ශෝක දිනයක් නෑ

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    ශෝක දිනයක් නෑ : හිටපු අගමැතිට පුර්ණ රාජ්‍ය අනුග්‍රහය

    රජය ප්‍රකාශයට පත් කළ ශෝක දිනය හිටපු අගමැති අභාවප්‍රාප්ත රත්නසිරි වික්‍රමනායක මහතාගේ ඥාතීන්ගේ ඉල්ලීම මත අවලංගු කළ බව ස්වදේශ ඇමැති වජිර අබේවර්ධන මහතා කියයි.
    ස්වදේශ අමාත්‍යාංශය අද (28) උදේ පුවත්පත් සාකච්ඡාවක් පවත්වා පැවසුවේ ජනපති නියමයෙන් ශෝක දිනයක් ප්‍රකාශයට පත් කළ බවයි.
    එම පුවත විද්‍යුත් මාධ්‍ය හා වෙබ් අඩවිවල පළ වීමෙන් පසු ස්වදේශ අමාත්‍යාංශය සඳහන් කළේ ශෝක දිනය සිකුරාදාට (30) වෙනස් කළ බවයි.
    ස්වදේශ ඇමැති වජිර අබේවර්ධන මහතාගේ කාර්යාලය දුරකථනයෙන් මාධ්‍ය වෙත දැන්වුයේ ඥාතීන්ගේ ඉල්ලීම අනුව ශෝක දිනයක් නොපවත්වන බවයි.
    හිටපු අගමැතිට ගෞරව දැක්වීම සඳහා රජයේ හා පෞදගලික ගොඩනැගිලිවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ඇමැතිවරයා ඉල්ලීමක් ද කරයි.
    හිටපු අගමැති වික්‍රමනායක මහතාගේ ආදාහනය පුර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කරන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සුරිය ප්‍රකාශ කරයි.


    Lankadeepa

    මොකක්ද බන් මේ නටන පිස්සුව. 31 ශෝක දිනයක් කරා. ඊට පස්සේ 31 වෙනිදා දාපු ශෝක දිනය 30 වෙනිදාට මාරු කරා. දැන් අවලංගු කරා.. 30 වෙනිදා ශෝක දිනය අවලංගු කරේ සිකුරාදා දවසක් නිසාද