ශාන්තිනි එන්න වතුර බටේ උඩට

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
ශාන්තිනි එන්න වතුර බටේ උඩට

2eusmkl.jpg


ශාන්තිනි එන්න
වතුර බටේ උඩට
කිලිනොච්චි ටවුම මැද
ඒ නයින් පාර ළඟ
හතරගාතේ නිදන
වතුර බටේ උඩට

අපිත් ගියා කිලිනොච්චි
පාස් කරන් මැදවච්චි
සාමෙට පින්බෝවෙච්චි
දැක්කෙ නෑ තංගච්චි

අමාරුවෙන් බඩගාලා
වතුර බටේ උඩට
ජාතික සමගිය වැඩෙන්න
ලිව්වා අපි අපේ
නම, ගම, වාසගම
ලොකුවට
සිංහලෙන්

වතුර බටේ ළඟ කඩල විකිණුවේ
සියදෝරිස්
කඩල කරත්තෙට දකුණෙන් පොඩි තේ කඩයක්
තේ කඩේ හිටියා මුදලාලිගෙ නම
අරුනෝලිස්
ගාල්ලේ මද්දුලා
හේවාහැට බණ්ඩලා
පිටකොටුවේ චොප්පෙලා
පුංචි පුංචි කඩ දාගෙන
තනිරැක්කා
වතුර බටේට

සීරුවෙන් හිටිය කාලේ මේ වතුර බටේ
උදේ හාවා වතුර බීපු
ඒ වතුරෙන් පොළොව තෙමපු
ඒ පොළොවේ ලේ වපුරපු
ශාන්තිනි උඹ කෝ....

ශාන්තිනි එන්න
වතුර බටේ උඩට
කිලිනොච්චි ටවුම මැද
ඒ නයින් පාර ළඟ
හතරගාතේ නිදන
වතුර බටේ උඩට

2010-04-07

PenIcon.jpg
අසංක සායක්කාර
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
මේක බ්ලොග් එකේ කියෙව්වා, අනික් අයට බලන්නත් එක්ක මෙතැන පලකල එක හොඳයි.
 

paalugama

Well-known member
  • Thats the reality bro!
    The way & the impact of the People of south visiting jaffna is something to think twice. the behavior of many sinhalese who visit north during last 2-3 months made many of our Jaffna brothers & sisters bit embarrassed! better be aware of the mentality of many of the north people as they have just over come a 3 decade tragedy. Should not let another Prabakaran to born!