දෙරණ රූපවාහිනී නාලිකාවේ අද (17) පැවැත්වීමට නියමිත වූ 360 සජීවි වැඩසටහනට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී නොවීය.
දින කිහිපයක සිට මෙම වැඩසටනට සහභාගී වීම ඔහු තහවුරු කර තිබූ බවත් හදිසියේම අද පෙරවරුවේ ඊට සහභාගී විය නොහැකි බව දැනුම් දී තිබූ බවත් දෙරණ නාලිකාව සඳහන් කළේය.
ඒ හේතුවෙන් හදිසියේම කැඳවන ලද වාදපිටිය වැඩසටහනක් විකාශනය කරමින් සිටී.
හෙට (18) දිනයේ දෙරණ නාලිකාවේ 360 වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැත්වෙන බවත් ඊට සහභාගී වන බව ඔහු විසින් මේ වන විටත් තහවුරු කර ඇති බවත් දෙරණ නාලිකාවත් තවදුරටත් පැවසුවේය.
------ Post added on Sep 18, 2024 at 9:13 AM