මමත් මේ ටොපික් එක කිසිම වැදගත් කමක් නැති දෙයක් ක්යල සලකපු කාලයක් තිබුණා. ඒත් එහෙම කෙනෙක් එක්ක කතා කරන්න ලැබුණට පස්සෙ ගොඩක් දේවල් ගැන හිතුව විදිය වෙනස් උණා.
උබල කියනවා ඒක ප්‍රමෝට් කරන්න එපා ලූ.
මගේ තර්කය -
ඇත්තට ම උන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් හඩක් නැගුවා ම ඒක ප්‍රමෝට් වීමක් වෙන්නෙ කොහොමද?
උපතින් සංක්‍රාන්ති සමාජභාවී නොවන කෙනෙක් කවදාවත් මේක කරන්න පෙළඹෙන්නෙ නැහැ.
හැබැයි සමහර ගණිකා වෘත්තියේ යෙදෙන පිරිමි මේ දේ කරගැනීම ප්‍රශ්නයක්.
එතනින් පහර වැදෙන්නෙ සමස්ත සංක්‍රාන්ති ලිංගිකයන්ට.
ඒත් ඒකට අනිත් සංක්‍රාන්ති ලිංගිකයො පලි නැහැ නේද?
ලංකාවෙ ගණිකාවො හිටිය කියල අනිත් කාන්තාවොන්ව උබල ඒ විදියට දකින්නේ නෑ නේද?
එක සිංහල මිනිහෙක් මිනී මැරුව කියල උබල හැම සිංහලයම මිනීමරුවො කියල දකින්නෙ නෑ නේද?
ගොඩක් උන් හිතන් ඉන්නෙ සංක්‍රාන්ති ලිංගිකයො කියන්නෙ ටික් ටොක් උට්ටියො කියල. ඒත් උබල දන්නවා ද රජයේ විශ්ව විද්‍යාල වලින් ඉගනගෙන තියෙන සංක්‍රාන්ත් ලිංගිකයො ඉන්නවා කියල.
ටික් ටොක් කරන උන්ගෙන් සංක්‍රාන්ති ලිංගිකයො මනින එක නවත්තන්න.
මම මේ ළග දී හදුනා ගත්ත සංක්‍රාන්ති ලිංගික (පුරුෂ) පුද්ගලයන් අතර වෛද්‍යවරු තුන් දෙනෙක්, ගණකාධිකාරිවරයෙක්, මිනින්දෝරුවෙක් ඉංජිනේරු පීටයෙ තුන් දෙනෙක් ඉන්නවා.
ප්‍රසිද්ධ හෝටල් ජාලයක Crew members ලා දෙන්නෙක් ඉන්නවා.
හොදට ඉගන ගත්තට රැකියා විරහිත තරුණයො තුන් දෙනෙකුත් හම්බ උණා.
උබල කියනවා උන්ගෙ අනුන්ගෙ මූණෙ උන් ට්‍රාන්ස් කියල අහවල් එක ගහ ගහ යනවා කියල.
ඒත්උබල දන්නවා ද ඇත්තට ම උන්ට ඕන උන් ට්‍රාන්ස් කියන කතාව හංගන්න.
ඒත් ඒකට ඉඩක් නෑ. අනවශ්‍ය දේවල් කොහෙන් හරි හාර අවුස්සගෙන උන්ගෙ ජීවිත අවුල් කරන උන් උබලා අතරම ඉන්නවා.
උන්ගෙන් කීප දෙනෙකුගෙ කතාවල් කෙටියෙන් කියන්නම්.......
එක කොල්ලෙක් ජොබ් එකකට ගියා ම ඒකෙ Epf etf බලන මිනිහා ඕක දැනගෙන ඒක ඔෆිස් එකේ හැමෝට ම කියල ඌව කොන් කරලා හැමෝම.
තව එකෙක්ගෙ අතීත කතාව ඔෆිස එකේ එකියකගෙ කණට වැටිලා මුලින් මල්ලි කියල කතා කරපු ඔක්කොම උන් ඌට මිස් කියන්න පටන් අරන්. රැවුල වවලා ලස්සනට ඉන්න කොල්ලෙක්ට මිස් කියල ඔෆිස් එකට එන මිනිස්සු ඉස්සරහ කියද්දි ඌ කොච්චර පව් ද බං .
තව එකෙක් බදින්න යද්දි උගේ පරණ ෆොටෝ එකක් අරන් ගමේ හැමෝට ම පරණ කතාව කිය කිය ගිහිල්ලා.
තව එකෙකුට පුරුවිද්‍යා දෙපාර්තමේන්තුවේ හොද ජොබ් එකක් ලැබෙන්න ගිය එක සංක්‍රාන්ති ලිංගික පුරුෂයෙක් වීම නිසා අහිමි වෙලා.
අහවල් එක හිලක් ද පයියක් ද බලන්න දගලපු අවස්ථා තියෙනවා.
එතකොට කවුද බං උන්ගෙ ලිංගය හාර අවුස්සන්නෙ?
උබලා ම නේද?
උන් කොච්චරවත් කෑ ගහන්නෙ උන්ට ඉගනගන්න බෑ සාමාන්‍ය පාසල් වල. උන්ගෙ වෙනස නිසා ගුරුවරු ළමයි අනිත් ළමයින්ගෙ දෙමව්පියො උන්ට හිරිහැර කිරීම කොන් කිරිම වාචික හිංසන කරනවා.
උන්ට රස්සා කරන්න බෑ ඉන්ටවිව් වලින් හැලෙනවා.
උන්ගෙ මූලික අයිතිවාසිකම් ඕන තරම් කඩ වෙනවා සෞඛ්‍ය අධ්‍යාපන වගේ හැම ක්ෂේත්‍රයක දී ම.
උන් ඒවට කෑ ගහන එක ප්‍රමෝට් කිරීමක් වෙන්නෙ කොහොමද?
ඕවා ලොකුවට ප්‍රමෝට් කරන එකයි වැරද්ද. තමුන්ගෙ පාඩුවෙ ඉන්නවනම් එච්චරයි.
------
Post added on Mar 20, 2021 at 4:15 PM
උඹලට කවදා හරි නෝමල් ට්‍රාන්ස් එකෙක් හම්බවෙලා තියනවද? මමනම් දැකලා තියන එවුන් හෙන පිස්සු නටන චාටර් එවුන්. උන්ට ඕනෙ මම ට්‍රාන්ස් කිය කිය අනිත් මිනිස්සුන්ගෙ ඇහැට ඇඟිල්ලෙන් ඇන ඇන ඉන්න. ට්‍රාන්ස් බැරිනම් මොන මගුලක් උනහම අපිට මොකද. අපි ස්ට්‍රේට් කියල ගැජට් එක පෙන්න පෙන්න පාරෙ යන්නෙ නැනෙ. ඒක උන්ගෙ පෞද්ගලික දෙයක්, අපිට ඕකුන් හැමිනෙන්නෙ කාත් එක්කද කියල වද වෙනවට වඩා වැඩ තියනවා.
------
Post added on Mar 20, 2021 at 4:15 PM