ශ‍්‍රී ලංකාවට දැනට ලබාදී ඇති ඩොලර් බිලියන හතරකට ආසන්න ණය ආධාර වලට අමතරව නව මූල්‍ය ආධාර ලබාදීමට සූදානමක් නැති බව ඉන්දියාව සඳහන් කරයි.
රොයිටර් පුවත් සේවාව ඉන්දියාවේ මූලාශ්‍ර උපුටා දක්වමින් මේ බව වාර්තා කරයි.
ඉන්දියාව මෙම තීරණය ගෙන ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ණය ගිවිසුමකට එළැඹීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වීමට පටන් ගැනීමෙන් පසුව බවද වාර්තාව සඳහන් කරයි.
ශ‍්‍රී ලංකාවේ දැන් තත්ත්වය මැයි සහ ජුනි මාසවල පැවති තත්ත්වයට වඩා යහපත් යයිද වාර්තාවේ සදහන්ය.
ශ‍්‍රී ලංකාවට දැනට ඩොලර් බිලියන 3.8 ක් වටිනා ආධාර ලබා දී ඇති බවත් ආධාර දීම රටවල් වලට දිගටම කරන්න නොහැකි බවත් ඉන්දීය රජයේ ප්‍රකාශකයකු සඳහන් කර තිබේ.
ඩොලර් බිලියනයක හුවමාරු ගිවිසුමක් සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සාකච්ඡා පැවැත්වෙන අතර ඉන්ධන මිලදී ගැනීම සඳහා තවත් ඩොලර් මිලියන 500ක ණය පහසුකමක් සඳහා ද ඉල්ලීමක් කර ඇති බව ශ්‍රී ලංකා රජය විසින් කර ඇති ප්‍රකාශයකට ඉන්දියාව ප්‍රතිචාර නොදැක් වූ බවද පුවත් සේවය සඳහන් කරයි.