සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,324
    113
    41843599281_35abf87b41_o.jpg


    - https://www.instagram.com/p/BiQYsSeFCZQ/?tagged=colombo
     

    wasala91

    Member
    Dec 10, 2014
    12
    9
    3
    Tourist arrivals grow 16% in first quarter this year

    The tourist season for Sri Lanka’s east coast is fast approaching with Arugam Bay being the center of attraction for surfers. It’s a very popular surfing destination among European and Australian travellers. With SriLankan launching direct flights to Australia, more Australians are expected this season. Here some tourists returning after surfing in Arugam Bay.

    The tourist season for Sri Lanka’s east coast is fast approaching with Arugam Bay being the center of attraction for surfers. It’s a very popular surfing destination among European and Australian travellers. With SriLankan launching direct flights to Australia.

    The total number of international tourist arrivals to Sri Lanka during April 2018 was 180,429. In comparison with April last year, there is a growth of 12.6% when the arrivals were 160,249, according to the statistics released by the Sri Lanka Tourism Development Authority (SLTDA) yesterday.

    In April, the largest source market for tourists was India, followed by United Kingdom and China. Almost 94% of tourists travelled to the island by air.

    SLTDA said, 888,353 tourists had visited Sri Lanka during the first four months of the year. It is a 16.1% growth over last year when 765,202 tourists had visited the country during the same period. Asia and Pacific was the largest source of tourist traffic to Sri Lanka with 46% of the total traffic received in April 2018. Europe accounted for 42% of the total traffic, Americas 9%, Middle East 2% and Africa 1%. India, United Kingdom, China, Australia and Germany were Sri Lanka’s top five international tourist generating markets in the month of April this year. India was the largest source of tourist traffic to Sri Lanka with 17% of the total traffic received in April 2018. United Kingdom accounted for 14% of the total traffic, while China, Australia and Germany accounted for 10%, 8% and 6% respectively.

    https://news.lk/news/sports-travel/item/20469-tourist-arrivals-grow-16-in-first-quarter-this-year
     
    • Like
    Reactions: Smartm

    wasala91

    Member
    Dec 10, 2014
    12
    9
    3
    සෙංගල්ඔය වාරිව්‍යාපාරය බලගැන්වීමට රු.මිලියන 350ක් - පුරන් කුඹුරු අක්කර 20,000ක් අස්වැද්දීමට සැලසුම්


    සෙංගල්ඔය වාරි ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 350 ක මුදලක් වෙන් කර ඇති බව වාරිමාර්ග, කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

    ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම වෙනුවෙන් පසුගියදා වාරිමාර්ග ආමාත්‍යංශයේදී පැවැති නිලධාරී සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ව්‍යාපෘතියේ වැඩ අද (10 ) ආරම්භ කිරීමට නියමිතයි. අන්දනන්කටුව, අආනවිලූන්දාව, සුරුවිල, ඉහළ වැව, වෙල්ලවල, මරදන්සොලේ, පින්කට්ටිය, මයියාව යන මහ වැව් වෙත ජලය ගෙන යමින් පුරන්ව පවතින කුඹුරු අක්කර 20000 ක් පමණ පෝෂණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

    මීට අමතරව තවත් කුඩා වැව් 08 ක් වෙත මෙමගින් ජලය ගෙන යනු ලබයි. ගොවි ගම්මාන 20 ක් පමණ ගොවි ජනතාව වසර 50 ක සිට සිදු කළ ඉල්ලීමක් මෙලෙස කි‍්‍රයාත්මක වන බව අමාත්‍යවරයා පැවසයි. ඒ යටතේ ප‍්‍රතිලාභ සැලසෙන ගොවි පවුල් ගණන 3000 ඉක්මවයි.

    ආණමඩුව, පල්ලම ප‍්‍රදේශයෙන් දැදුරුඔය හරස් කරමින් නිර්මාණය කෙරෙන සෙංගල්ඔය ව්‍යාපාරයෙන් කිලෝමීටර් 16 ක් දක්වා ජලය ගෙන යමින් ආරච්චිකට්ටුව දක්වාම වූ වැව් අමුණු වෙත ජලය බෙදා දීම මෙමගින් සිදු කිරීමට අපේක්‍ෂිතය.

    කෘෂිකර්මාන්තයේ පුණර්ජීවයක් ඇති කිරීමත්, පාරිසරික සුරක්‍ෂිතතාව ඇති කිරීමත් ව්‍යාපෘතියේ ප‍්‍රධාන අරමුණු වෙයි.

    https://sinhala.news.lk/news/world-3/item/28801-350-20-000
     

    wasala91

    Member
    Dec 10, 2014
    12
    9
    3
    කළුතර මහ රෝහලටත් හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයක්

    නිදහස් සෞඛ්‍ය සේවයේ ගුණාත්මක ප්‍රතිලාභ ජනතාව වෙත ළඟා කිරීමේ අරමුණ ඇතිව රුපියල් මිලියන 800 ක වියදමින් කළුතර මහ රෝහලේ ඉදිකරන ලද හදිසි අනතුරු ඒකකය සහ හදිසි ප්‍රතිකාර ඒකකය විවෘත කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පස්වරු 3.00 ට එම රෝහල් භූමියේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇත.

    දිවයින පුරා ප්‍රධාන රෝහල් 24 ක හදිසි අනතුරු ඒකක සහ හදිසි ප්‍රතිකාර ඒකක ඉදිකෙරෙමින් පවතී. කොළඹ ජාතික රෝහලට පමණක් සීමා වී තිබූ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකක දිවයින පුරා ව්‍යාප්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර ඇත.

    කළුතර මහ රෝහල අංග සම්පුර්ණ මහ රෝහලක් බවට පත් කිරීමෙන් පසු ශික්ෂණ රෝහලක් ලෙස නම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා සුදානමින් සිටි.

    මෙම රෝහලේ මහල් 08 කින් යුත් නව වෛද්‍ය වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීම, නව පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීම, නව අක්ෂි වාට්ටු සංකීර්ණය ඉදිකිරිම ඇතුලු සංවර්ධන ව්‍යාපෘති රැසක් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත ආරම්භ කර ඇත.

    තව ද කළුතර ගල්අස්ස ප්‍රදේශයේ නව මාතෘ හා ළමා රෝහලක් නෙදර්ලන්ත ආධාර මත ඉදිකිරීමට පියවර ගෙන ඇත. මෙම රෝහලේ සංවර්ධන කටයුතු සදහා වැය කිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 12500 කි.

    https://sinhala.news.lk/news/political-current-affairs/item/28794-2018-05-09-11-46-50
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,324
    113
    කොළඹ තදාසන්න දුම්රිය කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (CSREIP) ක්‍රියාත්මක කිරීම

    පොදු ප්‍රවාහන සේවාව වැඩිදියුණු කිරීම මඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහන සේවාවක් මහජනතාවට සැපයීමේදී මෙරට දුම්රිය සේවාව සංවර්ධනය කිරීම ප්‍රමුඛ කාර්යයක් ලෙස රජය හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, ආසියානු සංවර්ධන බැංකු‍ව වෙතින් ලබා ගනු ලබන ණය ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන 'කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය (CSRP)' යටතේ කොළඹ නගරය අනෙක් ප්‍රදේශ හා සම්බන්ධ කෙරෙන තදාසන්න දුම්රිය මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමට කටයුතු ආරම්භ කරනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත 'කොළඹ තදාසන්න දුම්රිය කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (CSREIP)' මඟින් දුම්රිය කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම පිණිස අවශ්‍ය පහත සඳහන් කුඩා පරිමාණ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ.

    * දැනට පවතින දුම්රිය ප්‍රවේශපත්‍ර සහ ආසන වෙන් කිරීමේ ක්‍රමවේදය වෙනුවට ප්‍රවේශ පත්‍ර හා ආසන වෙන් කිරීමේ නවීන පද්ධතියක් ක්‍රියාත්මක කිරීම.
    * දුම්රිය මගීන් සඳහා ගුවන් විදුලි සංදේශ සේවා සැපයීම සඳහා නව පද්ධතියක් සකස් කිරීම.
    * කොළඹ, මාළිගාවත්ත පාසල් පටුමඟ දුම්රිය මාර්ග පාලම පුළුල් කර නැවත ඉදි කිරීම.
    * කොළඹ දුම්රිය පාලන මධ්‍යස්ථානය හා දුම්රිය මාර්ග මෙහෙයුම් මධ්‍යස්ථානය ඉදි කිරීම.
    * නව තාක්ෂණය පද්ධති සහ ක්‍රමවේද ඇතුළත් වන පරිදි ශ්‍රී ලංකා - ජර්මානු දුම්රිය මාර්ග තාක්ෂණික පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු කටයුතු සංවර්ධනය කිරීම.
    * රත්මලානේ දුම්රිය යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව සඳහා යන්ත්‍ර හා මැදිරි අලුත්වැඩියා කිරීමේ වැඩහලක් ලබා දීම.
    * දුම්රිය මාර්ග රක්ෂිතයන් තුළ ජීවත් වන පවුල් නැවත පදිංචි කිරීම සඳහා නිවාස යෝජනා ක්‍රම 02ක් ඉදි කිරීම.

    ඒ අනුව, ඉහත උප ව්‍යාපෘති ඇතුළත් කොළඹ තදාසන්න දුම්රිය කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (CSREIP) ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කැලණිය පැරණි දුම්රිය පාලම ඉදි කිරීම

    ඉහළ යන දුම්රිය මගීන්ගේ සංඛ්‍යාව හා දුම්රිය ධාවන වේගය වැඩි කිරීමේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි දුම්රිය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනා ගනු ලැබ තිබේ. ඒ යටතේ, 1881 වර්ෂයේ ඉදි කර ඇති කැලණිය පැරණි දුම්රිය පාලම වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි නැවත ඉදි කිරීම සඳහා ව්‍යාපෘතියක් රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. මේ සඳහා යුරෝ මිලියන 9ක් පමණ වැය වන බවට ඇස්තමේන්තුගත කර තිබේ. මෙම සමස්ත පිරිවැය දැරීම සඳහා පොලී රහිත ණය මුදලක් ලබා දීමට ඔස්ට්‍රියාවේ යුනික්‍රෙඩිට් බැංකුව (UniCredit Bank Austria AG) එකඟතාව පළ කර ඇත. ඒ අනුව, එකී ණය මුදල ලබාගැනීම සඳහා එම බැංකුව සමඟ සාකච්ඡා සම්මුති පැවැත්වීමටත්, අදාළ ණය ගිවිසුම්වලට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ජපාන රජය, ඉන්දියානු රජය, චීන රජය සහ ශ්‍රී ලංකා රජය ඒකාබද්ධව ද්‍රවීකෘත ස්වාභාවික වායු විදුලි බලාගාර 03ක් ස්ථාපිත කිරීම

    රජයකින් රජයට ලබා දීමේ පදනම මත ද්‍රවීකෘත ස්වාභාවික වායු බලාගාර 03ක් මෙරට ස්ථාපනය කිරීමට අනුග්‍රහය දැක්වීමට චීනය, ජපානය හා ඉන්දියාව කැමැත්ත පළ කරනු ලැබ තිබේ. 2021 වර්ෂයෙන් පසු මෙරට බලශක්ති ඉල්ලුමෙහි ඇති වන ඉහළ යාම සැලකිල්ලට ගෙන, ජාතික ආර්ථික සභාවේ නිර්දේශය පරිදි, චීන රජය හා ඒකාබද්ධව හම්බන්තොට ප්‍රදේශයේ මෙගාවොට් 400ක ද්‍රවීකෘත ස්වාභාවික වායු බලාගාරයක්ද, ජපාන රජය හා ඒකාබද්ධව මෙගාවොට් 500ක ද්‍රවීකෘත ස්වාභාවික වායු බලාගාරයක්ද, ඉන්දියානු රජය හා ඒකාබද්ධව මෙගාවොට් 500ක ද්‍රවීකෘත ස්වාභාවික වායු බලාගාරයක්ද ඉදි කිරීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    සෞඛ්‍ය පද්ධතීන් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය

    ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර සහ ශ්‍රී ලංකා රජයේ අරමුදල් යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත සෞඛ්‍ය පද්ධතීන් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ උතුරු මැද, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීමට සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ සහ අදාළ පළාත් මට්ටමින් ව්‍යාපෘති කළමනාකරණ ඒකක පිහිටුවීමටත්, ඒ සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල බඳවා ගැනීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    දේශීය ඖෂධ නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් ආයෝජකයින් සමඟ බද්ධ ව්‍යාපාර පිහිටුවීම

    ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන කර්මාන්තය නඟා සිටුවීම මඟින් ඖෂධ ආනයනය සඳහා වැය වන විදේශ විනිමය සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි වේ. එබැවින්, උසස් තත්ත්වයෙන් යුතු ඖෂධ කාර්යක්ෂමව රජයේ රෝහල් වෙත අඛණ්ඩව සැපයීමේ හැකියාවක් ඇති ආයෝජකයින් හඳුනාගෙන එම ආයෝජකයින් සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව අතර බද්ධ ව්‍යාපාර පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත. මෙම බද්ධ ව්‍යාපාර සඳහා ඇතුළත් වීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට නීතිමය අවසරය ලබා දීමේ අරමුණින්, 1987 07 04 දිනැති අංක 456/21 දරන අතිවිශෙෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ ඇති, 1957 අංක 49 දරන රාජ්‍ය කාර්මික සංස්ථා පනත යටතේ නිකුත් කරන ලද නියෝග සංශෝධනය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සඳහා ගුවන් ගමන් කළමනාකරණ පද්ධතියක් සැපයීම

    කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සඳහා ගුවන් ගමන් කළමනාකරණ පද්ධතියක් සැපයීම හා ස්ථාපනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ප්‍රංශයේ M/s. Thales Air Systems S.A.S. වෙත ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මාදම්පිටිය, කිඹුලා ඇළවත්ත නිවාස ව්‍යාපෘතියේ උපරි ව්‍යුහ වැඩ සැලසුම් කිරීම, ඉදි කිරීම හා මූල්‍යනය කිරීම

    නිවාස ඒකක 472කින් සමන්විත මාදම්පිටිය, කිඹුලා ඇළවත්ත අඩු ආදායම්ලාභී නිවාස ව්‍යාපෘතියේ උපරි ව්‍යුහ වැඩ සැලසුම් කිරීම, ඉදි කිරීම හා මූල්‍යනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 2,247ක මුදලකට M/s.CML-MTD Construction (Pvt) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාවය ඉහළ නැවීමේ ව්‍යාපෘතිය (PSEP)

    රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීමට හා ඒවායේ හැකියාවන් වර්ධනය කිරීම පිණිස යුරෝ මිලියන 10ක ප්‍රදානයක් ලබා දීමට යුරෝපා සංගමය එකඟ වී ඇති අතර, එම අරමුදල් ලබාගැනීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, අදාළ ප්‍රදාන ගිවිසුමට එළඹීමටත්, ඒ සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අත්සන් තැබීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත බලය පැවරීමටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    'කාන්තා ව්‍යවසායකත්ව මූල්‍යාධාර වැඩසටහන' ක්‍රියාත්මක කිරීම

    කාන්තා ව්‍යවසායකයින් දිරිගැන්වීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් 'කාන්තා ව්‍යවසායකත්ව මූල්‍යාධාර වැඩසටහන' නමින් ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබා දීමට එකඟ වී ඇති මූල්‍යාධාර උපයෝගි කරගනිමින්, දැනටමත් ක්‍රියාත්මක කෙරෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රමයේ දෙවන අදියර යටතේ මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. පහත කොන්දේසි සපුරන කාන්තා ව්‍යවසායකයින් සඳහා මේ යටතේ ණය ලබා දීමටත්, ලබාගනු ලබන ණය මුදලින් සියයට 20 - 30ත් අතර ප්‍රමාණයක් ආපසු ගෙවීම අවශ්‍ය නොවන අධාරයක් වශයෙන් ලබා දීමටත් ‍නියමිතය. I. ඉල්ලුම් කරනු ලබන ණය මුදල රු.750,000/-ක් හෝ ඊට වඩා වැඩි වීම හා අදාළ ව්‍යාපාරික ආයතනයේ අයිතියෙන් සියයට 51ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් කාන්තාවන් සතු වීම. හෝ II. ඉල්ලුම් කරනු ලබන ණය මුදල රු.750,000/-ක් හෝ ඊට වඩා වැඩි වීම සහ පහත කොන්දේසි තුන (03) සම්පූර්ණ කිරීම. - අවම වශයෙන් ආයතනයේ අයිතියෙන් සියයට 20ක් කාන්තාවන් සතු වීම. - අදාළ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි හෝ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි කාන්තාවක් වීම. - පාලක සභා (Director Boards) පවතින ආයතනවල, එම පාලක සභාවේ කාන්තා නියෝජනය අවම වශයෙන් සියයට 30ක් වීම. ඒ අනුව, ඌව, සබරගමුව, උතුර හා නැ‍ඟෙනහිර යන ඌන සංවර්ධිත ප්‍රදේශ වෙත ප්‍රමුඛතාවක් ලබා දෙමින්, මූල්‍ය ආයතන 10 හරහා මෙම ණය යෝජනා ක්‍රමය දිවයින පුරා ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    Cabinet decisions 2018.05..09
    http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2018-05-09
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,324
    113
    "සියපත් සෙවන" මහල් නිවාස ව්‍යාපෘතියේ පළමු අදියර ජනතා අයිතයට"

    රුපියල් ලක්‍ෂ 17,480ක ආයෝජනයෙන් දෙමටගොඩ ඉදි වූ "සියපත් සෙවන" මහල් නිවාස ව්‍යාපෘතිය පළමු අදියරේ නිවාස ඒකක 437ක් අද දින අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනතා අයිතියට පැවරිනි. මෙහි කොළඹ 07, මෙට්ලන්ඞ් පෙදෙස, 55 වත්ත ජනාවාසයේ පදිංචිකරුවන් සහ කැළණිවැලි දුම්රිය මාර්ගය පුළුල් කිරීම නිසා අවතැන් වන පවුල් මෙම මහල් නිවාසයේ පදිංචිකරවීමට නියමිතය. මෙම මහල් නිවාසයේ එක් නිවසක නිදන කාමර දෙකකින් සහ සියලූ මූලික පහසුකම්වලින් සමන්විතය. නිවාස සංකීර්ණය මහල් 15කින් සමන්විත වන අතර නිවැසියන්ගේ පහසුව පිණිස විදුලි සෝපාන, ප‍්‍රජා ශාලාව සහ අනෙකුත් අංගෝපාංග ද මෙහි අන්තර්ගතය.

    32215397_1941029072607784_8266982527701352448_n.jpg

    32231171_1941028989274459_7256918112170147840_n.jpg


    - https://www.facebook.com/pg/uda.gov.lk/photos/?tab=album&album_id=1941028605941164

    KSR5363.jpg


    - http://www.ada.lk/article/328238/කොළඹ-නිවාස-437ක්-ජනතා-අයිතියට
     

    malganis

    Member
    Oct 31, 2016
    398
    45
    0
    * දුම්රිය මගීන් සඳහා ගුවන් විදුලි සංදේශ සේවා සැපයීම සඳහා නව පද්ධතියක් සකස් කිරීම.


    :angry:pissuda yako kanak ahenna nathi wei
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    eia_an.jpg


    Environmental Impact Assessment Report for
    Colombo Light Rail Transit Project - April 2018:

    https://drive.google.com/open?id=1n8eMCCTWqCOlliHRBJuNGq9P3ikLF8TL
    (pdf 9.88 mb)
    Annexures: https://drive.google.com/open?id=19FkVhGsw0vUe7lW0enQEsLFzQxtEX-zM
    (pdf 17.25 mb)

    පක තමා ඕවා කරන්නේ.. දැනට තියෙන කොච්චි ටිකවත් හරියට දුවාගන්න බෑ. ආපු දවසේ ඉදන් එක කොච්චි පෙට්ටියක් වැඩි කරලා නෑ. හැමදාම ස්ට්‍රයික්, කොච්චි පරක්කුයි, මිනිස්සු නොමැරී මැරෙනවා, ස්ටේෂන් එකක වහලයක් හදාගන්න බෑ හැම තැනම තෙමෙනවා, ඉදගන්න බංකුවක් නෑ. කතාවනම් මොනෝ රේල් දාන්න. කොරයි කියල තමා බය..:angry:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,324
    113
    * දුම්රිය මගීන් සඳහා ගුවන් විදුලි සංදේශ සේවා සැපයීම සඳහා නව පද්ධතියක් සකස් කිරීම.


    :angry:pissuda yako kanak ahenna nathi wei

    ගුවන් විදුලි සංදේශ සේවා = telecommuncation.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,324
    113
    Monthly Progress Report - April 2018
    New Bridge Construction Project over the Kelani River


     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    සෙංගල්ඔය වාරිව්‍යාපාරය බලගැන්වීමට රු.මිලියන 350ක් - පුරන් කුඹුරු අක්කර 20,000ක් අස්වැද්දීමට සැලසුම්


    සෙංගල්ඔය වාරි ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 350 ක මුදලක් වෙන් කර ඇති බව වාරිමාර්ග, කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

    ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම වෙනුවෙන් පසුගියදා වාරිමාර්ග ආමාත්‍යංශයේදී පැවැති නිලධාරී සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ව්‍යාපෘතියේ වැඩ අද (10 ) ආරම්භ කිරීමට නියමිතයි. අන්දනන්කටුව, අආනවිලූන්දාව, සුරුවිල, ඉහළ වැව, වෙල්ලවල, මරදන්සොලේ, පින්කට්ටිය, මයියාව යන මහ වැව් වෙත ජලය ගෙන යමින් පුරන්ව පවතින කුඹුරු අක්කර 20000 ක් පමණ පෝෂණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

    මීට අමතරව තවත් කුඩා වැව් 08 ක් වෙත මෙමගින් ජලය ගෙන යනු ලබයි. ගොවි ගම්මාන 20 ක් පමණ ගොවි ජනතාව වසර 50 ක සිට සිදු කළ ඉල්ලීමක් මෙලෙස කි‍්‍රයාත්මක වන බව අමාත්‍යවරයා පැවසයි. ඒ යටතේ ප‍්‍රතිලාභ සැලසෙන ගොවි පවුල් ගණන 3000 ඉක්මවයි.

    ආණමඩුව, පල්ලම ප‍්‍රදේශයෙන් දැදුරුඔය හරස් කරමින් නිර්මාණය කෙරෙන සෙංගල්ඔය ව්‍යාපාරයෙන් කිලෝමීටර් 16 ක් දක්වා ජලය ගෙන යමින් ආරච්චිකට්ටුව දක්වාම වූ වැව් අමුණු වෙත ජලය බෙදා දීම මෙමගින් සිදු කිරීමට අපේක්‍ෂිතය.

    කෘෂිකර්මාන්තයේ පුණර්ජීවයක් ඇති කිරීමත්, පාරිසරික සුරක්‍ෂිතතාව ඇති කිරීමත් ව්‍යාපෘතියේ ප‍්‍රධාන අරමුණු වෙයි.

    https://sinhala.news.lk/news/world-3/item/28801-350-20-000


    මේ වැඩෙට ගමේ මිනිස්සු වැඩිය කැමති නැ වගේ .
    :(
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,324
    113
    China approves funds for Central Expressway

    2018-05-14 19:12:23

    Chinese Ambassador in Colombo Cheng Xueyuan has informed Prime Minister Ranil Wickremesinghe that the Chinese government has approved USD 1 billion as funding for the phase one of the Central Expressway project.

    The loan would be granted through the Exim Bank of China. Chinese Ambassador had informed this when he met Prime Minister Wickremesinghe at Temple Trees this afternoon. (YP)

    - http://www.dailymirror.lk/article/China-approves-funds-for-Central-Expressway-149894.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,324
    113
    ලංකා විදුලිබල මණ්ඩලයේ නව ජාතික විදුලිබල පද්ධති පාලන මධ්‍යස්ථානය


    දිවයින පුරා ඇති සියලූම විදුලි බලාගාර සහ විදුලි උප පොළවල ඇති දත්ත පාලනය කළ හැකි ශ්‍රි ජයවර්ධනපුර නව ජාතික විදුලිබල පද්ධති පාලන මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් අද (16) පස්වරුවේ විවෘත කෙරිණ.

    ශ්‍රී ලංකාවේ විදුලි බල පද්ධති මෙහෙයුම් කිරීම සඳහා නවීන තාක්ෂණයෙන් යුතු ප්‍රධාන මෙහෙයුම් පද්ධතියක අවශ්‍යතාවය සපුරමින් ශක්තිමත් විදුලිබල කළමනාකරණයක් තුළින් ජනතාවට කාර්යක්ෂම විදුලි සේවාවක් ලබාදීමේ අරමුණෙන් ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ රුපියල් බිලියන 03 ක වියදමින් මෙම මධ්‍යස්ථානය ඉදිකර තිබේනවා.

    මෙම නව පද්ධති පාලන මැදිරියට මෙරට විදුලි බලාගාර 25 ම සහ විදුලි ග්‍රීඞ් උප පොළවල් 63ම දත්ත එම මොහොතේම සජීවීව බලා ගැනීමේ හැකියාව පැවතීම සුවිශේෂි වනවා. කලින් පැවති පද්ධති පාලන මැදිරියෙන් එම පහසුකම පැවතියේ විදුලි බලාගාර 15ක් හා විදුලි ග්‍රිඞ් උප පොළවල් 35ක පමණයි.

    සෑම සම්ප්‍රේෂණ රැහැනකම ගලායන ධාරාව, විදුලි බලාගාරවල ජනනය කරන ප්‍රධාන මාර්ගයන් සහ විදුලි බලාගාරවල ජලාශවල ජල මට්ටම පිළිබඳව, පද්ධති පාලන ඉංජිනේරුවරයාට ඉතා හොද දැනුමක් ලබා ගැනීමට හැකියාව පවතිනවා.

    එමෙන්ම දෛනිකව ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේදී වැයවන පිරිවැය අවම වන අයුරින් ජනන සැලසුම සැකසීමට පද්ධති පාලන ඉංජිනේරුවරයාට මෙය උපකාරි වන බවයි විදුලි බල මණ්ඩලය පවසන්නේ. එමගින් විදුලි ජනනයට යන වියදම අවම කර ගැනීමට හැකියාව පවතීනවා. සම්ප්‍රේෂණ පද්ධතිය කළමනාකරණය හා පාලනය කිරීම වඩා විශ්වාසනීය හා කාර්යක්ෂම අයුරින් ඉටුකිරීමට ද මෙමගින් හැකියාව පවතනවා.

    විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මෙම අවස්ථාවට එක්ව සිටියා.


    - http://www.rupavahininews.lk/index.php/local-news/16168-2018-05-16-ceb-control

    32621961_10156135917531327_7877116152831279104_n.jpg

    32746457_10156135918521327_7361899512454971392_n.jpg

    32592833_10156135919161327_1953817890381627392_n.jpg


    32375914_10156081709780485_7020917115318173696_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,324
    113
    $ 1.3 b FDI approved in first four months: Malik

    The Government aims to attract foreign direct investments to the tune of $ 2.7 billion in the first half of 2018, Development Strategies and International Trade Minister Malik Samarawickrama told Parliament yesterday with $ 1.3 billion approved in the first four months.

    “In 2018, the BOI has approved projects up to a value of $ 1.348 billion for the last four months.

    In the next one and half months, before 30 June, there will be FDI projects worth $ 1.4 billion that will be approved by the BOI,” Minister Samarawickrama added.

    more:
    http://www.ft.lk/front-page/--1-3-b-FDI-approved-in-first-four-months--Malik/44-655692
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    බස් ගාස්තු වැඩිකරලා. පයින් යන්න වෙලා හුත්තෝ දැන්