ශිෂ්‍යත්වය අහෝසි කළ යුත්තේ ඇයි

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Grade 5 kiyanne chuu barak hadunath exam fail vena age ekane. Oya vayase samahara children la exam hall eka athuledi chuu barak hadunath , teacher keknekuta kiyala exam hall eken eliyata gihilla chuu karala enna guts naha.
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
දැන් මෙච්චර කල් ඉස්කෝල ටික දියුණු කරන්න බැරි වුනේ ශිෂ්‍යත්වෙ තිබ්බ හින්ද ද?

ශිෂ්‍යත්වෙ අයින් කරාම ගමේ ඉස්කෝල දියුණු කරන්න ලේසී! :rolleyes::rolleyes:



ළදරු ගොන් ටෝක් දෙන්නෙ එපා බං. උඹ අර දානවයි කියපු සාධනය දාපන්කො ඔක්කොටම ඉස්සෙල්ලා! :lol::lol:
-----Sadanaya danne kohatadha ? Mea year ekedi Nobel prize ekak gatthu scientist kenek kiwwalu, thawa duratath Journals walata nava soya ganim , proofs idiripath karanne naha kiyala. Nobel prize eka gatthu scientist ta Journal owners la doubtful lu.
 
Last edited:

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචන් මුන් කරන්නේ අතිසාරේට අමුඩ ගහන වැඩ ,දැන් අර ටොම් සහෝ කියනවා වගේ මෙච්චර කල් ගමේ පාසල් සංවර්ධනය කරේ නැත්තේ ශිෂත්වේ නිසාද ?
    මේකයි මට හිතෙන්නේ නම් මුන්ට ශිෂත්වේ තිබ්බම සල්ලි අරගෙන ඉස්කෝලවලට ළමයි දාගන්න බෑනේ එකනේ මේ සැරේ ඉසිපතනේ ,මාතර රාහුලේ වගේ ඉස්කෝල ලිස්ට් එකෙත් නැත්තේ ඒවාට කලින්ම පන්ති පිරෙන්නම ළමයි අරගෙන
    කොළඹ ලොකු පාසල් වලට යන්න බැරි උන අයව ජාත්‍යන්තර පාසල් වලට දානවා සල්ලි දීලා
    එහෙම බැලුවම දුප්පත් ළමයෙක්ට තියෙන්නේ ශිෂත්වේ විතරයි
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    -----Sadanaya danne kohatadha ? Mea year ekedi Nobel prize ekak gatthu scientist kenek kiwwalu, thawa duratath Journals walata nava soya ganim , proofs idiripath karanne naha kiyala. Nobel prize eka gatthu scientist ta Journal owners la doubtful lu.

    පලයන් බං යන්න නිකන් ගල් පැලෙන බොරු හලන්නෙ නැතුව. :rolleyes::rolleyes:

    ලින්ක් එකක් දාපන් පුලුවන්නම්. ඔහොම එකක් Nobel prize winner කෙනෙක් කිව්වනම් ඒක රහසක් වෙන්න බෑනෙ.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    පලයන් බං යන්න නිකන් ගල් පැලෙන බොරු හලන්නෙ නැතුව. :rolleyes::rolleyes:

    ලින්ක් එකක් දාපන් පුලුවන්නම්. ඔහොම එකක් Nobel prize winner කෙනෙක් කිව්වනම් ඒක රහසක් වෙන්න බෑනෙ.
    ---Library ekakata gihilla December month eke VIDUSARA PAPERS tika balanna.[4 VIDUSARA PAPERS]. Eyin ekaka thibune details ekka. Journal editors la sure naha kiyala, Nobel prize winner kiyala thibune.
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචන්ලා අපි කියන්නේ ශිෂත්වේ කියන එකෙන් ඒ ළමයා හොඳ දක්ෂයෙක්ද නැද්ද කියන එකනම් මලාට ඔප්පු වෙන්නේ නෑ ,මොකද මට හොඳට මතකයි මම ලිව්ව ශිෂත්ව පත්තරේ අහලා තිබ්බා කමත් භාෂාවේ වචනත් ,ඒවා ඒකාලේ දාන්න ඇත්තේ ගමේ ළමයින්ට ලකුණු ගන්න වෙන්න ඇති .ඒත් ඒකෙන් ළමයෙක්ගේ හැකියාවක් දැනුමක් ප්‍රදර්ශනය වෙන්නේ නෑ
    මේකේ ප්‍රධානම වාසිය තියෙන්නේ රටේ නම ගිය පාසලකට යන එකයි
    ඒවගේම රස්සාවක් හොයා ගන්න යනකොට ලොකු පුටුවල මිනිස්සුන්ගේ සපෝර්ට් එක ලැබීමයි
    උඹලා හිතනවද 2016 වෙනකොට ඔය කියන ඉස්කෝල 1000 හදලා තියෙයි කියලා
    මම දන්නා විදියට තියෙන ඉස්කෝලත් වහනවා ගුරුවරු ළමයි නැතුව
    අනික් එක අලුතෙන් ඉස්කෝල දැම්මත් වැඩිම ගුරුවරු පිරිසක් ඉන්න සහ ගුරුවරයෙක් වීමේ වැඩිම පහසුකම් තියෙන කොළඹ දාලා දුෂ්කර යන්න ගුරුවරු කීයෙන් කීදෙනාද කැමති ?
    කැම්පස් ගිහිල්ලා උපාධිධාරීන් උන අයගෙන් කීයෙන් කීදෙනාද කැමති ගුරුවරයෙක් වෙලා දුෂ්කර යන්න .
    ඒ ය හැමෝම කැමති a/c කාමරේකට වෙලා වැඩක් පලක් කරන්න
    පාසල් 1000 හැදුවා කියමුකෝ ගුරුවරු 100000 විතර පොල්පිතිවලින් කපන්නද ?
    ඒක හරියට හෙද සේවයට o/l ගොඩ දාගත්ත අය ගත්තා වගේ ,ඒ වගේ උන්ව ගුරුවරු කරයි
    අපි ඉගෙන ගත්ත කාලේ ගුරුවරු දැනුමෙන් පරිපුර්ණයි .දැන් වගේ අන්තර්ජාලයෙන් පට පට ගාලා දේවල් හොයා ගන්න බැරි ඒ කාලේ දන්නේ නැති දෙයක් අපි දැන ගත්තේ ඒ අයගෙන්
    ඒක තමයි පිං දෙනකොට උනත් අම්මා තාත්තා නෑදෑයන්ට පස්සේ ගුරුවරුන්ට පිං දෙන්නේ
    ආදී කාලේ මේක වුර්තියක් නෙවේ ,සේවයක්
    මේ විදියට පාසල් හදලා ගුරුවරු පත් කරන්න ගියොත් ඒවගේ ඉගෙන ගන්න ළමයි මැටි මෝල්ලු වෙයි
    ගුරුවරුන්ට තියෙන ගෞරවය අඩුයි කියන්නේ ඒ ළමයින්ට විෂය ඉගෙන ගන්න තියෙන අසාවත් නැති වෙනවා ,ගුරුවරයාටත් එපා වෙනවා
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ---Library ekakata gihilla December month eke VIDUSARA PAPERS tika balanna.[4 VIDUSARA PAPERS]. Eyin ekaka thibune details ekka. Journal editors la sure naha kiyala, Nobel prize winner kiyala thibune.

    දැන් ඕක විදුසරේ විතරද තියෙන්නෙ?

    විදුසරේ තියෙනවා මුලු අන්තර්ජාලයෙම නෑ? :rolleyes::rolleyes:

    උඹ ඔය කියන ගොන් තර්කෙ විදියට ලෝකෙ කිසිම කෙනෙක් කිසිම දෙයක් publish කරන එකක් නෑනෙ ඕයි!



    මේ ඒක නෙමේ බං මම මේ ඊයෙ හවස නාන ගමන් ඒඩ්ස් හොඳ කරන්න බේතක් හොයාගත්තා.

    අද උදේ නින්දෙන් නැගිටින කොට Riemann Hypothesis එක ඔප්පු කරා.

    ජංගිය අඳින ගමන් තේරුනා අයින්ස්ටයින්ගෙ සාපේක්ෂතාවාදය බොරුයි කියලා.

    ඒත් මට ඒවා එකක් වත් කාටවත් කියන්න බෑ මේ journal editor කාරයො ඒවා හොරකම් කරයි කියලා බයේ!

    මම එළකිරියෙ පඬි ටෝක් දි දී ඉන්නම් නේද? උඹ වගේ?
     
    Last edited:

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    පහේ නව ශිෂ්‍යත්ව පෙරහුරුව එන මස

    * කාලය පැයයි * ප්‍රශ්න පත්‍ර එකයි * දක්‍ෂයන්ට තැන

    උදේනි චන්ද්‍රසිරි

    පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සරල කිරීමේ ප්‍රථම අදියර ලෙස ලබන ජනවාරි මාසය අවසානයේ දී පැයක ආදර්ශ ප්‍රශ්න පත්‍රයක්‌ විභාග දෙපාර්තමේන්තුව සිසුන්ට ලබාදෙයි.

    එම ප්‍රශ්න පත්‍රය සකස්‌ කර නිකුත් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවෙන් උපදෙස්‌ ලබා ගන්නා බව විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (30 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදීය.

    ලබන වසරේ පැවැත්වීමට නියමිත පස්‌වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්‍ෂණය සඳහා සරළ මාතෘකා යටතේ එක්‌ පැයක කාලයකට පමණක්‌ සීමාවන ප්‍ර්‍රශ්න පත්‍රයක්‌ නිකුත් කිරීමට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් යෝජනා කරනු ලැබ තිබෙන බවත්, එකී නව යෝජනා අනුව එම පරීක්‍ෂණයෙන් සමත්ව වැඩි ලකුණු ලබා ගන්නා අඩු ආදායම් ලාභී පවුල්වල දක්‍ෂ දරුවන්ට ශිෂ්‍යත්ව ආධාර හෝ ජනප්‍රිය පාසල්වලට ඇතුළත්වීම පිළිබඳව ගැටලුවක්‌ මතු නොවන බවත් මෙම සාකච්ඡාවට එක්‌වූ අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා පැවසීය.

    වැඩිදුරටත් කරුණු දක්‌වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය. මෙම ප්‍රශ්න පත්‍රය එක්‌ පැයකට පමණක්‌ සීමා කරන්නේද යන්න සහ එම පරීක්‍ෂණය අගෝස්‌තු මාසයේ වෙනුවට වසරේ අවසන් වාර විභාගය පැවැත්වෙන දෙසැම්බර් වාර පරීක්‍ෂණයට සමගාමීව පැවැත්වෙන්නේද යන්න පිළිබඳව තීරණයක්‌ ගෙන නොමැත. දැනට නිකුත් කර තිබෙන පෙළ පොත්වල විෂය නිර්දේශයට අනුව පැවැත්වෙන මෙම පරීක්‍ෂණය අධික පීඩනයකට දරුවන් ලක්‌ නොකර සිදු කරනු ලබන පරීක්‍ෂණයක්‌ වනු ඇත. 2016 වසරේ පැවැත්වීමට නියමිත පස්‌වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්‍ෂණය සඳහා අවශ්‍ය පෙළ පොත් නව විෂය නිර්දේශයට අනුව 2015 වර්ෂයේදී නිකුත් කිරීමට පියවර ගනු ලැබේ. එමෙන්ම දැනට ශිෂ්‍යත්ව ආධාර වැඩපිළිවෙළ යටතේ ලබා දෙන ශිෂ්‍යත්ව දසදහස 2016 වර්ෂයේදී විසිපන්දහස දක්‌වා මහින්ද චින්තනයේ අධ්‍යාපන යෝජනා අනුව වැඩි කිරීමට නියමිතය.

    යෝජිත මෙම නව පරීක්‍ෂණය සම්බන්ධයෙන් පළකර තිබෙන අදහස්‌ අනුව පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සමග ඕනෑම අවස්‌ථාවකදී විවාදයකට සහභාගිවීමට තමන් සූදානම් බවත් මේ සම්බන්ධයෙන් ජන මාධ්‍යවල පළකරනු ලබන කාටුන් චිත්‍ර එක්‌රැස්‌ කිරීම සඳහා නිලධාරීයකු ද පත් කර සිටින බවත් තවදුරටත් අදහස්‌ දක්‌වමින් අමාත්‍යවරයා පැවසීය.

    මෙම අවස්‌ථාවට අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, ග්‍රන්ථ ප්‍රකාශන කොමසාරිස්‌ ජනරාල් තිස්‌ස හේවාවිතාන යන මහත්වරුද සහභාගි වූහ.
     

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    5 හේ ශිෂ්‍යත්වය ශිෂ්‍යත්වය අහෝසි කළ යුත්තේ ඇයි?

    මේ ලෝකෙට ළමයි එන හේතුව අමතක වෙන හින්ද......:P