මහ බලවත් චීනය නැගිටී.. UNHRC හිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මහ කොමසාරිස්ට දැඩි ප්‍රහාරයක්..
මානව හිමිකම් මුවාවෙන් රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමෙන් වළකිනු යයි ස්විස්ටර්ලන්තයේ චීන තානාපති චෙන්සු ඊයේ ආරම්භ වූ ශ්‍රී ලංකාව සම්බන්ධ විවාදයේදී මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේට වාග් ප්‍රහාරයක් එල්ල කළේය.
බි්රතාන්ය, කැනඩාව, ජර්මනිය, යුරෝපා සංගමය මොන්ටිනීග්‍රෝ, මැසිඩෝනියාව හා ඉන්දියාව යන රටවල් මෙම විවාදයේදී ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න ගැන කරුණු දැක්වූහ.
මානව හිමිකම් මුවාවෙන් දෙබඩි පිළිවෙතක් අනුගමනය නොකළ යුතු යැයි චීන තානාපතිවරයා මානව හිමිකම් සමුළුව විවේචනයට ලක්කරමින් කීවේය.
මානව හිමිකම් සමුළුව ඇමතූ බටහිර රටවල් ශ්‍රී ලංකාව සම්මත කළ 20 වැනි සංශෝධනය අතුරුදන් වූවන් කොමිෂන් සභා ගැන කරුණු දක්වා ඇත.
-lankacnews-
ශ්‍රී ලංකා රජය දෙමළ ජනතාවගේ අයිතිවාසිකම්වලට ගරු කළ යුතු බව ඉන්දියාව ඊයේ (25 වැනිදා) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ අවධාරණය කළේය.
මානව හිමිකම් මහකොමසාරිස්වරිය ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කළ වාර්තාව පිළිබඳ කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේ ක්‍රියාකාරී සංවාදයට එක්වෙමින් ජිනීවාහි ඉන්දීය නිත්‍ය නියෝජිත ඉන්දු මනි පාණ්ඩේ මේ බව පැවසීය.
දසක තුනක් පුරා පැවැති ශ්‍රී ලංකාවේ යුද්ධය 2009 මැයි මාසයේදී අවසන් වීමෙන් අනතුරුව ජිනීවා කවුන්සිලය ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් යෝජනා 07ක් සම්මත කරගෙන ඇතැයි නිත්‍ය නියෝජිත පාණ්ඩේ පෙන්වා දුන්නේය.
‘‘මෙම යෝජනා පිළිබඳ සාකච්ඡාවලට ඉන්දියාව ක්‍රියාකාරී දායකත්වයක් ලබා දී ඇති අතර ශ්‍රී ලංකාව සමග සමීපතම මිතුරු සහ අසල්වැසියෝ ලෙස කටයුතු කර ඇත.’’
ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ ශ්‍රී ලංකාව පිළිබඳ ඉන්දියාවේ ස්ථාවරය ‘‘කුලුනු දෙකක්’ මත රැඳී තිබෙන බවයි. එනම් ශ්‍රී ලංකාවේ එක්සත්කම සහ භෞමික අඛණ්ඩතාවයි. දෙවැන්න වන්නේ ශ්‍රී ලාංකික දෙමළ ජනයා වෙත සාමානාත්මතාව, යුක්තිය, සාමය සහ අභිමානය ළඟා කරදීම සඳහා ඇති කැපවීම බව ඔහු පෙන්වා දුන්න්නේය.
‘‘මේවා තේරීම් නොවේ. අර්ථවත් බලය බෙදාහැරීම ඇතුළු දෙමළ ප්‍රජාවේ අයිතිවාසිකම්වලට ගරු කිරීම ශ්‍රී ලංකාවේ එක්සත් කමට සහ අඛණ්ඩතාවට කෙළින්ම දායක වන බව අපි විශ්වාස කරමු. එබැවින් දෙමළ ප්‍රජාවේ නීත්‍යනුකූල අභිලාෂයන් ඉටු කිරීම ශ්‍රී ලංකාවේ යහපතට හේතු වන බව අපි පෙන්වා දෙමු.’’ යැයි නිත්‍ය නියෝජිතවරයා පැවසීය.
ප්රතිසන්ධාන ක්‍රියාවලිය සහ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම ඇතුළුව එවැනි අභිලාෂයන් විසඳීම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙසද ඉන්දියාව මෙහිදී ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය.
එසේම යුද්ධය අවසන් වීමෙන් පසු ගෙවූ වසර 12ක කාලයේ සිදුව ඇති වර්ධනයන් පිළිබඳව මානව හිමිකම් මහ කොමසාරිස්වරිය කර ඇති තක්සේරුව ඔස්සේ වැදගත් කරුණු මතුවන බවද ඉන්දියාව සිය ස්ථාවරය පැහැදිලි කරමින් වැඩිදුරටත් පැවසීය.
– aruna
ලංකාවේ කිසිම කෑල්ලක් ඉන්දියාවට නොදිය යුතුයි කියන්න මේ ටික හොදටම ඇති...



