mokadda engine off karanna hethuwa?
safety concerns da naththn wena mokak hari deyak thiyenawada?
උබලා දැකලා තියේද ෂෙඩ් වල පැත්තකින් තියනවා රතු පාට හෝ කොළ පාට ගාපු බට 4 ක් හෝ 5 ක් උඩට ගිහින් තියනවා. බුගත ටැංකි වල ඕවර්ෆ්ලෝ එක තමා ඒ. කෙලින්ම ටැංකියේ ඉදන් එන නල. පැට්‍රොල් නොර්මලි වෙපරයිස් වෙනවා. ඒ නිසා ටැංකිය ඇතුලේ ඇති වෙන පීඩනය අඩු වායු ගෝලීය පිඩනයට සමාන කරන්න තමා ඒ නල දාල තියෙන්නේ. ඒ නාල වල කටවල් ලග පැට්‍රොල් වෙපර් උන ඒවාගේ සංයුතිය වැඩි.
මේකේ අනික් කෙස් එක තමා එහෙම ඕවර්ෆ්ලෝ උනේ නැත්නම් මෙහෙන් තෙල් ගහන්න වෙන්නේ නැ . අයි අර අඩු වෙන තෙල් වලට සමානව ටැංකියේ වාතය පිරෙන්න ඕනේ . දැන් වර්ස් කෙස් එකකදී ඔය ඕවර්ෆ්ලෝ බට වලින් වෙපර්ස් වැඩි ප්‍රමාණයක් ඇවිත් ඒවා වාතයේ රැදෙන්න පුළුවන්. ඉතින් පොඩි ස්පාක් එකක් ඇති බෝම්බයක් ගැහුවා වගේ වෙන්න. එකයි එන්ජින් එක නවත්තන්න කියන්නේ. සිකරට් බොන්න එපා කියන්නේ.
මේ දේම වාහනයේ ටැංකියට තෙල් ගහනකොට වෙනවා. වාහනේ ටැංකිය අසල පැට්‍රොල් වෙපර් වැඩි. බැරි වෙලා ස්පාක් උනොත් ගිනි ගන්නවා.
ඕක නිකන් මේ වගේ. බයික් එකක් හෝ වහනෙක ටැංකියේ කටේ යතුර දාන හිල සබන් වලින් වහලා බලන්න වැඩි දුර යන්න වෙන්නේ නැ .
මොකද්ද බන් මේ පොම්පෙ නවත්ත නවත්ත නවත්ත ගහන එකේ අවුල? කොහොමත් එහෙමනෙ ගහන්න වෙන්නෙ? මොකද සමහර වෙලාවට ටැන්කිය පිරුනද කියල ඔලුව දාල බලන්න වෙනවනෙ. නේද??
දන්න එකෙක් කියපන්කො මචන් එහෙම ගහන එකේ වන්චාව?
තෙල් ගහලා නොසල් එක හෝල්ඩර් එකේ තියලා ආයි ඉස්සුවම තමා මීටර් එක 0 වෙන්නේ. දැන් හොර කරන එකා කරන්නේ තෙල් ගහලා නොසල් එක තියනවා වගේ එතනට පොඩ්ඩක් ලං කරලා එක පාරම තෙල් ගහන්න ගන්නවා. ඒ වෙනකොට මීටර් එකේ තියෙන්නේ ඊට කලින් එකා ගහපු ගණන් ටික.උබට වදින්නේ එතන ඉදලා.
මේක හැම වෙලේම කරන්න බැ . හිතපන් උබ 2000 ක් ගහන්න කියනවා. කලින් එකා 700 වගේ ගහලා නම් වැඩේ මාට්ටු. මොකද වදින්නේ 1300 යි නේ. වෙනස තේරෙනවා කලින් එකා 300 වගේ නම් අන්න ටක් ගහල්ලා වමට ගහනවා. උට 300 ක් ලාබයි . පැට්‍රොල් ගහන උන් දෙවිවරු නෙමේ.
------
Post added on Feb 22, 2022 at 7:45 PM