සංගීතය සහ පෞරුෂත්වය

සංගීතය සහ පෞරුෂත්වය

musicnotes223.gif

ඔබේ ජංගම දුරකථනයේ ඇති ගීත ලැයිස්තුව ඔබේ පෞරුෂත්වය පිළිබඳ තොරතුරු අනාවරණය කරනවා යැයි පැවසුවහොත් ඔබ එය විශ්වාස කරනවාද? මේ පිළිබඳ පර්යේෂණ සිදු කරන මනෝ මනෝ විද්‍යාඥයන් දෙපළක් වන ජේසන් රෙන්ට්ෆ්‍රො (Jason Rentfrow) සහ සෑම් ගොස්ලින් (Sam Gosling) පවසන්නේ ඔබ සවන්දෙන සංගීත ශෛලිය පදනම් කර ගනිමින් ඔබේ පෞරුෂය පිළිබඳව පුදුම සහගත ලෙස නිවැරදි අනාවැකි පැවසිය හැකි බවයි.

උදාහරණයක් ලෙස එක් පර්යේෂණයක් පෙන්වා දෙන්නේ මිනිසුන් තවකෙකුගේ කැමතිම ගීත 10 ට සවන් දීමෙන් අනතුරුව එම පුද්ගලයාගේ සමාජශීලීත්වය, නිර්මාණාත්මක බව, විවෘත බව අදියෙහි ස්වරූපය පිලිබඳ නිවැරදි නිගමනයන්ට පැමිණෙන බවයි. සමාජශීලී පුද්ගලයන් බොහෝ විට බර මන්ද්‍ර ස්ථාන (heavy bass lines) ඇසුරු කරන සංගීතයට සවන් දෙන අතර නිර්මාණශීලී, බුද්ධිමත් අයෙකු ශාස්ත්‍රීය සංගීතය අසමින් සිටීමේ ප්‍රවණතාවක් ඇති බවයි.

හෙරිඔට් වොට් (Heriot- Wott) සරසවියේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් ලොව විවිධ රටවල පුද්ගලයන් 36,000 ට වැඩි සංඛයාවක් සහභාගී කරගනිමින් අධ්‍යනයක් සිදු කරයි. එහිදී සහභාගී වූවන් හට 104 ක පමණ සංගීත ශෛලීන් තමන්ගේ මනාපය අනුව අනු පිළිවෙලට සකස් කිරීමට ලබා දෙන අතර ඔවුන්ගේ පෞරුෂත්වයේ ලක්ෂණ පිළිබඳවද තොරතුරු ලබා ගනී. පහත සඳහන් වන්නෙ එලෙස විවිධ පෞරුෂත්වය ලක්ෂණ හා සහ සම්බන්ධ විවිධ සංගීත ශෛලීන් කිහිපයකි.

ජනප්‍රිය සංගීතය [Pop]

ඔබ ප්‍රිය වන්නේ එම කාල වකවානුව තුල ජනප්‍රියතම ගීත 10 ට (Top Hits) සවන් දීමටද? රූපවාහිනී, ගුවන් විදුලි ගීත දර්ශක වල විකාශය කරනු ලබන ඉරාජ්, BnS, ශිහාන් හෝ නිරෝෂාගේ ජනප්‍රියම ගීත වලට සවන් දීමට ඔබ වඩා සතු‍ටුද? එසේ නම් ඔබ බොහෝ විට සමාජශීලී, අවංක, සම්ප්‍රදායීය පුද්ගලයකු වීමේ ප්‍රවණතාවක් පවතී. තවද ජනප්‍රිය සංගීතය ප්‍රිය කරන්නන් උත්සහාවන්ත සහ ආත්ම සම්මානයෙන් යුතු පුද්ගලයන්ය. පර්යේෂකයන් සඳහන් කරන ආකාරයට ඔවුන් නිර්මාණාත්මක බවින් සහ සැහැල්ලු බවින් හීන වේ.

රැප් සහ හිප් පොප් [Rap and Hip Pop]

වැඩි වශයෙන් ඔබේ ජංගම දුරකථනයේ අඩංගු වන්නේ ස්නූප් ඩෝග් (Snoop Dogg), එමිනෙම්(Eminem), අශාන්ති, රන්ධීර් ආදී ගායක ගායිකාවන්ගේ ගීතද? ‍රැප් සංගීතයට ප්‍රිය අයවලුන්ගෙ බොහෝ විට ප්‍රචණ්ඩකාරී සහ ආක්‍රමණශීලී පුද්ගලයන්ය යන මතයක් සමාජය තුල පැවතියද පර්යේෂකයන් තම අධ්‍යනය තුළින් එවන්නක් අනාවරණය කරගෙන නැත. ‍රැප් ලෝලීන් ඉහළ ආත්ම සම්මානයෙන් යුතු මිත්‍රශීලී පුද්ගලයන්ය.

ශාස්ත්‍රීය සංගීතය. [Classical]

ශාස්ත්‍රීය සංගීතයට සවන් දෙන්නන් බොහෝ විට එතරම් සමාජශීලී නොවන ( Introverted/ අන්තර්වර්තික ) අයවලුන්.එනමුත් ඔවුන් තමන් පිළිබඳව සහ ලෝකය පිළිබඳව සැහැල්ලුවෙන් දකින්නන් වේ.තවද අධ්‍යනයන් හෙළි කරනුයේ ඔවුන් වඩා බුද්ධිමත් සහ වඩා නිර්මාණශීලී පුද්ගලයන් බවයි.

රොක් සංගීතය [Rock and Heavy Metal]

පොදු මතය වන රොක් සංගීතය ප්‍රචණ්ඩකාරීත්වය මූර්තිමත් කරන්නේය යන මතයට විරුද්ධව යමින් අධ්‍යනයන් පෙන්වා දෙන්නේ රොක් ලෝලීන් ආචාරසම්පන්න පිරිසක් බවයි. තවද ඔවුන් නිර්මාණශීලී වන අතරම සමාජශීලීත්වයෙන් අඩු පුද්ගලයන්ය. රොක් ලෝලීන් ආත්ම සම්මානය අඩු බවින් පීඩා විඳින්නන් බව අධ්‍යනයන් හෙළි කරයි.

නර්තනාත්මක සංගීතය [Dance]

ඔබ වේග රිද්මයෙන් යුතු නර්තනාත්මක සංගීතයට ප්‍රිය කරන්නෙක්ද? එවන් පුද්ගලයන් බොහෝ විට සුහදශීලී බලපෑම් සහගත අයවලුන් බව පර්යේෂණයන් පෙන්නුම් කරයි.

ජෑස්, බ්ලූස් සහ සෝල් සංගීතය [Jazz, Blues and Soul]

මෙම සංගීත ශෛලීන් ප්‍රිය කරන්නන් ඉහළ ආත්ම සම්මානයෙන් හෙබි සමාජශීලී පුද්ගලයන් වන අතරම බුද්ධිමත්, නිර්මාණශීලී, සැහැල්ලු අයවලුන්ය.

cvn.png

“මිනිසුන්ගේ අඳුම් පැළඳුම්, වාග් විලාශය, හැසිරෙන ආකාරය ඔවුන්ගේ පෞරුෂත්වය ප්‍රකාශනය කරයි. එම නිසා කැමති සංගීතය සහ පෞරුෂත්වය අතර සබඳතාවයක් තිබෙනවා යැයි කීම පුදුමයට කරුණක් නොවේ. අප අවබෝධ කරගෙන ඇත්තේ මිනිසුන්ගේ සංගීත ශෛලීන්ට ඇති කැමැත්ත ඔවුන්ගේ පෞරුෂත්වය හා කදිමට ගැළපෙන බවයි.”
-මහාචාර්ය ඇඩ්‍රියන් නෝර්ත්-
Credit -
S. A. SUCHINTHANA DASUN,
BA PSYCHOLOGY (SP)(UG),
2ND YEAR,
UNIVERSITY OF PERADENIYA,
SRI LANKA.

http://psychosl.blogspot.com/

Redaz

Member
Jan 15, 2014
6
1
0
රොක් සංගීතය [Rock and Heavy Metal]

පොදු මතය වන රොක් සංගීතය ප්‍රචණ්ඩකාරීත්වය මූර්තිමත් කරන්නේය යන මතයට විරුද්ධව යමින් අධ්‍යනයන් පෙන්වා දෙන්නේ රොක් ලෝලීන් ආචාරසම්පන්න පිරිසක් බවයි. තවද ඔවුන් නිර්මාණශීලී වන අතරම සමාජශීලීත්වයෙන් අඩු පුද්ගලයන්ය. රොක් ලෝලීන් ආත්ම සම්මානය අඩු බවින් පීඩා විඳින්නන් බව අධ්‍යනයන් හෙළි කරයි.
 
07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    :yes: u a welcome. But have to say that the things above mentioned are correct when analyzing about my life. I love Rock music and Classical too.what is mentioned under the Rock music is true.:yes:
    monawada oya ahanne.....Mn nan Amaradewa idala sinhala okkoma wage ahanawa..Hindi film songs 60-70ta,1995/2009 kamathi,Tamil wadiya ne..
    Kadda nan Beatles,Rolling stones,Led Zep,Queen,ABBA,...Nirvana,Pink,Oasis,...,Eminem,Adele,
    Rap
    E assa classical ahanawa Beethowan,Tchaikovsky....Ragadhari..
    Henama Achcharuwak....
    mama Kanata henatama ahu wela inna ekek..:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රොක් සංගීතය [Rock and Heavy Metal]

    පොදු මතය වන රොක් සංගීතය ප්‍රචණ්ඩකාරීත්වය මූර්තිමත් කරන්නේය යන මතයට විරුද්ධව යමින් අධ්‍යනයන් පෙන්වා දෙන්නේ රොක් ලෝලීන් ආචාරසම්පන්න පිරිසක් බවයි. තවද ඔවුන් නිර්මාණශීලී වන අතරම සමාජශීලීත්වයෙන් අඩු පුද්ගලයන්ය. රොක් ලෝලීන් ආත්ම සම්මානය අඩු බවින් පීඩා විඳින්නන් බව අධ්‍යනයන් හෙළි කරයි.

    ජනප්‍රිය සංගීතය [Pop]

    ඔබ ප්‍රිය වන්නේ එම කාල වකවානුව තුල ජනප්‍රියතම ගීත 10 ට (Top Hits) සවන් දීමටද? රූපවාහිනී, ගුවන් විදුලි ගීත දර්ශක වල විකාශය කරනු ලබන ඉරාජ්, BnS, ශිහාන් හෝ නිරෝෂාගේ ජනප්‍රියම ගීත වලට සවන් දීමට ඔබ වඩා සතු‍ටුද? එසේ නම් ඔබ බොහෝ විට සමාජශීලී, අවංක, සම්ප්‍රදායීය පුද්ගලයකු වීමේ ප්‍රවණතාවක් පවතී. තවද ජනප්‍රිය සංගීතය ප්‍රිය කරන්නන් උත්සහාවන්ත සහ ආත්ම සම්මානයෙන් යුතු පුද්ගලයන්ය. පර්යේෂකයන් සඳහන් කරන ආකාරයට ඔවුන් නිර්මාණාත්මක බවින් සහ සැහැල්ලු බවින් හීන වේ.
     
    monawada oya ahanne.....Mn nan Amaradewa idala sinhala okkoma wage ahanawa..Hindi film songs 60-70ta,1995/2009 kamathi,Tamil wadiya ne..
    Kadda nan Beatles,Rolling stones,Led Zep,Queen,ABBA,...Nirvana,Pink,Oasis,...,Eminem,Adele,
    Rap
    E assa classical ahanawa Beethowan,Tchaikovsky....Ragadhari..
    Henama Achcharuwak....
    mama Kanata henatama ahu wela inna ekek..:P

    :cool::cool: Beethoven sympony nm godak ahanwa. oya kiiwa tika math ahanwa.. :cool: eth godakm kemathi sympony ahnna,
    ekiwwe sangeethaya witharai pada maalawak ne;)
    me wage
    mn asama ekak hari lassnai
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,015
    9,343
    113
    Microsoft

    :cool: