ශ‍්‍රීමත් වින්ස්ටන් චර්චිල්
ඔබ අසා ඇති බි‍්‍රතාන්‍යයේ සිටි ශ්‍රේෂ්ඨ අගමැතිවරයකු වූ වින්ස්ටන් චර්චිල් ගැන. අපි ඔහුගේ ළමා වියට එබී බලමු. වින්ස්ටන් ලෙනාර්ඩ් ස්පෙන්සර් චර්චිල් උපන්නේ 1874 නොවැම්බර් 30 දින බි‍්‍රතාන්‍යයේ බ්ලෙන්හයිම් මන්දිරයේදීය. ඔහුගේ පියා වංශාධිපති රැන්ඩොල්ෆ් චර්චිල් වූ අතර ජෙනි ජොරොම් වූ මව ඇමරිකානු පෙළපතකින් පැවත එන්නියක වූවාය. ඔහුට සිටි එකම සොයුරා වූයේ ජෝන් ස්ටේ‍්‍රන්ජ් චර්චිල් ය. ඔවුන් කුඩා වියේදී නිවාඩුවක් ගතකිරීම සඳහා ඔස්ටි‍්‍රයාවට ගිය අතර එහිදී බිස්මාර්ක් කුමරු සමග තේ පානෝත්සවයකටද සහභාගි වූහ.
වින්ස්ටන්ගේ සීයා මෙල්බෝර්න්හි ආදිපාදවරයා විය. මව පියා ඉතා කාර්ය බහුල පුද්ගලයින් වූ නිසා වින්ස්ටන් සහ සොයුරාට මෙහෙකරුවන් සහ මෙහෙකාරියන් සමග ජීවත්වීමට බොහෝ විට සිදුවිය. කුඩා වින්ස්ටන් ගේ ප‍්‍රියතම ආයම්මාව ඔහු හැඳින්වූයේ ‘වුම්මනි’ නමිනි. ඇයගේ නියම නම වූයේ එළිසබෙත් ඈන් එවරස්ට්ය. ඔහුගේ සියලු අවශ්‍යතා වටහා ගත්තේ ඇයයි. කුඩා වින්ස්ටන් ඇයට කෙතරම් ආදරය කළාද කිවහොත් ඔහු වැඩිහිටියෙකු බවට පත්වූ පසුවද ආයම්මාගේ ඡායාරූපයක් ළඟ තබා ගෙන සිටියේය. කුඩා වින්ස්ටන්ගේ ප‍්‍රියතම කී‍්‍රඩා භාණ්ඩය වූයේ ඊයම් වලින් සාදන ලද සොල්දාදුවන්ගේ ආකෘතිය. වින්ස්ටන්ට අවුරුදු 2 දී ඔවුහු අයර්ලන්තයේ පදිංචි වී සිටියහ. ඔහුට අවුරුදු 5 දී නැවත ඔවුහු එංගලන්තයේ පදිංචි වූහ. කුඩා වින්ස්ටන් රොබ් රෝයි නමින් හැඳින්වූ අශ්වයා පිටේ යාමට ආශා කළේය. ඔහුගේ ප‍්‍රියතම විනෝදාංශය වූයේ සමනළයින් එකතු කිරීමයි. ‘වුම්මනි’ ආයම්මාගෙන් දැඩි ලෙස ආදරය ලැබූ වින්ස්ටන් තම මව ගැන ඔහුගේ හැඟීම් වැඩිහිටි වියේදී පළකළේ මේ ලෙසිනි. “ඇය අහසේ දිදුලන තාරකාවක් මෙන් මට දැනුණේ මං ඇයට දැඩි ලෙස ආදරය කළා. නමුත් ඇය තාරකාවක් ලෙසින් දුරස්ථ බවක් මට දැනුණා.”
කුඩා වින්ස්ටන් වංශාධිපති පවුල්වල සෙසු දරුවන් සේ විශේෂ ඇඳුම් ඇන්දෙය. කුඩා වින්ස්ටන්ගේ පාසල් ගමන ආරම්භ වූයේ බ‍්‍රයිට්න්හි නේවාසික පාසලකිනි. ඔහුට පාසලේදි නිතරම අමතක විය. ඔහු කිසිදිනෙක වේලාවට වැඩ කළේ නැත. ඔහු ඉතා නොසැලකිලිමත්් ළමයෙකු ලෙස හැසිරුණේය. වරක් ඔහු එම නේවාසික පාසලේදී නියුමෝනියාව සෑදී දැඩි ලෙස රෝගාතුරවූ පසු මව සහ පියා ඔහු බැලීමට පාසලට පැමිණියහ. පාසලේදී ඔහු එතරම් දක්‍ෂ ශිෂ්‍යයෙකු නොවීය. ඔහුගේ ප‍්‍රියතම විෂය වූයේ ඉතිහාසයයි. ඔහු එම පාසලේ නේවාසික ජීවිතය ඉතා නීරස බව දන්වමින් දෙමව්පියන්ට නිතරම ලියුම් යැව්වේය. නමුත් ඔහුට බැලීමට දෙමව්පියන් නිතර එහි නොපැමිණියේය.ඔහුට වයස අවුරුදු 11 දී ද්විතීයික ඉංග‍්‍රිසි පාසල්කවූ හැරෝ විද්‍යාලයට ඔහු ඇතුළත් කරන ලදී. ඔහු එම පාසලේදී ගණිතය විෂයටද දස්කම් දැක්වූයේය. ඔහු ඉංග‍්‍රිසි භාෂාවටද දැඩි ලෙස ආදරය කළේය. හැරෝ පාසලේදී ඔහුට විකට නාමයක් ද පටබැඳී තිබුණි. වයස අවුරුදු 18 දී හැරෝ පාසලට සමුදුන් ඔහු ඉන්පසු සැන්ඩර්ස්ට්හි රාජකීය හමුදාව පාසලට බැඳුණේය.ඔහු එහිදී පාබල හමුදා නිලධාරියෙකු ලෙස පුහුණුව ලැබුවේය. ඉන්පසු ඔහු යුද හමුදා සේවයේ ටික කලක් යෙදුණේය. ඔහු ද ඩේලි ටෙලිග‍්‍රාෆ් පුවත්පතේ වාර්තාකරුවෙකු ලෙස ද සේවය කළේය. විවිධ රටවල සංචාරය කරමින් යුද පුවත් වාර්තා කළ ඔහු 1900 දී නැවත එංගලන්තයට පැමිණියේය. ඉන්පසු දේශපාලන ක්ක්‍ෂේත‍්‍රයට යොමුවී බි‍්‍රතාන්‍යයේ අගමැති ධූරය ද දැරුවේය. ඉතා යහපත් නායකයෙකු ලෙස කටයුතු කළ ඔහු 1965 දී මෙලොවින් සමුගත්තේ සදා අමරණීය පුද්ගලයකු ලෙස ඉතිහාසයට එක්වෙමිනි
credits ------හර්ෂණි ගමගේ// www.danuma.lk