බොහොම වැදගත් පැහැදිලි කිරීමක් මචන්. අපි බෞද්ධ දර්ශනය තුල ඉගෙන ගන්නේ ඉතා කුඩා කොටසක් විතරයි වගේ බං. මේ වගේ සංකීර්ණ දේවල් ගැන බුදුන් වහන්සේගේ දේශනා තුල විස්තර කරලා තියෙනවා නේද? පුරුෂ භාව රූපය නොලැබීමෙන් ස්ත්‍රී භාව රූපය ලැබෙනවා කියන එක අර Y වර්ණදේහය නොලැබීම ගැන කියවෙන දෙයක් වගේ නේද? XY නම් පිරිමි. XX නම් ගැහැණු. ඒ කියන්නේ පුරුෂ භාව රූපය ලෙස බුදු දහමේ සඳහන් වෙන්නේ මේ කියන Y වර්ණදේහය ගැන නේද මචන්?
මම දැකල තියනවා කීප දෙනෙක් මේ X/Y පැහැදිළි කිරීම ඉදිරිපත් කරනවා. නමුත් X/Y කතන්දරය භාව රූප සමඟ කෙළින්ම සම්බන්ධ වෙන්නේ නෑ.
උදා - Androgen insensitivity syndrome කියන තත්වයේදී XY තියන කාන්තාවක් බිහි වනවා. ඇයට සියළු කාන්තා ලක්ෂණ තිබුණත් ගර්භාෂයක් නෑ. යෝනිය තරමක් කෙටිව පිහිටා තිබෙනවා. ඔවුන්ගේ තත්වය හඳුනා ගන්නේ ආර්ථවය සිදු නොවන නිසා පරීක්ෂා කිරීමේදීයි. ඔවුන් කාන්තාවන් වශයෙන්ම සමාජයේ ජීවත් වනවා.
දැන් මෙතනදී Y තිබ්බට පුරුෂ භාව රූපය නෑ.

සැ.යු. - භාව රූප ශරීරයේ පැතිරී පවතී. ඒවා උපදවනේද පවත්වා ගන්නේද හේතු හතරක් මඟිනි. කර්මය මඟින් උපදවන භාව රූප කර්මජ භාව රූප වේ. මේවා පවත්වා ගන්නේද කර්මය විසිනි. පුරුෂ භාව රූපය සඳහා අදාළ වන කර්මය ක්‍රමයෙන් ක්ෂය වන විට අදාළ භාව රූපයද ක්ෂය වේ. එනම් පුරුෂයා ක්‍රම ක්‍රමයෙන් ස්ත්‍රියක වේ. එනම් මෙම ක්‍රියාවළිය සෙමින් සිදු වීමද බුදු දහමින් පැහැදිළි කර ඇත.
Last edited:







