ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්

EGhewg5

Member
Jul 2, 2018
721
94
0
Sri Lanka Cricket | HiruNews

[URL='http://www.hirunews.lk/sinhala/sports/200220/'][B]HiruNews.lk[/B][/URL] said:
1537287162_7016989_hirunews_sl.jpg


සිය දහසකුත් එකක් දෛනික වැඩකටයුතු මොහොතකට අමතක කරමින් ඊයේ දිනයේ රූපවාහිනීය ඉදිරිපිට රැයක් පහන්කල මෙරට ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන්ට කලකට අමතක නොවන අත්දැකීමක් ලබාදෙන්නට ශ්‍රි ලංකා ක්‍රිකට් කන්ඩායම කටයුතු කලා.

ඒ ඉතිහාසයේ පලමු වතාවට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කන්ඩායම හමුවේ අවමන් සහගත පරාජයක් ලබමින්.

මෙම පරාජයත් සමග ඔවුන් කල් වේලා ඇතිවම ආසියානු කුසලානයෙන් ඉවත්වී මෙරටට පැමිනිමට ගුවන් ආසන වෙන්කර ගත්තේ ක්‍රීඩාලෝලීන්ට මෙරට ක්‍රිකට් අනාගතය පිලිබදව තවදුරටත් සිතන්නට ඉඩ ප්‍රස්ථාව ලබා දෙමින්.

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී බංග්ලාදේශය හමුවේ නින්දා සහගත පරාජයකට මුහුණදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ තරගයට පිවිසියේ ජයග්‍රහණය අනිවාර්ය වූ පසුබිමකයි.

කාසියේ වාසිය පාරජයවීමෙන් පසු පන්දු යැවීමට සිදුවීම නිසා ආරම්භයේදීම අභියෝගය තවත් දැඩි වුනා.

ඇෆ්ගනිස්තාන පිතිකරුවන් ශ්‍රී ලංකා නම් දැරූ පන්දු යවන්නන්ට නිදහසේ පහර දෙද්දී පන්දු රකින්නන් සිය වගකීම් කොටස මෙම තරගයේදීත් මනාව ඉටුකළේ උඩ පන්දු කිහිපයක්ම අත් හරිමින්.

ඉන් උපරිම පලනෙලා ගත් ඇෆ්ගනිස්තාන කණ්ඩායම සිය ඉනිම හමාර කලේ පන්දුවාර 50 තුල ලකුණු 249ක් ලබාගෙන අබුඩාබි තනතිරුවේදී සිය ප්‍රතිවාදීන්ට හොද අභියෝගයක් ලබා දෙමින්.

පසුගිය කාලය පුරාවට පරාජයන් යථාර්තයක් බවට පත්කර ගැනීම සදහා වෙහෙසුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම තීරණාත්මක තරගයේදීත් එය අකුරටම ඉටු කළා.

මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ අවාසනාවට සිය වෘතීය භාවය දිනෙන් දින අමතක කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සුපුරුදු පරිදි දුර්වල ක්‍රීඩා විලාසයක නිරත වුනේ පන්දුවාර 41යි පන්දුවකදී සිය ඉනිම ලකුණු 158කට සිමා කරමින්.

ස්කොට්ලන්ත,බංග්ලාදේශ,සිම්බාබ්වේ වැනි කණ්ඩායම් හමුවේ පවා තම රටේ අභිමානය පාවා දුන් මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින් සහ බලධාරීන් ඊයේ දිනයේදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ වසර 40ක අභිමානයද බන්දේසියක තබා ඇෆ්ගනිස්තානයට පුජා කළා.

ඉන් වැඩි බරක් කරට ගත් නායක ඇන්ජෙලෝ මැතිව්ස් පසුගිය කාලය පුරාවට කලාක් මෙන් තමන්ගේ ස්ථානයට අභියෝගයක් වන ක්‍රීඩකයින්ගේ අනාගතයට නැවතීමේ තිත තබන්නට මෙම තරගාවලියේදීත් පියවර ගත්තා.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව මිලියන ගණනින් වැටුප් ලබන පුහුණු කාර්ය මණ්ඩලයකින් සමන්විත වුවත් කණගාටුවට කරුණ වන්නේ 2017 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව සහභාගී වී ඇති එක්දින තරග 41කදී 30ක්ම පරාජය වී තිබීමයි.

අද වනවිට මුදලට තරග පාවාදීමට උත්සහ දැරීමේ සිද්දීන් සදහා මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නම්ද ඈදී ඇති බව සැවොම දන්නා රහසක්.

එවන් වාතාවරණයකදී මෙවන් ලජ්ජා සහගත පරාජයන් පිළිබඳව දෙවරක් නොව දහස් වරක් සිතා බැලිය යුතු නොවන්නේද?

ක්‍රිකට් ආයතනයේ ගැවසෙන බිලියන ගණනක් වූ මුදල් වලට කෙල හලනවා වෙනුවට ක්‍රීඩාව කරවන බලධාරීන්ද සිය රටේ අභිමානය ජාත්‍යන්තරයේ දියවී යන මෙවැනි සිදුවීම් දෙස නොදුටු දෑසින් සිටීම තවදුරටත් පුදුමයක්.

අවසානයේ පැවසිය හැක්කේ තමන් ලබන වැටුපට හෝ සාධාරණයක් කරන්නට මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින් සහ බලධාරීන් කටයුතු කරන්නේ නම් එය හෙට දවසේදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ යහපතට හේතුවිය හැකි බවයි.




Source: http://www.hirunews.lk/sinhala/sports/200220/


සැර වැඩිද මන්දා...
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්නය අගමැති උනත් හරි මුලු රටම විනාශ උනා , ක්‍රිකට් හදන්ඩ නම් පොන්නයව ඉස්සෙල්ලා එලවල ඉන්ඩ වෙනව අඩුම ගානෙ පාන්ඩුවට උන්ගෙ අර්ජුන කියන එකවත් අහන්ඩ තිබ්බ කෝ ඇහුවද අන්තිමට ඇෆගනිස්තානෙටත් පැරදියි මේකෙන්වත් පාඩමක් ඉගෙන ගනිද ඒත් නැ, ක්‍රිකට් හදල ගන්ඩත් 2020 වෙනකන්ම ඉන්ඩ වෙයි වගේ..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වැරදි හදාගෙන ඊළඟ තරගය ක්‍රීඩා කරනවා

    -ඇන්ජලෝ මැතිව්ස්




    ඇත්තම කතාව නම් ලංකාවේ උන් සුපුරුදු රිද්මයට ආවා ඒ තරග දෙකෙන්.ඔය විදියටම එංගලන්තේ එක්ක ගහලා ලෝක කුසලානේට ගියා නම් ගෙදර ඇවිල්ලා සැපට ඉතුරු මැච් ටික බලන්න තිබ්බා.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ටීම් එකේ උන්ට කිසිම රට ගැන හැගීමක් නැ .විනයක් නැ .කොච්චර පැරදුනත් ගානකුත් නැ.නැෂනල් ටීම් එකේ තත්වේ හොදට පෙනුන අර කලින් ලංකාවේ ගහපු t20 ටුවර්ණමන්ට් එකේදී. ක්ලබ් ගහන උන්ගෙයි 19 පහල ඉස්කොප්ලේ වයසේ උන්ගෙයි නැෂනල් ටීම් එකේ උන්ගෙයි වෙනසක් තිබ්බේ නම් නැ එකේදී .:sorry::sorry:

    පාසල් ක්‍රිකට් කලබ් ක්‍රිකට් ජත්‍යන්තර තත්වෙට එනවා වෙනුවට ලංකාවේ ජාත්‍යන්තර ක්‍රිකට් කලබ් සහ පාසල් මට්ටමට පහත වැටිලා කියල නම් පැහැදිලිවම පෙනුන .ඉතින් මෙවන් කණ්ඩායමක් බන්ගලියන්ගෙන් සහ ඇෆ්ගන් උන්ගෙන් කන එක පුදුමෙයක් නෙමේ :sorry::(
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    පොන්නය අගමැති උනත් හරි මුලු රටම විනාශ උනා , ක්‍රිකට් හදන්ඩ නම් පොන්නයව ඉස්සෙල්ලා එලවල ඉන්ඩ වෙනව අඩුම ගානෙ පාන්ඩුවට උන්ගෙ අර්ජුන කියන එකවත් අහන්ඩ තිබ්බ කෝ ඇහුවද අන්තිමට ඇෆගනිස්තානෙටත් පැරදියි මේකෙන්වත් පාඩමක් ඉගෙන ගනිද ඒත් නැ, ක්‍රිකට් හදල ගන්ඩත් 2020 වෙනකන්ම ඉන්ඩ වෙයි වගේ..

    නාකියා අවුරුදු දහයක් මොනාද ක්‍රිකට් වලට කොරේ.නාකියාගේ කාලේ එක බැටෙක් බෝලෙක් මැනුෆක්චර් උනාද? ජන්ගිලා තිරීලා තමයි.හුකේ හුක්.අනිත් එක යූන්පි එකට ස්පෝට්ස් මිනිස්ට්‍රි එක හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් හම්බ උනේ නෑ.ඒක මෛත්‍රීගේ ශ්‍රීලනිප පාර්ශ්වය බාර ගත්තේ.නාකියාගේ හෙන්චො රිලාසිරිලා,බුකීපාලල,සනාබෝයිස්ලා තමයි ක්‍රිකට් බාරව හිටියේ.ස්පෝට්ස් යූන්පී අයට අදාල මිනිස්ට්‍රි එකක් නෙවෙයි.යූන්පි එකෙක්වත් නෑ. යූන්පි එක තමයි ලංකාවට ක්‍රීකට් දායද කලේ.95 පැරදිලා යනකොට 96 වර්ල්ඩ් කප් ටීම් එකක් තොපිට දීලා අපි ගියේ.කට වහපිය බල්ලා
     
    • Like
    Reactions: skymicro

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නාකියා අවුරුදු දහයක් මොනාද ක්‍රිකට් වලට කොරේ.නාකියාගේ කාලේ එක බැටෙක් බෝලෙක් මැනුෆක්චර් උනාද? ජන්ගිලා තිරීලා තමයි.හුකේ හුක්.අනිත් එක යූන්පි එකට ස්පෝට්ස් මිනිස්ට්‍රි එක හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් හම්බ උනේ නෑ.ඒක මෛත්‍රීගේ ශ්‍රීලනිප පාර්ශ්වය බාර ගත්තේ.නාකියාගේ හෙන්චො රිලාසිරිලා,බුකීපාලල,සනාබෝයිස්ලා තමයි ක්‍රිකට් බාරව හිටියේ.ස්පෝට්ස් යූන්පී අයට අදාල මිනිස්ට්‍රි එකක් නෙවෙයි.යූන්පි එකෙක්වත් නෑ. යූන්පි එක තමයි ලංකාවට ක්‍රීකට් දායද කලේ.95 පැරදිලා යනකොට 96 වර්ල්ඩ් කප් ටීම් එකක් තොපිට දීලා අපි ගියේ.කට වහපිය බල්ලා

    t 20 වර්ල්ඩ් කප් එකක් ඔය උබ කියන නාකියගෙ කාලෙත් ගත්ත කියල තොට අමතක වෙලා පරයො... එහෙම බැලුවොත් තෝ ඔය කියන නාකිය ගියෙත් වර්ල්ඩ් කප් ගහපු ටීම් එකක් පොන්න රනිලට තියල තමයි ...:):):) පොන්නය ආවත් හරි ඔක්කොම විනාශ උනා වෙන කවුරුත් නෙමේ තොපේ අර්ජුන කියන කතා අහපිය ගොබ්බයො ඌම පිලි ගනව මහින්දගෙ කාලෙ නෙමේ තොපේ පාන්ඩුවෙන් තමයි ක්‍රිකට් නැතිකරේ කියල, පොන්නයගෙ සාපෙ ක්‍රිකට්වලට වැදුන ඒකයි උනේ ඔකගෙ මුස්පේන්තුකම වෙන මොකුත් නෙමේ..




     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    එහෙනං මහින්ද නාකියා යැව්වා නං හරි ටීම් එකට බැට් කරපං කියලා. :lol: