ශිහාන්හොරෙක්ද

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ශිහාන්හොරෙක්ද

    ශිහාන්ට තියා කාටවත්ම මගේ සින්දු දෙන්නේ නෑ - නාමල්

    Shihan%20Mihiranga.jpg
    මුලින්ම කියන්න ඕනේ මේක උපුටා ගැනීමක් කියල​



    නාමල් උඩුගමගේ රෑ සිහිනෙන් සිංදුව ශිහාන් මිහිරංග ගායනා කරනවා අපිට මේ දවස්වල අහන්න ලැබෙනවා. අපි මේ ගැන කෙලින්ම නාමල්ගෙන් ඇහුවා.

    * නාමල්, ඔයා ශිහාන් මිහිරංගට ඔයාගේ රෑ සිහිනෙන් සිංදුව විකුණුව ද ?

    නෑ නෑ. මම කිසිම කෙනෙක්ට සිංදුවේ අයිතිය දීලා නෑ. Ringing Tone වලට දෙන්න ඕනේ නිසා එයාගේ voice දැම්මා. ශිහාන්ට තියා කිසිම කෙනෙකුට මං මගේ සිංදු දෙන්නේ නෑ. මං මහන්සි වෙලා හදපු ඒවානේ... මගේ සිංදු, මං ළඟ තියා ගන්නවා.. මොකද ඒකේ අයිතිකාරයෙක් මට ඉන්නවා, පොඩියට තාම හැදීගෙන.

    * අපිට ආයිමත් පැහැදිලිව කියන්න පුළුවන්ද ඒ කතාව.

    මම Ringing Tone වලට සිංදු දෙක තුනක් දුන්නා. ඒවයින් එකක් තමයි මේක. Company එක කිව්වා පොඩි වෙනසක් කරමුද කියලා. මං කිව්වා ප‍්‍රශ්නයක් නෑ, ශිහාන්ට සිංදු කියන්නත් පුළුවන්නේ.

    * තව මොනවද දීපු සිංදු ?

    තව සිංදු කිහිපයක් තියෙනවා. මට කලබලයට මතක් වෙන්නේ නෑ.

    * සිංදු ඔයා දුන්නේ සල්ලි හම්බවෙන නිසා ද ?

    ඔව්, මුදල් කියන දේවල් අපිට අවශ්‍ය වෙනවා. මගේම නිර්මාණයක් නිසා මට හිතුනා දෙන්න. සම්පූර්ණ අයිතිය නෙමෙයි. යම් කිසි කාලසීමාවකට Ringing tone වලට විතරයි දුන්නේ.

    * රෑ සිහිනෙන් සිංදුව ඔයා කියපු එකද හොඳ ? ශිහාන් කියපු එකද හොඳ ?

    ශෛලීන් දෙකක් නිසා හරියටම කියන්න බෑ. මම හොඳ නෑ කියලා, මම කොහොමටත් කියන්නේ නෑ. මම උපරිම උත්සාහ කරලා තමයි සිංදුවක් voice කරන්නේ. ශිහානුත් අවුලක් නෑ. එයාගේ ශෛලීයට එයා ගායනා කරලා තියෙනවා. මගේ ශෛලීයට මම ගායනා කරලා තියෙනවා.



    * ඔයාට තිබුනනේ ඒ සිංදුව Re-make කරන්න.


    ඔව්, මම කරන්න හිටියේ. මම තව අළුත් සිංදුවක් කරලත් තියෙනවා. ඒ සිංදුව පුළුවන් තරම් ඉක්මනින් දෙන්නම් තාම mix කරලා නෑ.

    * කාලයක් තිබුණා නාමල් උඩුගමට හැමෝම පිස්සු වැටිච්ච. දැන් නාමල් උඩුගම යුගය ඉවරයි ද ?

    දෙවියන්ට පිං සිද්ද වෙන්න ජනපි‍්‍රයත්වයෙන් නම් කිසිම අඩු කමක් නෑ.

    * ඉදිරියේදිත් ඔයාගේ සිංදු වෙන අය කියයි ද ?

    මට පුතෙක් ඉන්නවා, එයාට තමා සිංදුවල අයිතිය තියෙන්නේ. කියනවා නම් කියන්නේ එයා තමයි.

    මගේ සිංදු කිව්වට ප‍්‍රශ්නයක් නෑ. CD වලටවත්, Rights වත් කිසිම කෙනෙකුට දෙන්නේ නෑ, දෙන්න පොරොන්දු වෙලත් නෑ.

    * ඇයි බයයි ද ? ඔයාට වැඩිය හොඳට වෙන කවුරු හරි කියයි කියලා.

    නෑ මං බය නෑ. මං හදපු සිංදු කියන්න මං බය නෑ.

    * එහෙනම් ඇයි වෙන කෙනෙකුට දෙන්න කැමති නැත්තේ ?

    වෙන කෙනෙකුට දෙන්න අකමැතිකම නෙමෙයි, දුන්නම හරි කරදරවලට මුහුණ දෙන්න වෙනවා.

    * අළුත් ජවයකින් පරණ සිංදු ටික Re-make කරලා ගත්තොත් මොකද ?

    සමහර විට ළඟදි කරන්නත් පුළුවන්.

    * හරි, අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා......

    ඔන්න ඕකයි සිද්ධිය
     
    • Like
    Reactions: Rockstar Athelete

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    211mqae.jpg


    :eek::eek::eek:

    එක්කෝ මුන්ට පිස්සු නැත්නම් අපිට පිස්සු.දුන්නලු නෑලු.:baffled:
     
    • Like
    Reactions: Rockstar Athelete

    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    අනේ මන්දා බන් ශෙහාන් අව්ලක් නැතුව සින්දුව කියනෝ හැබැයි නාමල් දෙනුවත් ව කරේ නැත්නම් වැඩේ හොද නැ....
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,332
    3,124
    113
    6°54′N 79°54′E
    මේ සින්දුව ලස්සනට කියනවා;)....නාමල් කියන එකත් ගති:yes: මේක ඊට වැඩිය ගති:yes::yes:....සින්දුවක් මුල් අය්තිකරයන්ගෙන් අහන්නේ නැතිව කිව්වම ඒ අයට මල පනිනවා ඇති:growl: එත් සින්දුව රසවිදින අපිට එක පාන්ද??:shocked:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අනුන්ගේ රෙද්දවල් කියන්නැතිව තමුන්ගේ එකක් කියන් හිටයනම් ඉවරනේ
    කොහොමත් ඉතින් නාමල් ලගින්වත් තියන්න පුලුවන් එකෙක්යැ මේකා
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේ දෙන්නම අවිවාදයෙන්ම තාරුන්‍යයේ සංගීතය වෙනස් මගකට ගත්ත දෙදෙනෙක්..
    දෙන්නම අති දක්ෂයි... දෙන්නගෙම සිංදු පට්ට ලස්සනයි..
    ගැටුම් ඕන නැහැ.. හොඳ දෙයක් කලොත් මිනිස්සු අහයි..


     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මට ශිහාන් කියන එක අහන්න ලින්ක් එකක් දාන්න පුළුවන් කාටද
     

    xfx465

    Member
    Sep 1, 2011
    149
    6
    0
    tawa tika dawasak yaddi owa okkoma pura widdya ekan tama hoya ganne. Wena un salli hoyai kiyala tiya gena innewa
     

    xfx465

    Member
    Sep 1, 2011
    149
    6
    0
    anika eka mage sinduwa kiyanne kata wath aitiyak na ki wata. mokada hema sinduwaka ma tiyenne Sinhala wachana. E wachna sinhala basha we tiyenawa. Thanuwak hadala ekata wachana demma paliyata e wachana gayakayek ta aithi na.
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේ දෙන්නම අවිවාදයෙන්ම තාරුන්‍යයේ සංගීතය වෙනස් මගකට ගත්ත දෙදෙනෙක්..
    දෙන්නම අති දක්ෂයි... දෙන්නගෙම සිංදු පට්ට ලස්සනයි..
    ගැටුම් ඕන නැහැ.. හොඳ දෙයක් කලොත් මිනිස්සු අහයි..



    :yes::yes::yes::yes:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    namal meka deela thiyenne ringin tone walata add karanda one nisalune ban. shihan voice kalata meke aythiyak shihanta nha echcharayi. dennagema kisima aulak nha. ubala kela ganna epa okata. shihanta me song eka live perform karanda bha. e wagema namalgen ahanne nathuwa aye kohewath kiyandath bha. echcharayi