බුදුන් දෙසූ ධර්මයෙහි, පිනෙහි මහ හෝ අල්ප බව තීරණය වෙන්නෙ ලැබෙන කෙනාගෙ අවශ්‍යතාවය වැඩිවීම මත නෙමෙයි. ලබන්නා සහ දෙන්නා සීලයෙන් (සීල සමාධි ප්‍රඥා තුනම කීවත් නිවැරදියි) සහ අවබෝධයෙන් දානය දීම තුලයි. මේක පශ්චාත්කාලීන මතයක් කියන්න අපහසුයි. මොකද සූත්‍ර තිබෙනවා කෙලින්ම මේ පිලිබඳව කියවෙන.
ලෝකය එහෙම තමා. දැන් ගමුකො ඇයි අපි අවශ්‍යතාවය තියන කෙනාට දිය යුත්තෙ? මොකටද අපි එහෙම දෙන්නෙ? ඒ ඒ අය දැනගන්න එපෑ හම්බකරගෙන කාලා බීලා ඉන්න. අඩුම තරමෙ නැති කෙනාට දිය යුතුයි කියන එකත් අපේ විශ්වාසයන් නෙ.
විශ්වාසය මත තමා සියල්ලම. විවධ අය විවිධ දේ විශ්වාස කරනවා. මෙටෆිසිකල් ටෘත් එකක් නෙමෙයි ඔතන තියෙන්න. නමුත් මෙටෆිසිකල් ටෘත් එකකට අඩිය නොතබා මගේ දැනුමෙන් ඕක පැහැදිලි කරන්න මට බැහැ. ඒක නිසා වෙන්න ඇති බුදුන් "බුදුන් වදාල කම්ම විශය" තවත් බුදුවරයෙකුටම පමණක් තේරුම් ගතහැකියි කියලා කීවෙ. ඕක ගැන සියුස් කලින් ත්‍රෙඩ් එකක් දාලා ඒකෙ කතාවුනා. ඒ ලිංක් එක හම්බුනොත් මේකට දාන්නම්.
Edit
@Hyaenidae
https://elakiri.com/threads/අපි-කියවිය-යුතු-බෞද්ධ-පොත්-මොනවද.1939761/page-5
මේ ත්‍රෙඩ් එකේ අන්තිමට ටිකක් කලින් ඉඳලා බලන්න.
තවත් කාරණයක් තමා එක භික්ෂුවක් "ඒජන්ට්" කෙනෙක් කරන් මහාසංඝරත්නයට (බුදුන් ඇතුලු සියලුම සංඝයා) දන් දීම තුලින් "ගල් සීයක් ගැහුවොත් එකක් දෙකක්වත් වදී කියන න්‍යායක් සිද්ධ වෙනවා වෙන්න පුලුවන්.