සත්ව ඝාතනයට තිත තියයිද?

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    සත්ව ඝාතනයට තිත තියයිද?

    දැන් සත්ව ඝාතනයෙන් තොරව මස් බුදින්න පුළුවන්. රසායනාගාරයක නිපදවූ පළමු මස් කෑම මේසයට!

    පළමුවරට ලෝකයේ නිපදවූ නල ‘බර්ගරය’ මේ සතියේ ලන්ඩනයේ හෝටලයකදී ආහාර මේසයට ආවා. එහි මිල නියම කර තිබුණේ පවුම් 250,000ක් කියලයි.

    අවුන්ස 5ක් බර මේ බර්ගරය, ගවයකුගේ පියවි සෛලවලින් (Stem cells) කෘති‍්‍රමව නිපදවූ මස් යෙදූ එකක්. එය ලන්ඩනයේදියි මෙසේ මුල්වර එළි දක්වනු ලැබුවේ.

    නෙදර්ලන්තයේ මාස්ටි‍්‍රක්ට් (Maastricht) විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයකු වූ මහාචාර්ය මාක් පෝස්ට් (Mark Post) විශ්වාසය පළ කරල තියෙනවා, මේ නව සොයා ගැනීම නිසා මස් නිෂ්පාදන කර්මාන්තයේ පවති ගැටලූ බොහොමයකට පිළිතුරු ලෝකයට ලැබෙයි කියා.

    6.jpg


    මේ තමා ලෝකයේ රසායනාගාරයක පළමුවරට නිපදවූ මස්වලින් තැනූ බර්ගරය. මෙය ආහාරයට ගන්නට අවස්ථාව ලැබෙන වාසනාවන්තයාට මේ සඳහා පවුම් 250,000ක් ගෙවන්න වෙනවා.

    ලන්ඩනයේ ඉරිදා ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පතට ප‍්‍රකාශයක් කරමින් මාක් පොස්ට් මෙසේ කියා තිබුණා: ‘දැනට අපේ රටවල් අපේ කෘෂිකර්මාන්තයේ මුළු හැකියාවෙන් සියයට 70ක් ම වැය කරන්නේ සත්ව පාලනය තුළින් මස් නිපදවා ගන්නයි. දැන් ඒ සඳහා විකල්ප ක‍්‍රම සොයා ගැනීම අවශ්‍ය වෙනවා. නැත්නම් මස්වල මිල මීටත් වඩා ඉහළ යන්න ඉඩ තියෙනවා.’

    දැනට සත්ව පියවි සෛලවලින් හරක් මස් නිපදවීමේ කාර්යය සඳහා තාක්ෂණික පියවර හතරක් ගත යුතු වෙනවා.

    මුලින් ම ගවයාගේ පේශියකින් පියවි සෛල ලබා ගන්න ඕනෑ.

    ඊළඟට ඒවා පෝෂක දියරයක් තුළ ආසීන කිරීමක් (incubate) අවශ්‍ය වෙනවා, ඒවා වැඩි ගුණාකාරයකින් වර්ධනය වන තෙක්. එවිට එය අමු බිත්තර සාරු මෙන් තත්වයකට පත් වෙනවා.

    මේ උකු දියරය රසායනාගාරය තුළ වෙල්ක්‍රෝ පටි මත රඳවා ඇදෙන්නට සලස්වනවා. අවසාන වශයෙන් මස් තීරු ලෙස මේවා වර්ධනය කර ගෙන පසුව ඒවා අඹරා ඒ ආකාරයටම රසායනාගාරය තුළ සකසා වර්ධනය කර ගත් සත්ව මේද කැබලි සමග මුසු කොට බර්ගරයට අවශ්‍ය මස් පෙති නිපදවනවා.

    මෙසේ නිපදවන එක් බර්ගරයකට රසායනාගාරය තුළ තැනූ මස් තීරු 3,000ක් හා මේද කැබලි 200ක් අවශ්‍ය වෙනවා.

    මේ ක‍්‍රමය දැනට ඉතා මිල අධික, වැඩි කාලයක් ගත වෙන එකක් වුනත් මෙය වියදම් අඩු කර සති හයක් වැනි කෙටි කාලයක් තුළ නිපදවා සුපර්මාකට් එකට එවන්නට හැකි ආකාරයට තාක්ෂණය වැඩි දියුණු කරන්නට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

    8.jpg


    මහාචාර්ය මාක් පෝස්ට් කියන්නේ දැනට වැඩි කාලයක් අවශ්‍ය වන මෙම මස් නිපදවීමේ ක‍්‍රමය සති හයක් වැනි කාලයකට අනාගතයේ දී කෙටි කළ හැකි බවයි.

    ඔහුගේ මේ ව්‍යාපෘතියට දැනටමත් ඕලන්ද රජය අරමුදල් සපයා තියෙනවා. ඒ හැරෙන්නට අප‍්‍රකට අයකුද යුරෝ 300,000ක ප‍්‍රදානයක් කර තියෙනවා. ඒත් තාමත් ප‍්‍රශ්නයකට ඇත්තේ තමන් ආහාරයට ගන්නා මස් රසායනාගාර තුළ නිපදවනවාට පාරිභෝගිකයන් කැමැති වේවිද යන්නයි. ස්වාභාවික ක‍්‍රමයට නිපදවෙන මස්වලට ඇති කැමැත්ත මේ නව ක‍්‍රමයට මාරු කිරීම කෙසේ කළ හැකිද යන්න දැන් ලොකු ගැටලූවක් වී තියෙනවා.

    මහාචාර්ය පෝස්ට් මුලින්ම මේ පර්යේෂණය කළේ මීයන් යොදා ගෙනයි. ඊළඟට ඔහු රසායනාගාරය තුළ තැටියක මේ ආකාරයට ඌරු මස් වර්ධනය කළා. ඒවායින් දැල්ලන්, රැළි බෙල්ලන්ගේ මස් තීරු ආකාරයට සැකසුවා. එසේ අත්දැකීම් ලද පසුවයි ඔහු හරක් මස්වලින් පර්යේෂණය කරන්න පෙලඹුණේ.

    9.jpg


    ඕලන්ද ජාතික විද්‍යාඥ මාක් පෝස්ට් මාස්ටි‍්‍රක්ට් විශ්ව විද්‍යාලයේ රසායනාගරය තුළ දී නල මස් නිපදවන මුල් පියවර පැහැදිලි කළ අයුරු.

    ඔහු තැනූ මේ බර්ගරයට රෝපණය කළ මාංශ පටකවල තුනී තීරු 20,000ක් ඇතුළත් වෙනවා. ඒවා නිපදවා ඇත්තේ වසු පැටවකුගේ කලල මස්තුවලින් වර්ධනය කර ගත් ෙසෙලවලින්. පසුව ඒවා වෙනුවට සතුන්ගෙන් ලබා නොගන්නා වෙනත් මස්තු යොදා ගැනීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා යනුවෙන් ඔහු ලන්ඩන් ටයිම්ස් පත‍්‍රයට පසුගියදා කියා තිබුණා.

    නල ක‍්‍රමයට නිපදවන මස් හෙවත් රසායනාගාරයේ රෝපණය කරන මස්, කිසි විටෙක, සම්පූර්ණයෙන් ම ජීවත්වෙන සතකුට අයත් දෙයක් නොවෙයි. එසේම ඒවා කෘති‍්‍රමව නිපදවන මස්වලට හෝ මස් ආදේශකවලට හෝ කිසිසේත්ම සමාන නැහැ.

    රසකාරක යොදා ගෙන සෝයා බෝංචි වැනි දේවලින් තනන මස් වර්ග අයත් වන්නේ නිර්මාංශ ගණයටයි. ඒවායේ ඇත්තේ එළවළු ප්‍රෝටීන්, සතුන්ගෙන් ලැබෙන මාංශ ප්‍රෝටීන් නොවෙයි. දැන් රසායනාගාරයේ නිපදවන්නේ මාංශ ප්‍රෝටීන්. ඒ නිසා මේ මස්වලින් කෙළින් ම මස්වල ගුණය ලබා ගන්න පුළුවන් සතුන් නොමරාම.

    තවත් වසර දහයකින් මේ මස් වෙළඳ පොළට එවන්න හැකි වෙතැයි ඔවුන් බලාපොරොත්තු වෙනවා.

    ස්වාභාවිකව හරක් මස් කිලෝ එකක් නිපදවීමට ශාක ආහාර හා ශාක තෙල් කිලෝ 10ක් අවශ්‍ය වෙනවා. ඒත් මේ රසායනාගායේ මස් කිලෝ එකක් නිපදවන්න ඒවා වැය වන්නේ කිලෝ එකක් පමණයි.

    ලෝක ආහාර කෘෂිකර්ම සංවිධානයට අනුව 2050 වන විට මස් පරිභෝජනය අද මෙන් දෙගුණයක් වෙනවා.

    බි‍්‍රතාන්‍ය ජාතිකයකු වසරකට මස් කිලෝ 85ක් පරිභෝජනය කරනවා.

    ‘එළවළු ප්‍රෝටීන් මාංශ ප්‍රෝටීන් බවට පෙරළීමේ දී සතුන් ඒ තරම් කාර්යක්ෂම නැහැ. ඒ නිසයි, සතුන්ගෙන් ඍජුව ලබා ගන්නා මස්වලට අධික මිලක් ගෙවීමට සිදු වන්නේ.’ මහාචාර්ය පෝස්ට් කියනවා.

    එළවළු හෙවත් නිර්මාංශ ආහාර පමණක් ගන්නා අයත් මේ ආහාර පිළිගනීවි යැයි ඔවුන් විශ්වාස කරනවා. සත්ව අයිතිවාසිකම් සුරකින සංවිධාන හා අවිහිංසාවාදී සංවිධාන දැනටමත් මෙයට අනුමැතිය දී තියෙනවා.

    10.jpg


    පරිසරයටත් හිතකරයි. මේ රසායනාගාරයේ රෝපණය කරන මස්වලට සාමාන්‍ය පශු සම්පත්වලට වැය වන ඉඩම් ප‍්‍රමාණයෙන් සියයට එකක් විතරයි වැය වන්නේ. එසේ ගවයන් මේ සඳහා යොදා ගත්තත් ගවයන් මරා දැමීමක් සිදු වන්නේ නැහැ.

    සත්ව අයිතිවාසිකම් පිළිබඳ කි‍්‍රයාකාරිකයකු වූ ‘පෙටා’ (Peta) සංවිධානයේ බෙන් විලියම්සන් කියන්නේ, ‘අප මේ මස්වලට අනුමැතිය දෙන්නේ මේවා නිසා සත්ව ඝාතනය නතර වන නිසයි. සතුන්ට වද දීම අවම කරන ඕනෑම කි‍්‍රයාවලියකට අපේ සහය ලැබෙනවා.’ කියායි.

    දැනටමත් ඔවුන්ගේ සංවිධානය කුකුළු මස්වලට ආදේශයක් ලෙස නව නිපැයුමක් ඉදිරිපත් කරන්නාට ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් දෙන බව ප‍්‍රකාශ කර තියෙනවා.

    2011 දී ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් කීවා, රසානාගාරය තුළ රෝපණය කරන මස්වලට වැය වන්නේ ස්වාභාවිකව ලබා ගන්නා මස්වලට වැය වන ශක්තියට වඩා සියයට 45ක් පමණයි කියා.

    ඔවුන් තවදුරටත් කීවා, පශුසම්පත සම්පත සඳහා අවශ්‍ය වන ඉඩම් ප‍්‍රමාණයෙන් සියයට 99ක් අඩුවෙන් තමා මේ රසායනාගාරයේ රෝපණය කරන මස්වලට අවශ්‍ය වන්නේ. එසේ ම මේ ක‍්‍රමය නිසා හරිතාගාර වායුව නිපදවීමත් සියයට 78ත් 95ත් අතර ප‍්‍රමාණයකින් අඩු වෙනවා.

    එහෙත් ඔවුන් සිතන විධියට මෙය කෘති‍්‍රමව නිපදවෙන්නක් නිසා මෙවැන්නකට ජනතාව කැමති කරවා ගැනීම එතරම් පහසු නැහැ.

    11.jpg


    මේ නව මස් වර්ගය තනන හැටි: (1) ගවයන්ගෙන් පේශී පටක පමණක් ලබා ගන්නවා. (2) පියවි (කඳ) සෛල වෙන් කර ගන්නවා, පේශී පටකවලින්. (3) ඒවා විශේෂ තත්වයක් යටතේ වර්ධනය කරනවා. (4) අලූත් මාංශ තන්තු අඹරා බර්ගරයට සුදුසු ආකාරයට සකසා ගන්නවා.


    උපුටා ගැනිමකි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    හරකා විතරද? ඌරා කුකුලා එළුවා නැද්ද?
    මේ තාක්ෂනය ලංකාවට ගෙනල්ලා මුවා, ගෝනා දක්වා දියුනු කරන්න ඕනෙ. මේ තාක්ෂනයෙන් මිනී මස් හදන්න බැරිද දන්නෙ නෑ.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    හරකා විතරද? ඌරා කුකුලා එළුවා නැද්ද?
    මේ තාක්ෂනය ලංකාවට ගෙනල්ලා මුවා, ගෝනා දක්වා දියුනු කරන්න ඕනෙ. මේ තාක්ෂනයෙන් මිනී මස් හදන්න බැරිද දන්නෙ නෑ.

    :baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සාර්ථක වුනොත් මස් ඔහොම ගනියි ඒත් මරණ එක නවත්තන්නෑ :no: වැඩිවෙන සත්තුන්ව කොහොමත් මරණව නැත්තං වඳවෙමින් යන උන් වඳවෙලාම යයි කියල :(
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ගොඩක් හොද දෙයක් .වැඩේ සාර්ථක වෙන්න ඕන