සංකල්පික ලෝකයක් .

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    සංකල්පික ලෝකයක් .

    සංකල්පික ලෝකයක් තුල ජිවත් වන ඔබට සහ මට ඒවායෙන් ගැලවීමට කිසිදු මගක් නොමැති බව පළමුව වටහා ගත යුතු ය .

    ego41z.jpg

    කාලය වනාහි සංකල්පයකි . සංකල්පික ලෝකයේ බුද්ධියට ගෝචර යමක් ඇද්ද එය තම බුද්ධියට සාපේක්ෂ වන්නකි . උදාහරණයක් වශයෙන් දිනකට පැය 24 ලෙස අප සලකමු . මදකට සිතන්න මුළු ලෝකයේ සියලුම පුද්ගලයන් දිනකට පැය 48 (දිනකට රාත්‍රී 2 ) ලෙස ඇත ය , යන්නට කැමති වී එය එසේ වෙනස් කරගත්තනම් ?

    කාලය ඒකාන්තයෙන්ම මායාවකි. හුදු සංකල්පයකි .

    පරීක්ශන නිරීක්ශන හා නිගමන යන තුන්විද උච්ච සාධකය පවා සංකල්පයකි . උදහරණයක් ලෙස ඔබම කල්පනා කර බලන්න පසුගිය සියවසේ විද්‍යාත්මක සංකල්ප බොහොමයක් මේ සියවසේදී විද්‍යාව විසින් ම බැහැර කොට ඉවත්කර ඇති අවස්ථා . මෙයට හොදම උදාහරණය ඔබටත් මටත් වැදගත් වන "පරමාණුව" යන සංකල්පය ය . මෙය ට පසුගිය සියවස් තුලදී කොතරම අර්ථ කතන , නිර්වචන පැවතියේද ?

    විද්‍යාවේදී අලුත් යමක් සොයා ගත සැනින් එයට අදාල පැරණි සංකල්පය ඉතා පහත් ලෙස බිද හෙලනු ලැබයි . විද්‍යාවේ ඇතැම් සංකල්ප රුසියානු ගැති , ඇමරිකානු ගැති , ස්වරුපයක් පෙන්නුම් කිරීම තවත් පැතිකඩකි .

    අන්වීක්ෂය සොයාගැනීමට මත්තෙන් ක්ෂුද්‍රජීවින් මේ ලොවේ සිටින්නට ඇත . එහෙත් අන්වීක්ෂය සොයාගත් පසු ක්ෂුද්‍රජීවින් කරලියට පැමිනේ . තවද පිරිසිදු ජලය අවර්නය යන්න පවා පැහැදිලි ලෙසම විද්‍යාවේදී කියාති මොහොතක තවත් අවස්ථාවක ලෝකධතුවේ සියලු දෘශ්‍ය සාධක වලටම නියමිත වර්ණයක් ඇතිබව ප්‍රකාශ කරයි . විද්‍යාව කිසිදින අවසන් නොවේ . අවසන් නොවීමට හේතුව විද්‍යාව යනු සංකල්පයක් වන නිසාය . සංකල්ප මොහොතින් මොහොත වෙනස් වේ .

    මොහොතකට සිතන්න , අතීතයේ සිටි නිර්මාණ කරුවකු ගල් කුළුණක් නිමවා එයට නිමවූ දිනය වෙලාව සටහන් කර ඇතයි කියා . වර්තමානයේ පුරාවිද්‍යා ගවේශකයා එම ගල්කුලුනට වයස ගණනය කර ලොවට පෙන්වීම කල හැකිය. පුරාවිද්‍යා බොහෝ සාධක නියතයන් ලෙස සලකියහැක්කේ එබැවිනි .

    විද්‍යාවට අදාල කාබන් 14 වයස්නිර්ණයට අනුව අතීතයේ රචනා කරන ලද පුස්කොළ පොතක වයස් නිර්ණය කර හැකිය . අතීතයේ සිටි මානවයාගේ වයස් නිර්ණය කර හැකිය .

    මම කිසිම සාධකයක් සාධාරණය කිරීමට නොයමි . මක්නිසාද යත් බුද්ධිය පුද්ගලාණුබද්ධ වන නිසා ය.

    මේ සුළු කරුණු දැක්වීම අවසන් කිරීමට පෙර ඔබට සිතන්නට යමක් කියමි . එනම් : -

    අප මහා බුදුරජාණන්වහන්සේ නිවන් මග පහදා දී බොහෝ පිරිසක් ඒ මග වෙත යොමුකර එමගින් සසර දුකින් මිදීමට මග පහදා දුන් සේක .

    එබැවින් ,

    මොහොතක් සිතන්න A සහ B ලෙස සමාන බුද්ධිප්‍රභාවයක් ඇති නියත සමාන , සමව ක්‍රියාත්මක වන ශරීර අංග ඇති දෙදනකු සිටිත් කියා ,

    නියත මොහොතක A හට නිවන කරා යාමට මග යොමු කරන අතර B හට විද්‍යාවේ පරතර වෙත යාමට මගට යොමු කරයි .

    යම් කාල ධතුවකදී නිවන කර ගමන් ගත A හට නිවන අවබෝධ වන අතර B හට විද්‍යාවේ පරතර වෙත යාමට නොහැකි වේ . ඒ මක්නිසාද යත් විද්‍යාව තුල නව සොයාගැනීම් බිහිවන්නට බිහිවන්නට තවත් විද්‍යාවේ පරතර (අවසානය) තමාට නොදනුමත්වම දිග්ගැස්සේ .එය පෘතග්ජන පුද්ගලයාගේ සසර මෙන් වේ.

    බුදුරජුන් දෙසු දහම , උන් වහන්සේ පෙන්වූ නිවන් මග ඔබ ඉතිහාස කතාවක ලෙස සලකනවද ?

    අවසානයක් නොමැති පරීක්ශන නිරීක්ශන හා නිගමන මත පදනම් වෙලා සසර ගමන තවත් දික්කරගන්නවද ?

    28w2f08.jpg

    තීරණ ඔබ සතුයි !
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    නිව්ටන් නියම වලිං බුද්ධාගම පහදන පෝස්ට්ස් අතරෙ මේ වගේ ඒව වාසනාවන්..
    ++
     
    http://magelokaya01.blogspot.com/2017/10/blog-post_19.html
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    හරියට හරි. විශ්වයේ සියළු විද්‍යාවන් අවබෝධ කර ගන්න පුළුවන් බුදුකෙනෙකුට විතරයි.
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    හරියට හරි. විශ්වයේ සියළු විද්‍යාවන් අවබෝධ කර ගන්න පුළුවන් බුදුකෙනෙකුට විතරයි.

    තැන්ක්ස් මචං , මේ පැත්තට අවට !
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඉතින් බං නිවන කියන්නෙත් සංකල්පයක්නෙ. විද්යාත්මක දේවල් අඩුම තරමෙ ඔප්පුවෙලාවත් තියෙනව.මිනිස්සු ඒවයින් වැඩත් ගන්නව මාර ප්‍රයෝජනවත් දේවල් අද වෙද්දි හොයාගෙන තියෙනව විද්යාවෙන්.ඒ විද්යාත්මක සංකල්ප වෙනස්වෙන හින්ද තමයි හැමතිස්සෙම විද්යාවත් එක්ක අලුත් දේ බිහිවෙන්නෙ..........:yes::)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඉතින් බං නිවන කියන්නෙත් සංකල්පයක්නෙ. විද්යාත්මක දේවල් අඩුම තරමෙ ඔප්පුවෙලාවත් තියෙනව.මිනිස්සු ඒවයින් වැඩත් ගන්නව මාර ප්‍රයෝජනවත් දේවල් අද වෙද්දි හොයාගෙන තියෙනව විද්යාවෙන්.ඒ විද්යාත්මක සංකල්ප වෙනස්වෙන හින්ද තමයි හැමතිස්සෙම විද්යාවත් එක්ක අලුත් දේ බිහිවෙන්නෙ..........:yes::)

    මම ඉස්සරවෙලා සරල විදියට ප‍්‍රශ්න කළේ ඕක තමයි....
    ආගම්වල ඉගැන්වීම් හැම දෙයක්ම සංකල්පනා කියන ගොඩට තමයි බැර කරන්න වෙන්නේ....
    හැම එකෙක්ම තමනගේ ආගම පැත්තෙන් හිතනවා තමන්ගේ ආගම තමයි පට්ටම ඇත්ත කියන්නේ කියලා.... ඊට විරුද්ධව අනිත් හැම ආගම් භක්තිකයෙක්ම පෙළ ගැහෙනවා... එතන තියෙන්නේ සංකල්පීය රාමුවක් නෙවෙයිද...?
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මම ඉස්සරවෙලා සරල විදියට ප‍්‍රශ්න කළේ ඕක තමයි....
    ආගම්වල ඉගැන්වීම් හැම දෙයක්ම සංකල්පනා කියන ගොඩට තමයි බැර කරන්න වෙන්නේ....
    හැම එකෙක්ම තමනගේ ආගම පැත්තෙන් හිතනවා තමන්ගේ ආගම තමයි පට්ටම ඇත්ත කියන්නේ කියලා.... ඊට විරුද්ධව අනිත් හැම ආගම් භක්තිකයෙක්ම පෙළ ගැහෙනවා... එතන තියෙන්නේ සංකල්පීය රාමුවක් නෙවෙයිද...?

    ඒක තමයි මාත් කියන්නෙ!!:yes: