ෂරීයා නීතිය බි‍්‍රතාන්‍ය නීති පද්ධතියට

GalBothale

Member
Jan 9, 2013
56
4
0
ෂරීයා නීතිය බි‍්‍රතාන්‍ය නීති පද්ධතියට

ඉස්ලාම් ආගමික නීතිය පළමු වරට බි‍්‍රතාන්‍ය නීති පද්ධතිය තුළ ක‍්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ. නීති සංගමය විසින් නිකුත් කර ඇති උපදෙස් පත‍්‍රිකාවකට අනුව ඉස්ලාම් භක්තිකයන්ගේ දේපළ භුක්තිය පිළිබඳ ගැටළුවලදී ෂරියා නීතියට අනුකූලව ක‍්‍රියාකිරීම සඳහා නීතිඥයන් වෙත අවකාශ හිමිව තිබේ.

මේ ලිපිලේඛන අධිකරණය විසින්ද පිළිගනු ඇතැයි පැවසේ. මේ අනුව කාන්තාවන්ට සමාන භුක්තියක් ඇති බව නොපිළිගනු ඇති අතර ඉස්ලාම් ආගමිකයන් නොවන පිරිස් සඳහා භුක්තිය අහිමිකිරීමද සිදුකෙරෙනු ඇත.
ෂරියා නිතීයට අනුව කිතුණු දේවස්ථානයක හෝ පොදු උත්සවයකදී සිදුකෙරෙනු ඇති විවාහයක් නොපිළිගන්නා අතර දේපළ භුක්තිය හිමිවනු ඇත්තේ ඉස්ලාම් ආගමික විවාහයක් සිදුකරන ලද්දේ නම් පමණි.
එමෙන්ම විවාහ නොවූ යුවළකට දාව බිහිවූ දරුවන් හෝ භාරකාරත්වයට ගනු ලැබූ දරුවන්ද උරුමකරුවන් ලෙස සලකනු නොලැබේ. මේ අතර වැන්දඹු බිරිඳ සැමියාගේ උරුමකරුවා ලෙස සාමාන්‍ය නීතියේදී සලකනු ලබන නමුත් ඉස්ලාමික නීතියේදී එසේ නොවේ.
බි‍්‍රතාන්‍ය නීති පද්ධතිය විසින් මෙය ක‍්‍රියාවට නැංවීම ඇතැම් පිරිසකගේ විවේචනයට පාත‍්‍රවී ඇති අතර තවත් පිරිසක් පවසන්නේ මෙය බි‍්‍රතාන්‍යයේ පවතින සමානාත්මතා ක‍්‍රමයට අනුකූල ඉදිරි පියවරයක් බවයි.


හෙට අනිද්දට මෙහෙත් පටන් ගනීද?
:angry::angry::angry::angry:
lankacnews

http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/foreign-news/112592/