ශ‍්‍රී ලංකා කි‍්‍රකට්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    shit cricket


    ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ක‍්‍රීඩකයින්ට මෙම වසර තුළ විදෙස් රටවල්වල සංවිධාන කරන කිසිදු තරගාවලියකට ක‍්‍රීඩා කිරීම සඳහා අවසර ලබා නොදීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ, මෙම වසරේදී ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායමට තරගාවලි රැසකට මුහුණදීමට සිදුවීම හේතුවෙන්. කී‍්‍රඩකයින්ගේ ශාරිරික යෝග්‍යතාව ඉදිරි තරගවලට අතිශය වැදගත් වන බැවින් මෙවැනි තීරණයකට එළැඹි බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙකු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත ප‍්‍රකාශ කළේ.
    ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම මාසයේදී එංගලන්ත පිල සමග ටෙස්ට් තරග දෙකකට කී‍්‍රඩා කිරීමට නියමිතව තිබෙනවා. අනතුරුව ලබන මාසයේදි
    ශී‍්‍ර ලංකා පිල බටහිර ඉන්දීය කොදෙව් දුපත්හි ටෙස්ට් තරග දෙකකට, එක්දින තරග 3 කට සහ පන්දුවාර විස්ස තරග 3 කට සහභාගිවීමට නියමිතයි. බංග්ලාදේශ කණ්ඩායම ලබන අපේ‍්‍රල් මාසයේදී ටෙස්ට් තරග 3 ක් සදහා දිවයිනට පැමිණෙනු ඇති.
    අනතුරුව මැයි මාසයේදී අයර්ලන්ත කණ්ඩායම දිවයිනට පැමිණෙන අතර එහිදී ඔවුන් සමග ශී‍්‍ර ලංකා පිල එක් ටෙස්ට් තරගයකට එක් වනවා. ශී‍්‍ර ලංකා පිල මැයි මාසයේදී බංග්ලාදේශය බලා පිටත්ව යාමට නියමිත අතර එහිදී දෙරට අතර එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි. අනතුරුව ආසියානු කුසලානය ජූනි මාසයේදී පැවැත්වෙන අතර ඊට ශී‍්‍ර ලංකාව සත්කාරකත්වය ලබාදෙනවා.
    ජූලි මාසයේ එංගලන්ත තරග සංචාරයකට එක්වන ශී‍්‍ර ලංකා පිල එහිදී එක්දින තරග 3කට එක්වීමට නියමිතයි. අනතුරුව පන්දුවාර විස්ස තරග 3කට සහභාගිවීම සදහා ඉන්දීය පිල දිවයිනට පැමිණිමට නියතමිව තිබෙනවා.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    මෙන්ඩගේ තාත්තාට BMW පදින්න අනිවා ඌව team එක ඇතුලට දාන්න.
     

    Scotch

    Well-known member
  • Jun 18, 2020
    244
    282
    93
    එක්කෙනෙක් වගේ ඇරෙන්න කවුද බං අපේ හාල්පාරුවන්ව premier league වලට ගන්නේ ?
    Abu dhabi t10 එකේ 10ක් ව්ිතර ඉන්නවා
    Psl එකෙත් platinum category 1e 2ක්