ශීඝ්‍රගාමී දුම්රියේ වැසිකිළියක් තුළ දමාගිය පණ ඇති බිළින්දෙක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    A-live-baby-dumped-in-an-express-train-toilet

    සිකුරාදා රාත්‍රී 07.00 ට පමණ කොළඹ කොටුව සිට මඩකලපුව බලා ධාවනය වන මීනගයා රාත්‍රී නගරාන්තර සීග්‍රගාමී දුම්රියේ වැසිකිළියක් තුළ තිබී අතැර දමාගිය බිළිඳෙකු හමුව තිබේ.
    දරුවා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවූ අතර නිල් පැහැ ඇඳුම් අන්දවා නිල්පැහැ ප්ලාස්ටික්පෙට්ටියක දරුවා රඳවා තිබුණි.
    මේ ගැන මගීන් දැනුවත්වීමෙන් පසු පොලිසිය වෙත දරුවා භාරදී ඇත. දරුවා එලෙස අතැර දමා ගියේ කවුරුන්ද යන්න අනාවරණයවී නැත.

    ජායාරූප - මර්වින් රොබර්ට් මහතා


    UPDATE

    කොළඹ කොටුවේ සිට මඩකලපුව බලා ධාවනය වීමට නියමිතව තිබූ මීනගයා දුම්රියේ තුන්වන පන්තියේ මැදිරියක වැසිකිළිය තුළ තිබී ඊයේ (10) රාත්‍රී 7.30ට පමණ හමුවූ බිළිඳා මේ වනවිට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත යොමු කර තිබේ.
    දුම්රිය ආරක්ෂක අංශ කියා සිටියේ නිල් පැහැති ප්ලාස්ටික් කුඩයක බහා බිලිඳා වැසිකිළිය තුළ තබා ගොස් තිබියදී හමුවූ බවයි.
    වැසිකිලියට ගිය මඟියෙකු මෙම බිළිඳා දැක මේ බව කොටුව දුම්රිය ස්ථානයේ නිලධාරීන් වෙත දැනුම් දී තිබෙයි.
    ඉන්පසුව දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය සහ දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන් පැමිණ මෙම බිළිඳු දරුවා ඔවුන්ගේ භාරයට ගැනීමෙන් අනතුරුව කොටුව පොලීසියට භාර දී තිබුණි.
    පොලිස් භාරයට ගත් මෙම බිළිඳා වැඩිපුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර පසුව එතැනින් රිජ්වේ ආර්යා ළමා රෝහලට මාරු කරන ලදි. බිළිඳා දින 10 ක් පමණ වයසක විය හැකි බවත් නිරෝගීතත්වයෙන් පසුවන බවත් රෝහල් ආරංචි හෙළි කර තිබේ.
    පොලීසිය කියා සිටියේ මෙම බිලිඳා වැසිකිලිය තුළ තබා ගියේ කවුදැයි සොයා ගැනීමට දුම්රිය ස්ථානයේ සවිකර ඇති CCTV කැමරා මේ වන විට පරික්ෂා කරමින් පවතින බවයි.
    සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.


    335718680_724973569284682_5883585557358858376_n.jpg

    335640483_1243599976568833_4849037318399929382_n.jpg


    335625686_515177830768400_5795606544025246385_n.jpg


    335578841_185697060848519_1258546147090108375_n.jpg


    335443283_489481913382754_3754457883116252967_n.jpg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    හදාගන්න බැරි ලමයි බාරදෙන්න හදාගන්න දෙන්න ක්‍රමයක් ලංකාවෙ නැද්ද බං. තියෙනවනම් ඕව ගැන ටිකක් දැනුවත් කරානම් හරි.

    thiyenawa. eth me wage dala yanne nondi wena nisa.
    habai police gihin nondi wenne nethuwa karanna puluwan, eth sinalunta petti kedunath patalaya watinawalu
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    එපානම් කරන්න තිබුනේ දරුවෝ නැති දෙන්නෙකුට දරුකමට හදාගන්න භාරදෙන්න.
     
    • Like
    Reactions: aneasarayana

    Sen-lu

    Well-known member
  • thiyenawa. eth me wage dala yanne nondi wena nisa.
    habai police gihin nondi wenne nethuwa karanna puluwan, eth sinalunta petti kedunath patalaya watinawalu
    පොලීසි හරියන්නෙ නෑ බං උං ඕව කොහොමත් නෝන්ඩ් කරනව. බලපං ටිකක් දේවල්ගැන දැනුවත් අපිවත් දන්නෙ නෑ එහෙම කරන හරි විදිහක්.
     
    • Like
    Reactions: LZP1992

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,697
    6,018
    113
    @ගෙදර
    මේක hype වෙනවා fb එකේ...මැරුවේ නෑනේ කමක් නෑනේ කියලා...
    ඒ පාර වදපු උන් හැම එකාම මග ලමයි දාලා යන්න ගත්තම ආතල් දෙපිටින් යන්නේ
    අහෝ සිරි ලංකා :)
     
    • Like
    Reactions: Candid-B

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Api methana kiyewwata lamaye dala yana 90% kagema kathawa very sad ewa ahuwama wena karanna deyak na kiyala apitama kiyawenawa.😪
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,472
    1
    62,214
    113
    Mother Earth
    මේක hype වෙනවා fb එකේ...මැරුවේ නෑනේ කමක් නෑනේ කියලා...
    ඒ පාර වදපු උන් හැම එකාම මග ලමයි දාලා යන්න ගත්තම ආතල් දෙපිටින් යන්නේ
    අහෝ සිරි ලංකා :)
    sira math dakka FB eke comment dana wesa ganu, ponnayo ohoma kiyala thiyenawa. pau bn kellekda koheda.

    CCTV wada nam oka hoya ganna puluwan. easy. oya train wala mala kadana horu hoya gannath puluwan. koheda mun echchara proactive na. ponna police
    ------ Post added on Mar 11, 2023 at 4:25 PM
     
    • Like
    Reactions: LZP1992

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    sira math dakka FB eke comment dana wesa ganu, ponnayo ohoma kiyala thiyenawa. pau bn kellekda koheda.

    CCTV wada nam oka hoya ganna puluwan. easy. oya train wala mala kadana horu hoya gannath puluwan. koheda mun echchara proactive na. ponna police
    ------ Post added on Mar 11, 2023 at 4:25 PM

    arrest karala ban

    https://www.hirunews.lk/329628/මීනග...-දමා-ගොස්-සිටි-බිළිඳාගේ-මව-හා-පියා-අත්අඩංගුවට
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,472
    1
    62,214
    113
    Mother Earth
    wow bn clap clap ! ammatayi thaththatai advice karala aye bara dunna nam hari avurudu 5k wath yanakan sathiyata eka parak lamaya usawiyedi pennanna kiyala wage. :)