මේ මාලබේ SAITM පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්නා එක් සිසුවෙකුගේ පියෙකුගේ සත්‍ය කතාවක්.
“මම මගේ රැකියාව විදියට කරන්නේ මුහුදු රස්සාව .ඒකෙන් තමයි මම මගේ පවුල නඩත්තු කරන්නේ .අපි ජිවත් වෙන්නේ බොහොම දුක් මහන්සියෙන් තමයි.මට ඉන්නේ එක පුතයි.පුතාගේ පොඩි කාලේ ඉඳන් බලාපොරොත්තුව තිබුණේ දොස්තර මහත්තයෙක් වෙන්න.
පුතා ඉගෙන ගත්තේ ගොඩක් දුක් කන්දරා මැද.පාඩම් කරේ කුප්පි ලාම්පුවෙන්.මොකක් හරි කරුමෙකට පුතාට ඒ ලෙවල් හොඳට පාස් වෙන්න බැරි වුනා.මගේ පුතා ගොඩක් අසරණ උනා.
ඔය අතර තමයි මම මාලබේ SAITM ආයතනය ගැන දැනගත්තේ.මම මගේ පුතාව SAITM එකට දැම්ම.හෙට අනිද්දා වෙනකොට මගේ පුතත් දොස්තර මහත්තයෙක් වෙලා එලියට ඒවි.මගේ පුතාට මං වගේ මුහුදු යන්න ඕන නෑ.ඒ නෙවිල් ප්‍රනාන්දු මහත්තයට පින් සිද්ද වෙන්න.එතුමා තමයි අපේ ගැලවුම්කාරයා....”
අපේ රටේ ඉන්න කුහකයෝ හදන්නේ මේ වගේ අසරණ මිනිස්සුන්ටත් වල කපන්න.ඒවගේ කුහකයන්ට පේන්න මේ තාත්තගේ කතාව Share කරන්න..






