රටේ ණය බරින් නිදහස් විය හැක්කේ මන්නාරම් තෙල්වලින් පමණයි
![]()
(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකාවේ මන්නාරම් ද්‍රෝනියේ එම් - 2 ලෙස දැනට හදුනා ගෙන ඇති බැරකියුඩා ප්‍රදේශයේ බොර තෙල් බැරල් මිලියන 2,000 ක් තිබෙන බව සොයාගෙන තියෙනවා. එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 150 ක්.එමෙන්ම මෙම ද්‍රෝනිය තුළ ගෑස් ඝන අඩි ට්‍රිලියන 09 ක් තිබෙන බවත් සොයාගෙන තියෙනවා.ඒවායේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 17 ක් යැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ඉතිං මෙම ඛනිජ තෙල් සහ ගෑස් අලෙවියෙන් අපට ඇමෙරිකානු ඩොලර් බිලියන 167 ක් උපයා ගත හැකියි.
ශ්‍රී ලංකා රජය සහ අනෙකුත් ආයතන මේ වනවිට සමස්ථ විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 47 ක් ණය වී ඇති බවත් , ඒවායින් නිදහස් වීම සදහා ඇති එකම මාර්ගය ශ්‍රී ලංකාවේ මන්නාරම් ද්‍රෝනියේ ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණය කර සොයා ගැනීම බවත් අමාත්‍යවරයා පවසයි.
එයින් අප රටේ සමස්ථ විදේශ ණය ප්‍රමාණය ගෙවා දැමූ විට,තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 133.5 ක් ඉතිරි වන බවත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සහ ගෑස් නිධි පිළිබඳ ගවේෂණය වැදගත් සන්ධිස්ථානයකට පැමිණ ඇති බවත්,ඒ අනුව ලබන මාසයේ ඛනිජ තෙල් සංවර්ධන පනත පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීමෙන් පසුව,මෙම කටයුතු සදහා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවන බවත් උදය ගම්මන්පිල අමාත්‍යවරයා පැවසීය .
ඉන්පසුව ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණය සහ උකහා ගැනීම සදහා ආයෝජනය කිරීමට , ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ සමාගම්වලට ආරාධනා කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය .
මීට පෙර ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් තිබිය හැකි ප්‍රදේශ බිම් කැබලි 20 කට කඩලා තිබුණා . එනිසා එක් සමාගමකට තනිවම මෙම එක් බිම් කැබැල්ලක් ගවේෂණය කිරීමට දිගු කාළයක් ගත වෙනවා වගේම විශාල වියදමක් දැරීමටත් සිදු වෙනවා . මෙම තත්වය ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ගවේෂණය සදහා ආයෝජකයන් පැමිණීමට මැලි වීමට කාරණයක් වී තිබුණා .
එනිසා මෙම විශාල බිම් කැබලි 20 , කුඩා බිම් කැබලි 873 ක් ලෙස කැබලි කර තිබෙනවා .
මෙම මන්නාරම සහ කාවේරි ද්‍රෝනියේ ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණය සදහා ලෝකයේ කීර්තිමත් භූ භෞතික සමීක්ෂණ සමාගමක් වන එක්සත් රාජධානියේ " බෙල් ජියෝස්පේස් " ආයතනය , සිය ගවේෂණ ගුවන් යානයක් ද රැගෙන විත් , ආයෝජකයන්ට අවශ්‍ය දත්ත රැස් කිරීමේ කාර්යයේ මේ වනවිට නිරත වී සිටිනවා යැයි ද අමාත්‍යවරයා කීය.
View attachment 144196
View attachment 144178
ඔය ඩොලර් බ්ලිියන 167 කියන්නෙ මුළු බොරතෙල් ප්‍රමාණය ව්කුුණුවට පස්සෙ හම්බු වෙන ගාණද?
ඕක පළවෙනි අවුරුද්ද , දෙක , තුන කියල ඇස්තමේන්තු කරන්න බෑද දන්නෙ නෑ..
මොකද ඔය කියන විදිහට ඕක කෙරෙන්න න්ම් අර හම්බන්තොට මහ් තඩි කලු ගලක් කිව්ව පන්නේ කතා හැදෙන් එක, රජ් පවුල තෙල් වලින් සැප ගන්නව කියන ජාතියෙ කතා වලට, ආණ්ඩු පෙරළන්න කුමන්ත්‍රණ යටි උගුල් වලට එහෙම මූණ දෙන්න ඕකෙන් කොටහක් වෙන් කරන්න් කියන්ඩ

