සංගාගේ රහස් හෙලිවේ!!!

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
සංගාගේ රහස් හෙලිවේ!!!

ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාරගේ පියා නුවර පළාතේ ප‍්‍රකට නීතිඥවරයෙකි. මව කුමාරි සංගක්කාර සරසවි උපාධිධාරිණියක වන අතර, සරසවි අධ්‍යාපනයෙන් පසුව ඇය එහි ඉංගී‍්‍රසි අංශයේ කථිකාචාර්යවරියක ලෙස සේවය කර ඇත. මේ යුවළට දරුවන් හතරදෙනෙකි. දූවරු දෙදෙනෙක් සහ පුතුන් දෙදෙනෙක් ඊට අයත්ය. සංගා ඒ සහෝදර සහෝදරියන් අතර බාලයාය. ඔහුගේ ලොකු අක්කා මානව සම්පත් අංශයේ කළමනාකාරවරියක ලෙස දිවයිනේ ප‍්‍රකට ආයතනයක සේවය කරයි. අයියා ගණකාධිකරණ අංශයේ සහ අනෙක් සොයුරිය ව්‍යාපාරික ආර්ථික විද්‍යා අංශයේ උපාධිධාරිණියකි. සංගාගේ කුඩා කාලයගෙදර කාගේත් ආදරය දිනූ චරිතය ඔහුය. පවුලේ බාලයා වීම සහ පි‍්‍රයමනාපකම ඊට ප‍්‍රධාන හේතුය. හැමෝගෙම ආදරය දිනූ සංගා අනෙක් ළමයින් මෙන් සෙල්ලමට වඩාත් ළැඳි විය. කි‍්‍රයාශීලී චරිතයක් වූ ඔහු ත‍්‍රිත්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අතර, කී‍්‍රඩාවට සහ ඉගෙනීමට මෙන්ම පාසලේ විවිධ අංශවලට දායකව කටයුතු කළ දීප්තිමත් චරිතයකි. ඉගෙනීම් කටයුතු සඳහා පමණක් යොමු කිරීම මවගේ අපේක්‍ෂාව වුවද සංගාගේ ආදරණීය අප්පච්චි බාහිර කි‍්‍රයාකාරකම්වල යෙදීමට නිදහස ලබා දී තිබේ. ‘ඔහු කී‍්‍රඩාවට කැමති නම් එය කරපුවාවේ, එයින් දක්‍ෂ නම් ඉගෙනීමත් හරියට කරාවි’ යන අදහස සැමියා දැරූ බව සංගාගේ මෑණියන් සිහිපත් කරයි. හැබැයි කරන කුමකින් හෝ මුදුනටම යා යුතු බවත් ඔහුගේ හැඟීම වී තිබේ. එනයින් බලන කල සංගා අද සිටින තැනට පැමිණ ඇත්තේ වාසනාව පමණක් තිබූ නිසා නොවේ. හොඳ මාපිය යුවළකගේ බුද්ධිමත් මඟපෙන්වීම නිසා බව අපට වැටහේ.


බැඞ්මින්ටන් සහ ටෙනිස් ශූරයා
දරුවන් නිවාස අඩස්සියේ නොතබා නිදහස ලබාදුන් නිසාම සංගා මෙන්ම ඔහුගේ අයියා සහ අක්කලා දෙදෙනා ද තම තමුන්ට කැමති මාර්ගවල නිරත වූහ. පාසලේ දී 11 න් පහළ බැඞ්මින්ටන් ශ්‍රී ලංකා ශූරතාවය දිනූ සංගා ටෙනිස් කී‍්‍රඩාව සඳහා ශ්‍රී ලංකා 11න් පහළ ශූරතාවය ද හිමිකරගෙන තිබේ. සංගාගේ දෙවැනි අක්කා සාරංගා ටෙනිස් කී‍්‍රඩා කළ අතර, ඇය ශ්‍රී ලංකා ශූරිය වී තිබේ. අයියා වෙමින් ත‍්‍රිත්ව විද්‍යාලයීය කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කළ දක්‍ෂ පන්දු යවන්නෙකි. සංගා කි‍්‍රකට් කී‍්‍රඩාවට අවතීර්ණව ඇත්තේ ඉහත සඳහන් කළ සියල්ල කරන අතරේදී ය.


බාහිර කි‍්‍රයාකාරකම්
බැඞ්මින්ටන්, ටෙනිස් ශූරයා වූ සංගා පසුව පිහිනුම් අංශයේද දක්‍ෂතා පෙන්වා ඇති අතර, ගායනයට මෙන්ම වයලීන් වාදනයටද එකල දක්‍ෂතා පෙන්වීය. විද්‍යාලයීය සංගීත සංධ්වනියේ සාමාජිකයෙකු වූ ඔහු පංතියේ නිතරම පළමුවෙනියා නොවුවත් විෂයයන් සඳහා ඉහළ ලකුණු ලබාගෙන තිබේ. එ සියල්ලට අමතරව ගීත ගැයීමේ හැකියාව ගැන ද සිහිපත් කළ යුතුමය.


උසස් පෙළ ඉහළින් සමත්වීම
අධ්‍යාපන කටයුතු සහ බාහිර කි‍්‍රයාකාරකම්වල යෙදෙමින් පාසල් ජීවිතය ගෙවූ ඔහු ඊට සමු දී ඇත්තේ උසස් පෙළ A3 ක් සහ B1 වශයෙන් ඉහළ සමාර්ථ ලබමිනි. ඉන්පසු නීති පීඨයට ඇතුළත් වූ අතර පළමු කඩඉම (විභාගය සමත් වී තිබේ. කි‍්‍රකට් වලින් සමුදුන් පසු එහි උපාධිය සහ ඊටත් එහා ගිය දැනුම ලබාගැනීම ඔහුගේ අපේක්‍ෂාව බව මව සඳහන් කරයි.)


වයස අවුරුදු 9 දී කාර් එක පැද වූ සංගා
දිනෙක සංගාගේ මාමා කෙනෙක් නිවසට ආවේය. ඔහු නිවසේ අය සමග සතුටු සාමීචියේ යෙදී සිටියදී කුඩා සංගා මාමා පැමිණි මෝටර් රථයට ගොඩ වී එය පණ ගන්වා ධාවනය කිරීමට උත්සාහ ගත් අතර, රියැදුරු සිටි නිසා වාහනය පාලනය කරගෙන තිබේ. එසේ නොවුවා නම් එදා ලොකු අනතුරක් වීමට ඉඩ තිබිණ.


රියැදුරු පුහුණුව තනිවම
රියැදුරු පුහුණුව ලබා ඇත්තේ ස්වෝත්සාහයෙන් බව මව සිහිපත් කරයි. ඊට අදාළ පොත කියවා තමා විසින්ම සියල්ල පුරුදු පුහුණු වී තිබේ.



දුර්වලකම
සංගාගේ හොඳ විතරද? දුර්වලකම් නැද්ද කියා අප මවගෙන් විමසූ විට ඇය කියා සිටියේ මෙහෙම දෙයකි.

”එක කාලයකදි දඟකාර චරිතයක් වූ නිසා මම ටිකක් තදින් හිටියා. මට බය තිබුනේ ඉගෙනීම් කටයුතු කඩාකප්පල් කර ගනීවි කියලයි. ඒත් කුමාරගේ තාත්තා ජීවිතය ගැන බලන්නෙ හරිම සමබරවයි. කුමාර පුතා තාත්ත වගේම ලෝබ නැහැ. සමහර විට ඕනෑවටත් වඩා වියදම වැඩියි. එ්වා දුර්වලකම් හැටියට මම දැකපු දේවල්. ඒත් අද විවාහයෙන් පස්සෙ මේ දේවල් කොහොමද දන්නෙ නැහැ”


විවාහය
මව සඳහන් කළ විදියට එය ඕනෑම මවක සතු වගකීම ලෙස අපට සපථ කළ හැකිය. සියල්ල හමුවේ මව තරමක් තදින් සිටි නිසා කුමාර බය අම්මාට පමණි. තාත්තා දරුවන් සමග වඩා මිත‍්‍රශීලීවීම නිසා ඕනෑම දෙයක් ඔවුන් කියන්නේ තාත්තාටය. නමුත් සංගාගේ මව විවාහයට බාධා කර නැත. සංගා + යෙහාලි විවාහය සිදුවූවේ පාසල් කාලයේ සිට තිබූ පෙම් සබඳතාවක් මතය. එදා දඟකාර චරිතයක් වූ නිසා විවාහය වැනි සංකීර්ණ දෙයකට සංගා මෝරා නැති බව සිතා මව තරමක චකිතයකින් පසු වී ඇත. ඒත් අද දරු දෙදෙනෙකුගේ පියෙකු ලෙස සංගා ගතකරන ජීවිතය දිහා බලද්දි මවක ලෙස ඇය අපමණ සතුටක් ලබයි. විවාහ වූ පසු සමහර දරුවන් මව්පියන් වෙතින් දුරස් වුවද, සංගා එදා වගේම අදද පවුලට වඩා සමීප දරුවෙකි. හෝකන්දර වැනි පළාතක ගහ කොළ ඇති තැනෙක නිවස පවා තනා ඇත්තේ සංගා තම දරුවන්ට පරිසරයේ ආස්වාදය ලබාදීමේ අරමුණ වූ නිසාය. ඔහු සොබාදහමට වඩා ආදරය කරන චරිතයකි.


ඉංගී‍්‍රසි භාෂාව සඳහා චතුර කථිකත්වයට හේතුව
සංගා ඉංගී‍්‍රසි භාෂාව කතා කිරීමට වඩා චතුර බව බොහෝ දෙනා කියන දෙයක්. කුඩා කල සිටම බෙහෙවින් පොත පත කියවීමට පුරුදුව සිටීම ඊට හේතුව බව මව සඳහන් කරයි. අදද සංගා විවිධ පොත්පත් කියවන අයෙකි. කියවීමට රුසියෙකු වූ ඔහු දේශපාලන සාමාජයීය, ආර්ථික මෙන්ම විවිධ විෂයයන්ට අදාළව පොත් පත් පරීශීලනය කරන අයෙකි.


නායකත්වය
සංගා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත්වීම ඔහුගේ පවුලේ අයට විශාල ආඩම්බරයකට කරුණක් නොවේ. එය සතුටට කරුණක් බව සැබෑය. සංගාගේ පවුලේ උදවිය ජීවිතය එහෙන් මෙහෙන් අත පත ගාන අය නොවේ. ජීවිතයට බරක්, අරුතක් දීමට කටයුතු කරන අය බව මේ සියල්ල දෙස බැලීමේදී අපට පැහැදිලි වන කරුණකි.


පසුවදන
මේ සියල්ල දෙස මෙන්ම ලෝක ප‍්‍රකට වූ ‘කුමාර් චූක්‍ෂානාද සංගක්කාර’ නමැති ඒ අසහාය කී‍්‍රඩකයා වෙතින් වත්මන් පරපුරට ගතහැකි ආදර්ශ බොහෝ බව මෙම සටහන වෙතින් සපථ කරගත හැකිය. සැබැවින්ම ඔහු ජීවිතයට මොනතරම් අරුතක් දී ඇතිදැයි අපට වටහාගත හැකිය. එනයින් බලන කල කි‍්‍රකට් ලෝලීන්ගේ ආදරණීය සංගා යනු ලෝ ප‍්‍රකට චරිතයක් පමණක් නොව මහ බරක් ඇති චරිතයකි.
මූලාශ‍්‍ර –
Code:
ලංකාදීප
|
Code:
umanda blog
kumar_sangakkara.jpg


********
hotlink removed.
/mod
 
Last edited:

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    thankx macho veerayekta salakala post ekak daapu eka gena


    den den ape aya deshapalana vaasi gannama balanava
    ape cricket veerayange nam vikunala
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    සංගක්කාර කියන්නේ ආදර්ශමත් නායකයෙක්................
    අපිට වටින අපේ ජාතික වීරයෙක්...........
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    sanga issara enawa ape diha car eka hadaganna .... harima hodai kisima adambarayak ne ... he is a great captain :))
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    සංගා වගේම කවද හරි ලෝකයේ හොඳ නමක් දිනන එකෙක් තමා මැතිවුස්.ඌත් සෑහෙන්ඩ නිහතමානී නිහඬ ක්‍රීඩකයෙක්.තවත් ගුරු මුලික වෙච්ච ප්‍රඩක්ට් 2 කක්.කවද හරි ලංකාවට වර්ල්ඩ් කප් එකක් ගේනව නම් ඒ මැතිවුස් තමා.:yes: