සංසර්ගය - ආකාර පහ (උපුටා ගැනීමකී)

Recycle Bin

Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    සංසර්ගය - ආකාර පහ (උපුටා ගැනීමකී)

    සංසර්ගය - ධර්මානුකූල පැහැදිලි කිරීමක්


    සංසර්ගය නිසා ඇල්මක් හටගන්නව .එම *ඇල්ම නිසා දුක් ඇති වෙනව. සංසර්ගය පස් ආකාරයි.
    1 දස්සන සංසග්ග
    2 සවණ සංසග්ග
    3 කාය සංසග්ග
    4 සමුල්ලාපන සංසග්ග හා
    5 සම්භෝග සංසග්ග වශයෙන් ඒවා හඳුන්වනව.

    දස්සන සංසග්ග

    යම් ස්ත්*රියක් හරි පුරුෂයෙක් හරි දැකල එයාගෙ අත් පා ලස්සනයි, මුහුණ ලස්සනයි කොණ්ඩෙ ලස්සනයි, ඇස් දෙක ලස්සනයි ආදී වශයෙන් ශරීරයේ අංගෝපාංග ගැන හිතල ඒවට ආශා කරනව ඒගැන වර්ණනා කරනව ඒව ප්*රාර්ථනා කරනව, අනේ මටත් ඒවගේ කෙනෙක් හිටියනම් හොදයි කියල හිතනව. එහෙම හිතල ඒවට ආදරයෙන් බැ*ඳෙනව මේකට කියනව දස්සන සංසග්ග හෙවත් දර්ශන සංසර්ගය කියල. චිත්*රපටි ටෙළිනාට්*ය නළු නිළියන්ට ආස කරන්නෙ. පෙම්වතුන් පෙම්වතියන් ගෙ ඡායාරූප ළඟ තබාගෙන ඉන්නෙ මේ දස්සන සංසග්ග හින්දයි.


    සවණ සංසග්ග

    යම් ස්ත්*රියකුගෙ හරි පුරුෂයකුගෙ කතාවක් වචනයක් ගීතයක් හෝ මිහිරි ආමන්ත්*රණයක් ඇසීමෙන් එම තැනැත්තා කෙරෙහි ආදරයෙන් බැ**ඳෙනවට කියනව සවණ සංසග්ග හෙවත් ශ්*රවණ සංසර්ගය කියල. බොහෝ වෙලාවට ගායක ගායිකාවන්ට ආදරේ කරන්නෙ ඇළුම් කරන්නෙත් මේ සවණ සංසග්ග හින්දයි. බොහෝ පෙම්වතුන් පෙම්වතියන් දුරකථන වල පැය ගනන් එල්ලිලා ඉන්නෙ මේ සවණ සංසර්ගයට ප්*රිය කරන නිසයි.


    කාය සංසග්ග

    මෙයින් අදහස් කරන්නෙ කායිකව එක්වීම*යි. ස්පර්ශ කිරීම් සිප වැලඳ ගැනීමේ සිට ලිංගිකව එක් වීම දක්වා සිදුවන ක්*රියාවලිය මෙයට අයත්. ලිංගිකමය අරමුණු නැතත් කුඩා දරුවන් ආදීන් තුරුළු කර ගැනීම් ස්පර්ශ කිරීම් ආදියත් කාය සංසග්ගම තමයි. කායික ස්පර්ශයට ඇලීම කාය සංසග්ග කියල සරලව කියන්න පුළුවන්.


    සමුල්ලාපන සංසග්ග

    යමෙකු හා කතා බහ කිරීම, සිනාසීම, මුකුළු පෑම හුරතල් කිරීම, අල්ලාප සල්ලාපයෙහි යෙදීම, විහිළු තහළු කිරීම ආදීවූ ක්*රියාවන් නිසා ඇතිවන ඇල්ම නැතහොත් ආදරයට කියනව සමුල්ලාපන සංසග්ග කියල.


    සම්භෝග සංසග්ග

    යම් ස්ත්*රියක් හෝ පුරුෂයෙක් පාවිච්චි කරන ලද බඩු බාහිරාදිය , උපකරණ, ඇඳුම් පැලඳුම් ආදිය දැක ඇති වන්නා වූ ඇල්ම ආදරය සම්භෝග සංසග්ග කියල හඳුන්වනව. තමන් ආදර*ය කරන කෙනාගෙ දේවල් තමන් ලඟ තබා ගන්න පෙළඹෙන්නෙ මේ හේතුව හින්දයි. තමන් ප්*රිය කර*න කෙනෙක් මිය ගියාම ඔහුට හෝ ඇයට අයත් වස්තු දැකල, එයාව සිහිපත් වෙලා ආදරයක් ඇල්මක් හට ගැනීමට හේතුවත් මේකමයි.




    ඇත්තටම මේ පස්වැදෑරුම් සංසර්ගය නිසා ඇතිවන ඇල්ම (ආදරය, රාගය) හින්ද සිදු වෙන්නෙ අප තුළ තියන තණ්හාව වර්ධනය වෙන එකයි. ඊට පස්සෙ "මේක මගේ, අරක *මගේ, මෙපමණක් මගේ, මම, මාගේ, මට" යනාදී වශයෙන් ආත්ම දෘෂ්ඨිය ඇති කර ගන්නව. තමාට අයිති දේවල් ආදරයකරන දේවල් ආරක්ෂා කර ගන්න, නඩත්තු කර ගන්න, පවත්වාගෙන යන්න, රැකි රක්ෂාවන් වල නිරත වෙමින් දිවා රෑ වෙහෙස මහන්සියෙන් දුක් විඳින්න සිදු වෙනව.


    මේකෙ බරපතල කම තමයි මේ ඇලීම ආදරය නිසා බොහෝ කායික වාචසික මානසික දුශ්චරිත සිදු කිරීමට පෙළඹීම. මිනී මැරීම, සොරකම, පරදාර *සේවනය, ස්ත්*රි දූෂණය ආදි අපරාධ කිරීම් හේතුවෙන් පොලිසිවල හිරගෙවල් වල දුක් විඳින්නට සිදු වෙනව. නොයෙක් දඬුවම් වලට මුහුණ දෙන්න සිදුවෙනව. මරණින් පස්සෙ තිරිසන් ලෝකවල, ප්*රේත ලෝකවල, අපාය වල ඉපදී නොයෙකුත් දුකට පත් වෙන්න සිදු වෙනව. ඒවගෙම මේ ඇල්ම ආශාව හින්ද නැවත නැවත සසරේ ඉපදීමට සිදු වෙනව.

    උපුටා ගැනීම
    wmsaneera ගෙනි


    post 1 hodanam comment 1 dala +rep1 denna
     
    Last edited:
    හරිම වටින ලිපියක්.පුහු සුචරිතවාදීන් තඹයකට මායිම් නොකළද, මේ වටිනා ධර්මතාවය වටහා ගැනීම ඉතා වැදගත්.
    බුදු බණ අනුව කර්මය වන්නේ චේතනාවයි.දැන් මෙතනට ප්‍රඥාව මුසු බුද්ධිය මෙහෙයවා බලන්න. අප කෙතරම් ම්ලේචජ මිනිස් කොට්ඨාශයක්ද? තම ලේ ඥාතී දුවක්-පුතෙක් ගැන වුවත් දස්සන-සවන...ආදි සම්බෝගයක් මනසින් හෝ විඳින්න ඇද්ද?
    මෙතනදී මට මතක් වෙනවා,සෙන් කතාවක්. එක් ගුරු-ගෝල දෙනමක් ඟගකින් එතෙරට යද්දී අසරණවූ තරුණියක් එගොඩ කල කතාව(අවශ්‍ය නං කියන්නම්)
    වටින ලිපියක්-ඉඩක් ලැබුනොත් ආයෙ ලියන්නම්.
    :)
    පලි-,කරුනු5 විස්තර කි‍රීමේදී පුංචි අඩුවක් තියනවා
     
    nice Post REP+[/QUOTE]ඔවු !මේ කරුනු හරි වැදගත්.අපි හැමවෙලාවෙම කියනවා..අනේ අපිනං හීනෙන්වත් අහවල් පව කරලා නෑ ...කියලා.නමුත්,කර්මය ක්‍රියාත්මකයි.වටහා ගැනීම ඉතා වැදගත්:)
     

    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    හරිම වටින ලිපියක්.පුහු සුචරිතවාදීන් තඹයකට මායිම් නොකළද, මේ වටිනා ධර්මතාවය වටහා ගැනීම ඉතා වැදගත්.
    බුදු බණ අනුව කර්මය වන්නේ චේතනාවයි.දැන් මෙතනට ප්‍රඥාව මුසු බුද්ධිය මෙහෙයවා බලන්න. අප කෙතරම් ම්ලේචජ මිනිස් කොට්ඨාශයක්ද? තම ලේ ඥාතී දුවක්-පුතෙක් ගැන වුවත් දස්සන-සවන...ආදි සම්බෝගයක් මනසින් හෝ විඳින්න ඇද්ද?
    මෙතනදී මට මතක් වෙනවා,සෙන් කතාවක්. එක් ගුරු-ගෝල දෙනමක් ඟගකින් එතෙරට යද්දී අසරණවූ තරුණියක් එගොඩ කල කතාව(අවශ්‍ය නං කියන්නම්)
    වටින ලිපියක්-ඉඩක් ලැබුනොත් ආයෙ ලියන්නම්.
    :)
    පලි-,කරුනු5 විස්තර කි‍රීමේදී පුංචි අඩුවක් තියනවා


    lipiye aithiya mage nowei mama kale uputa dakweema pamani:rolleyes:
     

    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    එක් ගුරු-ගෝල දෙනමක් ඟගකින් එතෙරට යද්දී අසරණවූ තරුණියක් එගොඩ කල කතාව(අවශ්‍ය නං කියන්නම්)
    වටින ලිපියක්-ඉඩක් ලැබුනොත් ආයෙ ලියන්නම්.
    :)

    oba a kathawa lianawanam ????? :)
     

    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    nice Post REP+[/QUOTE]ඔවු !මේ කරුනු හරි වැදගත්.අපි හැමවෙලාවෙම කියනවා..අනේ අපිනං හීනෙන්වත් අහවල් පව කරලා නෑ ...කියලා.නමුත්,කර්මය ක්‍රියාත්මකයි.වටහා ගැනීම ඉතා වැදගත්:)

    :yes: