සජිත්ගේ ඉරණම හා දෙමළ සන්ධානය....
සජිත්ගේ ඉරණම හා දෙමළ සන්ධානය....
දෙමළ සන්ධානයෙන්, මුස්ලිම් කොංග්‍රසයෙන් ඇහුවොත් ඔවුන් වඩාත් කැමති නායකයා කවුද කියා ඔවුන්ගේ නිසැක පිළිතුර රනිල්ය... මොකද රනිල් ඉන්නේම රට කඩන තැනය.... ඔය අස්සේ තමයි සජිත් හන්දි හන්දි ගානේ ‘අයින් වෙන්න, අයින්වෙන්න සජිත් එනවෝ’’ කියා කෑ ගහන්න ගත්තේ.. අන්තිමට කන්දොස්කිරියාවක් වී ඇණයක්ම වූ කල රනිල් සජිත්ට අපේක්ෂකම දීල දැම්මේය.... දෙමළ සන්ධානයට මෙය ටිකක් හරි මදි විය.... හැබැයි තාත්ත කළ දේ පුතාත් සිදු කරාවි යැයි සිතා සජිත්ගේ පැත්තට කෙමෙන් බර වන්නට විය.... රනිල්ගෙන් බැරි නම් ඒ දේ කරගන්න පුලූවන් වෙන්නේ සජිත්ගෙන් බව දෙමළ සන්ධානය හොදාකාරවම දන්නවාය...
හැබැයි ඒ අස්සෙම සජිත්ගේ සිංහල චන්ද පදනම නාය ගොස් කුජීත තැනකට පත් වන බවට ඉගි ඇති විය.... ඉතිං සජිත් දෙමළ සන්ධානයට කෙළින් වචනයක් නොදී රහසෙන් ඔවුන්ගෙන් සහාය පැතීය.... ඒ සිංහලූන්ට හොරෙන් දීග කෑමටය.... දෙමළ සන්ධානය හොරෙන් දීග කෑමට එකග නැත... ඔවුන්ට අවශ්‍ය සජිත් - දෙමළ සන්ධානයේ දීගය ප්‍රසිද්ධියේ කිරීමටය... සජිත් මොකද කරන්නේ යැයි දෙකොනින් සිතමින් කල් ගන්නවා දුටු දෙමළ සන්ධානය ලිඛිත ගිවිසුමක් සජිත්ගෙන් ඉල්ලා සිටියේය... සජිත් හිර වුණේ එතැනය.... සජිත් කල් යල් බල බලා තටමන අස්සේ රනිල් එකවරම උතුරු නැගෙනහිර සජිත්ගේ ප්‍රචාරණ කටයුතු භාර ගත්තේය.... ඒ සජිත්ට ආදරයට නොව, සජිත් නැති බංගස්ථාන වුවද දෙමළ මුස්ලිම් චන්ද ටික තමන්ගේ ඉදිරි අනාගතයට රැුක ගැනීමටය... දෙමළ සන්ධානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව සජිත්ට මෙම මැතිවරණයෙන් ජය ගැනීමට නොහැකි බව ඔවුන් දැනටමත් තීරණය කර අවසානය.... එහෙව් වාතාවරණයක සුමන්තිරන් හා රනිල් රහස් සාකච්ඡුා සිදු කළ බව ද ඔවුන් තීරණාත්මක එකගතාවයන් කීපයකට ආ බව ද කනින් කොනින් දේශපාලන පිටියේ රැව් දෙන්නට විය.... අන්තිමට දෙමළ සන්ධානය යන යකා කොරහ බිදගෙන ගියාවේ කියා අමුතු වැඩක් පටන් ගත්තේය.... එනම් අපේක්ෂකයන්ට කොන්දේසි 13 ක් ඉදිරිපත් කිරිමය... ඒ කොන්දේසි දුටු විට සජිත්ගේ අන්තිම බලාපොරොත්තුවත් සුණුවිසුනු විය..... සජිත්ට මොන ක්‍රමයකින් හරි චන්ද අවශ්‍ය වුවද දෙමළ සන්ධානයේ කොන්දේසිවලට එකග වීමට නොහැක්කේ ඉන්න සිංහල සුලූතරයත් තමන්ගෙන් ගැලවී යන බව ඉදුරාම දන්නා නිසාය....
දෙමළ සන්ධානය කල් යල් බලා නියම ගේමක් ගැසුවේය.... දෙමළ සන්ධානයේ දෙමල චන්ද හතර අතට විසිවෙමින් ඔවුන්ගේ බලය ගිලිහෙමින් තිබිණි.... ඒ අස්සේ තමන් උදව් කළ ද සජිත් පරදිනවා යැයි ඔවුන් දැඩිව විශ්වාස කළේය... ඉතිං දෙමළ සන්ධානය නිකං හිටියොත් උන්ගේ චන්ද ටිකත් වෙන එවුන් ඩැහැගන්න නිසා ඔවුන් කොන්දේසි සූත්තරය ගැසුවේ ඒ නිසාය.... දැන් දෙමළ සන්ධානය දිනුම්ය.... කවුරුන් හෝ අපේක්ෂකයෙක් පොරොන්දුවලට එකග වුවහොත් ඔවුන් දිනුම්ය... සියල්ලෝම ප්රතික්ෂෙප් කළත් ඔවුන් දිනුම්ය.... රනිලූත් දිනුම්ය.... නවීනුත් දිනුම්ය... රවිත් දිනුම්ය... ගෝඨත් දිනනවා ඇත.... හැබැයි සජිත් කොහොම කළත් පරදින්නේය....
අතීතයේ දවසක ප්රභාකරන් ද කළේ මේ දෙයමය... එදා ගෙදර ගියේ රනිල්ය...... ඒකෙන් රටට සෙතක් අත් විය.... අද සම්බන්ධන්ලා නිසා ගෙදර යන්නේ සජිත්ය.... අනිවාර්යයෙන්ම ඒකෙන්ද රටට සෙතක් අත් නොවේ යැයි කිව හැකිද...? මන්ද යත් අතීතය නැවත නැවත වෙනස් මුහුණුවරින් එකම දෙය සිදුකරන බැවිනි....

Last edited:
well written. These guys are very talented now
+++22