විද්‍යාඥයො කියන දේවල් නම් මම දන්නේ නෑ බන්. අද එකක් කිව්වොත් හෙට එහෙම නෑයි කියලා අනිද්දා කලින් කියපු දෙකටම හාත්පසින්ම වෙනස් එකක් කියනවා. සමහරවිට හරියනවා සමහරවිට වරදිනවා කලින් කියපු දේවල් වලට සංශෝධන එකතු කරනවා. ඔක තමයි මට තේරෙන විදිහට විද්‍යාඥයා කරන වැඩේ.
උබ අහපු ප්‍රශ්නෙට දෙයක් කියනවානම්, රතුයි කහයි එකට දැම්මම ඒ දෙකේම නැති නිල් පාට කියන දේ ඇති වෙනවා. තවත් දෙයක් කියනව නම්, ගිනිකූරෙ අර කළු පාට ගුලිය රළු කොල කෑල්ලේ ගැහුවම මොකේවත් නොතිබ්බ ගින්දරක් හැදුනා. ගින්දර කවුරුවත් මැව්වේ නෑ. ගිනිකූරයි කොලයයි හැප්පෙන ක්ෂනයෙදි කවුරුවත් අපිට හොරෙන් ගෙනත් දැම්මෙත් නෑ. ගිණි කූර වතුරේ දාල අර කොල කෑල්ලේ ගැහුවට ගින්දර ලැබෙන්නේ නෑ. කොල කෑල්ල පෙඟිලා ගිණිකූර හොඳට තිබ්බත් ගින්දර ලැබෙන්නේ නෑ. සුදුසු පරිසරයකදී සුදුසු වාතාවරනයකදී ඒවාට අවශ්‍ය තත්වයන් සපුරලා තියෙනවා නම් ගින්දර නිපදවීමේ හැකියාව ඒවා තුල අන්තර්ගතයි. ඉතින් විනාශ කරලා දාන්න බැරි, විනාශ කරන්න හදනකොට ස්වරූපය වෙනස් වෙලා වෙනත් වෙනත් දේවල් වලට හැරෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයෝ හතර දෙනා ලඟ අර මම කලින් කිව්ව වගේ සුදුසු කාලයකදි සුදුසු අවස්ථාවකදි විඥානය ඇති කිරිමේ හැකියාවක් තියෙනවා.