සංඝ බේදය කියන්නේ ගිහියෙකුට කරන්න පුලුවන් දෙයක නෙමේ සාමනේර නමකට කරන්න පුලුවන් දේකුත් නෙමේ. උපසම්දා භික්ෂුවකට පමණක් කල හැකි දෙයක්. සංඝ බේදය වෙනවා කියන්නේ සමාන සංවාසික ඒ්කුද්දේසික භික්ෂූන් වහන්සේලා විනය කර්ම කරන්නට පිහිටුවාගත් සීමාවක් තුල තවත් උපසම්පන්න ස්වාමින් වහන්සේලා තුන් නමක් හෝ ඊට වැඩි ප්රමාණයක් ඒකතු කරගන වෙනම විනය කර්ම සිදු කිරීම.
සම්පූර්ණ වෙන්න ඔ්නි කාරණාා කීපයක් තියනවා.
1 සගපිරිස සමාන සංවාසික ඒ්කුපොසතික වෙන්න ඔ්නි ( ඒ් කියන්නේ ඔය ඒක නිකායක ඒක් පාර්ෂවයක් භික්ෂූන් වහන්සේලා වෙන්න ඔ්නි වගේ අර්ථයක්)
2 ඒම භික්ෂූන් වහන්සේලා විනය කර්ම කිරීමට රැස්වෙන සීමාව තුලම මේක වෙන්න ඔ්නි ( ගාම සීමා. බන්ද සීමා. උදකුක්ඛේප සීමා කියලා සීමා වර්ග කීපයක්ම තියේ. මෙයින් කුමක් හෝ ඒක් සීමාවක් ඇතුලත අනික් භික්ෂූන් පොහොය කිරීම සදහා රැස්වී ඉන්න ඔ්නි)
3 තමා සමග තවත් භික්ෂූන් තුන් නමක් සහභාගී කරවාගන වෙනම පොහොය කිරීමක් හෝ වෙනම විනය කර්ම කිරීමක් සිදු කරන්න ඔ්නි.
ඔ්ක තමා සංගබේදය කයන ආනන්තරීය කර්මය.
ගිහියන්ට භික්ෂූන් අතර බේද ඇති කරන්න පුලුවන් උනත් සංගබේද ආනන්තරීය කර්මය සිදු කරන්න බෑ. භික්ෂූන් අසමගි කිරීම වෙනත් කාරණාවක් මිසක් ආනන්තරීය කර්මයක් වෙන්නේ නැත්තේ ඉහත හේතු හන්දා