සංග්‍රාම භූමිය-12

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සංග්‍රාම භූමිය-12

    hk3Ytjt.jpg

    2016 වර්ෂය අවි සහ යුදෝපකරණ අතින් චීන හමුදාව ජයග්‍රහණ රැසක් ලබාගත් වසරකි.ඒවා අතරින් වැඩි අවදානයක් දිනා ගත්තේ ලියොනින්ග් ගුවන් යානා ප්‍රවාහන නෞකාව දියත් කිරීම සහ ස්ටෙල්ත් ෆයිටර් ජෙට් යානයයි.පහත දැක්වෙන්නේ චීනුන් පසුගිය වසරේදී හඳුන්වා දුන් ඔවුන්ගේ නවතම අවි සහ යුදෝපකරණ කිහිපයකි.


    ජේ-20 ස්ටෙල්ත් ෆයිටර් ජෙට් යානය

    ජේ-20 ස්ටෙල්ත් ෆයිටර් ජෙට් යානය පළමුවරට මහජන ප්‍රදර්ශනයට තබන ලද්දේ 11 වන චීන ජාත්‍යන්තර ගුවන්තරණ සහ ගගන ප්‍රදර්ශනයේදීය.චීන ගුවන් හමුදාවට අඩුවක්ව තිබූ ස්ටෙල්ත් ප්‍රහාරක යානාවල පුරප්පාඩුව මේ ඔස්සේ පිරවිණි.

    8niLLog.jpg
    J-20 stealth fighter​




    වයි-20 ප්‍රවාහන ගුවන් යානය

    වයි-20 හමුදා ප්‍රවාහන ගුවන් යානය නිල වශයෙන් චීන ගුවන් හමුදාව එක්වූයේ පසුගිය වසරේ ජූලි මාසයේදීය.එහි ගෙන යා හැකි උපරිම බර ප්‍රමාණය ටොන් 200කි.ඕනෑම කාළගුණ තත්ත්වයක් හමුවේ භාණ්ඩ සහ සෙබලුන් දිගු දුරක් ප්‍රවාහනය කල හැකි අයුරින් එය සැලසුම් කර තිබේ.ඇමෙරිකානු සී-17 යානය,එයාර්බස් ඒ400එම් සහ ඇන්ටනොව්-70 යානාවල ලක්ෂණ මුහුකර මෙම යානය නිර්මාණය කර තිබෙන බව විශේෂඥ මතයයි.

    sdQEuFY.jpg
    Y-20 ප්‍රවාහන ගුවන් යානය​




    ලියොනින්ග් ගුවන් යානා ප්‍රවාහන නෞකාව

    චීනය සතු එකම ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන මෙය 2016 වර්ෂයේදී කහ මුහුද ආශ්‍රිතව යුද අභ්‍යාසයක් සඳහා යොදාගන්නා ලදි.එහිදී සහ ආදී නෞකා විශේෂ පිරිවරාගෙන ඔත්තු බැලීම,පුර්ව අනතුරු ඇඟවීම,ගුවන් අතුරුවරනය,මුහුදු ප්‍රහාර,ගුවන් ආරක්ෂාව සහ ප්‍රති-මිසයිල ආදී අභ්‍යාසවල යෙදිණි.නෞකාවේ ජේ-15 යානා කිහිපයක්ද රැගෙන ගිය අතර ඒවාද මෙම අභ්‍යාසය සඳහා භාවිත කරන ලදි.මෙම යුද අභ්‍යාසය සුවිශේෂි එකක් වූයේ සජීවි උණ්ඩ යොදාගැනීම නිසාය.

    bfMAFyr.jpg
    Liaoning ගුවන් යානා ප්‍රවාහන නෞකාව​




    ඒජී600 මුහුදු ගුවන් යානය

    දැනට ලොව තිබෙන විශාලතම උභයචර ගුවන් යානය වන්නේ ඒජී600 යානයයි.එය ප්‍රමාණයෙන් බොයින් 737 යානයකට සමාන බව කියවේ.ලොව විශාලතම මුහුදු ගුවන් යානය ලෙස එයට ලැව් ගිනි නිවීම් සහ සාගරයේ දිවිගලවාගැනීම් මෙහෙයුම් සිදුකිරීමේ හැකියාව තිබේ.ඊට ගෙන යා හැකි ද්‍රව්‍ය වල බර ටොන් 53,5කි.

    rMTmQWB.jpg
    Sea plane AG600​




    ටයිප්-96බී යුද ටැංකිය

    චීන යුද හමුදාවේ යුද ටැංකි සේනාවේ කොදු නාරටිය වන්නේ ටයිෆ්-96බී යුද ටැංකියයි.පසුගිය වසරේ මොස්කව් හි ඇලබිනෝ නගරයේ පවත්වන ලද යුද ටැංකි ක්‍රීඩා උළෙලට චීනය සහභාගී වූයේ ටයිප්-96බී යුද ටැංකි යොදාගෙනය.එය මිලෙන් අධික ටයිප්-99 යුද ටැංකිවල අඩුව පිරවීමට නිර්මාණය කල ලාභදායි යුද ටැංකි මාදිලියකි.

    SZYHYNe.jpg
    Type-96B ටැංකිය​




    චීන ගුවන් ප්‍රදර්ශනය 2016

    සුහයි නගරයේ පවත්වන්නට යෙදුණු චීන ගුවන් ප්‍රදර්ශනය චීනය සතු නව යුදෝපකරණ ලෝකයා ඉදිරියට ගෙන යාමට වටිනා අවස්ථාවකි.සීඑම්-302 සුපර්සොනික් ප්‍රති-නෞකා කෲස් මිසයිල,වයි එල් සී-8බී ප්‍රති-ස්ටෙල්ත් රේඩාර් පද්ධතිය,ත්‍රිමාන ඔත්තුබැලීමේ රේඩාර් පද්ධතිය ආදිය එවර ප්‍රදර්ශනයට ඉදිරිපත් කරන ලදි.ඊට අමතරව රේන්බෝ අංක5 ඩ්‍රෝන් යානය,VT-2 සහ VT-4 යුද ටැංකිද මෙහිදී ප්‍රදර්ශනය කෙරිණි.






    Source:defence-blog.com

    -HarshaLulzSec-
     
    • Like
    Reactions: thilina.rp