මාත් මේ ශිතකරණයක් ගන්න විස්තර හොයන ගමන්. ෆ්‍රිජ් හදන ගොඩක් අය කියන්නේ ඉන්වටර් නම් ගන්න එපා කියලා. ඉක්මනට කැඩෙනවා කියනවා repair කරන්න ගියාම අඩුම 50,000 පනිනවා කියනවා board එකම දාන්න වෙන නිසා.
ඉන්වටර් කියන තරම් අවුල්ද? නැත්නම් මේ දවස් වල power cut නිසා කෙල වෙලාද?
නෑ ඒ උත්තරේ දීලා තියෙන්නේ ඌ තෝරපු බ්‍රෑන්ඩ් ගැන, වරදවා වටහා ගන්න එපා..
ඌ තෝරපු බ්‍රෑන්ඩ් වල ඉන්වටර් මම නම් ගන්නේ නෑ කියලා ලියලා තියෙන්නේ. ඒවායේ ඉන්වටර් වල කොලිටිය , කල්පැවැත්ම අවුල් නිසා. හැබැයි තෝරලා ගන්න පුළුවන් නම් LG ඉන්නොවෙක්ස් වගේ ඒවා හොදයි. විදුලිය අරපිරිමැස්ම, කල් පැවැත්ම අතින්.
විදුලිය ඉතිර්ය පැත්තෙන් නම් ඉන්නොවෙක්ස් LG වලට වඩා හොදයි 180L, 200L 240L වගේ සයිස් වල .
2020, 2021 ආපු LG වල ලිනියර්+ ඉන්වටර් කොම්ප්‍රෙෂර් එක්ක ආපු එකට වඩා පරණ ස්ටෑන්ඩර්ඩ් + ඉන්වර්ටර් කොම්පෙෂර් ආපු මොඩල් කල් පැවැත්ම වැඩියි. සමහර මොඩල් ලිනියර්+ ඉන්වටර් කොම්ප්‍රෙෂර් එක්ක කොම්පැනියෙන් එලියට දාලා පස්සේ අකුලාගෙන ආපහු පරණ ස්ටෑන්ඩර්ඩ් + ඉන්වර්ටර් කොම්පෙෂර් එකම එක්ක දාලා දීපු මොඩලුත් තියනවා.... rollback වෙච්ච මොඩල්.
විදුලිය යන එන එක එච්චර ලොකුම ලොකු අවුලක් නෑ ගස්සෙනේ නැති නම් මම දන්නා විදිහට (කොහොමත් කරන්ට් යන එක හොද නෑ,,. කිව්වේ මේක අද හෙට කැඩිලා යන්න තරම් කියන තේරුමෙන්). කරන්ට් පවිචිචිය නම් වැඩි වෙනවා, එක දිගට දුවනවට වඩා. කරන්න තියෙන්නේ fridge ගාර්ඩ් කියලා තියන එකක් දාන එක.