සජින්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ධීවරයින් බේරාගන්න හෙළිකොප්ටරයක් නොදුන් සජින් වාස් පැයකට රු. 65,000 ගාණේ මාධ්‍ය ආයතනයකට හෙළිකොප්ටරයක් කුලියට දීලා
    June 13, 2013 03:28 pm | Ada derana reports

    999268_565973020121452_2048077684_n.jpg


    සුළි කුණාටුව හේතුවෙන් ධීවර ජනයා විපතට පත්වීම " ජාතික ව්‍යසනයක් " ලෙස දකින බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

    බලපිටිය ප්‍රදේශයේ ධීවර පවුල්වල අවමංගල්‍යය අවස්ථාවට අවසන් ගෞරව දැක්වීමට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, මහ ලේකම් තිස්ස අත්තනායක හා තමන් ඇතුළු පිරිසක් සහභාගීවූයේ ඒ නිසා බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියි.

    එහිදී සිදුවූ ගැටුම්කාරී තත්ත්වය සිහිපත් කරමින් අද (13) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා කියා සිටියේ එක් අවමංගල්‍යය නිවසක ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන සජින් වාස් ඇතුළු සියයක පමණ පිරිසක් බීමත්ව සිටින බවට කල්තියාම දැනගන්නට ලැබුණු බවයි.

    ඔවුන් විසින් තමන් ඇතුළු පිරිස වාහනවලින් එළියට ඇද දමා පහරදෙන්නට උත්සාහ දැරූවද අම්බලන්ගොඩ හා අහුංගල්ල පොලීසියේ නිලධාරීන් මැදිහත්ව තමා ඇතුළු පිරිස මුදාහරින්නට කටයුතු කළ බව රාජපක්ෂ මහතා කියා සිටියේය.

    සුළි කුණාටුව පැමිණි දිනයේ ඔහුට ඡන්දය ලබාදුන් ප්‍රදේශයේ ජනයා මුහුදු ගිය තම ඥාතීන් බේරාගන්නට හෙළිකොප්ටරයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියද, සජින් වාස් එකී ඉල්ලීම ඉටු නොකළ බව ධීවර ජනයා පවසන වග විජයදාස රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

    එහෙත් පැයකට රු. 65,000 බැගින් මුදලකට සජින් විසින් ව්‍යසනය වීඩියෝගත කිරීම සඳහා එක් මාධ්‍ය ආයතනයකට හෙළිකොප්ටරයක් ලබාදුන් වග මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

    තමන් කනගාටුවන්නේ සජින් වාස් ගැන නොව එවැනි මැරවරයින් පාර්ලිමේන්තුවට ගෙන ආ නායකයින් ගැන යයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

    ජීනීවා ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුවලට වැඩි වශයෙන් සහභාගී වෙන්නේ සජින් වාස් බවත්, එමගින් තව දුරටත් ජාත්‍යන්තරය හමුවේ රට හෑල්ලුවට ලක්වෙන බවත් රාජපක්ෂ මහතා පැහැදිලි කළේය.

    සජින් වාස් මාධ්‍යයට ආචාර ධර්ම ඉගැන්වීමට උත්සාහ දරමින් සිටියද , තමන් කතා බහ කරන්නේ කෙසේද යන්න පිළිබඳ පවා ආචාර ධර්මයක් නොදන්නා බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

    මෙම සිදුවීම පිළිබඳ නිසි ක්‍රියාමාර්ගයක් නොගතහොත් සිද්ධිය ජිනීවා දක්වා ගෙනයාමටත්, පොදු රාජ්‍ය මණ්ඩලය දැනුවත් කිරීමටත් පියවර ගන්නා බව විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් ඔව්.. සිරසෙ උන් පහුගිය දවස්වල weather report ගෙනාවෙ උඩ ඉදගෙනමයි.. හැබැයි ප්ලේන් එකක.. මොක උනත් මුන්ට ගාන මරන්න පුලුවන්නෙ.. නෙදකින් කාලකන්නි.. තව නයිට් රේස් තියපියව්..
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,332
    113
    සජිත් ප්‍රේමදාස දැන් ඔය උඩින් යන්නේ එයාගේ පඩි සල්ලි වලින්ද?:lol: