සංඝ රත්නයේ ගුණ

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    සුපටිපන්නො භගවතො සාවකසංඝො, උජුපටිපන්නො භගවතො සාවකසංඝො, ඤායපටිපන්නො භගවතො සාවකසංඝො, සාමීචිපටිපන්නො භගවතො සාවකසංඝො, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා එසභගවතො සාවකසංඝො ආහුනෙය්‍යො, පාහුනෙය්‍යො, දක්ඛිණෙය්‍යො, අඤ්ජලිකරණීයො, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
    මේ සංඝගුණ පාඨය ය. එයින් කියැවෙන ගුණ නවයක් ඇත්තේ ය. ඒ මෙසේ ය,
    1. සුපටිපටිපන්නො භගවතො සාවකසංඝො,
    භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ අධිශීල - අධිචිත්ත - අධිප්‍රඥා සංඛ්‍යාත සුන්දර ප්‍රතිපත්තියක් ඇති සේක.
    2. උජුපටිපන්නො භගවතො සාවකසංඝො,
    භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ අධිශීල - අධිචිත්ත - අධිප්‍රඥා සංඛයාත ඍජු ප්‍රතිපත්තියෙහි යෙදෙන සේක.
    3. ඤායපටිපන්නො භගවතො සාවකසංඝො,
    භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ අධිශීල - අධිචිත්ත - අධිප්‍රඥා සංඛයාත නිවනට හේතු වන ප්‍රතිපත්තියෙහි පිලිපන් සේක.
    4. සාමීචිපටිපන්නො භගවතො සාවකසංඝො,
    භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ අධිශීල - අධිචිත්ත - අධිප්‍රඥා සංඛයාත ගරු කිරීමට සුදුසු ප්‍රතිපත්තියෙහි යෙදෙන සේක.
    5. යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා එස භගවතො සාවකසංඝො ආහුණෙය්‍යො,
    යම් ඒ පුරුෂයුග්ම සතරක් වේ ද, පුරුෂ පුද්ගලයෝ අට දෙනෙක් වෙත් ද, භාග්‍යවතුන් වහන්සේගේ ඒ ශ්‍රාවක සංඝයා වහන්සේ ඉතා දුර සිට වුවද ගෙනැවිත් දෙන සිවුපසය පිළිගැනීමට සුදුසු වන සේක.
    6. පාහුනෙය්‍යො,
    දුරසිට පැමිණෙන ප්‍රිය මනාප ඥාති මිත්‍රයන් උදෙසා පිළියෙල කළ දෙය වුවද පිළිගැනීමට සුදුසු වන සේක.
    7. දක්ඛිණෙය්‍යො,
    සැදැහැවතුන් විසින් පරලොව සැප පතා දෙන දානය පිළිගැනීමට සුදුසු වන සේක.
    8. අඤ්ජලි කරණීයො,
    සකල ලෝකයා විසින් ම දොහොත් හිස මත තබා කරන නමස්කාරය පිළිගැනීමට සුදුසු වන සේක.
    9. අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස.
    ලෝකයා හට උතුම් පින් කෙතක් වන සේක.
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,230
    166,402
    113
    එකමත් එක රටක
    බියකරු සසර

    funny-animals-lollipop.gif
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,081
    19,622
    113
    Miami
    @asliyanage මට සිරාවටම ප්‍රශ්නයක් තියෙනවා. තමන් ශ්‍රද්ධාවෙන් දෙන සිවුපසයෙන් යැපෙමින්, තව ඇඩිෂනලි දෙන සල්ලිය බාගෙ වාහන පන්සල් භුක්ති විඳිමින් ඉන්න භික්ෂුවක් බඩු ගහල ගල් කපල අහු උනොත්, දායකයෝ ඒ භික්ෂුව කෙරෙහි කේන්ති ගන්න එක වැරදිද?
     
    • Like
    Reactions: War Fighter

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    අපි කවුරුත් කරන දෙවල් ගෑන නොගෙන ඉන්න එක තමයි හොන්ඩ. තමන් කරන දෙවල් තමන් ගෙන යාවි. අනුන් කරන දෙවල් ඊ අය ගෙන යාවි. අනුන්ගේ කරුමෙට අපි කර ගහන්න ඔනි නෑහ
    @asliyanage මට සිරාවටම ප්‍රශ්නයක් තියෙනවා. තමන් ශ්‍රද්ධාවෙන් දෙන සිවුපසයෙන් යැපෙමින්, තව ඇඩිෂනලි දෙන සල්ලිය බාගෙ වාහන පන්සල් භුක්ති විඳිමින් ඉන්න භික්ෂුවක් බඩු ගහල ගල් කපල අහු උනොත්, දායකයෝ ඒ භික්ෂුව කෙරෙහි කේන්ති ගන්න එක වැරදිද?
     
    • Like
    Reactions: Gunther

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,081
    19,622
    113
    Miami
    අපි කවුරුත් කරන දෙවල් ගෑන නොගෙන ඉන්න එක තමයි හොන්ඩ. තමන් කරන දෙවල් තමන් ගෙන යාවි. අනුන් කරන දෙවල් ඊ අය ගෙන යාවි. අනුන්ගේ කරුමෙට අපි කර ගහන්න ඔනි නෑහ
    එහෙම බෑනේ. තමන් හරිහම්බ කරන ධනයෙන් සලකලා භික්ෂුවක් නඩත්තු කරනකොට ඒ භික්ෂුව ඒ සැප විඳිමින් දුසිරිතෙහි හැසිරෙනවනම් සහ සමාජයට අවැඩක් වෙන දේවල් කරනවනම් ඒක ප්‍රශ්නයක් නේ.
     
    • Like
    Reactions: War Fighter

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අපි කවුරුත් කරන දෙවල් ගෑන නොගෙන ඉන්න එක තමයි හොන්ඩ. තමන් කරන දෙවල් තමන් ගෙන යාවි. අනුන් කරන දෙවල් ඊ අය ගෙන යාවි. අනුන්ගේ කරුමෙට අපි කර ගහන්න ඔනි නෑහ

    ube geniwa pansale thiyan kelala ahu unoth , uba monada karanne??
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,091
    11,962
    113
    මම දන්න තරමින් .එකල මෙවැනි දේවල් දුටුවිට බුදුන් වහන්සේ ම දේශනා කරලා තියනවා , ගරහ කල යුතුයි කියලා.. (මම වැරදි නම් නිවැරදි කරන්න)

    උන්වහන්සේම දේශනා කරලා තියනවා, රාජ නීතිය ට යටින් බුදුදහම තියෙන්න ඔන කියලා..ඒ කියන්නේ..බුදුන් ඇතුලු අනෙකුත් ආගම් ද,සියලු ජනවර්ගයාද , රාජ නීතියට යටත්..කවදාවත් උන්වහන්ෙස් රාජ්‍ය පාලනයට පවා මැදිහත් වුනේ නැහැ..අද එහෙම දකින්න තියනවද? කොසොල් රජුගේ නඩු තීන්දුවලට උන්වහන්සේ කවදාවත් මැදිහත් වුනේ නැහැ.


    අද වන විට මහා සංඝරත්තනයේ මුල් පුටු,මේවා නොදැක්කා සේ ඉන්න එක, ශාසනයට කරන මහම මහා අසාධාරණයක්. දුස්සීලයන් මේ ශාසනයෙන් නෙරපිය යුතුමය. හංදියක් හංදියක් ගානේ බුදු පිලිම ඉස්සරහට දාගෙන සිදුකරන සල්ලි එකතුකිරම් නැවත්විය යුතුමයි. සංඝ නීතිය කෝ මේවට ?

    හැබැයි එක දෙයක් කියන්න ඔන.,මේ රටේ උතුම් භික්ෂුන් ඉන්නවා..සද්භාවෙයන් සත්‍ය හොයාගෙන යන පිරිස්. උන්වහන්සේලා රැකගන්න , කිසිම උනන්දුවක් නැහැ...මුල් පුටුවල ඉන්න අයට. සුලුපිරිසක් සිදුකරන දේවල් වලින් උන්වහන්සේලා ත් අගතියට පත්වෙනවා..
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    You have 2 choices, to control your mind or to let your mind control you. Mind is like a oven, you can cook a man's dinner with it and you can also cook the man. 😉