සංස්‌කෘතික දෙබරයකට ගල් ගැසීම!

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    සංස්‌කෘතික දෙබරයකට ගල් ගැසීම!

    දේශීය සංස්‌කෘතිය ආරක්‍ෂා කරන්න ගිය විට විදේශීය සංස්‌කෘතිය වැළඳගත් පිරිස්‌ වට කර පහර දෙනවා. මාව අඹරන්න හදනවා. හැබැයි ඇඹරෙන්නේ මාව නෙවෙයි, විනාශ වෙන්නේ මාව නොවෙයි. මේ රටේ සංස්‌කෘතියයි නැතිවෙන්නේ දේශීයත්වයයි හොඳින් මතක තියා ගන්න."

    මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මුළු මහත් ජනතාවටම කී කතාවකි. කිසිවකුට වැරදි යෑයි අභියෝග කළ නොහැකි කතාවකි. එහෙත් මේ කතාව නොරුස්‌සන අය ද සිsටිති. මේ කතාව දිරවා ගත නොහැකි අයද සිටිති. මේ කතාව තුළ ගැබ්ව තිබෙන අනතුර, ඇතැම්විට නවීනත්වය වැරදි කොනින් අල්ලා ගත් අය නොදකිති. ජාතිකත්වයට "ඇලජික්‌" වූවෝ ද මේ කතාව නො ඉවසති. එහෙත් මේ කතාව සහතික ඇත්තය.

    මේ කතාවට මුල් වූ නිදන් කතාවක්‌ද තිබේ. ඒ නොබෝදා ශ්‍රී ලංකාවේදී සංගීත සංදර්ශනයක්‌ පැවැත්වූ ජගත් ප්‍රසිද්ධියට පාත්‍ර වූ එන්රිකේ නම් වූ ගායකයාගේ ප්‍රසංගයකදී ඇතිවූ බව කියන තරුණියකගේ උන්මාදනීය ප්‍රතිචාරයකි. එන්රික්‌ගේ වේදිකාවට පැනගත් යෞවනියක්‌ ඔහු උමතුවෙන් සිප ගැනීමත්a, ඊට ප්‍රථම තනපටක්‌ ගලවා එන්රික්‌ වෙතට වීසි කිරීමත් එහිදී සිදුව තිබේ. මේ තනපටින් එල්ල කළ ප්‍රහාරය දැන් ජාත්‍යන්තර තලයට ද ඇදී ගොස්‌ තිබෙන සිද්ධියකි. මේ තනපට මුදාහැරීමත් සංදර්ශනයේදී සිදුවූ උන්මාද හැසිරීම් රටාවත් යෞවනයේ උන්මාදයක්‌ ලෙස සිතන අය ද සිටිති. එය යෞවනයේ පොපියන චමත්කාරයකැයි සිතන්නෝ ද සිටිති.

    අද සමාජ වෙබ් අඩවි ඔස්‌සේත්, සංස්‌කෘතික සංකථන ඔස්‌සේත් මේ උන්මාදනීය ප්‍රතිචාරය ගැන නොයෙක්‌ දේවල් සඳහන් වී තිබේ. මෛත්‍රී ජනාධිපතිවරයා සංස්‌කෘතික දෙබරයකට ගල් ගසා තිබේද? ජාතිකත්වය හා සංස්‌කෘතිය දෙකොන පත්තු වූ විලක්‌කුවක්‌ යෑයි සිතන අය මෙහිදී මුනිවත රකිනු ද විය හැකිය. ජනප්‍රිය සංස්‌කෘතියේ උෂ්ණයට ආතුර වූවෝ මෛත්‍රී ජනාධිපතිවරයාට නොයෙක්‌ අවලාද නඟන්නාහු ද විය හැකිය. එහෙත් මෙය අපට නම් පෙනෙන්නේ බරපතළ සිද්ධියක්‌ බවය. එය මේ සිද්ධියේ බලපෑම තුළින් හෙට ඇතිවිය හැකි අනතුරක්‌ අපට පෙනෙන හෙයිනි.

    මේ රටේ මෑතකදී දක්‌නට ලැබුණු ජාතිවාදී හා ආගම්වාදී ප්‍රවණතාවන් පිළිබඳ අපි ඉඳුරා දනිමු. මේ ප්‍රවණතාවේදී ජනවර්ග දෙකක්‌ අතර ඇතිවූ තරගය හා වෛරයද සමාජ සංහිඳියාවට එල්ල කළ අනතුර ද, එහි නග්න විලාසය ද අපි ඉඳුරා දකිමු. ජාතිවාදී හෝ ආගම්වාදී දෘෂ්ටීන්ගෙන් වැසුණු පුද්ගල ක්‍රියාකාරකම් නිසා ලේවලින් හා ජීවිතවලින් වන්දි ගෙවූ සමාජ අත්දැකීම් අපට ද තිබේ. අපි කිසිවිටෙක සිංහල ජාතිය හෝ සිංහල සංස්‌කෘතිය අන් ජාතියකට හෝ අන් සංස්‌කෘතියකට වඩා උසස්‌ යෑයි කීමට සැහැසි නොවන්නෙමු.

    කිසියම් ජාතියකට, සිය භාෂාව හා සංස්‌කෘතිය පිළිබඳ උදම් වීමට හේතු කාරණා තිබෙන බව ද අපි පිළිගනිමු. එහෙත් ඒ සංස්‌කෘතික ආඪ්‍යත්වය අනෙකාගේ පීඩනයට, මර්දනයට ලක්‌ කිරීමේ දුර්ගුණය අපි බැහැර කරන්නෙමු. සිංහලකම සිංහල සංස්‌කෘතිය සිංහල යෑයි කියන ජනතාව සතු සාඩම්බර උරුමයකැයි කියන අයට ද අපි අභියෝග නොකරමු. වරක්‌ පොන්නම්බලම් රාමනාදන් මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ පැවැති රැස්‌වීමකදී (1904) මෙසේ කියා තිබේ.

    බටහිර ශිෂ්ටාචාරයේ බාහිර වූද තාවකාලික වූද අංග ලක්‍ෂණයන් වැළඳ ගැනීමෙන් සන්තුෂ්ටියට පත්වන්නෙහි නම්, එසේම ඔබේ දේශීය භාෂාව මහජන වේදිකාවන්හි දුම්රිය මැදිරිවල හා විසිත්ත කාමරවල කතා නොකරන්නෙහි නම් සහ ඔබේ ජාතික සම්ප්‍රදායන්හි අයිතිවාසිකම් සඳහා නැඟී නොසිටින්නෙහි නම් ඔබට සිංහලයිනැයි කියා සඳහන් කිරීමට වටින්නේ නෑ."

    රාමනාදන් මහතා එදා මේ ප්‍රකාශය කළේ සිංහලයට ගැරහූ බටහිර සංස්‌කෘතිය වැළඳගත් පිරිස ඉලක්‌ක කරමින්ය. මේ අනුකාරක පැළැන්තිය සිංහල සමාජය තුළ වැඩුණු වල් පඳුරක්‌ වැන්න. තම බස, තම රැස, තම දෙස පිළිබඳ එදා දේශප්‍රේමී නායකයන් දැක්‌වූ උනන්දුව අප්‍රමාණ විය. ඔවුන්ගේ ඒ ජාතික හැඟීම් එදා ජාතික නිදහස්‌ සටනේ ගිනි පුපුරු බවට පත්වී තිබිණි.

    විද්වත් කුමාරතුංග මුනිදාසයෝ දෙස, බස, රැස තෙරුවනක්‌ බව කීහ. එය සුරැකීම සිංහල ජනයාගේ වගකීමක්‌ බවද ඔහු කීහ. කුමාරතුංගයන්ගේ සිංහල භාෂානුරාගී ව්‍යාපාරයට කෙබඳු විවේචන එල්ල වුවත් දෙස, බස, රැස නොතකන සිංහලයන් කුමටදැයි අපටද ඇසීමට සිදු වේ. මේ බලන්න ඔහුගේ ජාතික අභිමානයක මහිම.

    මා දෙස හෙළ දෙස වෙන කිසි දෙසකට මා රැස හෙළ රැස වෙන කිසි රැසකට මා බස හෙළ බස වෙන කිසි බසකට මේ හිස නොනමමි නොනමමි කිසිවිට

    මේ සිතිවිල්ල ඕනෑම ජාතිකයකු තුළ තිබේ නම් එහි වරද කුමක්‌ද? මෙයින් අන් බසක්‌, අන් දෙසක්‌ අන් රැසක්‌ නසන්ට කිසිවෙක්‌ පොළඹවත්ද? නැත. එහි දිදුලන්නේ ජාතික අනුරාගය මිස අන් දෙයක්‌ නොවේ. කුමාරතුංගයන් තුළ වූ මේ හැඟීම් පසුව සිංහලයෙන් ලියූ ලේඛකයන්ටද පුවත්පත් කතුවරුන්ටද කවියන්ටද කාන්දු වී ඇත. එයම නොවේද පසුකාලීනව අගමැති බණ්‌ඩාරනායකයන්ගේ හදවතට ද කි¹ බසින්නේ?

    හෙළ බස නැංවීම හෙළ රැස නැංවීම බණ්‌ඩාරනායක චින්තනයේ ලකුණක්‌ විය. සිංහල බස හා සිංහල සංස්‌කෘතිය අරභයා බණ්‌ඩාරනායක අගමැතිවරයා විසින් දක්‌වන ලද අදහස්‌ ලිපි ලේඛන බොහෝ තිබේ. පසුකාලීනව ඇතිවූ භාෂා ප්‍රශ්නය අගමැති බණ්‌ඩාරනායකගේ ගිණුමටම බැර කරන සමහරුන්ට මේ ලේඛන කියවා බලන ලෙස ද අපි ඇරයුම් කරමු.

    මෛත්‍රී ජනපතිවරයාගේ "මඩුවල්ග ප්‍රහාරය" ට අවිචාරව බැට දෙන අය ද මේ සංස්‌කෘතික දරිද්‍රතාව නමැති අගාධයේම සිරවූවෝ නොවෙත්ද? එන්රිකේ ඉග්ලේසියස්‌ යනු "රාගය හා ආදරය" (Sex and love tour) යන තේමාවෙන් ප්‍රසංග පවත්වමින් ලෝ වටා යන්නෙකි. 'රාගය හා ආදරය' ගැඹුරින් හා දාර්ශනිකව කියවන අය ඒ තුළ ගැබ් වූ විශ්ව අරුත් ද දකිති. බුදුන් වහන්සේ ද 'රාගය' මානවයා තුළ කාවැදී තිබෙන්නක්‌ ලෙස දකිති. රාගයෙන් මිදෙන තෙක්‌ මානව වර්ගයාට විමුක්‌තියක්‌ උදා කරගත නොහැකි බවද බුද්ධ වචනයයි. අනෙක මානව ප්‍රේමයයි. අද ලොවම ඉල්ලා සිටින්නේද මේ මානව ප්‍රේමයයි.

    හැම තැනකම පිළිබිඹු වන්නේ සෞන්දර්යය මනුෂ්‍යත්වය, යනාදිය හා බැඳුණු ධර්මතාවන් විනා අන් දෙයක්‌ නොවේ. අපගේ බුද්ධිමය අවධානයට යොමු කෙරෙන සෞන්දර්යය චින්තාවන් සේ ඒවා දිගු කලක්‌ අපගේ සංස්‌කෘතිය හා බැඳී පවතින දේවල්ය. එහෙත් අවාසනාවකට මෙන් මේ සංස්‌කෘතික අධ්‍යාත්මය අද බරපතළ පීඩනයකට ලක්‌ව තිබේ. මෙයට එක්‌ හේතුවක්‌ වී ඇත්තේ ධනවාදී පාරිභෝගික සමාජ රටාවක්‌ ලොව පුරා පැතිර තිබීමය.

    අද අප ජීවත් වන මේ සමාජය විශ්ව ගම්මානය කැයි කියන අයද සිටිති. ජනප්‍රිය සංස්‌කෘතිය ලෙස හැඳින්වෙන වටිනාකම් ද ඒ සමාජය තුළ තිබේ. බටහිර සංස්‌කෘතියේ බොහෝ අංග මේ සමාජයට රිංගාගෙන තිබේ. කිසියම් සංස්‌කෘතියකට ඔරොත්තු නොදෙන තරමට වෙනත් සංස්‌කෘතියක ගති ලක්‍ෂණ රිංගා ගැනීම නිසා බරපතළ ගැටුqම් හා අර්බුද ඇතිවීම සාමාන්‍ය දෙයක්‌ බව සමාජ විද්‍යාඥයෝ කියති.

    ධනවාදී සමාජයක ලක්‍ෂණයක්‌ නම් පුද්ගලයා ද භාණ්‌ඩයක්‌ වීමය. කලාව, සංගීතය, අභිබවා වෙළෙඳ පොළ මතුවීමද එහිදී දැකගත හැකිය. කලාව හැඟීම් විකෘති කරන්නක්‌ බවට පත් කරගත් සමාජ බිහිවීම නිසා ඒ රටේ සංස්‌කෘතිය ද ජාතිකත්වයද නොවටනා දේවල් බවට පත්වනු ඇත. කලාවට දක්‌වන අනුග්‍රහයද හුදු ලාභය මත පදනම් වේ.

    වෙළෙ¹ම ඉල්ලුම අනුව කෙරෙන සැපයුමක්‌ බවට පත්වන ධනවාදී සමාජයක සියලු සාරධර්ම බිඳ වැටීම ඇරඹෙයි. සංචාරකයන් පිනවීම, ජාත්‍යන්තර ප්‍රසංග සංවිධානය, විලාසිතා ප්‍රදර්ශන ආදිය ඒ සමාජයේ ප්‍රබල අවශ්‍යතා බවට ද පත්වේ. කැසිනෝ ක්‍රීඩා, ගණිකා සේවය රහසිගතව ද ප්‍රසිද්ධියේද සිදුවන දුරාචාර බවට පත්වෙයි. 'බල්ලො මරා හරි සල්ලි සොයමු' යන්න ඒ සමාජයේ තේමාව බවටද පත්වේ.

    වැඩි දෙනෙක්‌ සෝබන සංස්‌කෘතියකට ලොල් වෙති. ඔවුන්ට තම භාෂාව සංස්‌කෘතිය වැදගත් නැත. ගෙවී ගිය දසක දෙක තුනක්‌ මුළුල්ලේම අපට ඇසුණේ මේ සංස්‌කෘතික දරිද්‍රතාවයේa බියකරු හඬම නොවේද? අද බිහිවී තිබෙන මේ සමාජ ප්‍රපංචය තුළ වල්මත් වූ ගමනක්‌ දක්‌නට නැද්ද? දූෂණය, වංචාව, ඉහවහා ගියාවූද මුග්ධ දේශපාලන සමාජ සංස්‌කෘතික කතරක සැරිසරන්නා වූද නිල බල තෘෂ්ණාවෙන් වැඩුණා වූද හිස්‌ මිනිසුන්ගෙන් පිරී ගියා වූද, සමාජයකට වුවමනා දේවල් සම්පාදනය කිරීම නතර කරන තෙක්‌ මේ වර්ගයේ "කාම සංදර්ශනවලට පොර කන අය හිඟ නොවෙති.

    නවීන විද්‍යාව, නවීන තාක්‍ෂණය හා සන්නිවේදනය අද රටේ ප්‍රගතියට වඩා විනාශයට හේතු වී නැද්දැයි සමහරු ප්‍රශ්න කරති. එය එලෙසම පිළිගැනීමට බැරි වුවද එහි සත්‍යයක්‌ තිබේ. ලෝකය වෙනස්‌වීම අපට නැවැත්වීමට ද බැරිය. එහෙත් අප, අපට උචිත හා ගැලපෙන වෙනස තෝරා ගත යුතුය. පවුල නමැති ඒකකය අද නන්නත්තාර වී තිබේ. සමාජ වටිනාකම් වෙනස්‌ වී තිබේ.

    එහෙත් ඒවා බුද්ධිමත්ව විමසා බැලීමට වුවමනා ප්‍රඥව ලබාදීමක්‌ නැත. තාරුණ්‍යය සීමා මායිම් නැති ගමනකට ඇද දමා තිබේ. ගමට එය එතරම් බලපා නැති විය හැකිය. මෙය 'සංකර' වීමක්‌ ලෙස හැඳින්විය හැකිය. 'ත්‍රිල්' එකට උඩ දාගෙන නටන යෞවනයෝ අද සුලභව සිටිති. ගමේ ඇතැම් සංගීත සංදර්ශනවලද එබඳු අවස්‌ථා හිඟ නොවේ.

    ජනාධිපතිවරයා කී පරිදිම ඒ තරුණයන්ට දොස්‌ කිව යුතු නැත. ඒ තරුණයන් එතැනට තල්ලු කළ සමාජ බලවේග හඳුනා ගැනීම අද වැදගත්ය. සංස්‌කෘතික සුනාමි, සංස්‌කෘතික ගංවතුර වැනි දේවල්වලට ඔරොත්තු දිය හැකි සංස්‌කෘතික මනසක්‌ ජාතිය සතු වන තෙක්‌ අපට මේවායින් මිදීමක්‌ නැත. තලෙයිබාන් සංස්‌කෘතියක්‌ හෝ ආගමික තහංචි හෝ පැනවීම කිසිසේත් මෙයට විසඳුමක්‌ නොවේ. මුළු මහත් දෙමවුපිය, ගුරුවරුන්, දේශපාලනඥයන්, ආගමික පූජකවරුන්a මේ ප්‍රශ්නය ගැඹුරින් විමසා බැලිය යුතුය.

    මෛත්‍රී ජනාධිපතිවරයා අපට පෙන්වා දෙන්නේ ඒ ජාතික විපතක අනතුරය. ඉන්ද්‍රිය සංවරය බිඳගත්. සංස්‌කෘතික අධ්‍යාත්මය වනසාගත්, මානව දයාව, රසඥතාව නොහඳුනන සමාජයක්‌ යහපතැයි මැනවැයි කියන නවීනත්වයට ඔල්වරසන් දෙන පරපුරක්‌ වෙනුවට විදග්ධ සංස්‌කෘතික ආඪ්‍යතාවකින් යුතු සමාජයක්‌ රටක්‌ හදමු යෑයි කියන ජනාධිපතිවරයාගේ ප්‍රාර්ථනාව ඒ වචන තුළ ගිගු=ම් දෙයි. සංගාත්. මහේලත් ඒ සංස්‌කෘතික ඇමතුමට සංවේදී වී ජාතියෙන් සමාව ඉල්ලා සිටිති. අපි කුමක්‌ කරමුදැයි ඔබත් ඔබගේ හෘදය සාක්‍ෂියෙන් විමසා බලනු මැනවි.

    මහත්මා ගාන්ධි කීවාක්‌ මෙන් සිව්දෙසින් හමා එන සුළඟට අපේ ජනෙල් විවර කර තබමු. එහෙත් අපේ දේවල් ගසා ගෙන යැමට ඉඩ නොදෙමු. මෛත්‍රී ජනාධිපතිවරයා කියන්නේත් එයම නොවේද?

    ගාමිණී සුමනසේකර


    http://www.divaina.com/2016/01/03/feature20.html
     
    • Like
    Reactions: chinmak

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ආගම ජාතිය කුමක් උවද මෙලොව එලිය දැකීමෙන් පසු කවුරුත් පොදුවේ මනුස්සයෙකු ලෙස පිලිගන්නා,,යහපත් විදිහට ජීවත්වී,යහපත් දෙමාපියන් ලැබ,යහපත් බිරිදක් ,යහපත් දරුවන් ලැබ තමනුත් තම පවුලත් සතුටින් ජීවත් වෙන අතර ලොකේට කරදයක් නොකර ජීවත් වීම වටිනවා,,එගෙම ඉදීම භාග්යක් නොවේද...ලොකේ මොන ආගමකට අයිතිකෙනෙක්ට උනත් ස්වාභාවික යුක්ති ධර්මපිලිගන්න පුලුවන්,,අනුන් නොමරා,වද නොදී,හොරකම් නොකර,අනාචාරයේ නොහැසිරී,බොරු නොකර,මතිත් තොරව සතුටින් ජීවත් වෙන්න බැරිද...
    නමුත් මේ හිතාමතා වෙලද උපායක් විදිහට ක්‍රියාත්මක කරන අවිචාරවත් සංස්කෘතිය මිනිසුන්ව ඇත්ත හොද ජීවන රටාවෙන් එහාට තල්ලු කරල දානවා..නිකන් හිතන්නෙ හෙලුවෙන් නටන , විස්කි බොන,මිනිස්සු එක්ක තරගෙට යහන් ගත වෙන දුවෙක් ඉන්න පවුලක හොද දෙමාපියෙක් ඉන්නවනම් ඒ අයට මොන්වගේ හැගීමක් දැනේවිද
    නමුත් කෙනෙකුට කියන්න පුලුවන් මේක අලුත් ලෝකයක් සංස්කෘතියක් අවශ්ය නෑ තව දුරටත්,මම මට ඕන දේවල් කරන්වා,මගේ බිරිද එයාට ඕන දේවල් කරගන්නව,,මගේ දුව එයාකමති දේවල් කරගන්නවා,මගේ බිරිද හොන්ඩ ෆිට් කාර් එකට ලීසින් ගෙවන්න දන්න කියන ඔෆිසර්ල එක්ක සතියට සැරයක් ඩෙටින් එකක් කරල ඒ හොයන සල්ලි වලින්,,ඒකෙ වරදක් නෑ,,ඒක තමා අද දියුනුව කියන්නෙ,,ඒකයි නිදහස,,මම මම ආස ලේඩි එකෙක් එක්ක ඉදල හිටල සතුටු වෙනව,,හැබැයි ලිමිට් එකක් තියන් යන්නෙ,,මාත් බිරිදත් අවශ්ය වෙලාව්ට විතරක් සැමිය බිරිද ලෙස පෙනී ඉන්න්වා,,අපි දෙන්න හරිම නිදහස්,,,අපිට සංස්කෘතියක් නෑ අපේ විදිය මේක තමා කියල...ඉතින් තිරිසනෙක් ලෙස නොඉපදී මිනිහෙක් ලෙස ඉපදුන,මොලයක් තියෙන මනුස්සයෙක් අර වගේ පවුලක් දෙස බලන්නෙ කොයි විදිහටද?

     
    Last edited:

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    බ්‍රා එකක් අල්ලන් සංස්කෘතිය වනපන්. ඉන්දියන් පොන්නයෝ ඇරල ගියාම ෂෝයි. wake up and smell the coffee!
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ප්‍රශ්න ඔක්කොම එකට පටලව ගන්න එපා,,ගොඩක් අය දේශපාලනේ පටලවගන්නව අනික් පොදු සමාජ,සංස්කෘතික හා ජාතික ප්‍රශ්න එක්ක

    ඉන්දියාව වගේම ලංකාවෙ එවුනුත් මහ නිවටයො හිතන විදිහ අනුව,,පරාදීනයි..යුක්ති දර්මයට අනුව හිතල ස්වාදීන අදසක් ගන්න බෑ උන්ට,,,මහින්දට හරි,,,මෛත්‍රීට හරි,,රනිල් ට හරි,,ජේ වීපී එකට හරි ගෝනි පිටේ බැදන් කඩේ යනව..3න් වෙනි ලොකේ රට්වල පවක් ද කොහෙද මේ ලක්ශනය...ජනගහනයෙන් 95% වගේ කාට හරි කඩේ යනව..පක්ශ පාට වලට මරා ගන්නව...මෙච්චර දියුනුකියන කාලෙ මේ වගේ ගැත්තො තාම ඉන්නවනෙ

    ඉන්දියන්කාරය හරි මොකා හරි ඇවිල්ල ඇරල යන්න මේකෙ සිංහල කියල අනන්ය මිනිස්සු කොටසක් ඉන්න එපැයි..ඉන්නෙ එහෙම ජාතික අනන්යතාවක් නැති උන්නම්,,රටක් කියල රකින්නෙ කා සදහාද..
    ගාමිනි සුමනසේකර ගැන දන්නෙ නෑ නමුත් ඔහුගෙ කතාව හරි
    උදාහරනයක් විදිහට උබලට ඕන හොදට කාල,බීල,හෙලුවෙන් නටල,,අනුන්ගෙ ගෑනු එක්ක බුදියගෙන,,ගෑනිව අනික් එවුන් එක්ක ශෙයාකරගෙන ෆන් එකේ ඉන්න නම්,,ඒකනම් හරි හොද,,නිදහස් උතුම සැපත කියල හින්තනවනම්,,මේ රට ඉතින් ඇමරිකන් කාරය අල්ල ගත්තම මොකද,,,මන්ද ඇමරිකන්කාරය මේ ආන්ඩුවට වඩා උබලට ඒව කරගන්න සපෝර්ට් එක දේවි..
     
    Last edited:

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ප්‍රශ්න ඔක්කොම එකට පටලව ගන්න එපා,,ගොඩක් අය දේශපාලනේ පටලවගන්නව අනික් පොදු සමාජ,සංස්කෘතික හා ජාතික ප්‍රශ්න එක්ක

    ඉන්දියාව වගේම ලංකාවෙ එවුනුත් මහ නිවටයො හිතන විදිහ අනුව,,පරාදීනයි..යුක්ති දර්මයට අනුව හිතල ස්වාදීන අදසක් ගන්න බෑ උන්ට,,,මහින්දට හරි,,,මෛත්‍රීට හරි,,රනිල් ට හරි,,ජේ වීපී එකට හරි ගෝනි පිටේ බැදන් කඩේ යනව..3න් වෙනි ලොකේ රට්වල පවක් ද කොහෙද මේ ලක්ශනය...ජනගහනයෙන් 95% වගේ කාට හරි කඩේ යනව..පක්ශ පාට වලට මරා ගන්නව...මෙච්චර දියුනුකියන කාලෙ මේ වගේ ගැත්තො තාම ඉන්නවනෙ

    ඉන්දියන්කාරය හරි මොකා හරි ඇවිල්ල ඇරල යන්න මේකෙ සිංහල කියල අනන්ය මිනිස්සු කොටසක් ඉන්න එපැයි..ඉන්නෙ එහෙම ජාතික අනන්යතාවක් නැති උන්නම්,,රටක් කියල රකින්නෙ කා සදහාද..
    ගාමිනි සුමනසේකර ගැන දන්නෙ නෑ නමුත් ඔහුගෙ කතාව හරි
    උදාහරනයක් විදිහට උබලට ඕන හොදට කාල,බීල,හෙලුවෙන් නටල,,අනුන්ගෙ ගෑනු එක්ක බුදියගෙන,,ගෑනිව අනික් එවුන් එක්ක ශෙයාකරගෙන ෆන් එකේ ඉන්න නම්,,ඒකනම් හරි හොද,,නිදහස් උතුම සැපත කියල හින්තනවනම්,,මේ රට ඉතින් ඇමරිකන් කාරය අල්ල ගත්තම මොකද,,,මන්ද ඇමරිකන්කාරය මේ ආන්ඩුවට වඩා උබලට ඒව කරගන්න සපෝර්ට් එක දේවි..

    :yes::yes::yes::yes::yes::yes: