සත්‍යයට යන මඟ දිගේ...

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    දින ගණන් ආ සිතට
    දහක් සිතිවිලි අතර...
    ඉහළින් ම තිබුනේ ය
    යමක් ජීවිතේ ගැන...

    මේ ලෝකේ දනා සැම
    විහිළුවකි කරන්නේ...
    වෙස් මුහුණු පැළඳගෙන
    රඟන්නේ ජීවිතේ...

    සැබෑ මුහුණක් කිසිදු
    දිනක දිස් නොවන්නේ...
    දිවි මඟේ වේදිකා
    මත රඟන ජීවිතේ...

    ලෝකයට පෙනෙන්නට
    රඟපාන ජීවිතේ...

    අප සැවොම මුලාවක
    සැරිසරන්නේ නොදැන...
    හිත කියන්නේ ය
    මේ බොරු ලොවෙන් නික්මෙන්න...

    වෙර දරන් දිවි මඟේ
    සත්‍ය අවබෝධයට...
    අවම කරගනු පිණිස
    මේ සසර දුක් ගින්න...

    2207231940
    2307280022 2307310751
    #spn

    :.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:

    නොතැවෙන්න ජීවිතේ
    දුක් කදුළු ආවාට...
    සතුට වාගෙම දුකත්
    අපට උරුමය මිතුර...

    නොවැටෙන්න ජීවිතේ
    අපහාස ආවාට...
    ප්‍රශංසාවන් වගෙම
    ගැරහුමත් ඇත්තේ ය...

    නොසැලෙන්න ජීවිතේ
    පාඩු සිදු වූවාට...
    ලාභ ඇතිවා වගේම
    අලාභය ඇති වේ ය...

    නොබිඳෙන්න ජීවිතේ
    අයස ගෙන ආවාට...
    යසස වාගෙම අයස
    අප සැමට පොදු වේ ය...

    නොතැවෙන්න... නොවැටෙන්න...
    නොසැලෙන්න... නොබිඳෙන්න...
    අට ලෝ දහම අනුව
    ජීවිතේ ගත වේ ය...

    ස. මභීර ර.
    2206261930
    'ස. මභීර ර.' පළකිරීම : 2206262008

    #smabheerar
    #spn

    :.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:

    විඳින දුක් ගඟ
    නොහඳුනන තුරු...
    කුමන අයුරින් නිම කරන්න ද...

    හැඳින ගත් කළ දුක කුමක්දැයි...
    මේ භවයේ වුව නිමා කළ හැක...

    2306151918
    #replykavi
    #spn

    :.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:.:

    ද්වේෂයේ... වියරු ගිනී...
    ගිනි සිළු නැග හද ම දැවී...
    හිරුගේ... ළඟ ම වැනී...
    අවසන සෝ ගී පමණී...

    සඳ හිරු කිම මායා දී...
    දුටුව ද දුක ඇති කර දී...
    වළා පිරි අහස වැනී...
    කවදා නැති හිස්ව ඇතී...

    2307290014 2307290028
    2307290826 2307291154
    2307300156 2308011517
    #mabheera
    #spn
     

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    අදහස්... ප්‍රඥාව...
    Code:
    https://web.facebook.com/100089302638568/videos/%EF%B8%8F/266883072721286/
     
    • Like
    Reactions: NRTG

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    දිය බිඳක් බිම තිබූ
    පා ඇඟිලි ස්පර්ශ...
    කුහුඹුවෙකු ගිලී හුන්
    ඇවිද ගිය ඉන් මනත...

    2307160608
    #mabheera
    #spn