"ශිෂ්‍යාවගේ ගණිකා සේවය" (18+)

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    "ශිෂ්‍යාවගේ ගණිකා සේවය" (18+)

    student4_zpscquqncyd.png


    පසුගිය දින කිහිපයේ මෙම අඩවියේ පලවූ ඇන්ටිගේ-බෝඩිම” (http://www.elakiri.com/forum/showthread.php?t=1763334) සහ කාමරේ-රෑට” (http://www.elakiri.com/forum/showthread.php?t=1763791) යන මාතෘකා දෙක සම්බන්ධයෙන් විවිධ අන්දමේ ප්‍රතිචාර ලැබී තිබෙන බව මම දුටුවා.මෙම ලිපි කියැවූවාට පසු මේ සම්බන්ධයෙන් තවත් නූලක් දැමීමම මා මෙසේ අදහස් කලා.

    මේ ලිපි දෙකේම අඩංගු කරුණු අතිශයෝක්තියෙන් ලියා ඇති බව මාගේ පෞද්ගලික මතය වේ.මා සිතනා ආකාරයට ලංකාවේ සරසවි ශිෂ්‍යාවන් බහුතරය මුදල් සඳහා මෙවැනි සමාජ අසම්මත ක්‍රියාවල නොයෙදන බව මට කියන්න පුලුවන්.

    එහෙත්... ඔව් එහෙත් මෙවැනි ක්‍රියාවල නියැලෙන කිහිප දෙනෙකු හෝ සිටිනා බව කණගාටුවෙන් වූවද පැවසිය යුතුය.

    කලකට ඉහත, ඔව්, සෑහෙන කලකට ඉහත මම විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකුව සිටි කාලයේ මෙවැනි එක් ශිෂ්‍යාවක් විශ්ව විද්‍යාලයේ පාඨමාලවක් හදාරමින් සිටියා (ඇය මාගේ මිතුරියක් හෝ දන්නා කෙනෙකු නොවේ). හැබැයි මේ ගෑණු ළමයා මෙම ක්‍රියාවේ යෙදුනේ වෙනස් ක්‍රමයකට. ඒ තමයි මුදල් යහමින් තියෙන සරසවි ශිෂ්‍යයන් හා මිතුරුවී ඔවුනට ලිංගික සේවා ලබාදී මුදල් ඉපයීමය. මෙය විශ්ව විද්‍යාලයේ බොහෝ දෙනෙකු දැන සිටිය කාරණයක්.

    ඒ කාලයේ එසේ සිදු වූවා නම් මෙකල එය ඊට වඩා විකාශණය වී පවතින බව අපිට නිගමනය කරන්න පුලුවන්. එදාට වඩා අද ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තිබෙන ජීවන බර වගේම භෞතික අවශ්‍යතාත් සෑහෙන්න වැඩියි කියන එක අපි පිළිගන්න ඕන. එවැනි එක භෞතික අවශ්‍යතාවයක් තමයි අද හැමෝටම smartphone එකක්, tab එකක් lap එකක් ඕන කරනවා. ඒවා upgrade කරන්න ඕන වෙනවා.ඉතින් මේවට සල්ලි ඕන. මෙවැනි තත්වයක් යටතේ අද සරසවි ශිෂ්‍යාවන් සුළුතරයක් හෝ මුදලට ලිංගික සේවා සැපයීමට යොමු වෙන එක පුදුම වියයුතු කාරණයක් නොවෙයි. මම මේ ශිෂ්‍යාවන් 'වේසි' කියන නාමයෙන් හඳුන්වන්නෙ නෑ. ඔවුන් මුදලට ලිංගික සේවා සපයන sex workers’ කියල තමයි මට කියන්න පුලුවන්. අද කාලේ හැමදේම මුදලට විකිණෙන නිසා ගෑණු ළමයෙක් ඇඟ විකුණන එකත් මෙම වෙළඳ ලෝකයේ එක පැතිකඩක් වෙනවා.

    මුදලට ලිංගික සේවා සපයන ශිෂ්‍යාවන් ලෝකයේ දියුණු යැයි සම්මත රටවල් වල ලංකාවට වඩා ඉන්නවා කියන එක ඔයගොල්ලො සමහරවිට දන්නෙ නැතුව ඇති. මම දැන් ජීවත් වන ඕස්ට්‍රේලියාවේ මේ වගේ ශිෂ්‍යාවන් සෑහෙන ප්‍රමාණයක් සිටින බව සංඛ්‍යා ලේඛන සහ ප්‍රවෘත්ති වාර්තාපෙන්වා දෙනවා. මේ ශිෂ්‍යාවන් වැඩි ප්‍රමාණයක් චීනය, කොරියාව, තායිලන්තය, ඉන්දුනීසියාව වගේ රටවල් වලින් පැමිණෙන විදේශික ශිෂ්‍යාවන් වෙනවා. මෙවැනි ආසියාතික තරුණියන්ට ඕස්ට්‍රේලියානු පිරිමින්ගේ ලොකු ඉල්ලුමක් තියෙන නිසා ඔවුන්ගේ කාර්යය වඩාත් පහසු වෙනවා.මීට අමතරව සුලුතරයක්ඕස්ට්‍රේලියානු සුදු ශිෂ්‍යාවන්ද මෙම කාර්යයේ නියැලෙනවා. මේ ශිෂ්‍යාවන් ප්‍රධාන නගරවල නීත්‍යානුකූලසම්බාහන මධ්‍යස්ථාන සහ ගණිකා නිවාසවල සේවය කරන බව අද කාලේප්‍රසිද්ධ රහසක් වෙලා තියෙන්නෙ ප්‍රධාන මාධ්‍යවල මේ විස්තර ප්‍රචාරය කරන හින්දා.මේවා ගැන එළිපිට කතා කරන ශිෂ්‍යාවන්ද සිටින්නේ මේ රටවල් වල එතරම් සමාජ පිළිකුලක් ලංකාව සමග සැසඳුවාම නැති හින්දා.

    මේ සම්බන්ධ පුවත් පත් වාර්තාවක් පහත දැක්වෙනවා(මෙම වාර්තාව සත්‍ය තොරතුරු අනුව ලියැවුන ප්‍රබුද්ධ වාර්තාවක්. එහෙම නැතුව ලංකාවෙ වගේ ඕන හිතළුවක් ලියල හිට් වැඩි කර ගන්න කරපු වෑයමක් නෙමෙයි).

    http://www.theage.com.au/articles/2008/03/01/1204227055215.html

    මම ඔයගොල්ලන්ට ප්‍රංශයේ සිටි මෙවැනි ශිෂ්‍යාවක් ඇගේ අත්දැකීම් අඩංගු කොට ලියා ඇති පොතක් පාදක කොට නිපදවා ඇති චිත්‍රපටයක විස්තර ලබා දෙන්න අදහස් කරා. මේ චිත්‍රපටයේ ඉංග්‍රීසි නාමය Student Services. 'Laura' නමින් තමා හඳුන්වන මේ තරුණිය සරසවි ශිෂ්‍යාවක ලෙස ඇයට විඳින්නට වූ දුක් ගැහැට මේ පොතෙන් පෙන්වා දීලා තියෙනවා.මෙය ඉතාමත් සංවේදි චිත්‍රපටයක්.

    StudentServices_zpslrd4wax1.jpg


    මෙම චිත්‍රපටයේ තරුණියගේ ඉදිරිපස සහ පසුපසසම්පූර්ණ නිරුවත් දර්ශන සහ දැඩි ලිංගික ක්‍රියා තිබුනත් මෙම චිත්‍රපටය කාමුක ඇසකින් බලන්න එපා. මේ චිත්‍රපටය අප නැරඹිය යුත්තේ උපේක්ෂාව මුසුවූ හැඟීමකින් යුතුවය. එවිට අපිට ලංකාවෙ මෙන්ම ලෝකයේ සිදුවන මේ සමාජ විපරීත බව තේරුම් ගන්නත් හැකි අයුරුන් ඒවාට පිළියම් යොදන්නත් පුලුවන් වෙනවා.

    Student-Services-2010-scr_zpsfloyzd0l.jpg


    මෙම චිත්‍රපටය තිරගත වූවාට පසු ප්‍රංශයේ විශ්ව විද්‍යාල සිසුන් මුහුණ පාන ගැටළු වලට විසඳුම් ලබා දෙන්න කියල උද්ඝෝෂණයකුත් සිදු වුනා. ඒකෙන් යම් විදියක හොඳ ප්‍රතිඵලත් ලැබිලා තියෙනවා.
    ‘Laura’ ඇගේ චරිතාපදානයේ පවසන අන්දමට මෙවැනි අග හිඟ කම්වලින් පෙලෙන ශිෂ්‍යාවන් දහස් ගණනක් ප්‍රංශයේ සිටින අතර ඔවුන්ගෙන් සෑහෙන ප්‍රමාණයක් ගණිකා වෘත්තියට යොමුවෙන බවද පවසා තිබෙනවා.


    16353859808_10200110-large_zpsh6qel3ng.jpg


    මේ චිත්‍රපටයේ අවසාන මිනිත්තු 5 තමයි අපි හොඳින් බලලා තේරුම් ගන්න ඕන.

    ඕස්ට්‍රේලියාවේ ග්‍රාහකයන්ට මෙම චිත්‍රපටය SBS රූපවාහිනි චැනලයේ video on demand එකෙන් online බලන්න පුලුවන්. ඒ link එක පහත දක්වා තියෙනවා. අනිකුත් රටවල කට්ටියට මේ link එක වැඩ කරන එකක් නෑ.

    http://www.sbs.com.au/ondemand/video/16353859808

    download කරල බලන්න ඕන අයට ලින්ක් එක පහත දාල තියෙනව. Video file සහ .srt file දෙකම තියෙනවා. video එක 500MB වෙනවා. ඒ වුනත් මේ චිත්‍රපටය සරසවි සිසුන්ගේ plight එක ගැන සංවේදී සෑම කෙනෙක්ම නැරඹිය යුතු චිත්‍රපටයක් වෙනවා.ලංකාවේ බලධාරීන් රටේ ක්‍රමයෙන් දරුණු වන මෙම තත්වයට නිසි පිළියමක් යෙදුවෙ නැත්නම් ලංකාව නුදුරු අනාගතයේ ප්‍රංශයටත් එහා යාමට බොහෝ ඉඩකඩ තියෙනවා.

    http://www.mediafire.com/download/f0f2zrt6ipp4sfa/Student_Services_%282010%29.zip

    (ITN එකෙත් දැන් adults only films පෙන්නන එකේ මේ චිත්‍රපටයෙ link එක දැම්මට වැරැද්දක් මට පේන්නෙ නෑ. මේක බ්ලූ ෆිල්ම් එකක් නෙමෙයි. යථාර්තය පිළිඹිබු කරන සමාජ පණිවිඩියක් දෙන චිත්‍රපටයක්)
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Netlix eke ලගදි මම බැලුවා confession of a call girl කියලා එකක් එකත් පට්ට .... පිස්සු හැදෙනවා ජිවිතය ගැන හිතනකොට
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    campus kellongen nam e wage service ekak gannawa kiyala wishwasa karanna amarui aththatama , ekek dekek inna puluwan ,

    godakma okata set wenne pitisara pathi walin ena garment wage yana kello, un bayata kiyana karana deyak karanwa , salli adupadu thiyena nisa , paw ithin kawru unath
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    campus kellongen nam e wage service ekak gannawa kiyala wishwasa karanna amarui aththatama , ekek dekek inna puluwan ,

    godakma okata set wenne pitisara pathi walin ena garment wage yana kello, un bayata kiyana karana deyak karanwa , salli adupadu thiyena nisa , paw ithin kawru unath

    ඔව්, ලංකාවෙ කැම්පස් ගෑණු ළමයි මේව කලත් ඒ බොහෝම ස්වල්ප දෙනෙක් විතරයි. ලංකාවෙ කිසිම මාධ්ය සදාචාරයක් නෑ. ඉතින් එක දාහ කරල බොරුත් එක්ක පල කරනවා.
    කොහොම වුනත් මේ රටවල් වලනම් මේ වගේ කැම්පස් ගෑණු ළමයි සෑහෙන්න ඉන්නවා. ඒව එළිපිටම කියන අයත් ඉන්නවා.
    මේ තත්වය ලංකාවෙ ඇති නොවෙන්න නම් බලධාරීන් වගේම මහ ජනතාවත් දැනුවත්ව සෙවිල්ලෙන් ඉන්න ඕන.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    මේ දැන් වෙච්ච සිද්ධියක්....යාලුවෙක් ආවා ෆිල්ම් ටිකක් දාගෙන යන්න....මූ ආව වෙලාවෙ ඉදන් කියවන්නෙ බයික් එකේ ලීස් එක ඇරියස් වෙලා එපා වෙලා ඉන්නෙ ගෙදරින්වත් කීයක් හරි මාටියා ගහගන්න ඕන කිය කිය...ඒ අස්සෙ මූ මේ ත්‍රෙඩ් එක දැකල මොකක්ද බං ඒ ගණිකා සීන් එකක් තිබ්බෙ කියල කියෙව්ව මේ ත්‍රෙඩ් එක...ඊටපස්සෙ,

    ඌ:- අඩෝ පට්ටනෙ බං කැම්පස් බඩ්ඩක් සෙට් කරගන්න තිබ්බනං මේ පෝස්ට් එක දාපු එකා සීන් එකේ වගේ ඉන්නෙ පොඩ්ඩක් අහල බලපන් උගෙන් උටත් කීයක් හරි දෙන්නං කියපන් කෙල්ලගෙත් ප්‍රයිවසි එකට අවුලක් වෙන්නැතිවෙන්න වැඩේ කරන්නං කියපන් ගාන අවුලක් නෑ...

    මම:- ඈ බොල හු@#$ තොට බයික් එකේ ලීස් එක ගෙවන්න සල්ලි නෑ බඩු ගහන්න සල්ලි තියනව නේ???

    ඌ:-ලීස් වගේද බං කැම්පස් බඩු අඩෝ අරූට කතාකරපන්කෝ ආට් එවුංනං එපා කියපන් මැනේජ්මන්ට් මෙඩිසින් වගේ කෑල්ලක් සෙට් කරන්න කියපන්කො

    ඉතිං කොහොමද කියහන්කො අපි රටක් විදිහට ඉස්සරහට යන්නෙ??
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    මේ දැන් වෙච්ච සිද්ධියක්....යාලුවෙක් ආවා ෆිල්ම් ටිකක් දාගෙන යන්න....මූ ආව වෙලාවෙ ඉදන් කියවන්නෙ බයික් එකේ ලීස් එක ඇරියස් වෙලා එපා වෙලා ඉන්නෙ ගෙදරින්වත් කීයක් හරි මාටියා ගහගන්න ඕන කිය කිය...ඒ අස්සෙ මූ මේ ත්‍රෙඩ් එක දැකල මොකක්ද බං ඒ ගණිකා සීන් එකක් තිබ්බෙ කියල කියෙව්ව මේ ත්‍රෙඩ් එක...ඊටපස්සෙ,

    ඌ:- අඩෝ පට්ටනෙ බං කැම්පස් බඩ්ඩක් සෙට් කරගන්න තිබ්බනං මේ පෝස්ට් එක දාපු එකා සීන් එකේ වගේ ඉන්නෙ පොඩ්ඩක් අහල බලපන් උගෙන් උටත් කීයක් හරි දෙන්නං කියපන් කෙල්ලගෙත් ප්‍රයිවසි එකට අවුලක් වෙන්නැතිවෙන්න වැඩේ කරන්නං කියපන් ගාන අවුලක් නෑ...

    මම:- ඈ බොල හු@#$ තොට බයික් එකේ ලීස් එක ගෙවන්න සල්ලි නෑ බඩු ගහන්න සල්ලි තියනව නේ???

    ඌ:-ලීස් වගේද බං කැම්පස් බඩු අඩෝ අරූට කතාකරපන්කෝ ආට් එවුංනං එපා කියපන් මැනේජ්මන්ට් මෙඩිසින් වගේ කෑල්ලක් සෙට් කරන්න කියපන්කො

    ඉතිං කොහොමද කියහන්කො අපි රටක් විදිහට ඉස්සරහට යන්නෙ??

    මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ කට්ටිය මේ ගැන දැනුවත් කරල මේ වගේ දේවල් වෙන එක අඩු කර ගන්න ඒක හේතුවක් වෙයි කියල හිතාගෙන.
    දැන් බලපුවම ඒකේ අනිත් පැත්ත වගේ වෙන්නෙ.:(
     

    waligamaya

    Well-known member
  • ගොඩක් වෙලාවට මේවගේ දේවල් වලට ලංකාවේ යොමුවෙන ගැහැණු ළමයි තමන්ට සිසුවෙන අවමානය පොදක් නැතිකරගන්න් මම මේක කරන්නේ ඉගෙන ගන්න. මට මේවගේ සමාජ තත්වයක් තියනවා කියල පෙන්වන්න මෙහෙම කමම ඉගෙන ගන්න එක්කෙනෙක් කියල කියනවා.
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    ගොඩක් වෙලාවට මේවගේ දේවල් වලට ලංකාවේ යොමුවෙන ගැහැණු ළමයි තමන්ට සිසුවෙන අවමානය පොදක් නැතිකරගන්න් මම මේක කරන්නේ ඉගෙන ගන්න. මට මේවගේ සමාජ තත්වයක් තියනවා කියල පෙන්වන්න මෙහෙම කමම ඉගෙන ගන්න එක්කෙනෙක් කියල කියනවා.

    ඔව්, ඒකත් වෙන්න පුලුවන් දෙයක් තමයි
     

    Similar threads