සංඟ බේදය නිවැරිදිව දැනගන්න

සංඟ බේදය කියන්නේ මොකක්ද?

  • සංඟ බේදය කියන්නේ සංඟයා වහන්සේලා අතර බේද ඇති කිරීම

    Votes: 11 68.8%
  • සංඟ බේදය කියන්නේ ධරමය සහ විනය විකෘති කිරීම

    Votes: 5 31.3%

  • Total voters
    16

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,101
    841
    113
    මේක ආනන්තරිය පාප කර්මයක්. කරන අයට වෙන්නේ දීර්ග කාලයක් නිකන් අපරාදේ දුක විදින්න.

    එමනිසා මෙය නිවැරිදිව දැන ගැනීම වටිනවා.

    නමුත් පලමුව ඔබේ අදහස මොකක්ද?
     

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    සංඝ බේදය කියන්නේ ගිහියෙකුට කරන්න පුලුවන් දෙයක නෙමේ සාමනේර නමකට කරන්න පුලුවන් දේකුත් නෙමේ. උපසම්දා භික්ෂුවකට පමණක් කල හැකි දෙයක්. සංඝ බේදය වෙනවා කියන්නේ සමාන සංවාසික ඒ්කුද්දේසික භික්ෂූන් වහන්සේලා විනය කර්ම කරන්නට පිහිටුවාගත් සීමාවක් තුල තවත් උපසම්පන්න ස්වාමින් වහන්සේලා තුන් නමක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඒකතු කරගන වෙනම විනය කර්ම සිදු කිරීම.
    සම්පූර්ණ වෙන්න ඔ්නි කාරණාා කීපයක් තියනවා.
    1 සගපිරිස සමාන සංවාසික ඒ්කුපොසතික වෙන්න ඔ්නි ( ඒ් කියන්නේ ඔය ඒක නිකායක ඒක් පාර්ෂවයක් භික්ෂූන් වහන්සේලා වෙන්න ඔ්නි වගේ අර්ථයක්)
    2 ඒම භික්ෂූන් වහන්සේලා විනය කර්ම කිරීමට රැස්වෙන සීමාව තුලම මේක වෙන්න ඔ්නි ( ගාම සීමා. බන්ද සීමා. උදකුක්ඛේප සීමා කියලා සීමා වර්ග කීපයක්ම තියේ. මෙයින් කුමක් හෝ ඒක් සීමාවක් ඇතුලත අනික් භික්ෂූන් පොහොය කිරීම සදහා රැස්වී ඉන්න ඔ්නි)
    3 තමා සමග තවත් භික්ෂූන් තුන් නමක් සහභාගී කරවාගන වෙනම පොහොය කිරීමක් හෝ වෙනම විනය කර්ම කිරීමක් සිදු කරන්න ඔ්නි.

    ඔ්ක තමා සංගබේදය කයන ආනන්තරීය කර්මය.
    ගිහියන්ට භික්ෂූන් අතර බේද ඇති කරන්න පුලුවන් උනත් සංගබේද ආනන්තරීය කර්මය සිදු කරන්න බෑ. භික්ෂූන් අසමගි කිරීම වෙනත් කාරණාවක් මිසක් ආනන්තරීය කර්මයක් වෙන්නේ නැත්තේ ඉහත හේතු හන්දා
     
    • Like
    Reactions: Threadripper

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,101
    841
    113
    70% දන්නේ නැහැ ඒ ගොල්ලෝ ආනන්තරිය පාප ක්‍රියා කරන අවස්ථාවල්!

    සාසනයට ඇතුල් වෙන්නේ -> බික්කු (බික්ෂුවක්) හැට්යට -> මාර්ග එල ලැබූ පසු -> සංඝ වෙනවා

    එතකොට සෑවොටම අයිති 'සංඝ' අවස්තාව නැති කරන ධර්මය විකෘති කිරීම් 'සංඝ බේද' වෙනවා.

    “ස්වාමීනි, සංඝභෙදය, සංඝභෙදයයි කියයි. ස්වාමීනි, කොපමණකින් සංඝයා බිඳුනේ වේද?”
    “උපාලිය, මේ ශාසනයෙහි මහණතෙම අධර්මය, ධර්මයයි ප්‍රකාශ කරත්ද, ධර්මය, අධර්මයයයි ප්‍රකාශ කරත්ද, විනය නොවූවක්, විනයයයි ප්‍රකාශ කෙරෙත්ද, විනය, විනය නොවේයයි ප්‍රකාශ කෙරෙත්ද, තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්ද, නොකියන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි, කියන ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් නොපුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකරණ ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් නොපනවන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පනවන ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් නොපුරුදු කරණ ලද්දේයයි ප්‍රකාශ කරත්. ඔවුහු මේ දස වස්තූන්ගෙන් පස්සට හෝ, ඉවතට අදී. වචනයෙන් අදිත්. වෙන් වෙන් කර්ම කරත්. වෙන් වෙන්ව ප්‍රාතිමොක්‍ෂ දෙසත්.


    -> සංඝභෙද සූත්‍රය

    උඩ පෙන්වා දී ඇති සිංහල පරිවර්තනයේ සමහර තැන්වල අඩුපාඩු තියෙනවා. සුත්‍රයේ 100% නිවැරිදි පරිවර්තනය මෙතන -> මහ මීවලපානේ තෙරුන්ගේ විග්‍රහය
     
    Last edited: