ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රය කලින් පිටවෙයි !

C.I.D

Member
Dec 31, 2011
2,523
186
0
TOP SECRET
ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රය කලින් පිටවෙයි !

රට පුරා මධ්‍යස්ථාන 2803 කදී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඊයේ පැවැත්වු අතර, ඊට පෙනී සිටි සිසු සිසුවියන්ගේ සංඛ්‍යාව තුන් ලක්ෂ දහඅට දහස් හාර සිය දහඅටකි.එම ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නපත්‍ර කලින් පිටවී ඇති බව පැමිණිලි ලැබී ඇති අතර ඒ සඳහා සොයාබැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇත.

ශිෂ්‍යත්වයේ ප්‍රශ්න පත්‍ර කලින් පිටවුයේ කා අතින්ද?

ගොසිප්9 කල සොයාබැලීමකදී හෙළි වුයේ එම ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ඇතැම් කොටස් එයට පෙර දිනයකදී ළමුන් වෙත ලබා දී ඇත්තේ බලංගොඩ බුද්ධජයන්ති මධ්‍යය මහා විද්‍යාලයේ ගුරුවරයෙකු වන එස්.සේනාධිර නම් ගුරු මහතෙකු විසිනි.

ඔහු බලන්ගොඩ තුඹගොඩ විහාරයේ ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වන ළමුන් සඳහා උපකාරක පන්ති පවත්වන අතර ඊයේ දිනයේ පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් එයට පෙර දිනයකදී ළමුන් සමග සාකච්ජාකොට ඇත.

ඒ අනුව ශිෂ්‍යත්ව විභාගයේ රචනා මාතෘකාව සඳහා ලැබෙන්නේ "ජාතික කොඩිය" බවත් ඒ සඳහා ජාතික කොඩිය ගැන පමණක් නොව අභිමානය දැක්වෙන අයුරු පහැදිලි කල යුතු බව මෙම ගුරුවරයා පවසා ඇති අතර තවද ප්‍රශ්න පත්‍රයේ පැමිණි කවියක් හා තවත් ගැටළු කිහිපයක් එම ගුරුවටයා විසින් විභාගයට පෙර සිසුන්ට හෙළිකොට තිබේ.

මේ සම්බන්ධව දෙමාපියන් විසින් ශිෂ්‍යත්ව විභාගයට කලින් පාසලට අසල රැස්වූ අවස්ථාවේ රචනා මාතෘකාව ජාතික කොඩිය බවට කතා බහට ලක්වී ඇති අතර අනෙක් මව්පියන් ඒ පිලිබඳ සැලකිල්ලක් දක්වා නැත.නමුත් විභාගය අවසන් වූ පසු ළමුන්ගෙන් එම ප්‍රශ්න දැනගැනීමෙන් පසු ශිෂ්‍යත්ව විභාගයට ප්‍රථමයෙන් මවුපියන් සාකච්චා කල් කොටස් එලෙස පැමිණීම පිලිබඳ කල සොය බැලීමකදී මෙම ගුරුවරයා ඒවා ඉගැන්වූ බව හෙළිවී ඇත.

මේ පිලිබඳ පරීක්ෂණයක් දැනට පැවැත්වෙන අතර විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්ලිව්. එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා කියා සිටියේ මෙම තත්ත්වය සමස්ත විභාගයට ගැටළුවක් නොවන බවයි.

මෙවැනිම සිදුවීම් හම්බන්තොට ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක සිදුවී ඇති බව අප වෙත වාර්තා විය

:baffled::baffled::baffled::frown::frown::frown::frown::frown:

source: gossip9
 
  • Like
Reactions: Fire Angel

C.I.D

Member
Dec 31, 2011
2,523
186
0
TOP SECRET
reputation_neg.gif
ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රය... 08-27-2012 05:11 PM boru danna epa gothaya


රිදුනද පොන්ස්:P:P:P
 
  • Like
Reactions: gkcnalaka