සංවාදයට විවෘතයි

yasitha_o3

Member
Oct 5, 2006
2,081
83
0
37
IN YOUR HEART
මුලින්ම කියන්න ඕනේ cycoxt කියන සහෝදරයා මේ මගේ comment එකට කලින් දාල තියෙන එකටනම් මම සම්පුර්නෙන් විරුද්දයි. මොකද ආගම හා දර්ශනයක් කියන්නේ දෙකක්. ලෝකේ තියෙන හැම ආගමක්ම දර්ශනයක් නෙවෙයි. දෙකේ වෙනස මිට වැඩ ඉගෙන ගන්න.

මෙතැන් සිට මගේ මතය.

1) මහා බද්‍ර කල්පයක් තුල බුදුවරුන් 5ස්නමක් පහල වේ. එය බුද්ධ භාශිතයකි. නමුත් සෑම බුදු වරයෙක් පහල වීමට කලින්ම ලෝක විනාසයක් සිදුවෙන්නේ නෑ. මොකද මයිත්රි බුදු හාමුදුරුවෝ පහල වෙනකොට වෙන්නේ මේ ඉන්න මනු සත්ව කොට්ටශයේම වයස 80,000ක් තරම් වැඩි වීමක් වීම පනයි. ඒ වෙන්නෙත් අපේ යුෂ මේ යන විදිහටම තව තවත් අඩු වෙමින් ගිහින් නවටත් වැඩි වීමෙන්. එහෙම නැතුව මයිත්‍රී බුදුන් පහල වීමට කලින් ලෝක විනාසයක් සිදු වෙන්නේ නෑ. නමුත් මේ බද්‍ර කල්පයේ අවසන් බුදු උපත වන මය්තිර් බුදුන් ගෙන් පස්සේ ලෝක විනාසයක් සිදුවිය හැකි. එහිදී මෙලොව නිවන් දැක නොමැති සියලු සතුන් මියගොස් කර ඇති පව් පින් අනුව වෙනත් ප්‍රේත ලෝක දිවය ලෝක හෝ යම් කිසි තැනක උපදිවී. හෝ වෙනත් සක්වලක් වෙත යාවි. ඒ ගැන මගේ දැනුම මදි.

2)රාවනා කාලය තුල බුදුන් දෙනමක් පහල විය නොහැක්කක්. මොකද බුදු කෙනෙක් උපදින්නේ කල්ප ගානකට සැරයක්. කල්පයක් කියන දේ බුද්ද දේශනාවේ උදාහරණ වලින් තියෙන්නේ ගණනකින් කියන්න පුළුවන් ප්‍රමාණ නොවෙන නිසා. උඩ හරනෙකට මට මතක විදිහට මහා මේරු පර්වතය අවුරුදු ගානකට සැරයක් සිනිදු රෙදි කඩකින් පිහි දාල ඒ පර්වතය ගෙවුනත් කල්ල්පයක් ගෙවිල ඉවර වෙන්නේ නෑලු. ඉතින් එහෙම එකේ රාවන කාලය තුල බුදුන් දෙනමක් පහල විය නොහැක.

3)පුනර්භවය විධය්තමකව පැහැදිලි කර ඇත්ද නැත්ද යන්න ගැනනම් විස්තරයක් කියන්න දන්නේ නෑ. නමුත් බුද්ධ දේශනාව අනුව සත්‍යයි මොකද බුදුන් ලබාගත්ත පුබ්බේ නිවසනුස්මත් ඥයන අනුව පෙර විසු අතම ගැන දන ගත හැකි උන්වහන්සේට. සහ එවන් උදාහරණ මගින් මිනිසුන්ව යහමගට ගන්නට එතුමන් වහන්සේ එම නුවන යොදාගෙන තියෙනවා. දන්නා විදිහට මෝහනය වගේ දේවල් ඇමෙරිකානුවෝ පාවිච්චි කරනවලු දැනටත්.

4) ගස් වල් කතා කල බව තියෙන්නේ ජාතක කතා වල මිසක් බුද්ධ දේශනාවේ නෙවෙයි. ඒවා අතිශෝක්තියෙන් දැක්වීමක් ලෙස ගන්න පුළුවන්.

5) ඔව් බුදුන් වහන්සේ සම්පුර්ණ මනුෂයෙක්. එහෙම නැතුව තරුවෙන් ඉපදුන කෙනෙක් නෙවෙයි. ජේසු තුමා වගේ. බුදුන් වහන්සේ හැම තිස්සෙම රැස් විහිදුවා විහිදුවා හිටපු කෙනෙක් නෙවෙයි මොකද ඕනෑ තරම් තැන් වල දක්වල තියෙනව බුදුන් වහන්සේව වෙන් කරලා හඳුනා ගන්න බැරි වෙච්ච අවස්ථාවල්. උදාහරණයක් විදිහට. මට මේ සුත්‍රයේ නම නම මතක නෑ. බුදු වහන්සේ සොයා කෙනෙක් එද්දී අම්බලමක නැවතිලා තියෙනව රෑ උන නිසා බුදුන් වහන්සේත් එම අම්බලමටම වලා තියෙනව එතනදී අර මනුස්සය කියල තියෙනව එය යන්නේ බුදුන් වහන්සේ සොයා ගෙන කියල. ඔහොඅම කතා කර කර ඉන්න ගමන් බුදුන් වහන්සේ ධර්මය දේශනා කරලා තියෙනව. එකෙන්ම පෙන්වා නේ බුදුන් වහන්සේ නොදන්නා කෙනෙක්ට එක සැරේම අඳුන ගන්න බෑ.

දෙතිස් මහා පුරුෂ ලක්ස්න පිහිටන්නේ බුදුන් කෙනෙක්ට පමණක් නෙවෙයි සක්විති රජකෙනේක්ටත් පිහිටනවා එත් මම දන්න විදිහට එතුඅම්න්ගේ උර්න රෝම කුපය පිහිටන්නේ බුදුන්ගේ පිහිටන පත්තට විරුද්දව. අනිත් එක මහා කාශ්‍යප තෙරුන් වහන්සේ. උන් වහන්සේ රුපයෙන් ඉතාමත් සමානයි බුදුන් වහන්සේට එම නිසා විවිධ ප්‍රශ්නත් ඇති වෙලා තියෙනව. ඒ නිසා කාශ්‍යප තෙරුන් වහන්සේ බුධුන් වහන්සේ සිටින ප්‍රදේශයෙන් දුරින් තමා වැඩ හින්දල තියෙන්නේ. බුදුන් වහන්සේත් අපි වගේම අම්ම කෙනෙක් ගේ කුසින් ඉපදුනු සැප දුක විඳපු කෙනෙක්.

ඒ වගේම බුදුන් වහන්සේට අවශ්‍ය වෙලාවට තමන්ගේ ධ්‍යාන වලට සම වැදිලා රැස් විහිදුවන්න පුළුවන්. ඒ වගේම යමා මහා පෙළ හැර කියන්නෙත් අමුතු දෙයක් නෙවෙයි එකත් ඒ වගේම ධ්‍යාන වලට සම වැදිලා කරන්නා වූ දෙයක්. නමුත් එක කරන්න රහතන් වහන්සේ නමකටවත් බැහැලු මොකද යාම මහා පෙළහරේ දී කරන්නේ එක පසකින් ජලයත් අනිත් පසින් ගින්දරත් විහිදුවන එක. ඒ කියන්නේ එකිනෙකෙඅට වෙනස් ධ්‍යානයන් දෙකකට ඉතාම වේගයෙන් සමවදින එක. එක කරන්න පුදුම චිත්ත ඒකාග්‍ර තාවයක් අවශ්‍ය ඇති. එකයි රහතන් වහන්සේ නමකටවත් කරන්න බැරි.

ඔන්න මගේ මතේ. මේ බාහිර කරුණක්

බුද්ධ දර්ශනය යානු හුදෙක් ආගමක් නොවේ. එය දර්ශනයක් ඒ කියන්නේ මේ අගම තුල කිසිවක් නීති මගින් පනවල නෑ අවශ්‍ය කෙනෙක් ට ඇවිත් බලන්න පුළුවන් තමන් විසින්ම අවබෝධ කරගන්න පුළුවන්. සත්යි කියල වැටහෙනවා නම් බාර ගන්න පුල්වුඅන්. එහෙම නොකළ කියල ඒ අයගේ බෙල්ල කපල මරන්නේ නෑ. එහෙම බුද්ධ දර්ශනය පීලි පද්දත නැතත් අන්තිමට වෙන්නේ බුද්ධ ධර්ශනයේ තියෙන දෙයමයි මොකද මේක දර්ශනයක් එනම් බුද්ධ දේශනය යනු ස්වභාව දර්මයමයි. එක වෙනස් කරන්න කිසිම දෙවියෙකට බෑ. ජේසු තමත් මරුනේ ඒ ස්වභාව දර්මයේ නිතිය අනුවමයි. කිසි දා නොදැකපු අල්ලාහ් ගැනනම් කියන්න දන්නේ නැ. නබි තුමත් මරුනේ ඒ ස්වභාව දර්ම නිතිය අනුවමයි.

ඉතින් පස් පව් නොකර හැකි තරම් නිවැරදි බුදු ධහම ඉගෙන ගෙන අන්ධ භක්තියෙන් තොරව තාර්කිකව බුධුන් දෙසු ධර්මය හදාරන්න. නිවන් දකින්න ඊළඟ බුධුන් උපදිනකන් ඉන්න එපා. හැකි ඉක්ක්මනින්ම මේ සසරෙන් නිදහස් වෙන්න. පත්තු කරපු පහනකින් තව පහනක් දල්වුවම ඒ තියෙන දල්ල අර තිබ්බ දැල්ලම නෙවෙයි තමයි නමුත් වෙන එකකුත් නෙවෙයි ඉතින් මැරී මැරී යන ජීවිතෙත් ඒ වගේ. එම නිසා උත්සහ ගන්න ඒ දැල්ල නිමල දමන්න එතකොට ඒ දැල්ල නැවතත් මේ පංච භූත කොටස් වලට වෙන් වෙලා යනවා වගේ මේ වින්යනයත් නිර්වාණයෙන් පංච බුත කොටස් වලටම වෙන් කරලා දමන්න නැවත ඇතිවීමක් නැති වෙන්නම.

බුදු සරණයි හැමෝටම. වැරදි තැනක් තිබේනම් නිවැරදි කරන්න.
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
කල්ප 100 කටම බුදුවරු හත් නමක් නේද පහල වෙලා තියෙන්නේ ?

ඔව් මචන්... බුදුවරු 5 නමක්ම මේ මහා භද්‍ර කල්පයේ පහලවෙලා තියෙන්නේ.. පසුගිය කල්ප 99 ටම බුදුවරු 2 නමයි පහල වෙලා තියෙන්නේ.. බුදුවරු පහල වීම හරි අහඹු සිද්දියක් නේද එතකොට බලනකොට.. නිශ්චිත රටාවක් නැහැ නේ... ඒ නිසාම මන් අහලා තියනවා ස්වාමින් වහන්සේලා කියනවා.. සමහර විට මේ මහා භද්‍ර කල්පයෙන් පස්සේ තව කල්ප ගනනාවක් යනකම්ම කිසිම බුදු කෙනෙක් පහල වෙන්නේ නැතිවෙයි කියලා.. එහෙම හිතන්නත් පුළුවන්.. මොකද මොකද්දෝ වාසනාවකට බුදුවරු 5 නමක්ම මේ කල්පයේ පහල වෙලා.. අපි මොනතරම් වාසනාවන්තද.. මේ මහා භද්‍ර කල්පයේම මනුෂ්යෙක්ව ඉපදිලා, ඒ ඒක බුදු කෙනෙකුගේ බුද්ධ සාසනය අවසාන වෙලා යාමට පෙර ඉපදිලා බුද්ධ ධර්මය ලැබීමට තරම්.. නිකන් හිතන්න.. මේ කල්පය ආරම්භයේ මව/පියා මරපු අය මේ කල්පය ඉවර වෙනකම්ම නිරයේ. බුදුවරු දෙනමක් අතර ඉපදිලා ආනන්තරිය පාපකර්ම කල අයත් මේ කල්පය ඉවර වෙනකම්ම නිරයේ. සමතය විතරක් වැඩලා මරුන අය දැන් කල්ප ගණනාවක් යනකම්ම අසඤ්ඤතලයේ. ධර්මය ඇහෙන්නේ නැහැ. ඔය හැමෝම ඉපදෙන කොට බුද්ධ සසනයක් තිබ්බේ නැත්තම් ආයෙත් පවු කරලා නිරයේ මයි. මේ මහා භද්‍ර කල්පයේ බුදුවරු 5 නමක්ම පහල වීම ඉතාම දුර්ලභ අහඹු සිද්දියක්. සමහරවිට මේ පෘතුවියේ පළමු හා අවසාන වතාවට වෙන්නත් පුළුවන්. තව කල්ප 100 - 200 කටවත් ඒක බුදු කෙනෙක් පහල නොවෙන්නත් පුළුවන්... අපිට ලැබිලා තියන මහා පිනක ස්වභාවය, මේ පුදුමාකාර අහඹු අවස්ථාවේ ඇති වටිනාකම අපේ බෞද්ධයන්ට යන්තමින්වත් වටහා ගන්න බැහැ... ඒකයි කණගාටුවට කරුණ... :)
 
Last edited:

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    බුදු දහම තුල එල්බගෙන සිටිමි. ඒ ආශ්‍රිත කෝණයකින් ප්‍රශ්නය දෙස බලමි. ඒ ගැන සමාවෙන්න.
    හරි ඒක ප්‍රශ්ණයක් නෙවේ. කරුණු දැක්වීමයි වැදගත්.

    1. කල්ප විනාශයකදී සත්වයන් ඇතිවෙලා නැති වෙන බවට බුද්ධ දේශනා තියනවා. ලෝක විනාශයක් වෙන විදිහ ගැන බුද්ධ දේශනා ඇති. හොයලා බලන්න.
    1. කල්ප විනාශය පිළිබඳ මට දල අදහසක් ලබාදෙන්න. කල්ප විනාශයේදී භෞතික ශරීරයක් ඇති සියළුම ජීවීන් විනාශ වනවාද නැද්ද?

    නමුත් වැදගත්ම දේ, කොහොම විනාශ වුනත් අපිට ඇති පලය මොකද්ද? බුදු කෙනෙක් ලෝක විෂය ගැන කෙටියෙන් පැහැදිලි කරලා හොයන්න එපා කියලා තියෙන්නේ ඒක අවබෝධ කරලා ඉවර කරන්න බැරි තරම් පුළුල් විෂය ක්ෂේත්‍රයක් නිසා. ඒක 100% අවබෝධ කලේ බුදු කෙනෙක් පමණයි. බුදු කෙනෙක් අපිට උපදෙස් දෙන්නේ මේ දුක සහිත සංසාරයෙන් මිදෙන්න. නැතුව physics , chemistry, history.... etc පාඩම් උගන්නන්න නෙවේ.
    *. ඵලය මොකද්ද අහන්න එපා ඉතිං. ප්‍රශ්ණය නිසානෙ අහන්නෙ. මේක අහන්න එපා කියනවා නම්, තවත් ආගමක් ගැන ප්‍රශ්ණ කරන්නත් බැහැ නෙ අපිට. සෑම දෙයක්ම විමසා බලා වටගාගත යුතුයි යන්නයි බුද්ධ දේශනාව.

    රහතන් වහස්නේ නමකට අතීතය මෙන්ම අනාගතයත් මනසෙන් දකින්න පුළුවන්. ඒ දැකිය හැකි පරාසය කර්මනුරුපව වෙනස් වෙනවා. ඒ නිසා ඔය ගැන දැන ගන්න වුවමනා අය රහත් වෙලා තමන් තුලින්ම දැන ගන්න.[
    *. මේ වෑයම එකපාරටම රහත් වෙන්න නෙවේ. බෞද්ධ උපාසකයෙක් වශයෙන් මට පෞද්ගලිකව විසඳා ගත නොහැකි සරල ගැටලු කිහිපයකට විද්වත් ඔබ සියළු දෙනාගේ මග උපදෙස් මත දැනුවත් වීමටයි. :D

    2.
    (a) අමුලික බොරුවකි. මිට අවුරුදු 7,500 කට පෙර සිට අද දක්වා ලොව පහල වුයේ ගෞතම බුදු රජාණන් වහන්සේ පමණි.
    (b) රාවනා රජු ගැන මා දන්නේ නැත. ඔය කියන විදිහට බුදුවරු දෙනමක් යටතේ බුද්ධ සාසන දෙකක් අවසන් වෙනකම් කාලයක් ඔය පුස්කොල ග්‍රන්ථය නොනැසී පැවතුන අයුරු හැදෑරීම, බුදු දහම සත්‍යක් දැයි සොයනවාටත් වඩා කුතුහලය දනවන කරුණකි!

    රාවනායි බුදු දහමයි අතර තියන සම්බන්දෙ මොකද්ද? රාවණාගේ ඉතිහාසය ගැන ඔයතරම් දුරට සහතික වශයෙන් කියන්නේ කොහොමද? අනික රාවනා කතාව සත්‍යක් වුනත් අසත්‍යක් වුනත් එකෙන් බෞද්ධ අපිට, බුද්ධ ධර්මයට, බුද්ධ ධර්මයේ උන්නතියට ඇති පලය මොකද්ද? කොටින්ම කියනවනං රාවනා හිටියත් නැතත් අපිට තියන ගැටලුව මොකද්ද? "රාවණ කතා" නැමැති පුස්‌කොළ ග්‍රන්ථයේ එන අදහස් වලින් බුදු දහමට ඇති අදාලත්වය මොකද්ද?

    කල්පයක් යනු අවුරුදු ප්‍රකෝටි ගණනකි. "රාවණ ඉතිහාසයට අවුරුදු 7,500 කි. එකල ද බුදුවරු ලොව පහළ වී සිටියහ. රාවණ රජු සිටි අවධියේ ලොව පහළව සිටියේ කෝනාගම බුදුන් වහන්සේය. කාශ්‍යප, ගෞතම බුදුවරු පහළ වූයේ ඉන් පසුවය" යැයි කියන පුද්ගලයා කල්පය කියා හිතන් ඉන්නේ කුමක්දැයි යන්න මට නැගෙන තවත් ගැටලුවයකි.
    2. මමත් ඔබේ මතයේම සිටිමි. රාවනා පිළිබඳ තොරතුරු සඳහන් මෙම පුස්කොල පොත එතරම් ඈතකදී ලියවුන එකක් නොවිය යුතුය.

    3. පුනර්භවය සත්‍ය වන සාක්ෂි කොතරම් ඉදිරිපත් වුවත් එය "පිළිගත හැකි සාක්ෂි සහිතව" විද්‍යාත්මකව ඔප්පු කර තිබේද නැද්ද යන වග මම නොදනිමි. බුදු කෙනෙක් සාරා අසංක කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා අවබෝධ කර ගත් කරුණක්, භාවනානුයෝගියෙක් භාවනාව/මනස දියුණු කිරීමෙන් මාර්ග පල ලැබීමෙන් පසු දකින කරුණක්, බටහිර විද්වතුන් අවුරුදු කිහිපයකින් කරන ලද පරීක්ෂණයකින් සාධක සහිතව ඔප්පු කරන්නේ කෙසේදැයි මම නොදනිමි. "පුනර්භවය විද්‍යාත්මකව තහවුරු කර තිබේද?" යන්න ඔවුන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයකි. මන්ද යත්, තිසරණය කෙරෙහි ශ්‍රද්ධාවට පැමිණි බෞද්ධයා පුනර්භවය "පටිච්චසමුප්පාද ධර්මයේ" සඳහන් බැවින් ඒ ගැන ප්‍රශ්න නොකර පිළිගන්නා නිසාත් සහ එසේ පිලි ගැනීමෙන් පසුව ලබන මාර්ග පල වලදී එය තමුන් තුලින්ම දකින බව දන්නා නිසාත් ඒ ගැන අනවශ්‍ය ලෙස වද වෙන්නේ නැත.
    3. ප්‍රශ්ණ නොකර පිළිගැනීමක් ගැන බුදු දහමේ නැත. පුනර්භවය විද්‍යාත්මකව ඔප්පු කර නැත. නමුත් එය සත්‍ය නම්, දිනෙක විද්‍යාත්මකව ඔප්පු කල හැකි බව තරයේ විශ්වාස කරමි. මම පෞද්ගලිකව පුනර්භවය පිළිගනිමි.

    4. ගස් වැල් කතා කල බවක් ගැන කිසි සඳහනක් නැත. මන්ද යත් ගස්වැල් යනු සත්වයින් නොවේ. සත්වයින් යනු නාම(මනසක්) රූප(ශරීරයක්) සහිතව, පංච උපාදානස්කන්ධයක් සහිතව, කර්මය දායාද කොට ගෙන උපන් පිරිසකි. ගස්වැල් එසේ නැත. ජාතක කතා වල සත්‍යතාව මා දන්නේ නැත. එය සත්‍ය වුවත් අසත්‍ය වුවත් මට ඇති පලයක් ද නැත. මන්ද යත්, චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට වුවමනා කරුණු ජාතක කතාවල සඳහන් නොවන බැවිනි. ඕනෑම සත්වයෙක් ඒ ඒ සත්වයන්ට අනුරුප ආකාරයකට අදහස් හුවමාරු කර ගනී. සත්තු සිංහලෙන් හෝ පාලියෙන් හෝ හින්දියෙන් හෝ කිසියම් මනුෂ්‍ය භාෂාවකින් කතා කළා යැයි ජාතක කතා වල සඳහන් ද?

    බුදු රජාණන් වහස්නේ ඉර්ධි බලයෙන් සත්වයන්ට කතා කිරීමට සැලස් වූ බව සුත්‍ර පිටකයේ සඳහන් වෙයි. ඉර්ධි ප්‍රාතිහාර ලාභින් කල පුදුමාකාර ක්‍රියා ත්‍රිපිටකයේ මෙන්ම ශ්‍රී ලංකා ඉතිහාසයේ ද සඳහන් වෙයි. ඉතින් ඒවායේ ඇත්ත නැත්ත බැලීමට කැමති අයෙක් ඉන්නවනම්, බෞද්ධයන් එක්ක වාද කර කර දඟලන්නේ නැතුව ඉර්ධි ප්‍රාතිහාර ලබාගෙන උත්සහ කරලා බලන්න.
    4. සමාවන්න ගස්වැල් ගැන කියවුනේ වැරදීමකින්. අපි මෙතනදී සතුන් පමණක් සළකා බලමු. සත්වයෙක් තම වර්ගයා සමග අදහස් හුවමාරු කරගැනීම සරල කරුණකි. නමුත් තවත් සත්ව වර්ගයෙක් සමග සරල වශයෙන් අදහස් හුවමාරු කරගත්තත්, සංකීර්ණ අදහස් හුවමාරු කරගැනීමක් කල නොහැකිය. එසේ නම් එම සත්ව කොට්ඨාශ දෙකම මිනිස් සත්ව කොට්ඨාශ විය යුතුය.

    5. බුදු වරයෙක් යනු මනුෂ්‍යයෙක්මය. සාරාසංක කල්ප ලක්ෂයක් පෙරුම් පුරා කරන ලද කුසල කර්ම වල ප්‍රතිපලයක් ලෙස දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිහිටයි. බුදු කෙනෙක් යනු කවුද කියන වග සඳහන් වෙනම බුද්ධ දේශනා සුත්‍ර පිටකයේ ඇත. ඒවා කියවා බලන්න.

    බුදුවරයෙක් අසමසමයි. එනම් සමාන වන්නේ තවත් බුදුවරයෙකුට ම පමණි. සක්විති රජවරුත් එසේමය. හැකියාවෙන්, ලබන දේවල් වලින්, සමාන වන්නේ සක්විති රජ කෙනෙක්ට ම පමණි. එබැවින් මනුෂ්‍යයෙක් ව උප්පත්තිය ලැබුවාට සාමාන්‍ය මිනිසුන්ට සමාන වන්නේ නැත. බුදු කෙනෙක් සතු දේවල් සාමාන්‍ය මිනිසුන්ට පිහිටන්නේ නැත. බුදු වීමකින් තොරව ඒවා ලැබීමටද නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ද එසේමය. ඒවා කර්මානුරුපව ලබන දේවල් ය.

    ඇතැමුන් ඉතාම බුද්ධිමත් ය, ඇතැමුන්ට කුඩා කල සිටම ඉතා විශිෂ්ට කලා හැකියාවන් ඇත. ඇතැමුන්ගේ ශරීර ස්වභාවය ඉතා දුර්ලභව එකකි. ඇතැමුන්ගේ විශේෂ හැකියා ඔවුන්ටම සුවිශේෂය. ඒ සියල්ල කර්මයේ දායාද ය. ඉතින්, සාමාන්‍ය මිනිස්සුන්ට නැති රැස් මඩලක් බුදු කෙනෙකුට ලැබෙන්නේ කොහොමද යන ප්‍රශ්නය අසන මිනිස්සුන්ගෙන් මට ඇසීමට පැනයක් ඇත. එනම්, මවටත් නැති, පියාටත් නැති, පරම්පරාවේ කිසිවෙකුට ද පිහිටා නැති, ප්‍රවේනික ලක්ෂණයක් ද නොවන ඉතා දුර්ලභව මිනිස්සුන්ට ලැබෙන, ඒ ඒ යටම අවේනික විශේෂ හැකියාවන්-උපන් හැකියාවන්, තමන්ගේ උප්පත්තියට පාදක වුනු කිසිදු මුලයකට කිසිදු සම්බන්ධයක් ද නොලබා ඒ කරුණු වලින් ස්වායත්තව, උප්පත්තියේ සිටම ඒවා පිහිටන්නේ කෙසේ ද?
    5. බෞද්ධ සංකල්පය අනුව බුදුන් යනු මනුශ්‍යයෙක් හෝ දෙවියෙක් හෝ නොවේ. බුදුන්ට සමාන කල හැකි වෙනත් අයෙක් නැත.

    +++++++++++++++++++++++++++++++​

    තිසරණය සහිත බෞද්ධයාට ඔය ප්‍රශ්න ඇති වන්නේ නැත. තිසරණය නැතිවුන්ට එය ඇති කිරීමට අපගේ ධර්මයේ ශාස්තෘන් වහන්සේ වන ගෞතම බුදු රජාණන් වහන්සේ " මගේ ධර්මය සත්‍යක්" යැයි පවසමින් පිටිපස්සෙන් දිව ගියේද නැත. ඉතින් අප එසේ දුවන්නේද නැත. පිලි ගැනීම හෝ නොපිලි ගැනීම ඒ ඒ අයට අදාළ කාර්යකි. අපිට ප්‍රශ්නයක් නැත. තිසරණය නැති කිහිප දෙනෙක්ට තිසරණය පිහිට වුවා කියයා බුදු දහමේ විශේෂ ප්‍රවර්ධනයක් වන්නේද නැත. කොහොමත් මේ ගෞතම බුදු සසුනේ අවසාන සමයයි... මේ ඒ අවසන් සියවස් කිහිපයයි.. තව අවුරුදු 300කින් පමණ පසු බුද්ධ ශාසනයක් නැත. බෞද්ධයින් කියාගෙන ඉන්න පිරිසෙන් 90%කටත් වඩා පිරිසක් පන්සිල් පද 5 රකින්නේද නැත. ඉතින් බුදුදහම කොහෙත්ම පිලි නොගන්නා කිහිපදෙනෙක් ගේ මතය බිඳ දමමින් පරාජය කරමින් බුද්ධ සාසනයට එකතු කර ගන්න උත්සහ කරන කිහිප දෙනාගෙන් ද සාසනයට පලක් නොවේ. ඉතින්, බුදු දහම ඉතාම හොඳින් පිළිගන්න, කියවන, දර්මයේ හැසිරෙන මිනිසුන්ට ඇති ප්‍රධානම කාරණය වාද කිරීම නොවේ. මේ ගෞතම බුද්ධ සාසනයේ අවසානයි... මෙයින් පසු තව වසර දහස් ගණනකට, ලක්ෂ ගණනකට, කොටි ගණනකට බුද්ධ ධර්මයක් මේ පෘතුවියේ ඇසෙන්නේ නැත. මේ, ගෞතම බුද්ධ සාසනයේ, මනුෂ්යෙක්ව, ඔවුන්ට ලැබෙන අවසාන අවස්ථාවයි...
    *. වාද කරන්නේ වෙනත් දෙයකට නොව, පසු කාලීනව ඇතිවූ විකුර්තී තාවයන් අතර නියම බුදු දහම හඳුනාගැනීමටයි. මෙය කාලීන අවශ්‍යතාවයකි.

    ඔබට කිව යුත්තක් තියනවා.. ඒක පස්සේ කියන්නම්..
    :confused: මෙතනම කියන්න පුළුවන් දෙයක් නම් කියන්න. නැත්තං pm එකක් දාන්න.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මේ කතා සිංහලට පරිවර්තනය කලේ එතුමාලු.
    http://si.wikipedia.org/wiki/පන්සියපනස්_ජාතක_පොත

    බුදු සමය ලංකාවට පැමිණීමත් සමගම ත්‍රිපිටක පිලියෙහි "ජාතක පාලි" නමි කෘතිය ඔස්සේ ලංකාවට ජාතක කතා පැමිණියේය. ජාතක පාලිය ජාතක කතා සාරය හකුළුවා දැක්වුණු ගාථා වන්ට සීමා වූ කෘතියක් විය. එම ගාථා වන්ට මිහිදු හිමියන් දවස සිංහලෙන් අටුවාවක් ලියවිණි. දැනට පවත්නා ජාතක කතා වන්හි ආරමිභය මෙය ලෙස සලකනු ලැබේ.
    "ජාතක පාලි" නමි කෘතිය රචනා කලේ කවුද යන්න සොයා බැලිය යුතුය.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura

    මම දන්නේ නේ ඔය පරිණාමවාදය පිළිගන්නවද කියල,ඔයා හිතනවද ලෝකවිනසයකින් පස්සේ පරිණාමය මගින් ආයේ අපි වගේම මිනිසෙක් බිහිවෙඉ කියල මොකද ත්‍රිපිටකයේ තියෙනවා බුදුවෙන්න පුළුවන් මිනිසෙකුට විතරයි කියල, එහෙම නැතුව ලෝකවිනසයකින් පස්සේ අපිටවඩ වෙනස්ම ජිවිකොට්ටශයක් බිහිවෙන්න ඉඩකඩ වැඩි නේද? උදාහරනෙකට avatar film එකේ වගේ වෙනස්ම ජෛවපද්දත්යක්, මම හිතනවා ප්‍රශ්නේ පැහැදිලිකියල ????
    මගේ මතය: පරිණාමයෙන් මිනිසෙකු පහල වීම සරල සිද්ධාන්තයකි. මිනිසා යනු මනසින් උසස් තැනැත්තා යන්නය. බුද්ධ දර්ශනය අනුව බුදුන් පහල වන්නේ. කාලය, දීපය, දේශය, කුලය,මව් යන පස් මහ බැලුම් තුල කාලය යනු එවන් ජීවී කොට්ඨාශයක් ඇති වකවානුවයි. ඔවුන් හැඩරුවින් කෙසේ වුවත් මිනිසුන් (මනසින් උසස් වූවන්) ය.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මගේ කොමෙන්ට් එක ගන අදහස මොකද්ද
    ප්‍රමාදය පිළිබඳව කණගාටුව පලකරමි.

    ඔය පෙජ් එකේ ගන්න දෙයක් තියනවා. සමහර දේවල් මමත් පිළිගන්නේ නැහැ.
    එකඟයි

    නිරගමිකයන් කියන්නෙත් ආගමක්. එහි ඇදහීම කියන්නේ විශ්වාසය. සියලු ආගම් වල බුද්දියෙන් සිතා බලා පිළිගන්න පුළුවන් දේවල් නිරාගමිකයෝ පිලිගන්නවා.
    අනිත් කාරණාව නිරගම්කයෝ කිසිම ආගමක් පහත වත් හැල්ලු වත් කරන්නේ නැහැ. නිරගමිකයෝ ඒවා ප්‍රතික්ෂේප කරනවා. දේවවාදය මැවුම් වාදය, නිර්වාණය, පුනුරුප්පත්තිය ප්‍රතික්ෂේප කරනවා.

    ඔය page එකේ සමහර අය ගොඩාක් රැඩිකල් වෙනවා සමහරවෙලාවට X කණ්ඩායමේ අයගේ අදහස් තියනවා. කැපී පෙනීමේ ආසාවට ඔය page එකේ ඉන්න අයත් ඉන්නව.
    මම හිතන්නෙ මේ page එකේ ඉන්නෙ අමුතු නිරාගමික කොට්ඨාශයක්. ඔවුන්ගේ අරමුණ මට හරි හැටි පැහැදිලි නෑ. නමුත්, යටි අදහසක් තිබිය හැකියි.

    1. ඒ ගන අවබෝදයක් නැහැ. බද්‍රකල්ප කියන දේ ගන අදහසක් ගන්න අමාරුයි. බක්තියෙන් විශ්වාසයක් හදාගන්න එක ත්රුමක් නැහැ. අවබෝදයක් නැතුව
    එකඟයි.
    බුද්ධ දර්ශනය අනුව බද්‍රකල්පයක් කියන්නෙ බුදුවරුන් පස් නමක් පහලවෙන තරම් විශාල කාලයක්.

    2. රාවනා පුරාවුර්ත්යක් ( සත්‍ය හෝ අසත්‍ය වෙන්න පුලුව්න්) රවන කියලා රජෙක් හෝ නායකයෙක් හිටිය කියලා විශ්වාස කරන්න කරුණු තියනවා
    මගේ මතය: රාවනා හිටියා.

    3. විශ්වාශ කරනවා. එත් පැහැදිලි කිරීමක් කරන්න තරම් කරුණු ගැලපීමක් කරන්න බැහැ.
    පුනුරුප්පත්තිය කියවන අය නම් දැකලා නැහැ
    පුනරුප්පත්තිය කියවන අය ඇස්දෙකෙන්ම දෙන්නෙක් දැකලා තියනවා.
    සාමාන්යෙං පුනරුප්පත්තිය කියවන සම්භාවිතාව පන්දාහකට එක්කෙනෙක් විතර ලු.

    4. ගැස් වල සතුන් කතා කර කියන එක විශ්වාස කරන්නේ නැහැ. ජාතක කතා වල ගොඩක් කරුණු
    ජාතක කතා ගැන අදහස මොකද්ද?

    5 මනුෂයෙක් බව පිලිගන්නවා. මනස දිවුණු කරලා බුද්දත්ය ලබාගෙන රශ්මිය පිට කරලා සංදර්ශන වගේ පෙන්නන හිතන එකක් නැහැ කෙලෙස් නසපු බුදුවරයෙක්. රශ්මි ප්‍රභාමන්ඩලය විශ්වාශ කරන්නේ නැහැ. බුද්දත්වය කියන දේ හිතන්න අපේ මනස දියුණු නැහැ කියලා හිතනවා
    නවීන විද්‍යාව අනුව රශ්මි ප්‍රභා මණ්ඩලය අර්ථ දැක්විය හැකියි ලු.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඔය සදහන් කරලා තිබුන පුනුරුප්පත්තිය කියන ළමයෙක් ඇස්දෙකට දැක්ක කියල. එක බුදුදහමට පටහැනි. කෙනෙක් මරුනහම ඊලග බවයට යන්නේ මතක පරම්පරාවක් විතරයි එකෙනට ගිය ආත්මේ කියන්න බේ බුදුදහමේ අත්මවාදය බැහැර කරනවා, පුනර්බවය බුදුදහමට හින්දු ආගමෙන් අදෙෂවෙච්ච දේවල්,බුදුදහමට අනුව මරුනහම තවත් බවයක ඉපදෙනවා,
    :yes: ඒකත් ඇත්ත. බුදු දහම ආත්ම වාදය බැහැර කරනවා කියලා, O/L බුද්ධ ධර්මය පොතක තිබුනා. 10 හෝ 11 වසර.
    ප.ලි: නමුත් මම පුනරුප්පත්තිය කියවන අය දැකලා තියනවා.

    මමනම් හිතන්නේ මරුනහම පොලවට පස්වෙනවා අපිව ජිවයකරගන ගස්වැල් පැලවෙනවා,ගස් ශාකබක්ෂකයෝ කනවා ශාකබක්ෂකයෝන්ව අනිත් සත්තුකනවා, ඔකතමයි Circle එක
    ඒ භෞතික ශරීරය විතරනෙ. මේ කතා කරන දේ ඊට වඩා සංකීර්ණයි.
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Code:
    [B]Originally Posted by ජොසී[/B]
    මම පරිනාමවාදය පිලිගන්නවා. පව්, පිං, කර්මය, සංසාරය කියන සංකල්ප පිලිගන්නවා. පුනර්භවය හා පුනරුප්පතිය දෙකක් කියලා කෙනෙක් කීවා මේ thread එකේ. මම ඒ ගැනත් විස්තර හොයලා කියන්නම් පිළිගන්නවද නැද්ද කියලා. මැරුනාම, ආත්මයක ගිහින් නැවත භවයක උපදින බව පිළිගන්නවා. විරුද්ධ මත තිබේද?
    ඔප්ප්පු කරන්න පුලුවන්ද
    කෝක ගැනද ඔප්පු කරන්න පුළුවන්ද ඇහුවෙ?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura

    මහා භද්‍ර කල්පයක් තුල ලෝක විනාශ පහක් සිදු වෙන් නැ, ගෞතම බුදුන්ගෙන් පස්සේ කල්ප විනාශක් වෙලා නැ නේ.
    මෛත්‍රී බුදුන් පහල වෙනඩ කලින් කල්ප විනාශක් වෙනවා කියලත් කොහෙවත් සදහනක් නැ නේ.
    බුදු කෙනෙක් පහල වන්නේ කොපමණ කාලයකට වරක්ද යන්න සොයා බලන්න.

    රාවනා කතාව ගොතපු එකක් කියලා මම හිතන්නේ
    මගේ මතය: රාවන පුරාවෘතයේ සත්‍ය/අසත්‍යතාව 50%ඇත්ත - 50%අතිශයෝක්තිය

    ගස්වල් කතා කරා කියන එක අතිශෝක්තියෙන් ගොතනලද ඒවා
    සතුන් තවත් සත්ව කොට්ඨාශයක් සමග කතා කල එක?

    මිනිසුන්ගේ ලක්ෂණ එකිනෙකාගෙන් වෙනස්, කලාතුරකින් කෙනෙකුට ඒ වගේ ලක්ෂණ තිබිලා ඉපදෙන්ඩ පුළුවන්.
    එකඟයි.

    දෙතිස් මහා පුරුෂ ලක්ෂණ බුදුන්ගේ විතරක් තියනවා කියන එක වැරදියි මම අහලා තියන විදිහට,
    රාහුල තෙරණුවන් ,ආනන්ද තෙරණුවන්(සුද්දෝදන රජුගේ සහෝදරයෙක්) ගෙත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
    වලින් සමහර ඒවා තිබිලා තියනවා.
    මම අහලා නෑ. හොයලා බලන්නම්.

    සාමාන්‍ය මිනිස්සුන්ගෙත් ශරීරයෙන් විවිද කිරණ පිටවෙනවා (ඇල්ෆා,බීටා,....) එම කිරණ ප්‍රබල නොවන නිසා
    තවත් කෙනෙකුගේ පියවි ඇසට පේන් නැ විවිද උපකරණ වලින් බලන්ඩ පුළුවන්, එම කිරණ ප්‍රබල නම් තව
    කෙනෙක්ට පෙන්ඩ පුළුවන්.
    එකඟයි.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නමුත් මම පුනරුප්පත්තිය කියවන අය දැකලා තියනවා.

    ඒ පුනරුප්පත්තියම කියලා කියන්නෙ කොහොමද? :P
    පුනරුප්පත්තිය පිලිගන්නවා කියන්නේ ලොවෙත් නිවන් යනවා බොරු.

    නිත්‍ය ආත්මයක් හෝ ශාස්වත ලෝකයක් ගැන විශ්වාසය තිබෙන තාක් කල් සම්‍යග් දෘෂ්ටියක් ඇති කර ගැනීමට පමණක් නොව ශීලයන් පවා පිළිපැදීමට නොහැකි බව බුදුන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රයෙන් පැහැදිලිවම පෙන්වා දී තිබේ.
     
    ruchakashri

    Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    බුදු දහම දර්ශනයක් මිස ආගමක් නොවේ ................ එය ඇදහිය නොහැක .......... එය වටහාගත යුත්තකි ... බෞද්ධ දර්ශනය තුලට සාහිත්‍ය කාවැද්දීමට තිබු උත්සහයක් නිසා බුද්ධ දර්ශනය තුළ සමහර ගැටළු සහගත ස්ථාන මතුවී ඇති බව මගේ අදහසයි ... කෙසේ වෙතත් බුද්ධ දර්ශනයේ හරය සා ඉගැන්වීම් තුළින් ජීවිතයක් සාර්ථක කරගැනීම හා ගැටළු වලට මුහුණ දීම සාර්ථකව කර ගැනීමට අපට ඉවහල් වේ ..
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    බණ්ඩාර නිළමෙ;17165142 said:
    මොනවද බං, මෙතන මල පන්න ගන්නේ, මෝඩයො වගේ මඩ ගහ ගන්නේ නැතිව ටිකක් හොද සංවාදයක් කරන්නම බැරිද ? මේකේ මූලික නීතිය අමතක නම් ආයෙත් මතක් කරන්නම්. ටිකක් අනිත් අයගෙ මතයට ගරු කරල අදහස් දක්වපල්ලා.
    :yes::yes::yes: rep+
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මගේ අදහසට අනුව බුදුන් වහන්සේ යනු නොදියුනු නූගත් සමාජයක ඉපදුනු මනසින් දියුනු අදහස් සහිත මනුස්සයෙකි...

    එකල නීතියක් නොවූ හෙයින් මිනිසා වැරදි මාර්ගයෙන් මුදවා ගන්නට ආගමික මාවතක් ඉදිරිපත් කල දාර්ශනිකයෙකි...

    නූගත් මිනිසුන්ට මෙම දර්ශනය වැටහෙන්නට නම් කුඩා දරුවකුට යමක් පහදන අයුරින් මනංකල්පිත උදාහරන ගෙන පැහැදිලි කල උන්වහන්සේ පවට බිය ඇති කිරිමට අපාය සංකල්පය යොදාගෙන ඇත. එය එදා සමාජයට මෙන්ම අදටද ඉතා හොදින් ගැලපෙන බව අප දනිමු. මන්ද අද නීතියට බය නැති සමහරක් අපායට බය වී වැරදි නොකිරීමම උදාහරනයකි.

    බුදුන් වහන්සේ කාලානුරූපීව ධර්මය දේශනා කොට ඇත. අපද එය කාලනුරූපිව තේරුම් ගතයුතුය. මිත්යාව ඉවත්කොට පිරිසිදු බුදුදහම පිලිපැදීමෙන් ජීවිතය සුවපත් වනු ඇත.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මට තියෙන ප්‍රශ්නයක් තමයි පුනර්භවය සත්‍ය නම් එහි පටන් ගැන්ම කොහෙද කියන එක. අදහසක් තියෙනවනම් දාන්න.
    Good point! සංවාදයේ 6 වෙනි ගැටළුව විදියට දාන්න වටිනවා. :yes:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    අහන්න සහෝදරයා මම මේවා කියන්නේ මට හිතෙන දේවල් නෙමේ බුද්දාගමේ ලෝකයේ උපත හා ජීවයේ ආරම්භය ගැන සදහන් වෙන්නේ දීඝ නිකායේ 27 වැනි සූත්‍රය වන අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවෙ මේකේ තීයන විදිහට මම සරලව කියන්නම් බ්‍රහ්ම ලෝක ගැන අපේ සුත්ර දේශනාවේ හුගක් තැන්වල සදහන්වෙලා තියනවා මේ අතරින් ආභස්සර බ්‍රහ්ම ලෝක වේශයෙන් සදහන් කරලා තියනවා මේගැන වැඩිදුර ඕනෙනම් බ්‍රහ්ම ජාල, බ්‍රහ්ම නිමාන්තනික, පඨික යන සූත්‍ර වල සදහන්වෙලා තියනවා ...

    අපේ කතාවට එහේම ලෝකයක් තියනවා කියල දැනගතහම ඇති ..ඔන්න ඔය ලෝකයේ ජිවත් වෙනවා ඉතාම පබසර වූ, ප්‍රභාමත්, ආලෝක කිර්ණ විහිදුවන සැහැල්ලු සිරුරු ඇති, පියාසැරි සහිත, නිදුක් ජීවිත ගත කරන බ්‍රහ්මයින් මේ බ්‍රහ්මයින් දවසක් මේ අය විශ්වයේ ඇවිදින කොට පෘතුවීය දකිනවා ඊටපස්සේ පෘතුවීය එනවා පෘතුවීය ජලගෝලය මත හැදී තිබෙන කිරි යෝදයක් වැනි දෙය මොඋන් විසින් ආහාරයට ගන්නවා මෙහි රසය මී විළඳ සේය කියල තව අටු වටික ටිප්පනි රස කතා එක්ක අග්ගඤ්ඤ සුත්රයේ සදහන් කරලා තියනවා ..මේවා කන බ්‍රහ්මයින් ගේ සිරුරු කැතවෙනවා ගන වෙනවා මේ අයුරින් සිරුරු වෙනස් වන්නට ගත් නිසා, "ලස්සන, අවලස්සන" ආදී වශයෙන් සංකල්ප බිහිවීම වෙනවා ..අහසින් ගමන් කිරීමේ, පාවීමේ ආදී නිරාමිස බ්‍රහ්ම දේහ ධාරීන්ට උරුම හැකියාවන්ද නැතිවෙනවා ....මම හරිම ටිකයිකිඋවේ ඕනෙනම් අග්ගඤ්ඤ කියවල බලන්න නිකම් ම නිකම් සුරඟන කතාවක් ...

    අනිත් ආගම්වලත් මෙහම තාම කිරිස්ටියන් වල බයිබලයේ ආදම් ඒවා කතාව හින්දු ආගමේ භගවත් ගිතාවලියේ එන මහා බ්‍ර්හමයාගේ ලෝක නිර්මාණ කතාව ...කුරානයේ ලෝකය අල්ලා විසින් මවපු ආකාරය ඔක්කොම අතීශෝප්ටියෙන් ලියපු ප්‍රබන්ද කතා ...හැම ආගමක්ම හදල තියෙන්නේ මිනිසාගේ ජීවිතය යහපත් කරන්න එක නිකම් ඉස්කෝලේ දී ළමයි හොදට හදාගන්න දාපු විනය නිතී මාලාවක් වගේ ...ආගම ඔක්කොම දර්ශනයක් විටරයි ඇදහිය යුත්තක් නෙමේ ..
    ඔබේ දැක්ම අනුව නවීන විද්‍යාවේ එන ජීවයේ උපත, පරිණාමවාදය කියන සංකල්පත් සුරංනා කතාවක්. :yes::yes::yes:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    1) මහා බද්‍ර කල්පයක් තුල බුදුවරුන් 5ස්නමක් පහල වේ. එය බුද්ධ භාශිතයකි. නමුත් සෑම බුදු වරයෙක් පහල වීමට කලින්ම ලෝක විනාසයක් සිදුවෙන්නේ නෑ. මොකද මයිත්රි බුදු හාමුදුරුවෝ පහල වෙනකොට වෙන්නේ මේ ඉන්න මනු සත්ව කොට්ටශයේම වයස 80,000ක් තරම් වැඩි වීමක් වීම පනයි. ඒ වෙන්නෙත් අපේ යුෂ මේ යන විදිහටම තව තවත් අඩු වෙමින් ගිහින් නවටත් වැඩි වීමෙන්. එහෙම නැතුව මයිත්‍රී බුදුන් පහල වීමට කලින් ලෝක විනාසයක් සිදු වෙන්නේ නෑ. නමුත් මේ බද්‍ර කල්පයේ අවසන් බුදු උපත වන මය්තිර් බුදුන් ගෙන් පස්සේ ලෝක විනාසයක් සිදුවිය හැකි. එහිදී මෙලොව නිවන් දැක නොමැති සියලු සතුන් මියගොස් කර ඇති පව් පින් අනුව වෙනත් ප්‍රේත ලෝක දිවය ලෝක හෝ යම් කිසි තැනක උපදිවී. හෝ වෙනත් සක්වලක් වෙත යාවි. ඒ ගැන මගේ දැනුම මදි.
    මගේ මතය: එසේ නම් පරිණාමවාදය සාවද්‍ය විය යුතුයි. මිනිසා මේ ලොව දියුණු ජීවියෙක් වී වසර මිලියන 2කට වඩා කාලයක් නෑ. බුදු කෙනෙක් පහල වෙන කාලාන්තරයට සාපේක්ශව එය ඉතා කුඩා කාල වකවානුවක්.

    3)පුනර්භවය විධය්තමකව පැහැදිලි කර ඇත්ද නැත්ද යන්න ගැනනම් විස්තරයක් කියන්න දන්නේ නෑ. නමුත් බුද්ධ දේශනාව අනුව සත්‍යයි මොකද බුදුන් ලබාගත්ත පුබ්බේ නිවසනුස්මත් ඥයන අනුව පෙර විසු අතම ගැන දන ගත හැකි උන්වහන්සේට. සහ එවන් උදාහරණ මගින් මිනිසුන්ව යහමගට ගන්නට එතුමන් වහන්සේ එම නුවන යොදාගෙන තියෙනවා. දන්නා විදිහට මෝහනය වගේ දේවල් ඇමෙරිකානුවෝ පාවිච්චි කරනවලු දැනටත්.
    මගේ මතය: මෝහනය අසත්‍යක්. (මම මෝහනය මුල සිට අගට කිහිප වරක් දැක ඇත්තෙමි.) සංවාදයට විවෘතයි.

    4) ගස් වල් කතා කල බව තියෙන්නේ ජාතක කතා වල මිසක් බුද්ධ දේශනාවේ නෙවෙයි. ඒවා අතිශෝක්තියෙන් දැක්වීමක් ලෙස ගන්න පුළුවන්.
    :yes: එකඟයි

    5) ඔව් බුදුන් වහන්සේ සම්පුර්ණ මනුෂයෙක්. එහෙම නැතුව තරුවෙන් ඉපදුන කෙනෙක් නෙවෙයි. ජේසු තුමා වගේ. බුදුන් වහන්සේ හැම තිස්සෙම රැස් විහිදුවා විහිදුවා හිටපු කෙනෙක් නෙවෙයි මොකද ඕනෑ තරම් තැන් වල දක්වල තියෙනව බුදුන් වහන්සේව වෙන් කරලා හඳුනා ගන්න බැරි වෙච්ච අවස්ථාවල්. උදාහරණයක් විදිහට. මට මේ සුත්‍රයේ නම නම මතක නෑ. බුදු වහන්සේ සොයා කෙනෙක් එද්දී අම්බලමක නැවතිලා තියෙනව රෑ උන නිසා බුදුන් වහන්සේත් එම අම්බලමටම වලා තියෙනව එතනදී අර මනුස්සය කියල තියෙනව එය යන්නේ බුදුන් වහන්සේ සොයා ගෙන කියල. ඔහොඅම කතා කර කර ඉන්න ගමන් බුදුන් වහන්සේ ධර්මය දේශනා කරලා තියෙනව. එකෙන්ම පෙන්වා නේ බුදුන් වහන්සේ නොදන්නා කෙනෙක්ට එක සැරේම අඳුන ගන්න බෑ.

    දෙතිස් මහා පුරුෂ ලක්ස්න පිහිටන්නේ බුදුන් කෙනෙක්ට පමණක් නෙවෙයි සක්විති රජකෙනේක්ටත් පිහිටනවා එත් මම දන්න විදිහට එතුඅම්න්ගේ උර්න රෝම කුපය පිහිටන්නේ බුදුන්ගේ පිහිටන පත්තට විරුද්දව. අනිත් එක මහා කාශ්‍යප තෙරුන් වහන්සේ. උන් වහන්සේ රුපයෙන් ඉතාමත් සමානයි බුදුන් වහන්සේට එම නිසා විවිධ ප්‍රශ්නත් ඇති වෙලා තියෙනව. ඒ නිසා කාශ්‍යප තෙරුන් වහන්සේ බුධුන් වහන්සේ සිටින ප්‍රදේශයෙන් දුරින් තමා වැඩ හින්දල තියෙන්නේ. බුදුන් වහන්සේත් අපි වගේම අම්ම කෙනෙක් ගේ කුසින් ඉපදුනු සැප දුක විඳපු කෙනෙක්.

    ඒ වගේම බුදුන් වහන්සේට අවශ්‍ය වෙලාවට තමන්ගේ ධ්‍යාන වලට සම වැදිලා රැස් විහිදුවන්න පුළුවන්. ඒ වගේම යමා මහා පෙළ හැර කියන්නෙත් අමුතු දෙයක් නෙවෙයි එකත් ඒ වගේම ධ්‍යාන වලට සම වැදිලා කරන්නා වූ දෙයක්. නමුත් එක කරන්න රහතන් වහන්සේ නමකටවත් බැහැලු මොකද යාම මහා පෙළහරේ දී කරන්නේ එක පසකින් ජලයත් අනිත් පසින් ගින්දරත් විහිදුවන එක. ඒ කියන්නේ එකිනෙකෙඅට වෙනස් ධ්‍යානයන් දෙකකට ඉතාම වේගයෙන් සමවදින එක. එක කරන්න පුදුම චිත්ත ඒකාග්‍ර තාවයක් අවශ්‍ය ඇති. එකයි රහතන් වහන්සේ නමකටවත් කරන්න බැරි.
    මගේ මතය: දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලටත් අතිශ්යෝක්තිය එක්වී ඇත.

    බුද්ධ දර්ශනය යානු හුදෙක් ආගමක් නොවේ. එය දර්ශනයක් ඒ කියන්නේ මේ අගම තුල කිසිවක් නීති මගින් පනවල නෑ අවශ්‍ය කෙනෙක් ට ඇවිත් බලන්න පුළුවන් තමන් විසින්ම අවබෝධ කරගන්න පුළුවන්. සත්යි කියල වැටහෙනවා නම් බාර ගන්න පුල්වුඅන්. එහෙම නොකළ කියල ඒ අයගේ බෙල්ල කපල මරන්නේ නෑ. එහෙම බුද්ධ දර්ශනය පීලි පද්දත නැතත් අන්තිමට වෙන්නේ බුද්ධ ධර්ශනයේ තියෙන දෙයමයි මොකද මේක දර්ශනයක් එනම් බුද්ධ දේශනය යනු ස්වභාව දර්මයමයි. එක වෙනස් කරන්න කිසිම දෙවියෙකට බෑ. ජේසු තමත් මරුනේ ඒ ස්වභාව දර්මයේ නිතිය අනුවමයි. කිසි දා නොදැකපු අල්ලාහ් ගැනනම් කියන්න දන්නේ නැ. නබි තුමත් මරුනේ ඒ ස්වභාව දර්ම නිතිය අනුවමයි.

    ඉතින් පස් පව් නොකර හැකි තරම් නිවැරදි බුදු ධහම ඉගෙන ගෙන අන්ධ භක්තියෙන් තොරව තාර්කිකව බුධුන් දෙසු ධර්මය හදාරන්න. නිවන් දකින්න ඊළඟ බුධුන් උපදිනකන් ඉන්න එපා. හැකි ඉක්ක්මනින්ම මේ සසරෙන් නිදහස් වෙන්න. පත්තු කරපු පහනකින් තව පහනක් දල්වුවම ඒ තියෙන දල්ල අර තිබ්බ දැල්ලම නෙවෙයි තමයි නමුත් වෙන එකකුත් නෙවෙයි ඉතින් මැරී මැරී යන ජීවිතෙත් ඒ වගේ. එම නිසා උත්සහ ගන්න ඒ දැල්ල නිමල දමන්න එතකොට ඒ දැල්ල නැවතත් මේ පංච භූත කොටස් වලට වෙන් වෙලා යනවා වගේ මේ වින්යනයත් නිර්වාණයෙන් පංච බුත කොටස් වලටම වෙන් කරලා දමන්න නැවත ඇතිවීමක් නැති වෙන්නම.

    බුදු සරණයි හැමෝටම. වැරදි තැනක් තිබේනම් නිවැරදි කරන්න.
    :yes: බුදු සරණයි!
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඔව් මචන්... බුදුවරු 5 නමක්ම මේ මහා භද්‍ර කල්පයේ පහලවෙලා තියෙන්නේ.. පසුගිය කල්ප 99 ටම බුදුවරු 2 නමයි පහල වෙලා තියෙන්නේ.. බුදුවරු පහල වීම හරි අහඹු සිද්දියක් නේද එතකොට බලනකොට.. නිශ්චිත රටාවක් නැහැ නේ... ඒ නිසාම මන් අහලා තියනවා ස්වාමින් වහන්සේලා කියනවා.. සමහර විට මේ මහා භද්‍ර කල්පයෙන් පස්සේ තව කල්ප ගනනාවක් යනකම්ම කිසිම බුදු කෙනෙක් පහල වෙන්නේ නැතිවෙයි කියලා.. එහෙම හිතන්නත් පුළුවන්.. මොකද මොකද්දෝ වාසනාවකට බුදුවරු 5 නමක්ම මේ කල්පයේ පහල වෙලා.. අපි මොනතරම් වාසනාවන්තද.. මේ මහා භද්‍ර කල්පයේම මනුෂ්යෙක්ව ඉපදිලා, ඒ ඒක බුදු කෙනෙකුගේ බුද්ධ සාසනය අවසාන වෙලා යාමට පෙර ඉපදිලා බුද්ධ ධර්මය ලැබීමට තරම්.. නිකන් හිතන්න.. මේ කල්පය ආරම්භයේ මව/පියා මරපු අය මේ කල්පය ඉවර වෙනකම්ම නිරයේ. බුදුවරු දෙනමක් අතර ඉපදිලා ආනන්තරිය පාපකර්ම කල අයත් මේ කල්පය ඉවර වෙනකම්ම නිරයේ. සමතය විතරක් වැඩලා මරුන අය දැන් කල්ප ගණනාවක් යනකම්ම අසඤ්ඤතලයේ. ධර්මය ඇහෙන්නේ නැහැ. ඔය හැමෝම ඉපදෙන කොට බුද්ධ සසනයක් තිබ්බේ නැත්තම් ආයෙත් පවු කරලා නිරයේ මයි. මේ මහා භද්‍ර කල්පයේ බුදුවරු 5 නමක්ම පහල වීම ඉතාම දුර්ලභ අහඹු සිද්දියක්. සමහරවිට මේ පෘතුවියේ පළමු හා අවසාන වතාවට වෙන්නත් පුළුවන්. තව කල්ප 100 - 200 කටවත් ඒක බුදු කෙනෙක් පහල නොවෙන්නත් පුළුවන්... අපිට ලැබිලා තියන මහා පිනක ස්වභාවය, මේ පුදුමාකාර අහඹු අවස්ථාවේ ඇති වටිනාකම අපේ බෞද්ධයන්ට යන්තමින්වත් වටහා ගන්න බැහැ... ඒකයි කණගාටුවට කරුණ... :)
    :yes: අපි මොනවද දැං කරන්න ඕනෙ?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    පැටියා;17167027 said:
    නමුත් මම පුනරුප්පත්තිය කියවන අය දැකලා තියනවා.

    ඒ පුනරුප්පත්තියම කියලා කියන්නෙ කොහොමද? :P
    පුනරුප්පත්තිය පිලිගන්නවා කියන්නේ ලොවෙත් නිවන් යනවා බොරු.

    නිත්‍ය ආත්මයක් හෝ ශාස්වත ලෝකයක් ගැන විශ්වාසය තිබෙන තාක් කල් සම්‍යග් දෘෂ්ටියක් ඇති කර ගැනීමට පමණක් නොව ශීලයන් පවා පිළිපැදීමට නොහැකි බව බුදුන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රයෙන් පැහැදිලිවම පෙන්වා දී තිබේ.
    :yes: මම පුනරුප්පත්තිය කියවනවා දැකලා තියනවා. මෝහනය කරනවත් දැකලා තියනවා. නමුත්, මම ඒ දෙකම පිළිගන්නෙ නෑ. :yes:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    බුදු දහම දර්ශනයක් මිස ආගමක් නොවේ ................ එය ඇදහිය නොහැක .......... එය වටහාගත යුත්තකි ... බෞද්ධ දර්ශනය තුලට සාහිත්‍ය කාවැද්දීමට තිබු උත්සහයක් නිසා බුද්ධ දර්ශනය තුළ සමහර ගැටළු සහගත ස්ථාන මතුවී ඇති බව මගේ අදහසයි ... කෙසේ වෙතත් බුද්ධ දර්ශනයේ හරය සා ඉගැන්වීම් තුළින් ජීවිතයක් සාර්ථක කරගැනීම හා ගැටළු වලට මුහුණ දීම සාර්ථකව කර ගැනීමට අපට ඉවහල් වේ ..
    නමුත් වර්තමානයේ 99%කම කරන්නෙ අදහන එක. :angry:
    මගේ මතය: බුදු දහමේ හරය තරම් මිනිසා ප්‍රගුණ කල යුතු තවත් වටිනා ශික්ෂණ පද්ධතියක් හෝ දැක්මක් නැත.