ශ්‍රී සායි බාබා තුමා මෙලොව හැර යයි
April 24, 2011 at 10:35 am | Lanka C News
ඉන්දීය අධ්‍යාත්මික නායක සත්‍ය ශ්‍රී සායි බාබා අද පෙරවරුවේ රෝහලේදී ජීවිතය හමාර කර ඇති බව ඉන්දීය මාධ්‍ය වර්තා පවසයි. අද පෙරවරු 7.45ට පමණ ආන්ද්‍රා ප්‍රදේශ වල පිහිටි සත්‍යා ශ්‍රී සායි විශේෂ රෝහලේදී එතුමා මෙසේ ජීවිතයෙන් සමුගෙන ගොස් තිබේ.
දැනට සති කිහිපයක පටන් සායි බාබාතුමන් විශේෂ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසුවූ අතර අවසාන දින කිහිපයේ ඔහුගේ ඉන්ද්‍රියයන්ද අක්‍රීය වී ඒවායේ ක්‍රියාකාරීත්වය යන්ත්‍රවලට පවරා තිබිණි. එතුමාට ප්‍රතිකාර කල වෛද්‍යවරුන් ඊයේ වන විට එතුමාගේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තු අත්හැර දමා තිබිණි.
ලෝකයේ රටවල් 114 ක සායි බාබා මධ්‍යස්ථාන 1200 ක් පමණ පිහිටුවා ඇති අතර සායි බාබා තුමාගේ ගේ අනුගාමිකයන්ගේ සංඛ්‍යාව මිලියන 06 කට අධිකය. දෙවියන්ගේ අවතාරයක් ලෙස බැතිමතුන් හඳුන්වන සායි බාබාතුමන් විශ්මිත අන්දමින් ලබාදෙන විභූති නොහොත් ශුද්ධ වූ අළු හේතුවෙන් වඩාත් ප්‍රචලිත විය.