සත්පුරුෂ - අසත්පුරුෂ බව...

kalyanamithra

Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    සත්පුරුෂ - අසත්පුරුෂ බව...

    පින්වත් මිතුරනි,

    සත්පුරුෂ - අසත්පුරුෂ, නො එසේ නම් බාල - පණ්ඩිත විදිහට පුද්ගල භේදයක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.

    බුදු දහම අල්ලා ගැනීමට, එනම් දහම තුළ හැසිරී එහි හික්මෙන්න, ඉතාම වැදගත් දෙයක් තමා ඒ කෙනාගේ සත්පුරුෂ බව...

    අසත්පුරුෂ කෙනා කොතරම් ධර්මය හැදෑරුවත්, කෙතක් කළණ මිතුරන් ඇසුරු කළත් ඔහු නොවේ ධර්මය අල්ලා ගන්නේ.

    මේ ගැන කියවෙන සුත්‍ර දේශනා මෙන්ම ධම්ම පදයේ ගාථා බොහොම යි. ඒ ගැන සොයා බලන්න මෙම සංවාදය යොදා ගමු... මේ සම්බන්ධ දහම් කරුණු මතු කරන්න හැකි නම් බොහොම අගෙයි...

    තෙරුවන් සරණයි!


     
    Last edited:
    • Like
    Reactions: sudunone

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    මජ්ඣිම නිකායේ, දේවදහ වර්ගයේ, "චූල පුණ්ණම සූත්‍රය" මෙවැන්නක්...

    එහි සිංහල පරිවර්තනය මෙතැනින් ලබා ගන්න පුළුවන්...
    http://tipitaka.mahamevna.org/Sutta...nasaka/DevaDaha_Vagga/ChalaPunnama_Sutta.html

    ඒ සම්බන්ධව පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් කරන්නට යෙදුන දෙසුමක් මෙතැන තියෙනවා...
    http://budusuwanda.org/Amadahara/Mp3/24_02 Chula Punnama Sutta.mp3

    තෙරුවන් සරණයි!


     
    Last edited:

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    බොහොම පින් කළ්‍යාණමිත්‍ර.

    මේ මාතෘකාවටම සම්බන්ධ පාතේගම සුමනරතන හිමියන්ගේ දේශනයක් මම කලකට ඉහතදී කියෙව්වා. "බාලයා දුටුවෙහිද?" යන මාතෘකාවෙන්. උන් වහන්සේ එහිදී පැහැදිලි කර තිබුණේ අප වටේ ඉන්න බාලයන් හඳූනාගෙන ඔවුන්ගෙන් මිදීම වගේම, අප තුළම ඉන්නා බාලයාත් හඳුනාගෙන එයින් මිදිය යුතු බවයි. අප තුළත් මේ අසත්පුරුෂ ගති ඇතැම්විට ඇති වෙනවා. ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙකුට මේ ගති ඇති වෙනකොට, (අඩු ගානෙ ඇති වෙලා ගියාට පස්සෙ හරි) හඳුනා ගැනීමේ හැකියාව ලැබෙනවා. සත් පුරුෂයකු වීමටනම්, තමා තුළම පවත්නා අසත්පුරුෂ ගති නැති කර ගැනීමට උනන්දු වීමත් වැදගත්.
    ඤාණානන්ද ස්වාමින්වහන්සෙගේ දේශනය තවම ඩවුන්ලෝඩ් වෙනවා. :)

    තෙරුවන් සරණයි.
     

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    පින්වත් මිතුරනේ,

    මජ්ඣිම නිකායේ, අනුපද වර්ගයේ, "සප්පුරිස සූත්‍රය" සත්පුරුෂයන්ගේ ධර්මයත්, අසත්පුරුෂයන්ගේ ධර්මයත් මැනවින් විස්තර කරන තවත් සූත්‍රයක්...

    එහි සිංහල පරිවර්තනය මෙතැනින් ලබා ගන්න පුළුවන්...
    http://tipitaka.mahamevna.org/Sutta..._Pannasaka/Anupada_Vagga/Sappurisa_Sutta.html

    ඒ සම්බන්ධව පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් කරන්නට යෙදුන දෙසුම මෙතැන තියෙනවා...
    http://budusuwanda.org/Amadahara/Mp3/26_05%20Sappurisa%20Sutta.mp3

    අහලම බලන්න කෝ...
    මේ පෙන්වන සත්පුරුෂ ගුණ දම් ඇති කරගන්න පුළුවන් නම් එය මහත් ලාභයක් ම යි...

    තෙරුවන් සරණයි!


     
    Last edited:

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    බොහොම පින්, කළ්‍යාණමිත්‍ර.

    චූල පුණ්ණම සූත්‍රයෙ මුල් කොටස කියවනකොට මට හිතුණා, ඇයි අසත්පුරුෂයො දන්නෙ නැද්ද තව අසත් පුරුෂයෙක් අඳුනගන්න කියල. මං හිතන්නෙ එහෙම හිතෙන්න හේතුව එදිනෙදා ජීවිතයේ අපි අසත් පුරුෂය කියන යෙදුම බොහෝවිට භාවිතා කරන්නෙ 'කෙළෙහිගුණ නොදත් පුද්ගලයා' කියන තේරුමෙන් නිසා. නමුත් බුදු රජාණන් වහන්සෙ මේ සූත්‍ර දෙකෙන් පැහැදිලි කරනවා කවුද අසත් පුරුෂයා කියන්නෙ, කවිද සත් පුරුෂයා කියන්නෙ කියලා.

    ඇත්ත තමයි. අසත් පුරුෂයෙක් තවත් අසත් පුරුෂයෙක් හඳුනා ගන්නෙ නෑ අසත් පුරුෂයෙක් හැටියට. මම දන්න බේබදු මනුස්සයෙක් හිටියා. එයාගෙ දුව ඒ වගේම බේබද්දෙක් එක්ක යාලු වුණාම මේ මනුස්සයා හරි සතුටු වුණාලු 'හොඳ වෙලාවට බෑණා කන බොන මිනිහෙක්' කියල. බොන්නෙ නැති මිනිහෙක් එක්ක දුව යාලු වුණානම් බේබද්දා ඒ මනුස්සයව දකින්නෙ වැරදිකාරයෙක් විදිහට. අසත් පුරුෂයා තමන් පව් කරන්න ලැජ්ජ බය නෑ වගේම තව කෙනෙක් ඒ වරද කරද්දිත් එහි වරදක් දකින්නෙ නෑ.
     
    • Like
    Reactions: llrajitha

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    බොහොම පින්, කළ්‍යාණමිත්‍ර.

    චූල පුණ්ණම සූත්‍රයෙ මුල් කොටස කියවනකොට මට හිතුණා, ඇයි අසත්පුරුෂයො දන්නෙ නැද්ද තව අසත් පුරුෂයෙක් අඳුනගන්න කියල. මං හිතන්නෙ එහෙම හිතෙන්න හේතුව එදිනෙදා ජීවිතයේ අපි අසත් පුරුෂය කියන යෙදුම බොහෝවිට භාවිතා කරන්නෙ 'කෙළෙහිගුණ නොදත් පුද්ගලයා' කියන තේරුමෙන් නිසා. නමුත් බුදු රජාණන් වහන්සෙ මේ සූත්‍ර දෙකෙන් පැහැදිලි කරනවා කවුද අසත් පුරුෂයා කියන්නෙ, කවිද සත් පුරුෂයා කියන්නෙ කියලා.

    ඇත්ත තමයි. අසත් පුරුෂයෙක් තවත් අසත් පුරුෂයෙක් හඳුනා ගන්නෙ නෑ අසත් පුරුෂයෙක් හැටියට. මම දන්න බේබදු මනුස්සයෙක් හිටියා. එයාගෙ දුව ඒ වගේම බේබද්දෙක් එක්ක යාලු වුණාම මේ මනුස්සයා හරි සතුටු වුණාලු 'හොඳ වෙලාවට බෑණා කන බොන මිනිහෙක්' කියල. බොන්නෙ නැති මිනිහෙක් එක්ක දුව යාලු වුණානම් බේබද්දා ඒ මනුස්සයව දකින්නෙ වැරදිකාරයෙක් විදිහට. අසත් පුරුෂයා තමන් පව් කරන්න ලැජ්ජ බය නෑ වගේම තව කෙනෙක් ඒ වරද කරද්දිත් එහි වරදක් දකින්නෙ නෑ.

    බොහොම අගෙයි පින්වත් මිතුර...
    අපි එදිනෙදා ජීවිතයේ දී ලබන අත්දැකීමි ධර්මය තුළින් විමසා බැලීම ධර්මය දැකීමට මහත් රුකුලක්...

    'කෙළෙහි ගුණ නොදැකීමත්' අසත්පුරුෂ ලක්‍ෂණයක් තමා... ඒත් ඒ වගේ අයට ඒක අසත්පුරුෂ ලක්‍ෂණයක් කියල තේරෙන්නේ නෑ; හිතෙන්නෙවත් නෑ...

    ඒ වගේම භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ පෙන්වා දී තිබෙන්නේ කෘතවේදී පුද්ගලයින් දුර්ලභ යි කියල...
    ඉතින් අපටත් ඒ දුලබ ලැබීමට හිමිකම් කියන්න හැකිනම්...

    තෙරුවන් සරණයි!
     
    Last edited:

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    පින්වත් මිතුරනේ,

    'ධම්මපදයේ' (මෙය සූත්‍ර පිටකයේ, ඛුද්ධක නිකායට අයත් උතුම් ග්‍රන්ථරත්නයක්)
    'බාල වර්ගය' වෙන් වී තිබෙන්නේ මේ අසත්පුරුෂ ගති, අසත්පුරුෂයන්ට අත් වන ඉරණම, ආදිය පෙන්වා දෙන්නයි...

    එහි එන ගාථා (අටුවාවෙහි එන නිදාන කථාත් සමඟ ඉදිරිපත් කරන) සරල සිංහල පරිවර්තනයක් මෙතැන තියෙනවා...



    http://budusuwanda.org/Mahamevnawa.blogspot.com/04DhammaPadaya/Dhamma Padaya 5 [Bala Wagga].pdf

    කියවල ම බලන්නකෝ...

    මෙන්න පළවෙනි ගාථාව...
    DhammapadaBalaVagga01.jpg



    තෙරුවන් සරණයි!


     
    Last edited:

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    බොහොම පින් කළ්‍යාණමිත්‍ර.

    තමන් කරන දෙයෙහි හරි වැරැද්ද නොදන්නා පුද්ගලයා බොහෝඅකුසල් රැස් කර ගන්නවා. බොහෝ කාලයක් එහි විපාක විඳිනවා. නිවැරදි මග පෙන්වන මිතුරන් ඇසුරට ලැබීමත් වාසනාවක්.
     

    SSKL

    Active member
  • Nov 14, 2008
    164
    47
    28
    Nugagoda
    ගෞතම බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේ

    ගෞතම සම්මා සම්බුදුරජානන් වහන්සේ දේශනාකොට වදාල මුල, මැද, අග, පිරිසිදු ධර්මය අසීමට ලැබීමත් ඒ ධර්ම මාර්ගයේ ගමන්කරීමට ලැබීමත් කෙතරම්වූ යහපතක්ද. එය කියා නිමකල නොහැක.

    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා!
    ඒ උතුම් ධර්මය නැවත මතුකල කිරිබත්ගෙඩ ඤානානන්ද පින්වත් ස්වාමීන් වහන්සෙට, අසපු වාසී සියළුම පින්වත් ස්වාමින් වහන්සේලාට
    ලොකවාසී සියළුම ආර්ය්‍ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මජ්ඣිම නිකායේ බාල පණ්ඩිත සූත්‍රයත් මීට සම්බන්ධයි.

    එහි දැක්වෙනවා බාලයා යනු සිතින්, කයින්, වචනයෙන් අකුසල් කරන පුද්ගලයා හැටියට. ඒ වගේම අසත්පුරුෂ බාලයකු වීම නිසා ඔහු දුක් දොම්නස්වලට පත් වෙන අවස්ථා 4කුත් එහි දැක්වෙනවා.
    ඉන් තුන් ආකාරයක්ම ඇති වන්නේ මෙලොවදිමයි. (ඒ කියන්නෙ ටිකක් මොළේ තියෙනවනම් තමා තුළින්, ඇස් පනාපිට බලා ගන්න අවස්ථාව තියෙනවා. :))

    පළවෙනි අවස්ථාව තමයි පිරිසක් මැද ඉද්දී, අනෙක් අය පවිටු ක්‍රියා ගැන කතා බස් කරනවිට, බාලයාට තේරෙනවා තමන් තුළත් මේ දුෂ්චරිත තිබෙන බව. හැබැයි ඉතින් බාලයට කළ්‍යාණමිත්‍ර ආශ්‍රයක් ලැබිල තිබුණොත් තමයි එහෙමවත් තේරෙන්නෙ. එහෙම නැතුව එවන් දුෂ්චරිත අගය කරන පවිටන් පිරිසක් මැද්දෙ හිටියනම් ඒ අවබෝධය ලැබෙන්නෙ නෑ නෙ.

    දෙවෙනි අවස්ථාව තමයි යම් යම් දුෂ්චරිතයන්හි නියැළීම නිසා දඬුවමට ලක් වෙන පුද්ගලයන් දුටුවිට දොම්නසක් හට ගැනීම. කුඩු මුදලාලිල, පාතාල කල්ලි කාරයො ගැන හිතන්නකො. තමන් වගේ වෙන අය අල්ලන් යනකොට මේ අය කොච්චර බයට පත් වෙනවද?

    තුන්වෙනි අවස්ථාව තමන් විවේකයෙන් ඉන්නා වෙලාවටත් සිතට යළි යළිත් මතු වෙවී එන්නෙම තමන් අතීතයේ කළ පවිටු ක්‍රියාමයි. මේකට හේතුව තමයි අපේ හිතට නිතරම නැගෙන්නෙ එක්කො අතීතය නැත්නම් අනාගතය. නිතර කතා බස් කරන, ආශ්‍රය කරන දේවල්ම තමයි සිතට නැගෙන්නෙ. ඉතින් තමුන් ගොඩක් පව් කරන කෙනෙක්නම් සිතට නැගෙන්න තියෙන්නෙත් ඒවමයි.

    මේ අවස්ථා තුනම මේ ජීවිතය තුළම ඇති වෙනවා. ඉතින් කල්පනා කිරීමේ හැකියාවක් තියෙනවනම්, කළ්‍යාණ මිත්‍ර ආශ්‍රයක් ලැබිල තියෙනවනම්, බාලයට අවස්ථාවක් තියෙනව තමුන්ගෙ වැරදි හදා ගන්න. මොකද මේව පිට කෙනෙක් කරන දේවල් නෙවෙයි; යක්ෂයගෙ බලපෑම නෙවෙයි. සිතන විදිහෙ වෙනසක් ඇති කර ගත හැක්කේ තමන්ටමයි.

    බාලයා දුකට පත් වෙන සිව්වෙනි අවස්ථාව මරණයෙන් මතු දුක්ඛිත උපතක් ලැබීමයි.

    පණ්ඩිත පුද්ගලයා, ඒ කියන්නෙ දුෂ්චරිතයෙන් වෙන් වූ පුද්ගලයාට මේ අවස්ථා 4ම සැප විඳින, සතුටට පත් වෙන අවස්ථා.

    http://tipitaka.mahamevna.org/ සුඥ්ඥත වග්ගය, බාල පණ්ඩිත සූත්‍රය
     

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    මජ්ඣිම නිකායේ බාල පණ්ඩිත සූත්‍රයත් මීට සම්බන්ධයි.
    ...
    http://tipitaka.mahamevna.org/ සුඥ්ඥත වග්ගය, බාල පණ්ඩිත සූත්‍රය

    සාදු! සාදූ!! සාදූ!! බොහොම පින් මිතුර...

    පින්වත් මිතුරනි,

    මජ්ඣිම නිකායේ, සුඤ්ඤත වර්ගයේ, බාල පණ්ඩිත සුත්‍රය ඇසුරෙන් කරන ලද දම් දෙසුමක් මෙතැන තියෙනවා...
    http://budusuwanda.org/Amadahara/Audio/A 04 Bala Panditha Sutta.mp3

    ඒ වගේම, සංයුක්ත නිකායේ, නිදාන සංයුක්තයේ, බාල පණ්ඩිත සුත්‍රය ඇසුරෙන්,
    බොහෝ අතිරේක දහම් කරුණු ගැන විස්තර කරමින් කළ දෙසුමක් මෙතැන තියෙනවා...
    http://mahamevnawa.com/Download/06/185_BalaPanditha_Sutta_UK_1_[2009_10_25].mp3
    http://mahamevnawa.com/Download/06/186_BalaPanditha_Sutta_UK_2_[2009_10_25].mp3

    තෙරුවන් සරණයි!
     
    Last edited:

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    බොහොම පින් මිතුර

    බොහොම පින් මිතුර ඔබටත් :) මේ thread එක සාර්ථකව ගෙන යෑම ගැන...

    ඒ උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා!!!
    තෙරුවන් සරණයි!