවී තිබුණි. කෙසේ වුවත් මරණය දක්‌වාම ඔහුට එය සිහිනයක්‌ම විය.

    මේ සමඟම යන පුවතක්‌ දැන් බංග්ලාදේශයෙන් ඇසෙන්නට පටන් ගෙන තිබේ.

    කුල්නා ප්‍රදේශයේ ජීවත්වන අබුල් බජන්දර් (ABUL BAJANDAR) 25 හැවිරිදිය. ඔහුගේ අත් හා පාදවලද කොස්‌වාරාගේ මෙන් ඉන්නන් හටගෙන ඇත. පසුගිය වසර හත තුළ දිගින් දිගටම මෙම ඉන්නන් වර්ධනය වූ අතර වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ එය දුර්ලභ හා සංජානීය (උපතින්ම එන) චර්ම රෝගයක්‌ බවයි. දැන් ඔහු ප්‍රතිකාර සඳහා ඩකා වෛද්‍ය විද්‍යාල රෝහලට (DMCH) වෙත ඇතුළත් වී සිටී.

    "මෙම තත්ත්වය අප වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වන්නේ EPIDERMODYSPLASIA VERRUCIFORMIS යනුවෙන්, එය ආවේණික හා දුර්ලභ චර්ම රෝග තත්ත්වයක්‌."

    මෙය වෛද්‍ය සමන්තා ලාල් සෙන් ප්‍රකාශ කරන්නීය. ඇය DMCH ආශ්‍රිත පිළිස්‌සුම් හා ප්ලාස්‌ටික්‌ ශල්‍ය කර්ම ඒකකයේ ප්‍රධාන සම්බන්ධීකාරක වරියයි. බජන්දර්ගේ චර්ම රෝගය සුව කිරීම සඳහා සූදානම්ව සිටින වෛද්‍ය කණ්‌ඩායම ඇය ඇතුළු වෛද්‍ය විශේෂඥයන් කිහිපදෙනෙකුගෙන් සමන්විතය . මේ වන විට රෝහලේ පිළිස්‌සුම් ඒකකයට ඇතුළත්ව සිටින ඔහු කුල්නාහි ටි්‍රක්‌ෂෝ රථ ගෙනයන්නෙකි. මීට පෙර ඔහු ගාසි වෛද්‍ය විද්‍යාල රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ඇත. 2008 වසරේදී කොස්‌වාරාගේ කතාව ඩිස්‌කවරි චැනලය ඔස්‌සේ ප්‍රචාරය විය . ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරුනු ඔහුගේ සිරුරෙන් කිලෝග්‍රෑම් හයක්‌ බරැති ඉන්නන් ඉවත් කර තිබේ.

    "කොස්‌වාරා ගොදුරු වී සිටින්නේ මානව පැපිලෝමා වෛරසයේ (HPV) උග්‍ර ආසාදන අවස්‌ථාවකටයි. ලෝකයේ ඉතාම දරුණු ලෙසින් HPV අසාදනයට ලක්‌වූ තැනැත්තා ලෙස කොස්‌වාරා හැඳින්විය හැකියි"

    මේ පිළිබඳ වැඩසටහන අතරවාරයේ දී ඇමරිකානු වෛද්‍යවරයෙක්‌ ප්‍රකාශ කළේය. කොස්‌වාරා දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. ඔහු මුලින්ම සිය සිරුරේ ඉන්නන් මතු වී තිබෙනු දැක ඇත්තේ ගැටවර වියේදී දණහිස තුවාල වූ අවස්‌ථාවකදීය. අතු රිකිලි වැනි වර්ධනයන් ඔහුගේ සිරුර පුරා පැතිර යන්නට විය. අසල්වැසියෝ ඔහුට සමච්චල් කරන්නට ගත්හ. රැකියාවක්‌ හෝ සාමාන්‍ය කටයුතු පවා කරගන්නට හැකියාවක්‌ ඔහුට තිබුqණේ නැත. මේ තත්ත්වය පාලනය කර ගැනීමට නම් අඩු තරමේ වසරකට ශල්‍යකර්ම දෙකක්‌වත් සිදු කිරීමට අවශ්‍ය බව වෛද්‍ය නිර්දේශය විය. කළ යුතු කිසිවක්‌ නොමැති තැන බැන්ඩුන්හි සර්කස්‌ කණ්‌ඩායමකට එකතු වන්නට කොස්‌වාරා තීරණය කළේය. ඔහු සම්බන්ධ පුවත ප්‍රචාරය වීමත් සමඟ එකවරම මහජන ආධාර ගලා එන්නට පටන් ගත්තේ ගංවතුරක්‌ පරිද්දෙනි.

    මිය යන විටදීත් ඔහු මෙම රෝගයෙන් පීඩා විඳි බව සත්‍යයකි. එහෙත් ඒ හරහා ඔහු එක්‌ කරුණක්‌ ප්‍රත්‍යක්‌ෂ කරගෙන සිටියේය. එනම් මේ ලෝකය තවමත් කරුණාබර හා පරිත්‍යාගශීලීs හදවත්වලින් පොහොසත් බවයි.

    වසන්ත විඡේරත්න