ඔය ඉතින් ආයෙත් කියන්නෙ කාටවත් කරදරයක් හිංසාවක් නැතුව කුසල් කරගෙන ජීවත් වෙන එකේ ප්‍රතිවිපාක අත්දැකීමෙන් අත්විඳිනවා, ඒක නිසා වැඩිපුර ආනිසංස ලැබෙන ඉන්ශුවරන්ස් ප්ලෑන් එක ගැන සූත්‍රයේ තියෙන එකත් ඇත්ත වෙන්න ඇති කියල විශ්වාස කරනව කියන එකනෙ.
යම් දුරකට ඔව්. විශ්වාසය කියන්නෙ, මෙය සත්‍යමයී, මේකමයී ඇත්ත අන්සියල්ල අසත්‍ය කියලා සතප කරලා කියන්නෑ. මෙය සත්‍යය තමා කියලා විශ්වාසයක් (ශ්‍රද්ධාවක්) තිබෙනවා ප්‍රායෝගිකත්වය උදෙසා.
කෆීර්ල මරාගෙන මැරුණම ලබන ආත්මෙ කන්‍යාවියෝ හැත්තෑ දෙකක් ලැබෙනවා කියන විශ්වාසය අන්ධ විශ්වාසයක් කියල කියන විදිහට තමයි ඔය ඉන්ශුවරන්ස් ප්ලෑන් එකත් අන්ධ විශ්වාසයක් කියන්නෙ.
ඒ දෙකම සමානයි කියලාත් දකින්න පුලුවන්, ඒ දෙක අසමානයි කියලාත් දකින්න පුලුවන්. ඒකෙ "දකින්න පුලුවන්කම තිබෙනවා" කියන අර්ථයෙන් දොසක් නැහැ.
ඔව් ඔය උඩ කිව්වෙ විශ්වාසය නිසා පටං ගත්ත එකක්. කතෝලිකයන්ගෙ Witch Hunting කියන්නෙත් ඒ වගේ විශ්වාසය නිසා පටං ගත්ත තව එකක්.
ඒ කෝට් කරපු එකට අනුව ගතහොත් ලෝකයා කරනතරමක් දේවල් විශ්වාසයක් පදනම් කරගෙන ගොඩනගපුවා තමා.
