ශැන්ග්‍රීලා කෑම පිඟානට 21,000ක් ගෙවන්න ව්‍යාප&

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ශැන්ග්‍රීලා කෑම පිඟානට 21,000ක් ගෙවන්න ව්‍යාප&

    ශැන්ග්‍රීලා කෑම පිඟානට 21,000ක් ගෙවන්න ව්‍යාපාරිකයින් සහ දේශපාලකයින් පෝලිමේ..!


    එක කෑම වේලක එක පිඟානකට රුපියල් 21000 ක් වියදම් කළ හැකි අය ලංකාවේ සිටිත් ද? සිටිනවා යැයි සිතමු..! එහෙත් එවැනි කෑම පිඟන් 800 ක් සඳහා රුපියල් 1,68,000,00/- ක් (එක් කෝටි හැට අට ලක්ෂයක්) එක වේලකට වියදම් කළ හැකි ධනවතුන් ලංකාවේ සිටිත්ද? පිළිතුර ‘සිටිති‘ යන්නයි. පුදුමය එය නොවේ. පුදුමය නම් එවැනි ධනවතුන් ගේ පෝලිම නිසා එවැනි අධික මිල සහිත ආහාර වේලක ඕඩරයක් ගැනීමට ලබන නොවැම්බර් මාසය පසුවන තෙක් බලා සිටීමට සිදුවී ඇතැයි කීම යි. කට ඇරියොත් බොහෝ වෙළෙඳුන් කියන්නේ ‘බිස්නස් වැටිලා‘ කියා ය. සාමාන්‍ය මිනිහා කියන්නේ පොල් ගෙඩියේ ගාණය. නමුත් ඉහතින් දැක්වූයේ රටේ සත්‍ය තත්ත්වයෙන් බිඳකි.
    මම පසුගියදා මගේ මිතුරෙකු හමුවීම පිණිස අලුතින් විවෘත කරන ලද ලංකාවේ සුපිරි හෝටලයක් වන ෂැන්ග්‍රිලා හෝටලයට ගියෙමි. මිතුරා එහි සේවකයෙකි. එහි ෂැන්ග්‍රිලා බෝල් රූම් ශාලාවේ කාගේදෝ විවාහ මංගල උත්සවයකි. මාගේ මිතුරාගෙන් මා ඒ පිලිබඳව විමසා සිටියෙමි. එහිදී ඔහු කීවේ එය ලංකාවේ තේ ව්‍යාපාරයට සම්බන්ධ ව්‍යාපාරිකයෙකුගේ දරුවෙකුගේ විවාහ මංගල උත්සවයක් බවයි. ව්‍යාපාරිකයා මිලදී ගෙන තිබූ එක් කෑම පිඟානක මිල රු. 21000 කි. සහභාගී වන අමුත්තන් සඳහා එවැනි කෑම පිඟන් 800 ක් සඳහා ඔහු මුදල් ගෙවා තිබිණ. කෑම බිල පමණක් රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයකි. වෙනත් වියදම් ද රාශියකි. ෂැන්ග්‍රිලා හෝටලයේ එවැනි මංගල්‍යයක් සඳහා අද වෙන් කර ගැනීමකට ගිය හොත් ඔබට වෙන් කර ගත හැක්කේ ලබන නොවැම්බර් මාසයෙන් පසු දිනයකි. එනම් ඒ දක්වා සියල්ල වෙන් වී ඇති බැවිනි. එලෙස දින වෙන් කර ගෙන ඇති අති බහුතරය සම්පූර්ණයෙන්ම ලාංකිකයන් ය.
    මෙය ලංකාවේ හෝටල් ව්‍යාපාරය සම්බන්ධයෙන් සාධනීය තත්ත්වයක් නොවන්නේ යයි කිව හැක්කේ කාටද? ලෝකය පුරා ඇති හෝටල් ව්‍යාපාර දම්වැලක ලංකාවේ පිහිටි මිල අධිකම හෝටලයක් ලංකාවේ ධනපතියන්ගෙන් මේ ආකාරයට පවත්වාගෙන යා හැකි නම් ලංකාවේ ව්‍යාපාර කඩා වැටිලා යයි කියන්නේ කව්ද?
    කඩා වැටී ඇති ව්‍යාපාර ද නැතිවා නොවේ. නමුත් කියනා තරම් සමස්ථයේ කඩා වැටීමක් තිබේ නම් ෂැන්ග්‍රිලා හි කතාව මීට වඩා වෙනස් එකක් විය යුතුය. මම මගේ මිතුරා සමග ඔරේන්ජ් ජූස් වීදුරුවක් බී පැමිණි කාරණා ගැන කතා කර ආපසු ආවෙමි. ඔරේන්ජ් ජූස් වීදුරුවේ ගාන මම නොදනිමි. එය මිතුරාගේ ගානේ ය.
    ශ්‍රීමාල් වස්තුහැන්නදි
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,923
    9,748
    113
    බිස්නස් කරන අය නම් කමක් නැහැ දේශපාලුවෝ තමයි මිනිස්සුන්ගේ සල්ලි වලින් ඕවල ගිහින් ආතල් ගන්නේ.
     

    Target Hoona

    Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    බිස්නස් කරන අය නම් කමක් නැහැ දේශපාලුවෝ තමයි මිනිස්සුන්ගේ සල්ලි වලින් ඕවල ගිහින් ආතල් ගන්නේ.

    :no::no::no::no:අපේ taxවලින්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,027
    113
    oka maha deyakda ban.one taram innawa.21000 middle class eke ekekta unath yanna asawa tiyenawanan spend karanna puluwan.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,027
    113
    me kiyala tiyenne ekkenekuta puluwan kiyala newei ban 21000 * 800 :eek:

    ah danui hariyata dakke.hmm okath ithin puluwn ban.ape un ne ne kiya kiya hitiyata wedding dawas wala tamai nethi moneyth eliyata enne.tea exporter kenek wenna athi.unta oka nothing ban.
     

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,191
    530
    113
    lankawe ona tharam maseta 2million + hoyana eun innawa sathayak tax gewanne ne. poora ura wala salli dala gedara hangan innawa. mn danna maseta 3mil+ hoyana ekek innawa ohoma karana uge yaluwoth oya wage thama sathayak tax gewanne ne.unta owa maha loku dewal neme
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    lankawe ona tharam maseta 2million + hoyana eun innawa sathayak tax gewanne ne. poora ura wala salli dala gedara hangan innawa. mn danna maseta 3mil+ hoyana ekek innawa ohoma karana uge yaluwoth oya wage thama sathayak tax gewanne ne.unta owa maha loku dewal neme
    ඔකේ බුකින් ලිස්ට් එක බලල සල්ලි ගෙවපු නම් ලිස්ට් එක ආදායම් බදු එකට යැව්වා නං හරි :P
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,027
    113
    ඔකේ බුකින් ලිස්ට් එක බලල සල්ලි ගෙවපු නම් ලිස්ට් එක ආදායම් බදු එකට යැව්වා නං හරි :P

    avatar546449_71.gif
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    තමන් උපයලා වියදම් කලාට කමක් නැහැ. අනුන්ගේ සල්ලි වලින් නැතිව