තමාට ආචාර්ය උපාධියක් ඇති බව පවසා ජනතාවත්, රජයත් රැවටූ බවට වත්මන් කථානායක අසෝක සපුමල් රන්වලට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.
ඒ අනුව වත්මන් කථානායකවරයා පසුගිය මැතිවරණයට තරග කිරීමට පෙර ද, 2024 පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන අවස්ථාවේ දී ද, පාර්ලිමේන්තුවට තේරී පත්වී කථානායක ධුරයට තෝරා පත්කර ගන්නා අවස්ථාවේදී ද, කථානායක ධුරයේ රාජකාරි භාරගත් පසුව ද ඔහු වෙත නොමැති මොරටුව විශ්ව විද්‍යාලයෙන් ලබාගත් රසායනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ BSc උපාධියක් ද, ජපානයේ වසේදා සරසවියෙන් ලබාගත් ආචාර්ය උපාධියක් ද ඇති බව හුවා දක්වමින්, ඔහුගේ නම සමග ආචාර්ය යනුවෙන් භාවිත කර ඇති බවයි අදාළ විශ්වාසභංග යෝජනාවේ දැක්වෙන්නේ.
මෙම විශ්වාසභංග යෝජනාව සඳහා සමගි න බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් අත්සන් තබා තිඛෙනවා.