උඹ ඔය අහලා තියෙන ප්‍රශ්නෙට උත්තරේ උඹේ අම්මගෙනුයි තාත්තගෙනුයි අහපන්. ඒ අය හරියට උත්තර දෙයි. මේ මිනිස්සු අඩු අධ්‍යාපනයක් තියෙන අමාරුවෙන් එදා වේල හොයා ගන්න අය. ඒ එදා වේලත් හොයා ගන්නේ සැප පහසු ඒසී කරපු කාමරවල ඉදලා නෙවෙයි. එක වේලක් හොයා ගන්න නොවිදිනා දුකක් විදිනවා. උපත් පාලනයක් කර ගන්න හොස්පිටල් එකකට බස් එකේ යන්න තරම්වත් මේ මිනිස්සුන්ට වත්කමක් නෑ. ඒ වගේ දේකට වඩා මේ මිනිස්සුන්ට බඩ වියත වටිනවා. මොකක් හරි පලනයකින් දරුවෝ හදන එක නවත්තන්න උත්සාහා කරත් අහම්බෙන් හරි මේ දරුවා බඩට අවාත් ඒ බඩට ආව දරුවාව නැති කරන්නේ නැතුව පුළුවන් විදියකට මේ දරුවෝ ලෝකෙට බිහි කරපු එකටත් මේ අම්මට අපි ස්තූති කරන්න ඕන. මොකද මේ කාලේ දරුවෝ බඩේදිම නැති කරන, ඉපදුන ගමන් මරන, වැසිකිලි වලවල් වලට දාන, දරුවෝ පාරේ දාලා යන කාලයක්. ඉතින් එහෙම කාලයක මේ අම්මා මනුස්සකම අතින් අති පොහොසත්. මොන යාන වාහන සුපිරි ගෙයක් දොරක් ධනයක් නැති උනත් මේ දුප්පත් මිනිස්සුන්ට ඒ දරුවෝ සම්පතක්. උඹේ අම්මයි තාත්තයිත් උඹ හිතන විදියටම ඔහොම හිතලා තිබුනා නම් අද උඹත් මේ ලෝකේ නෑ කියලා හිතා ගනින්. මේ අහිංසක මිනිස්සු ගාව තියෙන මනුස්සකම උඹලා වගේ එව්න් ගාව නෑ.. අන්න ඒකයි වෙනස