සතර සතිපට්ඨානය දේශනා කළේ සෝවාන් වුන කෙනාටයි

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113


    සතර සතිපට්ඨානය දේශනා කලේ පෘතජනයාට නෙවෙයි සෝවාන් වුන කෙනාටයි...
    අද කාලේ අත පය හොල්ලමින් බොහෝ දෙනෙක් වඩන්නේ බමුණු සතිපට්ඨානයක්...
    නිවැරදි සතිපට්ඨානයට අනුව "කය" කියන්නේ ඇඟ නෙවෙයි දොරවල් 6න් ගන්න අරමුණු වලටයි...
    සිහිය කියන්නේ ඒ අරමුණු වලට බැඳෙන්නේ නැතුව ඉන්න එකටයි...

    වැරදි පරිවර්තනයන් වල එලිලා අර්ථ නොදැන කරන ඉරියව් පවත්වන සතිපට්ඨානය "අංගවිකල සතිපට්ඨානය"ක්.
    "සිහිය" තියෙන්නේ සෝවාන් වත් වුන කෙනාටයි.
    බුදුන් වහන්සේ දේශනා කළ "සතිය" කියන්නේ පංච උපාධානස්කන්ධයේ උපාධානය නැති කිරීමට දේශනා කරපු එකක්.
    සතර සතිපට්ඨානය කියලා 4ක් වඩන්න නෑ එකයි වඩන්න තියෙන්නේ...
    -----------------------------------------------------------



    ත්‍රිපිටකයේ "කය" කියන්නෙයි, "කාය" කියන්නෙයි එකක් නෙවෙයි 2ක්...
    ඒක වරද්දගත්ත නිසා අද ස්කන්ධ පංචකයත් වරද්දගන, කායානුපස්සනාවත් වරද්දගන, නාම-රූපත් වරද්දගනයි ඉන්නේ...
    පඨවි, ආපෝ, තේජෝ, වායෝ පේන්නෙත් නෑ, අතින් අල්ලන්න බෑ...
    -----------------------------------------------------------


    සතර සතිපට්ඨානය වඩන්න ඕනෑ සෝවාන් වුනාට පස්සේ බව ත්‍රිපිටකයේ සඳහන් ආකාරය පහතින්
    👇👇👇👇



    -----------------------------------------------------------

    අනෙකුත් සැබැඳි
    සෝවාන් වෙන්නේ බණ අහලයි භාවනාවෙන් නෙවෙයි
    භාවනා මධ්‍යස්ථාන වසංගතයෙන් අද රට පිරිලා
    ආර්‍ය සත්‍යයේදී පිනත් පාපයයි, පවත් පාපයයි

    සතර සතිපට්ඨානය දේශනා කළේ සෝවාන් වුන කෙනාටයි
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    බන අහලා සෝවාන් වෙලා යෝනිසෝමනසිකාරය තියන කෙනයි සතර සතිපට්ඨානය වඩන්න ඕනේ... සතර සතිපට්ඨානය වඩන්න නම් ඊට කලින් දේවල් 7ක් සම්පූර්ණ වෙන්න ඕනේ මෙන්න මේ විදිහට

    කල්‍යානමිත්‍ර සේවනය > සද්ධර්‍මශ්‍ර‍වණය > ශ්‍ර‍ද්ධාව > යෝනිසෝමනසිකාරය > ස්මෘති සම්ප්‍ර‍ජන්‍යය > ඉන්ද්‍රියසංවරය > ත්‍රිවිධ සුචරිතය > සතර සතිපට්ඨානය

    ඔය කිව්ව ටික තියෙන්නේ මෙහෙමයි

    "මහණෙනි, මෙසේ සත්පුරුෂසංසේවය පරිපූර්ණ වූයේ සද්ධර්‍මශ්‍ර‍වණය පුරයි. සද්ධර්‍මශ්‍ර‍වණය පරිපූර්ණ වූයේ ශ්‍ර‍ද්ධාව පුරයි. ශ්‍ර‍ද්ධාව පරිපූර්ණ වූවා යෝනිසෝමනසිකාරය පුරයි. යෝනිසෝමනසිකාරය පරිපූර්ණ වූයේ ස්මෘති සම්ප්‍ර‍ජන්‍යය පුරයි. ස්මෘති සම්ප්‍ර‍ජන්‍යය පරිපූර්ණ වූයේ ඉන්ද්‍රියසංවරය පුරයි. ඉන්ද්‍රියසංවරය පරිපූර්ණ වූයේ ත්‍රිවිධ සුචරිතයන් පුරයි. ත්‍රිවිධ සුචරිතයෝ පරිපූර්ණ වූවාහු සතරසීවටන් පුරත්. සතරසීවටන්හු පරිපූර්ණ වූවාහු වෙයි."

    (අවිද්‍යා සූත්‍රය)
    https://www.thripitakaya.org/tipitakaya/Index/563?s=10469
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    සතර සතිපට්ඨානයේ ලෝකෝත්තර අර්ථය විස්තර කෙරෙන නවතම ධර්ම දේශනාව