සංඝරත්නය = Insurance Agents?

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    හා හා.

    උන්ව මහන කරලා තියෙන්නේ වෙනම ගේම් වලට . ;-)

    EoSPr46.jpg
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    ඔයා පිලිගන්න, විශ්වාස කරන, කැමති දර්ශන අනුව (ලෝකයට අර්ථ සපයන ක්‍රමය) එහෙම පේන්න පුළුවන්. ඒකෙ වැරැද්දක් නැහැ. ඔයා හදාගත්ත ක්‍රමයේ, ඔයා පිලිගන්න සීල සමාධි ප්‍රඥා වලට අනුව "අවශ්‍යතාවය ඇත්තාටම අවශ්‍යතාවය අනුවම ලැබිය යුතුය" කියලා එකක් ඇති. ඒකෙ දොසක් නැහැ ඒ ඔයාට ප්‍රිය දර්ශනයේ උගන්වන සීල සමාධි ප්‍රඥා පිලිගන්නවනම්.

    මම පිලිගන්න, විශ්වාස කරන, කැමති දර්ශන අනුව (ලෝකයට අර්ථ සපයන ක්‍රමය) "මහා සංඝරත්නයටම දීමම උතුම්. මම පිලිගන්න සීල සමාධි ප්‍රඥා ක්‍රමයේ දානය විසඳෙන්නෙ එහෙමයි.
    මම පිළිගන්න එකයි ඔයා පිළිගන්න එකයි වෙනස් උනාම එකේ වරදක් නැහැ කියල කියන්න බැහැනේ .
    බුදු හාමුදුරුවෝ දේශනා කරේ පරම සත්‍ය .
    එතකොට දෙන්නගෙන් එක්කෙනෙක් වැරදි .
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,520
    113
    බුදු හාමුදුරුවෝ දේශනා කරේ පරම සත්‍ය .
    ඒකත් විශ්වාසය තමයි හැබැයි.

    කටපාඩමෙන් ගෙනාපු ත්‍රිපිටකයෙත් බුදුරජාණන් වහන්සේ වදාළ දේ 100% accuracy එකකින් තියෙනව, කවුරුවත් මොකුත් අතින් දාල නෑ කියලත් විශ්වාස තමා කරන්න වෙන්නේ.
     
    • Like
    Reactions: BadBlueGenius

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ලෝකය ගැන නෙමෙයිනේ ත්‍රෙඩ් එක.

    ඔව්, දීම විවිධ ඉගැන්විම් වල විවිධ විදිහට ඉගෙන්වෙන්නෙ ඇයි කියලා පහදන්නනෙ "ලෝකය අත්දකින සහ අර්ථදක්වන කියන දේ මුල් කරං කතාකළේ.


    Perceive : interpret or regard (someone or something) in a particular way.

    නිතතා නෙයියතා කියලා සූත්‍ර කොටස් දෙකකට බෙදෙනවා. එයින් ඔය දානය ගැන තිබෙන සූත්‍ර පැහැදිලි කෙලින් පිලිතුරු ලබාදීලා තියන ඒවා. ඒවා ඉන්ටර්ප්‍රිට් කරන්න දෙයක් ඇත්තටම නැහැ. දැන් ඔය නිබ්බානය, ශූන්‍යතාව වගේ දේවල් නම් ඉන්ටර්ප්‍රිට් (ඒ වචනෙ ගැලපෙනවමද දන්නෙ නැහැ) කරලා ගන්න වෙන සූත්‍ර තිබෙනවා. අටුවා පවා "මේකත් වෙන්න පුලුවන් තේරුම, මෙහෙමත් වෙන්න පුලුවන් තේරුම කියලා තේරුම් තුන හතර දෙනවා තේරුම විසඳගන්න බැරිව". ඒ නිසා ඔතනට මම දකින විදිහට ගැලපෙන්නෙ "appropriate" "distort" වගේ වචන.

    ඔයා ඒ දානය ගැන කෙලින් පිලිතුරු දෙන සූත්‍ර "පසුකාලීනව එක්කරපුවා" දානෙ ගන්න හදාගත්ත සූත්‍ර කියලා කීවොත් ඔන්න වෙනමම අතකට මේ සාකච්චාව හැරෙයි.


    බුදුන් වදාළ ධර්මය මම perceive කරන විදිහට මට තේරෙන්නේ නැහැ ඇත්ත අවශ්‍යතාවය තියෙන කෙනාට වඩා ඒජන්ට් ට ගෙව්වම ඊළඟ ආත්මෙ බෙනෆිට් වැඩි වෙන්නේ කොහොමද කියලා.

    ඕක සාකච්චා වෙන තැන්වල මමත් ඉඳලා තිබෙනවා. නමුත් මට තව කෙනෙකුට කියලා දෙන්න තරම් ඒක තේරිලා නැහැ. ඒ නිසා මම ඒක සුලු ප්‍රමාණයකින් ප්‍රත්‍යක්ෂයකිනුත් වැඩිමනත් ප්‍රමාණයකින් ශ්‍රද්ධාවෙනුත් (අතීත අත්දැකීම් අනුව, මේතාක් කල් වැරදුනේ නැහැ ඒ නිසා මෙයත් නොවරදියි කියලා) පිලිගන්නවා. කර්මවිශය මට පැහැදිලි මදි.


    විශ්වාස ගොඩනගාගන්න නම් ඉතින් basis එකක් ඕන නෑනෙ 🤷‍♂️

    ඔව් සමහර විශ්වාසවලට නැහැ, සමහර විශ්වාස වලට තිබෙන්න පුලුවන් (see Saddhā )
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකත් විශ්වාසය තමයි හැබැයි.

    කටපාඩමෙන් ගෙනාපු ත්‍රිපිටකයෙත් බුදුරජාණන් වහන්සේ වදාළ දේ 100% accuracy එකකින් තියෙනව, කවුරුවත් මොකුත් අතින් දාල නෑ කියලත් විශ්වාස තමා කරන්න වෙන්නේ.
    ඉතින් කැමති අය විස්වාස කර ගනිනෙ, දැන් උබට මොකක්ද තියෙන පුකේ අමාරුව අනුන්ගෙ විස්වාස ගැන???
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,520
    113
    නිතතා නෙයියතා කියලා සූත්‍ර කොටස් දෙකකට බෙදෙනවා. එයින් ඔය දානය ගැන තිබෙන සූත්‍ර පැහැදිලි කෙලින් පිලිතුරු ලබාදීලා තියන ඒවා. ඒවා ඉන්ටර්ප්‍රිට් කරන්න දෙයක් ඇත්තටම නැහැ.

    නැහැනේ, සුත්‍රයේ තියෙනව කියමු දානය ඇත්තටම අවශ්‍ය කෙනෙක් හිටියත් ඒජන්ට් ට දෙන එක තමයි උතුම් කියල. කවුරුහරි ඒ ඇයි කියල ඇහුවොත් ඒකට කෙළින් පිළිතුරක් නෑනේ.

    ඉතින් කැමති අය විස්වාස කර ගනිනෙ, දැන් උබට මොකක්ද තියෙන පුකේ අමාරුව අනුන්ගෙ විස්වාස ගැන???

    දිඃ!
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මම පිළිගන්න එකයි ඔයා පිළිගන්න එකයි වෙනස් උනාම එකේ වරදක් නැහැ කියල කියන්න බැහැනේ .
    බුදු හාමුදුරුවෝ දේශනා කරේ පරම සත්‍ය .
    එතකොට දෙන්නගෙන් එක්කෙනෙක් වැරදි .

    ඔතනම තමා ලෝකයා හිරවෙලා ඉන්නෙ. දේවල් හදාගෙන "මෙයයි සත්‍ය අන් සියල්ල අසත්‍ය" කියලා අර හදාගත්ත දේට බැහැගෙන විකාගෙන දත්මිටි කාගෙන විඳ විඳ ඉන්නවා.

    ධර්මයේ පරම සත්‍ය, පරම සත්‍යක් වෙන්නෙ නිබ්බානය සාක්ශාත් කරන බැවින්. තියන තරමක් "දේවල්" අපිට ඕනා ඕනා විදිහට හරවගනන් පුලුවන්. නිබ්බානය කියන්නෙ තියන තරමක් "දේවල්" වලින් මිදීමක් කියලා සහේතුකව කියන්න පුලුවන්.

    ඕනා ඕනා විදිහට හරවලා කතාකල හැකි බැවින් ඒ ඒ දේවල් සාපේක්ෂ සත්‍ය. නමුත් නිබ්බාන කිසිවක් විදහා දක්වන්නෑ, උස දිග පලල එහි නෑ, අහස තරු වැනි සංකල්පද එහි නෑ. ආන්න ඒ කිසිවක් විදහා නොදක්වන නිසාම නිබ්බානය පරම සත්‍යයි. අනිත් හැමදෙයක්ම යමක් විදහා දක්වමින් යම් සාපේක්ෂ සත්‍යක් පෙන්වනවා. නමුත් නිවන කිසිවක් විදහා දක්වන්නෑ. ඒනිසාම තමා එය පරම සත්‍යක් වෙන්නෙ. ඒ ඇරෙන්න නිවන කියලා දෙයක් නැහැ. තිබෙන "දේවල්" වලින් මිදීමම නිවනයි.

    ඕක අදකාලෙ වචනවලින් කියනවනම්, එක්තරා බෞද්ධ පඬිවරයෙකු කියනවා නිවන සාක්ෂාත් කරන්න නම් යෝගාවචරයා "epistemological suicide" කරගන්න ඕනෙ කියලා. ඒ කියන්නෙ ඥානවිභාගීය සියදිවිනසාගැනීමක් කලයුතුයි කියන එක. ඥානවිභාගය කියන්නෙ මොකද්ද කියලා අවබෝධයක් තිබෙනවා නම් මේ කිව්ව දේ තවත් පැහැදිලි වෙයි.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,520
    113
    ධර්මයේ පරම සත්‍ය, පරම සත්‍යක් වෙන්නෙ නිබ්බානය සාක්ශාත් කරන බැවින්.

    මේකත් විශ්වාසයක් නේ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැහැනේ, සුත්‍රයේ තියෙනව කියමු දානය ඇත්තටම අවශ්‍ය කෙනෙක් හිටියත් ඒජන්ට් ට දෙන එක තමයි උතුම් කියල. කවුරුහරි ඒ ඇයි කියල ඇහුවොත් ඒකට කෙළින් පිළිතුරක් නෑනේ.
    දාnaya දෙන්ඩ පුලුවන් ඕනම කෙනෙක්ට, දුස්සිලම භික්ශුවකට දන් දුන්නත් අරමුනු කරන්නෙ බුද්ධක්ප්‍රමුඛ මහා සoඝ රත්තනය ඉතින් පින වැඩි..,ඕව මේ අතිශය සරල දේවල් , ඔය වගේ සරලම දෙයක් දන් නැ කියන්නෙ ආගම කතෝලික...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකත් විශ්වාසයක් නේ?
    විස්වාසයෙන් නිවන් දකින්ඩ බැ බුරුවො..

    සමහරු පිං කරන්නේ investment එකක් විදියට
    වරදක් නැනෙ, පව්කම් කරනවට වඩා දිවියලෝකෙ යන්ඩ හරි බලන් පිo කරන එක බොහොම හොදයිනෙ
    ------ Post added on Jan 29, 2022 at 12:50 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,520
    113
    සමහරු පිං කරන්නේ investment එකක් විදියට

    එහෙම අයට තමා ලබන ආත්මෙ බෙනෆිට් වැඩි ඉන්ශුවරන්ස් ප්ලෑන් තියෙන්නේ ;-)
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    නැහැනේ, සුත්‍රයේ තියෙනව කියමු දානය ඇත්තටම අවශ්‍ය කෙනෙක් හිටියත් ඒජන්ට් ට දෙන එක තමයි උතුම් කියල. කවුරුහරි ඒ ඇයි කියල ඇහුවොත් ඒකට කෙළින් පිළිතුරක් නෑනේ.



    දිඃ!

    තිබෙනවා. බෞද්ධ වීම තුල තථාගතයන්ගේ සර්වඥතා ඥානය පිළිගැනෙනවා. ඔයා ඔය අහන්නෙ දැනුම ලබාගන්න සුදුසු චැනල්ස් මොනවද කියන එක සම්බන්ධ ප්‍රශ්නයක් නෙ. ඔයා පිලිගන්න චැනල්ස් වෙනයි "බෞද්ධයෙකු" පිලිගන්න චැනල්ස් වෙනයි. ඉන්දියානු සම්ප්‍රදාය තූල ඕක හඳුන්වන්නෙ "ප්‍රමාණ" කියලා. විකී එකේ ඇති ඒ ගැන. මම විකී එකේ ලින්ක් එක දාන්නෙ නැහැ මට ඒකෙ තියන සමහර කරුණු වලට එකඟ වෙන්න බැරි නිසා.

    බුදුහමෙ ශ්‍රද්ධාව මත පදනම් වෙච්ච ගමනක් තිබෙන්නෙ. ඒක බුදුදහමට අදාල කාරණයක්. එහෙම ශ්‍රද්ධාව මත පදනම් නොවෙච්ච දර්ශනයත් ලෝකෙ තියෙන්නෙ පුලුවන්. අන්න ඒ වෙනස අමතක කරලා එක දර්ශනයක නිර්ණායක වලින් තවත් දර්ශනයක් මැනීම තමා ඔයා කරන්නෙ ඔය. දොසක් නෑ කරන්න පුලුවන්. නමුත් දෙකේ වෙනස දැනගෙන ඉන්න.

    ඒ වගෙම සමහරු ඔයහා බැඳිච්ච තවත් මතයක් විදිහට කියනවා ශ්‍රද්ධාව නැති දර්ශනයක් ලෝකෙ පෙන්වන්න බැහැ කියලාත්. එතකොට අපි ගොඩක් ගැඹුරට යනවා. "ඇහැට පේනදේමද ඇත්තටම තියෙන්නෙ" කියන ජාතියෙ ප්‍රශ්නවලින් හෙම ඔයවගේ සිතුවිල්ලක් මතුකරගන්න පුලුවන්.

    මේකත් විශ්වාසයක් නේ?

    සාක්ෂාත් කරන තෙක් විශ්වාසයක්.

    I'm sorry OP, if my replies derailed your thread.
    ------ Post added on Jan 29, 2022 at 1:00 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,520
    113
    තිබෙනවා. බෞද්ධ වීම තුල තථාගතයන්ගේ සර්වඥතා ඥානය පිළිගැනෙනවා.

    "සූත්‍රයේ තියෙන්නෙ තථාගතයන්ගේ සර්වඥතා ඥානය" කියන්නෙත් විශ්වාසයක් නේ.

    බුදුහමෙ ශ්‍රද්ධාව මත පදනම් වෙච්ච ගමනක් තිබෙන්නෙ. ඒක බුදුදහමට අදාල කාරණයක්. එහෙම ශ්‍රද්ධාව මත පදනම් නොවෙච්ච දර්ශනයත් ලෝකෙ තියෙන්නෙ පුලුවන්.

    ඒජන්ට් ට ම දිය යුතුයි කියන්නෙ අමූලිකා ශ්‍රද්ධාව නෙමෙයිද?

    ඒ වගෙම සමහරු ඔයහා බැඳිච්ච තවත් මතයක් විදිහට කියනවා ශ්‍රද්ධාව නැති දර්ශනයක් ලෝකෙ පෙන්වන්න බැහැ කියලාත්. එතකොට අපි ගොඩක් ගැඹුරට යනවා. "ඇහැට පේනදේමද ඇත්තටම තියෙන්නෙ" කියන ජාතියෙ ප්‍රශ්නවලින් හෙම ඔයවගේ සිතුවිල්ලක් මතුකරගන්න පුලුවන්.

    දර්ශනය කියන්නෙ ආගමට නම් ඔව්, ආගම් මොකුත් නෑ තමා අන්ධ විශ්වාසය ගෑවිලා වත් නැති

    I'm sorry OP, if my replies derailed your thread.
    Not really, no.

    Just ignore the pest trying to derail the thread
    ------ Post added on Jan 29, 2022 at 1:07 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    විස්වාසයෙන් නිවන් දකින්ඩ බැ බුරුවො..


    වරදක් නැනෙ, පව්කම් කරනවට වඩා දිවියලෝකෙ යන්ඩ හරි බලන් පිo කරන එක බොහොම හොදයිනෙ
    ------ Post added on Jan 29, 2022 at 12:50 PM
    ලබන ආත්මෙවත් වහල්‍් බවෙන් නිදහස් වෙන්ඩ කියල හිතාගෙන පින් කරපන්
     
    • Haha
    Reactions: ewijesekara

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    "සූත්‍රයේ තියෙන්නෙ තථාගතයන්ගේ සර්වඥතා ඥානය" කියන්නෙත් විශ්වාසයක් නේ.

    ඔයා විශ්වාසය කියලා හඳුන්වන්නෙ මොකද්ද කියන එක මත තමා ඒක හරියටම තීරණය වෙන්නෙ. ඒ නිසා මම මෙහෙම කියන්නම්. බෞද්ධයා, සර්වඥතා ඥානය ශ්‍රද්ධාවෙන් පිලිගන්නවා. ශ්‍රද්ධාව කියන එක මම නිර්වචනය කරන්නෙ (සමහර පිලිගත් භික්ශූන්) "පෙර අත්දැකීම් නිසා ඇතිවන්නාවූ පිලිගැනීම හෝ විශ්වාසය" ඒක ඔහේ පිලිගැනීමක් නෙමෙයි. යම් යම් කාරණා අත්දැකීමෙන් ඇතිවන පිලිගැනීමක්. එතකොට ශ්‍රද්ධාව අත්දැකීම් නිසා ඇතිවන විශ්වාසය කියලා ගතහොත් ඔව් ඒකත් විශ්වාසයක්.

    මේක මම මුල රිප්ලයි එකෙත් කිව්වනෙ. ශ්‍රද්ධාවෙන් තමා බෞද්ධ වීම ආරම්භ වෙන්නෙ. ගමන පටන්ගන්නෙ ශ්‍රද්ධාවෙන්.


    ඒජන්ට් ට ම දිය යුතුයි කියන්නෙ අමූලිකා ශ්‍රද්ධාව නෙමෙයිද?

    අමූලිකා කියන එකට තිබෙන එක නිර්වචනයක් තමා නිතර සෙලවෙන කියන එක. දැක්කට ඇතිවෙන, තාවකාලිකව පැහැදෙන අර්ථයෙන්. ආකාරවතී කියන්නෙ තථාගතයන්ගෙ ගුණ දැක දැන ඇතිවෙන ශ්‍රද්ධාව. කොහොමත් ඒ කාරණයෙදි සාමාන්‍ය බෞද්ධයාට ආකාරවතී හෝ අමුලිකා ශ්‍රද්ධාව මුල්කරගෙන දානය දෙන්න පුලුවන්. සමහර ධර්ම මාර්ගය වඩපු, අධිගම ලාභීන්ට, අභිංඥා ලාභීන්ට නම් ස්ව සන්ථානයෙන්ම "මහාසංඝරත්නයටම" දීම උතුම් කියන එක ප්‍රත්‍යක්ෂ කරගෙන දන්දෙන්න පුලුවන්.


    දර්ශනය කියන්නෙ ආගමට නම් ඔව්, ආගම් මොකුත් නෑ තමා අන්ධ විශ්වාසය ගෑවිලා වත් නැති


    මම අදහස් කලේ ආගම්, ශිල්ප ශාස්ත්‍ර, විද්‍යාව, ඉගැන්වීම් ආදී ඥානය/දැනුම සම්බන්ධ ගොඩනැගුනු සියලූම දේවල්.

    හැබැයි, ඔයා එහෙම හිතුවට ඒවා එච්චර ලේසියෙන් ඒවා බැහැර කරන්න අමාරුයි. දැන් කවුරු හරි අපි ඉන්ද්‍රියන්ගෙන් ගන්න සංඥා "සත්‍යම" ඒවා කියලා කියන්න පදනමක් නැහැ කියන තැන ඉදගෙන අපෙන් ඇහුවොත් "ඔය ඇහැට පේන දේමද ඔය තියෙන්නෙ" කියලා අපි ඒක ඔප්පු කරන්නෙ කොහොමද කිසිම සැකයක් ඇති නොවෙන මට්ටමකට(මතක තියාගන්න මේ තැනැත්තා ඉන්ද්‍රිය ඥානය පිලිගන්න සූදානම් නැහැ!) . මමනම් දකින විදිහට අපිට බැහැ එහෙම කේවල පාරිශුද්ධ තත්වෙකට ඔප්පු කරන්න. මොකද අපිට ඉන්ද්‍රියන් මත රඳා පැවතිලා තමා කරන තරමක් ඔප්පු කිරීම් කරන්න වෙන්නෙ. ඉන්ද්‍රියන් දොස් සහිත නම්? මිනුම් භාණ්ඩ දොස් සහිත නම් මිනුම් හරි වෙයිද???
    ආන්න ඒ නිසා අපිට යම් දුරකටවත් "විශ්වාස" කරන්න වෙනවා ඉන්ද්‍රියන් දෙන සංඥා "සත්‍යය" කියලා. එතනින් පසු තමා කරන සෙල්ලම් ඔක්කොම නේ......(තර්ක කරන්න නෙමෙයි, හිතලා බලන්න:coffee::-))

    ඉස්සර හිටපු සංජයබෙල්ලට්ටි පුත්තත් එක්තරා මට්ටමකට ඒ ජාතියෙනෙ. මම එහෙම කියන්නෙත් නෑ මම මෙහෙම කියන්නෙත් නෑ න්‍යායෙ තමා හැමවිටම එයා හිටිවෙ. මොකද එහෙම කිවහොත් මේහෙම කීවම වැරිදි වෙනවා, මෙහෙම කීවොත් එහෙම කීවම වැරදි වෙනවා. හරියට නිකන් කිසිම ප්‍රමාණයක් (චැනල් එකක්) පිලිනොගන්න/විශ්වාස නොකරන කෙනෙක් වගේ.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,520
    113
    ඔයා විශ්වාසය කියලා හඳුන්වන්නෙ මොකද්ද කියන එක මත තමා ඒක හරියටම තීරණය වෙන්නෙ. ඒ නිසා මම මෙහෙම කියන්නම්. බෞද්ධයා, සර්වඥතා ඥානය ශ්‍රද්ධාවෙන් පිලිගන්නවා. ශ්‍රද්ධාව කියන එක මම නිර්වචනය කරන්නෙ (සමහර පිලිගත් භික්ශූන්) "පෙර අත්දැකීම් නිසා ඇතිවන්නාවූ පිලිගැනීම හෝ විශ්වාසය" ඒක ඔහේ පිලිගැනීමක් නෙමෙයි. යම් යම් කාරණා අත්දැකීමෙන් ඇතිවන පිලිගැනීමක්. එතකොට ශ්‍රද්ධාව අත්දැකීම් නිසා ඇතිවන විශ්වාසය කියලා ගතහොත් ඔව් ඒකත් විශ්වාසයක්.

    එතකොට කෙළින්ම ඒජන්ට් ට තමා දෙන්න ඕනේ කියන එක ඔයා පිළිගන්නෙ මොන පෙර අත්දැකීම් නිසා ද?

    අමූලිකා කියන එකට තිබෙන එක නිර්වචනයක් තමා නිතර සෙලවෙන කියන එක.

    මම අදහස් කළේ අන්ධ විශ්වාසය / අන්ධ භක්තිය කියන එක

    හැබැයි, ඔයා එහෙම හිතුවට ඒවා එච්චර ලේසියෙන් ඒවා බැහැර කරන්න අමාරුයි. දැන් කවුරු හරි අපි ඉන්ද්‍රියන්ගෙන් ගන්න සංඥා "සත්‍යම" ඒවා කියලා කියන්න පදනමක් නැහැ කියන තැන ඉදගෙන අපෙන් ඇහුවොත් "ඔය ඇහැට පේන දේමද ඔය තියෙන්නෙ" කියලා අපි ඒක ඔප්පු කරන්නෙ කොහොමද කිසිම සැකයක් ඇති නොවෙන මට්ටමකට(මතක තියාගන්න මේ තැනැත්තා ඉන්ද්‍රිය ඥානය පිලිගන්න සූදානම් නැහැ!) . මමනම් දකින විදිහට අපිට බැහැ එහෙම කේවල පාරිශුද්ධ තත්වෙකට ඔප්පු කරන්න. අපිට ඉන්ද්‍රියන් මත රඳා පැවතිලා තමා කරන තරමක් ඔප්පු කිරීම් කරන්න වෙන්නෙ. ඉන්ද්‍රියන් දොස් සහිත නම්?

    ඉන්ද්‍රියන් දොස් සහිත වෙන්න පුළුවන් කියන එක ඉන්ශුවරන්ස් ඒජන්ට්ස් ල කියන හැම දේම අන්ධ භක්තියෙන් පිළිගන්න හේතුවක් නෙමෙයි නේ.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    එතකොට කෙළින්ම ඒජන්ට් ට තමා දෙන්න ඕනේ කියන එක ඔයා පිළිගන්නෙ මොන පෙර අත්දැකීම් නිසා ද?

    බුදුන් දේශනා කළ සතිපට්ඨානය මාර්ගය වැඩීමෙදි හිතේ කෙලෙස් යටපත්විම, හිත තැන්පත්වීම ප්‍රායෝගිකවම සිදුවෙනවා, උන්වහන්සේගෙ උපදෙස් පිලිපදිනකොට බය අඩු අයෙක්, දුක අඩු අයෙක් සහ අන් අයට බය නොදෙන අයෙක් සහ අන් අයට දුක නොදෙන අයෙක් වෙන්න පුලුවන් වෙනවා. මේ ජීවිතයේදීම ඒවා අත්දකින්න පුළුවන්. සමාජයේ පිලිගන්න අයගේ පිලිගැනීමක්, පැසසුමත් ලැබෙනවා. ජීවත්වීම දරාගැනීම පහසු වෙනවා. ඒවගේම තර්ක ඥාණයට අනුව "ලෝකය" යනු ඒ මේ අතට පෙරලන්න පුලුවන් පෙරලෙන "සදාකාලික සැපක්" නැති තැනක්. ඒනිසා ලෝකයෙන් මිදීම සැපයක් වියුතුයි වගේ දේවලුත් හේතුවෙලා තිබෙනවා උන්වහන්සේ පිලිබඳ විශ්වාස ගොඩ නැගෙන්න. ඒවාගේ දේවල් මුල්කරගෙන උන්වහන්සේගේ ඥානය පිලිගන්නවා.

    මම අදහස් කළේ අන්ධ විශ්වාසය / අන්ධ භක්තිය කියන එක

    ඒක ඉතින් වෙනමම කතාකරන්න ඕනෙ. යම් විශ්වාසයක් අන්ධවෙන්නෙ ඇයි සහ කොහොමද කියන එක ගැන. මේකෙ තියනවා බුදුදහමට අනුව ආකාරවතී සහ අමූලිකා ශ්‍රද්ධාව යනු කුමක්ද යන්න ගැන පැහැදිලි කිරීමක්.

    https://pitaka.lk/books/karma-vipaka/4-5.html


    ඉන්ද්‍රියන් දොස් සහිත වෙන්න පුළුවන් කියන එක ඉන්ශුවරන්ස් ඒජන්ට්ස් ල කියන හැම දේම අන්ධ භක්තියෙන් පිළිගන්න හේතුවක් නෙමෙයි නේ.

    කොහෙත්ම නෑ. නමුත් සියල්ලම විශ්වාසයක් මතින් තමා පටං අරං තියෙන්නෙ කියන එකනම් තර්කය අනුව පෙන්වන්න පුළුවන්. ඒ තර්කය පිලිගන්න එක නොගන්න එක තර්ක නිසාම එනවාද, ප්‍රියතාවයක් අනුව එනවාද, පොඩි කාලෙ ඉදන් අප්බ්‍රිඟින් එක නිසා එනවාද, කෙලෙස් නිසා එනවද, කර්මය නිසා එනවද, අහේතුකව අප්‍රත්‍යව එනවද, නැතිනං දෙවියන් වහන්සේ නිසා වෙනවාද කියන එකත් ලොකු ගැටළුවක්... :coffee: :coffee:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,520
    113
    බුදුන් දේශනා කළ සතිපට්ඨානය මාර්ගය වැඩීමෙදි හිතේ කෙලෙස් යටපත්විම, හිත තැන්පත්වීම ප්‍රායෝගිකවම සිදුවෙනවා, උන්වහන්සේගෙ උපදෙස් පිලිපදිනකොට බය අඩු අයෙක්, දුක අඩු අයෙක් සහ අන් අයට බය නොදෙන අයෙක් සහ අන් අයට දුක නොදෙන අයෙක් වෙන්න පුලුවන් වෙනවා. මේ ජීවිතයේදීම ඒවා අත්දකින්න පුළුවන්. ඒවගේම තර්ක ඥාණයට අනුව "ලෝකය" යනු ඒ මේ අතට පෙරලන්න පුලුවන් පෙරලෙන "සදාකාලික සැපක්" නැති තැනක්. ඒනිසා ලෝකයෙන් මිදීම සැපයක් වියුතුයි වගේ දේවලුත් හේතුවෙලා තිබෙනවා උන්වහන්සේ පිලිබඳ විශ්වාස ගොඩ නැගෙන්න. ඒවාගේ දේවල් මුල්කරගෙන උන්වහන්සේගේ ඥානය පිලිගන්නවා.

    ඔය ඉතින් ආයෙත් කියන්නෙ කාටවත් කරදරයක් හිංසාවක් නැතුව කුසල් කරගෙන ජීවත් වෙන එකේ ප්‍රතිවිපාක අත්දැකීමෙන් අත්විඳිනවා, ඒක නිසා වැඩිපුර ආනිසංස ලැබෙන ඉන්ශුවරන්ස් ප්ලෑන් එක ගැන සූත්‍රයේ තියෙන එකත් ඇත්ත වෙන්න ඇති කියල විශ්වාස කරනව කියන එකනෙ.

    ඒක ඉතින් වෙනමම කතාකරන්න ඕනෙ. යම් විශ්වාසයක් අන්ධවෙන්නෙ ඇයි සහ කොහොමද කියන එක ගැන.

    කෆීර්ල මරාගෙන මැරුණම ලබන ආත්මෙ කන්‍යාවියෝ හැත්තෑ දෙකක් ලැබෙනවා කියන විශ්වාසය අන්ධ විශ්වාසයක් කියල කියන විදිහට තමයි ඔය ඉන්ශුවරන්ස් ප්ලෑන් එකත් අන්ධ විශ්වාසයක් කියන්නෙ.

    කොහෙත්ම නෑ. නමුත් සියල්ලම විශ්වාසයක් මතින් තමා පටං අරං තියෙන්නෙ කියන එකනම් තර්කය අනුව පෙන්වන්න පුළුවන්. ඒ තර්කය පිලිගන්න එක නොගන්න එක තර්ක නිසාම එනවාද, ප්‍රියතාවයක් අනුව එනවාද, පොඩි කාලෙ ඉදන් අප්බ්‍රිඟින් එක නිසා එනවාද, කෙලෙස් නිසා එනවද, කර්මය නිසා එනවද, අහේතුකව අප්‍රත්‍යව එනවද, නැතිනං දෙවියන් වහන්සේ නිසා වෙනවාද කියන එකත් ලොකු ගැටළුවක්... :coffee: :coffee:

    ඔව් ඔය උඩ කිව්වෙ විශ්වාසය නිසා පටං ගත්ත එකක්. කතෝලිකයන්ගෙ Witch Hunting කියන්නෙත් ඒ වගේ විශ්වාසය නිසා පටං ගත්ත තව එකක්.