ස්මාර්ට් හැඳුනුම් පත පළමු පියවරේදී අවු: 15 පිරුණු අයටයි
Tuesday, අගෝස්තු 15, 2017
සුභාෂීණී සේනානායක
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පළමු වරට හඳුන්වාදෙන නව ස්මාර්ට් ජාතික හැදුනුම්පත් ලබන ඔක්තෝබර් මාසයේ සිට නිකුත් කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
මෙහි පළමු අදියර යටතේ වයස අවුරුදු 15 සම්පූර්ණ වූ අලුතෙන් ජාතික හැදුනුම්පත් අයැදුම් කරන්නන්ට මෙන්ම නැතිවුණු අයැදුම්පත් හා සංශෝධන අයැදුම්පත් සඳහා නව ජාතික ස්මාර්ට් හැඳුනුම්පත ලබා දෙන බව දෙපාර්තමේන්තුව කියා සිටි.
දෙවැනි අදියර යටතේ 2018 වසරේ සිට මේ නව ජාතික හැඳුනුම්පතට ඇගිලි සලකුණ හා ඡායාරූපය සමඟ ජීවමිතික දත්ත ඇතුළත් කෙරෙන බව පවසන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඒ සඳහා ග්‍රාම නිලධාරීන් මගින් ජාතික පුද්ගල නාම ලේඛන රටපුරා සකස් කරන බවද පවසයි.
ජීවමිතික දත්ත සහිත ස්මාර්ට් ජාතික හැඳුනුම්පත දැනට ජාතික හැඳුනුම්පත් හිමි මිලියන 16කට නැවත ක්‍රමානුකූලව අලුතින් ලබා දීමට නියමිත බවත් මේ සමගම ව්‍යාජ හැඳුනුම්පත් සැකසීම හා හැඳුනුම්පත හා සම්බන්ධ වංචනික ක්‍රියා මුළුමනින්ම නතර වනු ඇති බවත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා අවධාරණය කරයි.
- http://www.dinamina.lk/2017/08/15/පුවත්/39213
ලොල්... අවුරුදු 4 - 5 පරන නිවුස් දාන්න එපා මල්ලි.... චාටර් නේ....




