සංකාර කියන්නෙ මොනවද??

Prabhaswara

Member
Feb 26, 2017
104
22
0
සංකාර කියන්නෙ මොනවද??

buddha-225x300.jpg

අපි හැමෝම අහල තියෙනව සංකාර හෝ සංස්කාර කියල වචනයක්.

බුදු හාමුදුරුවොන්ගෙ අවසාන බුද්ධ වචනයෙන් උන්වහන්සේ දේශණා කළා කියල අපේ ඉස්කෝලෙ පොතේ තිබ්බෙ මෙහෙම.

"මහනෙනි, සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය, නොපමාව කුසල් දහමෙහි යෙදෙන්න"

තව අපි හැම මරණ දැන්වීමකම දකිනව "අනිච්චාවත සංකාරා" කියල ලියල තියෙනව.

හැබැයි අපේ ඉස්කෝලෙ ටීචර්ල කලේ මේක කට පාඩම් කර ගන්න කිව්ව එක. හැබැයි කවුරුත් සංස්කාර කියන්නෙ මොකක්ද කියල පැහැදිලි කලේ නෑ.

අපි මහා ලොකු දෙයක් කියල හිතන් හිටපු සංකාර යන්නෙන් අදහස් වන්නේ සරළවම කිව්වොත් "රාග, ද්වේශ, හා මෝහ" යන තුනයි.

යම් කෙනෙක් යම් දෙයක් දැකල අහල හෝ හිතින් හිතල ඒ දේ කෙරෙහි ඇලෙනවනම් ඒ තමයි රාගය. ආස්වාදය කියල කියන්නත් පුලුවන් මේකට.

උදාහරණයක් විදියට කාර් එකකට කැමති කෙනෙක් කාර් එකක් දැක්කොත් ඒක දිහා බලල හිතින් එක එක විදියට සතුටු වෙන්න උත්සහ කරනව. හවස ගෙදර ඉන්න වෙලාවටත් කාර් එක මතක් කරල සතුටු වෙනව. මෙන්න මේක තමයි රාගයෙන් සංකාර කරනව කියන්නෙ. කෙටියෙන්ම කිව්වොත් රාගයෙන් හිතනව.

ද්වේශය කියන්නෙ අපේ හිතේ ඇති වෙන ඍණාත්මක සිතිවිලි. ඒ කියන්නෙ තරහව, බය, දුක, පාලුව වගේ ඍණාත්මක සියලුම සිතිවිලි ද්වේශයයි.

අපි හිතමු ඔෆිස් එකේදි කෙනෙක් අපිට බැන්න කියල. එතකොට අපි කරන්නෙ එයා බැනපු එක ගැන නැවත නැවත හිතමින් පුපුර පුපුර ඉන්න එක. මේක තමයි ද්වේශයෙන් සංකාර කරනව කියන්නෙ.

මෝහය කියන්නෙ මේ රාග ද්වේශ යන දෙක ඇති වෙන්න බලපාන දේ කිව්වොත් හරි. මිනිස්සු මේ ලෝකය ඉච්ඡ, සුඛ, අත්ත ලෙස දකින එක මෝහයයි. ඒ කියන්නෙ අපි එක එක ක්‍රියාකාරකම් කරල මේ ලෝකයෙන් අපේ කැමැත්තක් ඉශ්ඨ කර ගන්න තමයි නිරතුරුවම උත්සහ කරන්නෙ. ඒ අය හිතන්නෙ බාහිරින් තියෙන දේවල් වලින් ආශ්වාද විඳල අපිට සතුටු වෙන්න පුලුවන් කියල. මෙන්න මේ දෘෂ්ඨිය තමයි මෝහය හෙවත් මෝඩ කම කියන්නෙ.

මේ ගැන දැන ගන්න මං කලින් දාපු ත්‍රේඩ් එක බලන්න.
http://www.elakiri.com/forum/showthread.php?p=21472687#post21472687

එතකොට බුදු හාමුදුරුවො "සබ්බ සංකාර අනිච්ච'' යන්නෙන් අදහස් කරේ කුමක්ද??

අනිච්ච කිව්වෙ කැමැත්ත ඉශ්ඨ වෙන්නෙ නෑ කියන එක.

සබ්බ කියන්නෙ සියලුම දේවල් කියන එක.

සංකාර කියන්නෙ රාග, ද්වේශ හා මෝහයෙන් බැඳීම,

ඒ කියන්නෙ ලෝකයට කොච්චර රාගයෙන් ඇලුනත්, ද්වේශයෙන් ගැටුනත් අපේ හිතේ කැමැත්ත ඉශ්ඨ වෙන්න නෑ කියන එකයි.

සබ්බ සංකාර අනිච්ච: සියලු රාග, ද්වේශ මෝහයන්ගෙන් කැමැත්ත ඉශ්ඨ කර ගන්න බෑ.

දැන් ඔබට අවසන් බුද්ධ වචනය පැහැදිලි වෙන්න ඇති කියල මං හිතනව.

307a05edcd94a3bf58fa0bc704e8b208.jpg

තවත් ලිපියකින් නැවත හමුවෙමු!
 
Last edited:

bulkhead

Member
Nov 19, 2015
4,019
147

මේවගේ 4tos තියේනම් දාපන්කො
 
ewijesekara

Well-known member
  • Mar 10, 2017
    2,145
    2,966
    113
    Back Bay-Beacon Hill, Boston
    මෙහෙම ගමු. මට හොදටම තිබහයි. මම හිතනවා දැන් නම් කූල් කෝක් එකක් තිබ්බොත් මරු කියා. ඉතින් මම ලඟම තියෙන කඩයට ගිහින් කූල් කෝක් එකක් අරන් බීලා පිපාසයත්, කෝක් දොල දුකත් නිමා ගන්නවා. දැන් මෙතන යම් සිද්දියක් වුනා. මම මගේ කැමැත්ත ඉස්ට කර ගත්තා. ඒ කියන්නෙ යම් යම් අවස්තාවල් වලට අනුව යම් යම් දේ "නිච්ච " වුනා කියන එකද? (එහෙම නම්, ඒ අවස්තාවේ "සුඛයකු" ත් වුනා රසය නිසා, පිපාසය නිවීම නිසා)
    මට නම් මාර අවුල් මේ "අනිච්ච" කියන්නේ "කැමැත්ත ඉස්ට කරන්නේ නෑ කියන එක"
    :confused::confused:
     
    Mage kalin thread eka balanna.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,718
    340
    83
    හෙළ බිමේ
    මෙහෙම ගමු. මට හොදටම තිබහයි. මම හිතනවා දැන් නම් කූල් කෝක් එකක් තිබ්බොත් මරු කියා. ඉතින් මම ලඟම තියෙන කඩයට ගිහින් කූල් කෝක් එකක් අරන් බීලා පිපාසයත්, කෝක් දොල දුකත් නිමා ගන්නවා. දැන් මෙතන යම් සිද්දියක් වුනා. මම මගේ කැමැත්ත ඉස්ට කර ගත්තා. ඒ කියන්නෙ යම් යම් අවස්තාවල් වලට අනුව යම් යම් දේ "නිච්ච " වුනා කියන එකද? (එහෙම නම්, ඒ අවස්තාවේ "සුඛයකු" ත් වුනා රසය නිසා, පිපාසය නිවීම නිසා)
    මට නම් මාර අවුල් මේ "අනිච්ච" කියන්නේ "කැමැත්ත ඉස්ට කරන්නේ නෑ කියන එක"
    :confused::confused:

    රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් යුක්තව උපාදානය කරගත් දේ දිගින් දිගටම තමන්ගෙ වසඟයෙ පවත්වන්න නවත්වන්න නොහැකි බවයි බුද්ධ දේශනාව.
     
    Prabhaswara

    Member
    Feb 26, 2017
    104
    22
    0
    බුදු දහමෙ කතා කරන්නෙ ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංච ඉන්ද්‍රීයන්ගෙ ආශ්වාද කැමැත්ත ගැන. ඔයා හිතන්න ඔයා ඇසින් රූප බලල සම්පූර්න තෘප්තිමත් උනා නම් තව දුරටත් ලස්සන රූප පස්සෙ යන්නෙ නෑ නේද ආශ්වාද විඳින්න? සින්දු අහන්න ආස කෙනෙක් මුලින්ම එක සින්දුවක් අහනව. ඒක අහල ඉවර උනාම ආයෙ පාරක් අහනව. ඔහොම ඔහොම දහ පාරක් විතර ඕකම අහනව. පොඩ්ඩක් හිතන්න ඇයි ඒ කෙනා ආයෙ ආයෙ ඒක අහන්නෙ? ඒ මොකවත් නෙවෙයි සින්දුවේ නැති ආශ්වාදයක් හිතේ හදාගෙන සතුටු වෙන එක තමයි එයා කරන්නෙ. එය කී පරක් ඒක ඇහුවත් පූර්ණ තෘප්තියකට එන්න බෑ. ඒ කිව්වෙ සින්දු අහන කැමැත්ත සම්පූර්ණයෙන් ඉශ්ඨ කර ගන්න බෑ. මොකද සින්දුවේ ආශ්වාද මාත්‍රයක්වත් නෑ
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,617
    644
    113
    :yes: මේ විදියට සරලව පැහැදිලි කිරීම ගොඩක් වටිනවා. :yes:
    :) බොහොම ස්තුතියි... තෙරුවන් සරණයි...! :)
     
    MRaavan

    Member
    Dec 10, 2018
    5
    2
    3
    කවුද බන් මේක කිව්වෙ. මම දන්න විදිහටනම් මේක පට්ට පල් බොරු. ත්‍රිලක්ශනයට නෙමේ සංසාරය කිව්වේ සංකාරය කිව්වෙ සියල්ලම හට ගැනීම කියන ධර්මයට..සියලු සංකාර ධර්මයෝ නැසෙන සුලුයි. කිව්වෙ හට ගන්නා ලඩ සියලූම දෑ නසෙන සුලුයි කියලා
     
    Last edited:
    • Like
    Reactions: ewijesekara

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,324
    83
    48
    මේ පොඩි දරුව කියනව මේ මුළු ලෝකෙම හැදිල තියෙන්නෙ සිතුවිලි වලින් කියල

    අපේ විඤ්ඤානය හැදිල තියෙන්නෙ ඕකෙන් තමා..

    කොන්ටම් භෞතිකයෙත් කියනව අපි යමක් නිරීක්ෂණය කරනවිටයි එය පවතින්නෙ කියල..
    නිරීක්ෂකයෙක් නැත්තං මේ ලෝකෙට කිසිම තේරුමක් නෑ
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    2,749
    787
    113
    EARTH

    Any sourse?