ශ‍්‍රී ලංකාවට තවත් ණය දෙන්නේ නෑ.. හැමදාම මේක කරන්න බෑ..- ඉන්දියාව කියයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ශ්‍රී ලංකාවට දැනට ලබාදී ඇති ඩොලර් බිලියන හතරකට ආසන්න ණය ආධාර වලට අමතරව නව මූල්‍ය ආධාර ලබාදීමට සූදානමක් නැති බව ඉන්දියාව සඳහන් කරයි.

    රොයිටර් පුවත් සේවාව ඉන්දියාවේ මූලාශ්‍ර උපුටා දක්වමින් මේ බව වාර්තා කරයි.

    ඉන්දියාව මෙම තීරණය ගෙන ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ණය ගිවිසුමකට එළැඹීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වීමට පටන් ගැනීමෙන් පසුව බවද වාර්තාව සඳහන් කරයි.

    ශ‍්‍රී ලංකාවේ දැන් තත්ත්වය මැයි සහ ජුනි මාසවල පැවති තත්ත්වයට වඩා යහපත් යයිද වාර්තාවේ සදහන්ය.

    ශ‍්‍රී ලංකාවට දැනට ඩොලර් බිලියන 3.8 ක් වටිනා ආධාර ලබා දී ඇති බවත් ආධාර දීම රටවල් වලට දිගටම කරන්න නොහැකි බවත් ඉන්දීය රජයේ ප්‍රකාශකයකු සඳහන් කර තිබේ.

    ඩොලර් බිලියනයක හුවමාරු ගිවිසුමක් සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සාකච්ඡා පැවැත්වෙන අතර ඉන්ධන මිලදී ගැනීම සඳහා තවත් ඩොලර් මිලියන 500ක ණය පහසුකමක් සඳහා ද ඉල්ලීමක් කර ඇති බව ශ්‍රී ලංකා රජය විසින් කර ඇති ප්‍රකාශයකට ඉන්දියාව ප්‍රතිචාර නොදැක් වූ බවද පුවත් සේවය සඳහන් කරයි.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,513
    8,883
    113
    හොඳ වැඩේ. මන් හිතුවා ඕක වෙයි කියලා උබල අපේ ක්‍රිකට් ටීම් එක හුරේ දදා රට වටේ එක්ක යද්දි. දන් ගිහිල්ල උන්ගෙන්ම හාල් පොල් ටිකත් ඉල්ල ගනිල්ලා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,273
    113
    34
    Kalutara
    ඕව එපා අපිට. නෙලුම් කුලුන දැං ඕපන් කරල තියෙන්නෙ. ඒකෙන් ඩොලර් හොයල ගෙවනව ඔය ණය සේරම. හුම්... 😊😊
    දැන් කෙලින්ම සුද්දන්ව බස්සන්නේ ප්ලේන් එකෙන් ඇවිල්ල නෙලුම් කුලුන ගාවින්. කටුනායක එයාර්පෝට් යන්නේ නෑ.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ai bn india walin naya illane russia denawa kiwwane bora thel cash passe gewanna
    ඉන්දියවෙන් ගන්නව කියන්නෙ අයිය අක්කගෙන් ගන්නව වගෙ දුන්නෙ නැත්නම් බැනල නිකන් ඉදි
    රුසියාව කියන්නෙ පාතලෙ එකෙක් වගෙ උගෙන් නය අරන් නොගෙව්වොත් හැමනවයි අපිට
    අන්න එකයි රුසියවෙන් අරන් ගෙවන්න බැරිඋනොත් පුටින් පොඩි මිසයිලෙක කැල්ලලක් එවයි

    :ROFLMAO:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    sri lanka love GIF by Viber
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    මයිනගේ කටට ගන්න එවුන් ටික මොනා හරි කරයි

    ඒකටත් සල්ලි ගත්තනං හරි. පොන්න පැටවු ටික නිකන්ම රාජපක්කුන්ට ආතල් දීල එනව රටට බරක් වෙවී.
     
    ඉන්දියවෙන් ගන්නව කියන්නෙ අයිය අක්කගෙන් ගන්නව වගෙ දුන්නෙ නැත්නම් බැනල නිකන් ඉදි
    රුසියාව කියන්නෙ පාතලෙ එකෙක් වගෙ උගෙන් නය අරන් නොගෙව්වොත් හැමනවයි අපිට
    අන්න එකයි රුසියවෙන් අරන් ගෙවන්න බැරිඋනොත් පුටින් පොඩි මිසයිලෙක කැල්ලලක් එවයි

    :ROFLMAO:

    China is the පොලී මුදලාලි
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    බය වෙන්න එපා. රනිල් තමා මිනිහ. හෙනට ජාත්යන්තර සම්බන්දතා එහෙම තියනව. මිනිහ මොලකාරය, කියල අපේ පැත්තෙ බයියෙක් මට කිවුව මේ ලගදි දවසක.